10/03/2026
CPD framework for professional development. I met a university friend,Samudra after a long time .❤️
Developing slowlearners ,psychologycal and educational counseling service Education Therapist
10/03/2026
CPD framework for professional development. I met a university friend,Samudra after a long time .❤️
24/11/2025
දැනට අවුරුදු 12 කට පමන පෙර කුරුණෑගල මහින්ද ව්ද්‍යාලයේ සේවය කරන කාලයේ ව්‍යාපෘති කිහිපයක මතක.
🧚සුමිතුරු මිතුරු
තෑගි බෝග රැගෙන තව පාසලක් බැහැ දැකීමට යාම .ඒ පාසලේ ළමුන් සමග නටල ගයලා විනෝද උනා.කලාප අධ්‍යාපන කාර්යාලය සහය ලබා දුන්නා.
🧚කැපකරු මාපිය ක්‍රමය
සෑම ගුරුවරයෙකුටම ළමුන් 15ක් භාර දී සතියේ දිනක උදෑසන දරුවන් සමග සාකච්ඡා කිරීම .රෑට කෑවද,ගෙදර කොහොමද ?පොත් පත් වැඩ බැලීම,නියපොතු කපලා ඇදුම් හෝදලා පිරිසිදුද .මට මතකයි එක දරුවෙක්ගෙ උකුනො අයින් කරලා යට ඇදුම් අරන් දීලා තිබුනා එක ගුරුතුමියක්.ගුරු මණ්ඩලය හැමෝම උදව් කලා වැඩේට.පිට්ටනිය වටේ රවුම් රවුම් හැදිලා හැමෝම උදේ පැය කාලක වැඩක් .සියලු දෙනා වාර්තාව ක් හැම ළමයෙක් ගැනම තියා ගන්නවා.එක දවසකට කැපකරු මව හෝ පියා සමග විදුහල්පති තුමාව හමුවෙනවා.එදා උදේට වැඩ ගොඩයි.7.30ට කලින් file ටික ගුරුවරු හැමෝටම බෙදන්න ඕනි.ආයෙ එකතු කරල මම තියාගෙන file එකින් එක පරීක්ෂා කරනවා.සමහර ළමයි විවේක කාලයට කැපකරු අම්ම තාත්තා හොයාගෙන යනවා. මොකද 6,7 භාර ගුරුවරුන්ට උසස්පෙළ ළමයි හා උසස්පෙල ගුරුවරුන් ට හය ශ්‍රේණියේ ළමුන් භාර දුන්නා.පන්තිභාර ගුරුවරුන් ට තම පන්තියේ ළමුන් ලැබුනේ නැහැ .සතුටින් මතක් කල හැකියි.
🧚පොල් රුප්පාවෙන් තල් රුප්පාවට
යාපනයේ පාසලක් සමග එක්වී සුහදව සිතුම් පැතුම් කෑම බීම හුවමාරු කර ගැනීම.පාසලේ සම්බන්ධීකාරක ලෙස මා පෙනී සිටියා.පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වසන්ත සර් HM Wasantha Herath අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩසටහනක් ලෙස වසර හතරක් පමණ යාපනයේ පාසල සමග නෑදෑකම් පැවැත්තුවා.දීපවාලි උත්සවයට අපි පාසලේ හැමෝම පොල්තෙල් එකතු කරලා කෝච්චියේ පොල්තෙල් යැව්වා එයාල තල් අල තම්බලා,ලඩ්ඩු මුලු ඉස්කෝලෙටම එව්වා.අපි යාපනේ ගියා. ඒගොල්ලෝ කුරුණෑගලටආවා.
🧚 භූමිකා නිරූපණය සහිත වෘත්තීය පොළ
සිසුන්ගේ ඉහළ අපේක්ෂ ඇති කිරීම සඳහා 9 ශ්‍රේණියේ සිසුන් සහභාගී කරගෙන සිදුකරන ලදී.
🧚 දෙමව්පිය සිසු සබඳතාව තහවුරු කිරීම සඳහා වැඩසටහන්
අවබෝධයෙන් තේරුම් ගැනීම ගීත කතන්දර මගින් ක්‍රියාකාරකම් පාදකව සිදුකළ වැඩසටහන්.
🧚 හිනා කැටය
තුන ශ්‍රේණියේ සිසුන්ගේ උදේ සවස දත් මැදීම පුරුදු කිරීම හා ස්වස්තථාව පවත්වාගෙන යාම.උදේ සවස දත් මැද්දී හිනා මූණු දෙකක් බෝතලයට දමා බෝතලය පිරවූ ළමයාට තෑගි ලබාදීම.ළමයි හැමෝම උදේ සවස දත් මදින්න පුරුදු උනා.
