Sri Arjunarama Dahampasala

Sri Arjunarama Dahampasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Arjunarama Dahampasala, School, Arjunarama temple, Kotugoda.

25/05/2023
මෙම ඉරු දින (2023/03/19) දරුවන් සදහා උදැසන ආහාරය ලබා දෙනු ලැබුවේ කාංචන ජයමාල් දරුවාගේ නිවසිනි
20/03/2023

මෙම ඉරු දින (2023/03/19) දරුවන් සදහා උදැසන ආහාරය ලබා දෙනු ලැබුවේ කාංචන ජයමාල් දරුවාගේ නිවසිනි

18/03/2023
මේ සතියේ 2023/05/12 ඉරු දින දහම් පාසල් දරුවන් වෙනුවෙන් අහාර ලබා දෙන ලද්දේ 7 ශ්‍රේණියේ සහ 5 වන ශ්‍රේණියේ දරුවන්ගේ දෙමාපිය...
13/03/2023

මේ සතියේ 2023/05/12 ඉරු දින දහම් පාසල් දරුවන් වෙනුවෙන් අහාර ලබා දෙන ලද්දේ 7 ශ්‍රේණියේ සහ 5 වන ශ්‍රේණියේ දරුවන්ගේ දෙමාපියන් විසිනි

මෙමෙ සතියේ ඉරු දින දහම් පාසල් දරුවන් උදෙසා උදැසන ආහාර ලබාදීම සිදුකරන ලදියි . මෙවර ඒ සදහා දායකත්වය සපයනු ලැබුවේ යාගොඩමුල්...
06/03/2023

මෙමෙ සතියේ ඉරු දින දහම් පාසල් දරුවන් උදෙසා උදැසන ආහාර ලබාදීම සිදුකරන ලදියි . මෙවර ඒ සදහා දායකත්වය සපයනු ලැබුවේ යාගොඩමුල්ල පදිංචි නිහාල් රත්නායක මහතා ඇතුළු පවුලේ අය විසිනි .

☸️බෞද්ධ දහම් පාසල් කොඩියේ ඉතිහාසය හා ධජයේ අර්ථ නිරූපණය_________________________➖මුලින්ම භාවිතා කළ දහම් පාසල් ධජය නිර්මාණ...
27/02/2023

☸️බෞද්ධ දහම් පාසල් කොඩියේ ඉතිහාසය හා ධජයේ අර්ථ නිරූපණය_________________________
➖මුලින්ම භාවිතා කළ දහම් පාසල් ධජය නිර්මාණය කර ඇත්තේ බෞද්ධ ධජය පසුබිම් වන පරිදි දහම් පාසැල් ලාංඡනය ඒ මැදට යෙදීමෙනි.(පහත පළමු ඡායාරූපය බලන්න)
සමස්ත ලෝක වාසී බෞද්ධයන් සංකේතවත් කරන, බෞද්ධ ධජය මත නොයෙකුත් වැකි, ලාංඡන හා ඡයාරූප භාවිත කිරීම නුසුදුසු බවට වූ නිල පිළිගැනීම හේතුවෙන්, දහම් පාසැල් ලාංජනය ද බෞද්ධ ධජයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඒ අනුව
2012 අගෝස්තු 5 වන දිනට යෙදී ඇති 117 වන සමස්ත ලංකා දහම්පාසල් දිනයට සමගාමීව මෙම නව දහම් පාසල් ධජය නිර්මාණය කර ඇත. ගෝණදූවේ ගුණානන්ද හිමියන්ගේ සැලැස්මකට අනුව සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ සංස්කෘතික සහකාර සමිත පෙරේරා මහතා විසිනි.
නව දහම්පාසල් ධජය එලිදැක්වීම 2012 අගෝස්තු 05 වන දින මහනුවරදී සිදුකෙරුණි.
ධජයේ අර්ථ නිරෑපනය :
⚜️ධර්ම චක්‍රය_ සම්බුදු රජාණන් වහන්සේ
⚜️පහන හා පහන්සිලු 5 _ධර්ම ඥානය ලබාදීම සහ පන්සිල් සුරකින සමාජය
⚜️පොත _ දහම් අධ්‍යාපනය
⚜️පොත දිගහැර තැබීම _ නොමිලේ ලබාදෙන දහම් අධ්‍යාපනය
⚜️කහ පැහැති පසුබිම_ සදාචාර සමාජය හා බොද්ධ සමාජය
⚜️බෝපත් 4 _භාෂාව,සාහිත්‍ය , කලාව හා සංස්කෘතිය නිරෑපනය කරයි
⚜️පලාපෙති 60_ ධර්ම ධුතයන් වහන්සේලා 60 නමකින් ඇරඹි පලමු ධර්ම ධූත සේවාව
⚜️දුඹුරැ පැහැ වර්ණය_ ප්‍රභාෂ්වර වර්ණය
⚜️පලාපෙති වර්ණය_ බොද්ධ කොඩියේ වර්ණයන්
⚜️කොඩිය වටේ තැඹිලි පැහැ කොටුව_ සමස්ත ශාසනය මහා සංඝරත්නය විසින් ආරක්ෂා කරන බව
⚜️මුල් පලාපෙති 360_ දෙතිස් පෙරනිමිති මගින් පෙන්වාදුන් බුද්ධෝත්පත්තිය සහ දෙතිස් මහා පුරැෂලක්ෂණයන්ගෙන් අසුවක් අනුව්‍යංජනයන්ගෙන් දෙසිය දහසයක් මගුල් ලකුණින් හෙබි බුදුරජානන් වහන්සේ පහලවූ බව පෙන්වා දෙයි
කොඩියේ නිර්මාතෘ _සමිත පෙරේරා
...........පවනි රත්නායක විසින් අපේ දහම්පාසල පිටුවට ලියන ලද ලිපියෙන් උපුටා ගන්නා ලැදියි ..................

Address

Arjunarama Temple
Kotugoda
11390

Opening Hours

07:00 - 12:00

Telephone

+94112296433

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Arjunarama Dahampasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Arjunarama Dahampasala:

Shortcuts

Share

Category