Roshel Culinary Academy

Roshel Culinary  Academy International cookery
Pastry & bakery
Short course

08/06/2025

ශුද්ධාත්ම ආගමන මංගලෝත්සවය [පෙන්තකෝස්ත මංගල්‍යයයි.]
එදා මරිය තුමිය දෙවියන් වහන්සේගේ වචනයට ''අමේන්'' කියා දේව කැමැත්තට ඉඩ දුන්නා. ඒ නිසා අපට ගැලවුම් කරුවෙක් මෙලොවට උපන්නා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව උන් වහන්සේ අපේ පව් සියල්ල ශ්‍රී කුරුසිය තුලින් කර දරා උකුත් වී උත්ථාන උනා. උන් වහන්සේ උත්ථාන උනේ දෙවි පියාණන් වහන්සේ උන් වහන්සේට දුන් දූත කාර්‍යය අප තුලින් කරන්නට ශුද්ධාත්ම බලය, ශක්තිය හා මග පෙන්වීම දානය කරමිනුයි. ක්‍රිස්තුස් වහන්සෙගේ උත්ථානයෙන් පසු බියෙන් සේනාකුළු මන්දීරයේ සැගවී සිටි අප මරි මවුන් ඇතුළු එකසිය විසි දෙනෙකු පමන වූ පිරිසක් මත ශුද්ධාත්මයාණන් වැඩම කලේ ඔවුන්ගේ බිය අළු කර දමන්නට ගිනි දල්ලක් ආකාරයෙනි. එයින් ලද බලයෙන්, ශක්තියෙන් හා ශුද්ධාත්ම මග පෙන්වීම තුලින් ලෙඩුන් සුව කරමින්, පිඩිතයින්ට ශක්තියක් වෙමින්, අසරණයින්ට පිහිට වෙමින් දෙවියන් වහන්සේගෙ වචනය බෙදා දෙමින් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය දිගටම කර ගෙන ගියා.
එදා ජුදා ජාතිකයින් පාස්කු මංගල්‍යයෙන් පසු උදාවන පනස් වන දිනය එනම් අස්වැන්න මංගල්‍යය පෙන්තකෝස්ත මංගල්‍යය ලෙස ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අතර අද නව ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් පසු ශුද්ධාත්මයාණන් මරි මවුන් ඇතුළු අපෝස්තුළුවරුන් වෙත වැඩම කිරීම අද අපි සමරන්නෙමු.
''ආදර දෙවි පියාණනී, මටත්, මෙය කියවන සහෝදර සහොදරියන්ටත්, අප පවුල් වලට හා මෙලොවෙහි සිටින සියළුම දෙනාහටත් ඔබ වහන්සේගේ වචනය අනුව කීකරුව ජීවත් වෙමින් එය අන් අය සමඟ බෙදා ගන්නටත් අවශ්‍ය බලය, ශක්තිය හා මග පෙන්වීම ලබා දුන මැනව ආමේන්..

07/12/2024

අද දින මා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආර්ථික මධ්‍යස්ථානයකට ගියේ එළවළු මිලදී ගැනීමටය. අද දිනයේ මගේ අරමුණ එළවළු මිලදී ගැනීමට වඩා එහා ගිය දෙයකි .එනම් ලංකාවේ එළවළු මෙතරම් ගිනි ගණන් ඇයි කියා සොයා බැලීමටය .මගේ මේ උත්සාහයෙන් අනාවරණය වූ දෙය අදහගාගැනීමට පවා නොහැකි පුදුම සහගත දෙයකි .

මා ප්‍රථමයෙන් කලේ තොග වෙළඳාම් කරන කඩ පේලියට ගොස් වර්ග පහකින් එළවලු කිලෝ එක බැගින් මිලදී ගැනීමය . ඉන්පසුව මගේ කාර්යය වුයේ එම එළවළු ටික වාහනයට දමා සිල්ලර විකුණන කඩයකට ගොස් එම එළවළු වර්ග වලින්ම ග්‍රෑම් 500 බැගින් මිලදී ගැනීමය .කඩ දෙකෙන්ම මා බිල්පත් ලබාගැනීමට අමතක නොකළ අතර චායාරුපයේ ඇත්තේ එම බිල්පත් දෙකය .

කරවිල තොග කිලෝ එකක් රුපියල් 200කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 480කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 280කි .

වැටකොළු තොග කිලෝ එකක් රුපියල් 140කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 180කි .

නෝකෝල් තොග කිලෝ එකක් රුපියල් 90කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් රුපියල් 230කි .

