Congratulations our loving Bhanuka Udan Bandara 💐🤴
Alpha Robo Clan
The club which is responsible for ICT , New invention and Robotics in our school Central College Kuliyapitiya This is the official page of ARC (Alpha Robo Clan)
20/10/2025
“Innovation is seeing what everybody has seen and thinking what nobody has thought.” – Dr. Albert Szent-Györgyi
🥈 We proudly extend our warmest congratulations to *R.M. Bhanuka Udan* for achieving the *1st Runner-Up* position in the Junior Inventor of the Year 2025 (JIY) competition, under the theme "Innovative Tools for Education and Skill Development."
Your creativity and dedication are truly inspiring, and your accomplishment stands as a shining example of the power of young minds to shape the future. We wish you continued success as you keep pushing the boundaries of innovation!
11/10/2025
Congratulations our loving Bhanuka Udan 💐
Want to see the future of Sri Lanka? It's on display this weekend at Techno 2025! 🚀
The journey that started with over 1,500 young innovators from across the nation has led to this moment. We are incredibly proud to present the Top 50 JIY Inventions & Top 10 UIY Innovations at our exhibition!
We invite you to come and witness the future being built. Meet the brilliant young minds behind these projects, see their prototypes in action, and be inspired by their passion. This is the culmination of our mission "Towards an Innovation-Friendly Ecosystem."
Join us to Come, See, and Celebrate Innovation!
🗓️ When: October 10th, 11th & 12th (This Friday, Saturday & Sunday)
⏰ Time: 9:00 AM to 6:00 PM
📍 Where: Hall E, Techno 2025 Exhibition, BMICH, Colombo
11/10/2025
Congratulations our loving Teachers 💐💐
Guru Prathiba Prabha 2025
11/10/2025
Congratulations our loving Teachers 💐💐
Congratulations our loving Teachers 💐💐
06/10/2025
LEARNSYNC යනු සාම්ප්‍රදායික පාසල් සීනු සහ මෘදුකාංග ඒකාබද්ධ ස්පීකර් පද්ධතින්හි පවතින ගැටලු නිරාකරණය කරලීම සඳහා නිර්මාණය කර ඇති භාවිතයට පහසු, සරල සහ අඩු වියදම් උපාංගයකි. එය බලශක්ති පරිභෝජනය අඩු කරන ස්වයංක්‍රීය උපාංගයකි.
🚀 IESL JIY UIY විසින් සංවිධානය කරන ලද, 2025 වසරේ IESL කනිෂ්ඨ නව නිපැයුම්කරු තරඟය තරුණ නව නිපැයුම්කරුවන් සවිබල ගන්වයි.
LEARNSYNC වඩාත් ජනප්‍රිය නව නිපැයුම කරලීමට ඔබේ සහයෝගය අපේක්ෂා කරමි.
පියවර..
1. IESL JIY UIY ෆේස්බුක් පිටුව follow කරන්න
https://www.facebook.com/IESLJIYUIY?mibextid=wwXIfr&mibextid=wwXIfr
2. 1 react - 1 point
3. 1 share - 2 points
https://www.facebook.com/share/p/15GBWwLynpk/
25/09/2025
සත්කෝරලේ පහන් තරුව සැමදා ඉදිරියෙන්...
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක්...
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.
නූතන ලෝකයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම මඟින් වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණය යොදාගැනීමට අනාගත පරපුර මෙහෙයවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීමක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා ය.
අමාත්‍යවරිය මේ බව පැවසූවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද Robo Schoo -2025 රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ සමස්ත ලංකා පාසල් තරගාවලිය නමින් අද දින බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පැවසූවේ, රටක් වශයෙන් තාක්ෂණය මුල් කරගනිමින් අභියෝග ජයගත හැකි පරපුරක් බිහි කිරීමේ භුමිකාවක් අධ්‍යාපනයෙන් ඉටු කරන බවයි. ගෝලීය තාක්ෂණික පරිණාමයන් හා රැකියා වෙළඳපොළේ ඉල්ලුම සමග ගැළපෙන ආකාරයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ද, වර්තමානයේ කෘත්‍රීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව යන විෂයන් පමණක් නොව, කෘෂිකර්මය, කර්මාන්ත මෙන් ම එදිනෙදා සාමාන්‍ය ජීවිතය ද වෙනස් වෙමින් තාක්ෂණය ද ශීඝ්‍රයෙන් යාවත්කාලීන වෙමින් පවතින බව ද අමාත්‍යවරිය මෙහි දී පෙන්වා දුන්නා ය.