🧚 කප් රුක
9 ශ්‍රේණිය සිසුන් ඉලක්ක කර විනයවත් කිරීම සහ පාසලට ගැලපෙන ආකාරය විනය පවත්වා ගැනීම සඳහා සිදුකළ වැඩසටහන.
සෘජුෆෝම් එකකින් ගසක් සකසා පාටකර බිත්තියේ අලවා පන්තිවලින් හොඳම හැසිරීම පෙන්වන සිසුන්ගේ නම ගසේ උඩින්ම එල්වා තැබීම සහ ඔවුන් ඇගයීම .
🧚 Mother sri Lanka
මෙම ජාතික ව්‍යාපෘතියේ භාරව කටයුතු කිරීම.පාසල ආසන්නයේ රක්ෂිතය ආසන්න පාර දෙපස පිරිසිදු කිරීම .පාසලේ සංවර්ධන කටයුතු.ජාතික මට්ටමින් තුන්වන ස්ථානය ලබා ගත් අතර ජනාධිපතිතුමා ඉදිරියේ කතාවක් කිරීමට පාසලේ සිසුවෙකු සූදානම් කළා.මෙයට පාසලේ සේවය කල එවකට මිතුරන් උදව් කලා.
🧚 ගුරු සංවර්ධන වැඩසටහන්
මානසික සංයම අභ්‍යාස ,විනෝද ක්‍රීඩා සහ නැටුම් ගැයුම් සමග ගත වන හෝරාවක් නිර්මාණය කරීම
🧚
රටවිරු දරුවන් ( කවිසිගමුව විද්‍යාලය - ඉබ්බාගමුව )
2011 මාස අටක් පමන සේවය කල පාසලක්.පන්තිවලට යන විට ළමුන්ගෙන් අම්මා තාත්තා ගැන අහද්දී හැමෝගෙම වාගේ අම්මා හෝ තාත්තා නැත්තං අම්මායි තාත්තා යි දෙදෙනාම විදේශගත වී සිටින බව දැනුනා.හැම පන්තියකම 4/3 ම වාගේ දෙමව්පියන් විදෙස් ගතවෙලා.
විදෙස් ගත දෙමව්පියන්ගේ දරුවන්ගේ දත්ත එක් රැස්කර සියලුම තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබාදීමෙන් ඔවුන් සඳහා පාසල් උපකරණය විදේශ කටයුතු අමාත්‍යතුමාම පැමිණ උත්සවාකාරයෙන් ලබා දුන්නා.
නමුත් ඉලක්කය උනේ සිසුන්ගේ මානසික හා අධ්‍යාපන සංවර්ධනය සඳහා උපකාරයක් .නමුත් මෙවැනි දෙයක් හෝ ලබාදීම එම දරුවන්ට අස්වැසිල්ලක්.
මෙවැනි විශේෂ වැඩසටහන් කිරීම සඳහා යොමු වුණේ එවකට සිටි විදුහල්පතිතුමන්ලාගේ දායකත්වය සහ උනන්දුව නිසයි.ඒ වගේම මහන්සිය ,කාලය,මුදල ගැන නොබලා එක්ව වැඩ කළ හැකි පිරිසක්ද හමුවුණා.ඒ හැමෝටම ස්තූතියි.පරන පොටෝ නිසා මතකය අලුත් උනා.
11/09/2025
Thank you Helping hand - Sri Lanka and Mrs Alexandria - Philippine for giving us this opportunity. VR therapy is a very powerful bridge to reach the new generation.
05/05/2025
❤පාසල් උපදේශනය යනු බහු කාර්ය තනතුරකි. උපදේශන කාමරයේ මෙන්ම එයින් ඔබ්බට ගිය ක්‍රියාවලියකි.