බීට් තොග කිලෝ එකක් රුපියල් 110කි .බිට් සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 210කි .

අප මෙතනින් එක වර්ගයක් අරගෙන පොඩ්ඩක් ලිහාගෙන බලමු .

නෝකෝල් කිලෝ එකක තොග මිල රුපියල් 90කි .

නෝකෝල් අලයක් ඵල දැරීමට මාස දෙක හමාරක් තුනක් පමණ කාලයක් ගතවේ . බිජ සිටුවීමේ සිට ඵල නෙලා ගන්නා තුරු එය රැකබලා ගත යුතුය .අව්ව වැස්ස නොතකා මහන්සිවිය යුතුය . එයට අමතරව පොහොරද සති තුනකට වතාවක් යෙදිය යුතුය . වැස්ස වැටුනේ නැත්නම් එම කාලය පුරාවට දිනපතා ජලය දැමිය යුතුය . දැඩි නියඟයක් හෝ අධික වර්ෂාවක් පතිතවුවහොත් වගාව මුළුමනින්ම විනාශවීමේ අවධානමක්ද ඇත . මේ සියලු අභියෝග වලට මුහුණ දෙමින් ඒ අසරණ ගොවියා කිලෝ එකක් විකුනනවා ඇත්තේ රුපියල් 50ක් වැනි මුදලකට වියයුතුය . හේතුව රුපියල් 110 කට ආර්ථික මධ්‍යස්ථානයේ විකිනීමට ලොරි රථ වල ප්‍රවාහන ගාස්තුව සහ ප්‍රවාහනය කරන්නන්ගේ ලාභය එයට එකතුවන නිසාය. එවිට ඔහුට කිලෝ එකකින් ලැබෙන ලාභය රුපියල් 20ක් පමණ වනු ඇත .
මේ සියළු දේවල් කර ගොවියා කිලෝ එකකට රුපියල් 20ක් පමණ ලාභ ලබනවිට එළවළු වෙළෙන්දා පැයක් ඇතුලත කිලෝ එකකට රුපියල් 230ක ලාභයක් ලබයි.
ගොවියාට මෙතරම් අසාධාරණයක් වන සහ වෙළෙන්ඳා මෙතරම් ලාභයක් ලබන රටක් මේ තුන් ලෝකයේම ඇතිදැයි සැක සහිතය. අනිත් අතින් මෙයින් වඩාත් පිඩාවට පත්වන්නේ ඔබ සහ මා වැනි පාරිභෝගිකයින්ය .
මේ වෙළෙඳුන්ගේ අති අසාධාරණ ගසාකෑම නැවැත්වුවහොත් ගොවියාට ඔහුගේ මහන්සියට සරිලන අදායමකුත් පාරිභෝගිකයාට සාධාරණ මුදලකට එළවළුත් ලබාගැනීමට හැකි වනු ඇත .
රටක ආණ්ඩුවක් ඉන්නේ මේවා සොයාබලා තීරණ ගැනීමට සහ නියාමනය කිරීමටය .මේ ආණ්ඩු සියල්ල නොකරන එකම දෙයත් එයමය .මේවා විසඳීමට ආණ්ඩුව බොහෝවිට කරන්නේ ආණ්ඩුවද එළවලු විකිනීමට පටන්ගැනීම වැනි නරි නාටකය.

ලෝකයේ බොහෝ රටවල මෙවැනි දෑ පාලනය කිරීමට දියුණු ක්‍රමවේද ඇත .අපිට ක්‍රමයක් නැත්නම් ඒවායින් හෝ පාඩම් ඉගෙන නිවැරදි කල යුතුය .
එසේ නොවුනහොත් ඉතාම නුදුරු දිනක ගොවින් ගොවිතැනින් ඉවත් වනු ඇත .එදාට ඔබ සහ මම කුමක් කල යුතුද ?

ඊට පෙර මෙම ලිපිය හැකි තරම් ෂෙයාර් කිරීමෙන්ද නොසිතු ප්‍රතිඵල ගෙනදෙනු ඇත .

Prasanga Alwis

Agro

07/12/2024
01/11/2024
දවසේ. ආෂිර්වාදය
25/09/2024

දවසේ. ආෂිර්වාදය

23/09/2024

අවුරුදු 76ක රට කාපු වලව් පැලැන්තියේ අවසනය

Address

15/E/5
Kotugoda
11390

Telephone

+94750308308

Website

Alerts

Be the first to know and let us send you an email when Roshel Culinary Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category