පාසල් දූ දරුවන්ගේ සැඟවුණු දක්ෂතා එළි දැක්වීම, ඔවුන් දිරිගැන්වීම හා ඇගයීම, අනාගත වැඩ ලෝකයේ දිශානතිය පිළිබඳ අවබෝධය යාවත්කාලීන කරවීම, නව්‍යතාවෙන් යුතුව සිතීමට දරුවන් යොමු කරවීම හා එමඟින් දරුවන්ගේ නවෝත්පාදන හැකියාව වැඩි දියුණු කිරීම, රොබෝ තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි රජයේ මැදිහත්වීම ශක්තිමත් කර, පාසල් දූ දරුවන්ගේ හැකියාවන් දිවයින පුරා ප්‍රචලිත කරවීම මෙන් ම අනාගත වැඩ ලෝකයට සරිලන පරිදි ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය රොබෝ ශිල්පීය කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම එමඟින් ස්වංක්‍රීයකරණය පිළිබඳ ව්‍යවසායකත්ව සංකල්ප ස්ථාපනය කිරීම යන අරමුණු පෙරදැරිව මෙම රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරගාවලිය පැවැත්වෙන අතර නිෂ්පාදන කර්මාන්ත හා පරිසර අධ්‍යයන, අධ්‍යාපන, ඉංජිනේරු, නිෂ්පාදන, විනෝදාස්වාද, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාත්මක යන ක්ෂේත්‍ර ඔස්සේ වාර්ෂික ව මෙම තරඟාවලිය පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි ජාතික හා පළාත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතුවල නිරත වන වයස අවුරුදු 18ට අඩු පාසල් සිසුන් මෙම තරගය සඳහා සහභාගී වන අතර, ජයග්‍රාහකයන් සඳහා ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන සඳහා මූල්‍ය ත්‍යාග සහ කුසලතා සහතිකපත් ලබා දේ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි. එල්. මොහමඩ් නවවි යන මහත්ම මහත්මීන් එක් වූ අතර සිසු දරුවන්ගේ විවිධ නිර්මාණ නිරීක්ෂණයට අගමැතිනිය ද ඔවුන් හා එක් වූවා ය.
උපුටා ගැනීම
(අධ්‍යාපන අමාත්‍යාංශය)
=================
10/09/2025
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ පාසල්වල යොවුන් නව නිපැයුම් සමාජ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක පියවර ලෙස තෝරා ගත් පාසල් 100 ක යොවුන් නව නිපැයුම් සමාජ 100 ක් පිහිටුවීම ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පසුගිය දින ( සැප්තැම්බර් 08 ) කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයයේදි පැවැත්විණි.
දේශීය නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීමේ පියවරක් ලෙස, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් පාසල් දූ දරුවන්ගේ යොවුන් නිර්මාණශීලීත්වය දිරි ගැන්වීම හා නව නිපැයුම් ප්‍රවර්ධනය උදෙසා පාසල් පද්ධතිය තුළ නවමු මුහුණුවරකින් නව නිපැයුම් සමාජ පිහිටුවීම සිදු කෙරේ. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් මෙම වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක සහ පළාත් ආවරණය වන පරිදි මෙම පාසල් තෝරා ගෙන තිබේ.
මෙම පාසල් අතරට සත්කෝරල පහන් තරුව කුලී/මධ්‍ය විද්‍යාලයද තේරීපත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු.
07/09/2025
27/08/2025
“The only way to achieve the impossible is to believe it is possible.” — Charles Kingsleigh
🥈 We extend our heartiest congratulations to *R.M. Bhanuka Udan* for securing the *1st Runner-Up position* in the Hardware Category of The Coolest Projects by STEMUP Foundation.
Your remarkable achievement makes us proud and serves as an inspiration to all. Wishing you continued success on your journey of innovation and excellence!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Kuliyapitiya
60200
11/10/2025