එමෙන්ම එය පහත ආකාරයේ තනතුරු හොබවයි. විශාල කාර්යභාරයන් සහිත මෙන්ම සම්බන්ධතා විශාල කවයක් සහිත පාසල් පද්ධතියේ මෙතරම් භූමිකාවක් ලබාදිය හැකි වෙනත් තනතුරක් නොමැත.😍
( carve)
පාසල් උපදේශක
ආධාරකරුවා
ආරක්ෂකයා
සම්බන්ධීකාරක
සමාජ සේවකයා
අධ්යාපනඥය විශේෂඥ ( අධ්‍යාපන උපදේශක)
ගවේෂකයා
සමථකරු
මාර්ගෝපදේශක
නායකයා
ශ්රාවකයා
මැදිහත්කරු
නිර්මාණකරු
නිරීක්ෂකයා
විද්‍යාඥයා
වෘත්තීය උපදේශක
පර්යේෂක
ගුරුවරයා
දේශකයා
මව/පිය භූමිකාව
හෙදිය
🎊️විවිධ භූමිකා තුළ පාසල තුළ සිදුකරන කාර්යයන්❤
🪧සිසුන්ගේ අධ්‍යාපන සාමාජීය,මානසික සංවර්ධනය
🪧නිවාරණය
🪧ගැටුම් හා ඒ සම්බන්ධය අවදානම් වලින් ඔවුන්ව වැළැක්වීම
🪧සිසුන්ගේ මුහුණ දෙන ගැටලු වලට මුල සොයාගැනීම
🪧මානසික හා කායික රෝග තේරුම් ගැනීම
🪧පාසල් අධිකාරියට පක්ෂපාති වී ගුරුවරුන්ගේ සහයෝගය ලබා ගැනීම ගැටුම් ඇති වූ විට සිසුන් දෙමව්පියන් ගුරුවරුන් අතර අතරමැදි කරුවෙකු වීම.
🪧චර්යා ගැටළු වැනි දේ විසඳීමේ තීරණ යෝජනා කිරීම.
🪧වැඩසටහන් සදහා පාසල සංවිධානය හා කාර්යන් වැඩි දියුණු කිරීම
🪧 විවිධ උපායමාර්ග හා ව්‍යාපෘති ආදිය සිදුකිරීම
🪧සහභාගී වන සියලුම සිසුන්ට පුද්ගලික ,කණ්ඩායම් උපදේශන සංවිධානය 🪧සමාජය හා මනෝ වෛද්‍ය ආයතන වලින් සහාය ලබා ගැනීම
🪧අවශ්‍ය වටක පොලිසිය සහ නීතිමය උපදෙස් සහ නීතිය සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම.
🪧සමාජ සේවා නිලධාරීන් සහ රෝහල හා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයක් ඇතිකර ගැනීම
🪧ලිපිගොනු නඩත්තු කිරීම්
🪧නව පරම්පරාවට සමීප වීම හා දැනුම අලුත් කර ගැනීම.
( # Brain Carve )
🎊️ඉහත කාර්යයන් තුළින් පාසලට ගැලපෙන විෂය නිර්දේශය ( Syllabus) නිර්මාණය කරන්නේ උපදේශන ගුරු භවතායි.❤
ඒ සඳහා පහත ආකාරයේ මූලික පියවරයන් ගත හැක.
🔊*දත්ත එක්රැස්කර දත්ත පද්ධතියක් පවත්වාගෙන දත්ත විශ්ලේෂණය කිරීම.
පාසලෙන් කෙතරම් සිසුන් ප්‍රමාණයක් සිටියත් ගැටලු සහිත සිසුන් හඳුනාගත හැකි ආකෘතියක් නිර්මාණය කර සමස්ත පාසලේම තොරතුරු ලබාගැනීම.
උදා:- මව නැති සිසුන් ,පියා නැති සිසුන් ,මව පියා දෙදෙනාම නැති සිසුන්, මව හෝ පියා විදෙස්ගත සිසුන්ට, මව පියා අසනීප තත්ත්ව සිටින සිසුන්, ච ර්යා ආක්‍රමිකතා ඇති සිසුන් ,අධ්‍යාපන තත්වය පිළිබඳ ආදී තොරතුරු.....
ඉහත තොරතුරු එක් රැස්කර තොරතුරු විශ්ලේෂණය කර ඊට ගැලපෙන ව්‍යාපෘති වැඩසටහන් උපාය මාර්ග සංවිධානය කිරීම තුළින් පාසලට ගැලපෙන විෂයපථයක් නිර්මාණය කරගත හැක.
- 🔊පාසල් සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීම .
උපදේශනය ගැන සමස්ත පාසලට ඇති ආකල්ප වැනි දෑ.........................
- 🔊උපදේශනයේ විෂය සම්බන්ධ විදුහල්පති හා ගුරු මණ්ඩලයේ අවබෝධය මැන ගැනීම.
