05/09/2026
350 සේල් එකට කොරවුන ආණමඩුව වෙළඳ සංගමය
350 සේල් එක අදින් ඉවරයි. සැප්තැම්බර් 12 වෙනකල් කාලය දීර්ඝ කලත් වෙළඳ සංගමය ආණමඩුව ප්‍රාදේගීය සභාවට කරපු බලපෑම නිසා ආණමඩුව සුදම්පාය 350 සේල් එක කරගෙන යෑමට තව දුරටත් ලබාදීම ආණමඩුව ප්‍රාදේශීය සභාපතිවරයා විසින් ප්‍රරතික්ෂේප කරලා තියෙනවා.
වෙළඳ සංගමය කියන විදියට ඒකට හේතුව ඔවුන්ට බිස්නස් නැතිවීම. කඩකුලී, ලයිට්බිල්, වතුර බිල්, වරිපණම්, සේවක කුලී ගෙවන්න ඔවුන්ට ආදායම් නෑලු මේ 350 සේල් එක නිසා. හරි ඔවුන් කියන කතාව හරියි කියමුකෝ.
එතකොට දැන් මෙහෙම සේල් එකක් ආණමඩුවට ආවෙ අවුරුදු ගාණකට පස්සෙ. ඒ අවුරුදු ගාණක් යනකල් ඔය කඩකාරයො ටික ආණමඩුවෙ මිනිස්සු සූරගන කාපුවට අඩුම කඩකාරයො ටික හරි වෙළඳ සංගමය හරි ආණමඩුවෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්වත් තෘප්තිය වෙනුවෙන්වත් කරපු එක දෙයක් තියෙනවද?
රෑ 8න් පස්සෙ තරුණියකට ටවුන් එකට යන්න බෑ. ආරක්ෂාවට CCTV කැමරා ටිකක් ටවුන් එක වටේ ගහලා දෙන්න කියලා පොලීසිය ඉල්ලුවම ඔය වෙළඳ සංගමය බෑ කිව්වා. පදිකයන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඔය ටවුන් එක වටේට ගහල තියන වැට පවා සභාවෙන් ගහනවට ඔය වෙළඳ සංගමය විරුද්ධ වුනා. මුළු ටවුන් එක පුරාම මත් ද්‍රව්‍ය පිරිලා තරුණයො බේරගන්න බෑ. වැඩිහරියක් බිස්නස් කරන්නෙ සමහර කඩකාරයො. ඒවා නවත්තන්න වෙළඳ සංගමය පොලීසිය එක්ක එකතුවෙලා මොනවහරි කරලා තියෙනවද? වෙන ටවුන් වල වෙළඳ සංගම් එකතුවෙලා අවුරුද්දකට සැරයක් ගමේ මිනිස්සුන්ට විනෝද වෙන්න අවුරුදු උත්සවයක්, සංගීත ප්‍රසංගයක් නොමිලේ පවත්වනවා. මෙහෙ සෙට් එක පොසොන් කලාප කරලා ඒකෙනුත් මිනිස්සු මරාගන කනවා හැරෙන්න මොනවද මිනිස්සුන්ට ඒ අය දීලා තියෙන්නෙ? ඇත්තම කිව්වොත් ආණමඩුවෙ කඩකාරයො දන්නෙ මිනිස්සුන්ව සූරගන කන්න විතරයි.
හොඳම කතාව ඒක නෙවෙයි. ඔය 350 සේල් එක ආපු වෙලාවෙ ඉස්සල්ලම ගිහින් බඩු තොග පිටින් ගොඩගහගත්තෙ ආණමඩුව ටවුන් එකේ කඩකාරයො ටිකයි හෝටල් කාරයො ටිකයි. ලක්ෂ ගාණක බඩු ස්ටොක් කරගත්තා සේල් එක ඉවර වුනහම අති විශාල ලාභයක් තියාගන මිනිස්සුන්ට විකුණන්න. දැන් ඒ කඩකාරයො ටිකම සේල් එක අයින් කරන්න කියලා සභාවට ගියාලු. වෙලාවකට හිතෙනවා ඇත්තටම කොහොමද මෙච්චරටම මිනිස්සු සූරගන කන්නෙ කියලා.ආණමඩුව සමහර මිනිස්සු මෙහෙ කඩකාරයන්ගෙ කෙරුවාව දන්න නිසා තමා පුත්තලමට, නිකවැරටියට, මදවක්කුලමට ගිහින් බඩු අරන් එන්නෙ.
අනිත් කාරණය ඔය පුත්තලම හලාවත පැත්තෙ සතියකට 2කට සැරයක් සේල් තියෙනවා. හලාවත සුදසුනේ එහෙම නිතටම සේල් තියන තැනක්. හැබැයි හලාවත කඩකාරයො ටික නහයෙන් අඬාගන සභාවට යන්නෙ නෑ අනේ මේ සේල් එක නවත්තලා දෙන්නකො කියලා. ඒ මිනිස්සු තරඟකාරිත්වයට මුහුණ දෙනවා. සාධාරණ මුදලකට මිනිස්සුන්ට බඩු දෙනවනම් මිනිස්සු කඩවල් හොයාගන එනවා. ඇත්තම කිව්වොත් අවුල තියෙන්නෙ ඉස්සරහට තව සේල් කීපයක්ම ආණමඩුවට එන්න තියෙනවා. ඒක ආවොත් කඩකාරයන්ට ගිනි ගණන් වලට බඩු විකුණගන්න බැරිවෙනවා. ඒකයි වෙළඳ සංගමය මෙච්චරටම බයවෙලා තියෙන්නෙ.
මතක තියාගන්න මෙච්චර කාලයක් 3,4ට කැඩිලා තිබ්බ වෙළඳ සංගමය එකතුවෙලා තියෙන්නෙ ගමේ මිනිස්සුන්ට ආදරේට නෙවේ. ඒ තමන්ට කෙළවෙන නිසා. හැබැයි දැන් මිනිස්සු අන්දන්න එච්චර ලේසි නෑ කියලත් මතක තිගාගන්න. අසාධාරණව වැඩ කරලා බලෙන් හැමදාම මිනිස්සු කඩවල් වලට ගෙන්න ගන්න බෑ කියලත් මතක තියාගන්න.