- 🔊සමස්ත පාසල් ප්‍රජාවට උපදේශනය සම්බන්ධව දැනුවත් කිරීම
- 🔊උපදේශන කාර්ය සදහා පූර්ණ කාලීනව නිදහස් වීමට අවශ්‍ය පරිසරය නිර්මානය කර ගැනීම ..( හැඳුනුම්පත් සැකසීම, බෑග් හා ටයි වල භාරකාරත්වය, අච්චු පොත් භාරකාරත්වය ආදි උපදේශනයෙන් බැහැර රාජකාරී ප්‍රමාණය වැඩි වුවොත් උපදේශනය කිරීමට කාලයක් ඉතිරි වන්නේ නැත)
- 🔊උපදේශන කාමරය ප්‍රියමනාප ස්ථානයක් බවට පත් කිරීම.එමෙන්ම සියලුම සිසුන්ට නිදහසේ පැමිණිය හැකි ස්ථානයක් බවට පත්කර ගැනීම.
- 🔊වැඩ ගොනු නඩත්තුව ( portfolio )
- 🔊සිසුන්ට සමීප විය හැකි අවස්ථා නිර්මාණය කර ගැනීම
carve
Sujeewa Edirisinghe
School Counselor / Educational Therapist
Co oparative hospital
Kurunegala
30/04/2025
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරුභවතුන් සදහා පැවැත්වූ දේශනය.
පන්ති කාමරයේ දී උපදේශන අවශ්‍යතා ඇති සිසුන් හදුනා ගැනීම .
ඔරිගාමී කලාව උපදේශන ක්‍රියාකාරම් ලෙස යොදාගැනීම ,වැනි මාතෘකා කිහිපයක් ඔස්සේ ක්‍රියාකාරම් පාදකව සිදුකළා. චායාරූප එවපු ගරු විෂය අධ්යක්ෂ තුමියට Manori Gunasekara බෙහෙවින් ස්තූතියි .මට චායාරූප ගැනීමටවත් මතකයට ආවේ නැහැ.ඔබ තුමිය ගන්නා වෙහෙසට අත්වැලක් වීමට ලැබීම සතුටුයි .
19/04/2025
Topic: Basic Educational Therapy and Counseling for Slow Learners
Venue: Negombo Theological Center
Participants: Social workers from across the country, including Sinhala and Tamil-speaking Rev. Sisters and teachers working with children in rural areas. - ( Group 1)
05/04/2025
කුරුනෑගල අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරු එකමුතුව විසින් සේවයේ යෙදී සිටියදීම සුවිශේෂී ඇගයීමකට ලක් වීම සතුටට කරුණක් වගේම ඔවුන් ට මා පැවසුවේ කලයුතු රාජකාරීන් විශේෂ ඇගයීමකට ලක් නොවිය යුතු බවයි.උපදේශනයට පත්වීම් ලද අතළොස්සක් වන ගුරු පිරිස සතු එකමුතුව ගැන ආඩම්බරයි .
❤උප්දේශන ගුරු කැලට උපහාරයක් ලෙස ලියමි.❤
🌺ඔබට මාර්ගෝපදේශනය සැපයීමට ලැබීම ඉමහත් සතුටකි.පාසල තුළ සිදුකරන නිර්මාණාත්මක ක්‍රියාකාරම් ,වැඩසටන් මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමේදී එකිනෙකා පරයා නොසිට නිහඬව පාසල තුළ කරන සේවය අගයමි.
ඔබගේ මෙම නිහඬ සේවය ඇතැම් විට වැඩක් නොකරනවා සේ ඇතමෙකුට පෙනෙන්න්ට පුළුවන.මන්ද සිසුන්ගේ ගැටලු තත්ව වැඩි වෙමින් පවතී .ඒවා තනි එක් අයෙකුට නිවාරණය කල නොහැක.ඔබ එම තත්වයන්ට කල හැකි උපරිමය කිරීමට උත්සාහ කරයි.
🌺සියලු දෙනා සතු එකමුතුව ,අවස්ථානුකූලව සහය දැක්වීම ප්‍රසන්ශනීයයි.
🌺සෑම අවස්ථාවකම සතුටින් විසිර යාම ,සෑම දිනකම සුවිශේෂී හා මා කැමතිම අවසානයයි.එය ගීතය ,නාට්‍ය රංගනයෙන් ආලෝකවත් වේ.ආරාධනාවකින් තොරව එවැනි දෙයට මූලිකත්වය ගැනීම පිලිබද ඔබ සැමට ස්තූතියි .
🌺මානසික නිදසකින් සේවය යෙදීමට අවස්ථාව සලසන හා සලසා දුන් සියලුම නිළධාරීන් කෘතවේදීව සිහිපත් කරන්නේ ඔවුන්ගේ සහය නොමැතිනම් මේ කිසිදු දෙයක් කළ නොහැකි නිසයි.
🌺 ඔබ සැමට වෘත්තිය ජීවිතයේ උපරිම ඵල භුක්ති විදීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.
සුජීවා එදිරිසිංහ