Sri Rahula Daham Pasala Kotte

Sri Rahula Daham Pasala Kotte

Share

ශ්‍රී රාහුල දහම් පාසල - සිරි පැරකුම්බා පිරිවෙන කෝට්ටේ

30/07/2026
Photos from Sri Rahula Daham Pasala Kotte's post 14/07/2026

සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රාහුල දහම් පාසල විසින් සංවිධානය කරන ලද පසුගිය (ජූලි 12) ඉරු දින පැවති ශබ්ද කළමනාකරණ වැඩමුළුව...

🌟 දහම් අධ්‍යාපනයෙන් ශක්තිමත් වූ, දක්ෂතාවයෙන් දීප්තිමත් වූ බෝසත් දරු පරපුරක් වෙනුවෙන් මගකියන අගනුවර බොදුනු තක්සලාව... 🌟

ශ්‍රී රාහුල දහම් පාසල
සිරි පැරකුම්බා පිරිවෙන
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#ශ්‍රීරාහුලදහම්පාසල

10/07/2026

🌿 අද දරුවාට දෙන මඟපෙන්වීම... හෙට ඔබේ ජීවිතයේ සතුටයි. 🌿

බුද්ධ දේශනාව පෙන්වා දෙන්නේ,
දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඇති බවත්, දරුවන්ටද දෙමාපියන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් ඇති බවත්ය.

දරුවෙකුට කුඩා කල සිටම යහපත් ඇවතුම් පැවතුම්, ගුණධර්ම, විනය සහ නිවැරදි ජීවන මඟ කියාදීම දෙමාපියන්ගේ උතුම් වගකීමකි.

අද එම වගකීම පැහැර හැරියහොත්, හෙට එහි ප්‍රතිඵල විඳින්නට සිදුවන්නේ දෙමාපියන්ටමය.

යහපත් දරුවන් බිහිවන්නේ අහම්බයෙන් නොවේ... යහපත් දෙමාපියන්ගේ නිවැරදි මඟපෙන්වීමෙන්ය...

අපේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන්, අදම වගකීමෙන් කැපවෙමු.

🌟 සාරධර්ම අධ්‍යාපනයෙන් පිරිපුන් බෝසත් දරු පිරිසකට මග කියන අගනුවර බොදුනු තක්සලාව... 🌟

ශ්‍රී රාහුල දහම් පාසල
සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථානය
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#බෞද්ධඅධ්‍යාපනය

02/07/2026

දහම් දැනුමට පමණක් නොව, දරුවන්ගේ සැඟවුණු දක්ෂතා ලොවට හඳුන්වාදීමත් අපගේ වගකීමකි. ✨🌷

ශ්‍රී රාහුල දහම් පාසලේ අධ්‍යාපනය යනු ධර්ම ශාස්ත්‍රය ඉගැන්වීමෙන් පමණක් සීමා නොවී, සෑම දරුවෙකුගේම සහජ කුසලතා හඳුනාගෙන, ඒවා වර්ධනය කර ගැනීමට සුදුසු වේදිකාවන් නිර්මාණය කිරීමද අපගේ අධ්‍යාපනික මෙහෙවරේ වැදගත් අංගයකි. 🌼

එම අරමුණ යථාර්ථයක් කරමින්, දහම් පාසලේ අවසන් ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිතුල සන්දිර පුතණුවන්ගේ නිසඟ ගායන හැකියාව තවදුරටත් ඔප්නංවා ගැනීම සඳහා, පොසොන් බැති ගී සරණියේදී ඔහුට සිය දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක් ලබා දීමට අපට හැකි විය.

අනාගතයේදීත් මෙවැනි දක්ෂතා දිරිගන්වමින්, සාරධර්මයෙන් මෙන්ම කලා කුසලතාවයෙන්ද පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම අපගේ අධිෂ්ඨානයයි. 🪔

🌟 දහම් අධ්‍යාපනයෙන් ශක්තිමත් වූ, දක්ෂතාවයෙන් දීප්තිමත් වූ බෝසත් දරු පරපුරක් වෙනුවෙන් මගකියන අගනුවර බොදුනු තක්සලාව... 🌟

ශ්‍රී රාහුල දහම් පාසල
සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථානය
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#රාහුලබැතිගීසරණිය

02/07/2026

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවති ශ්‍රී රාහුල දහම් පාසලේ පොසොන් බැති ගී ප්‍රසංගය... 🌼✨

ශ්‍රී රාහුල දහම් පාසල
සිරි පැරකුම්බා පිරිවෙන
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#රාහුලබැතිගීසරණිය

Photos from Sri Rahula Daham Pasala Kotte's post 01/07/2026

🌕 පොසොන් බැති සුවඳ හදවත් පුරා පැතිර ගිය සන්ධ්‍යාවක්...

ජුනි 29 වැනිදා යෙදුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථානයේ පැවති ශ්‍රී රාහුල දහම් පාසලේ පොසොන් බැති ගී ප්‍රසංගය බැතිබර සිත් එක් කළ අර්ථවත් ආගමික සැඳෑවක් බවට පත්විය.

පොසොන් යනු අපේ මතකයට නැගෙනුයේ මිහින්තලාව ය. එය ශ්‍රී ලංකාවේ බුදුදහමේ ආලෝකය විහිදුණු පුණ්‍ය භූමිය පමණක් නොව, අපේ සමාජය, සංස්කෘතිය, ආගම, අධ්‍යාපනය සහ රාජ්‍ය පාලනය පවා නව මාවතකට යොමු කළ ඓතිහාසික පරිවර්තනයක ආරම්භයයි.

එම අසිරිමත් මිහින්තලා සිදුවීම ශ්‍රී රාහුල දහම් පාසලේ දූ දරුවන්ගේ නිශ්චල රංගනයන් ඔස්සේ ප්‍රතිනිර්මාණය කළ අවස්ථාවේ සොඳුරු මතක සටහන් කිහිපයක් ඔබ වෙත මෙසේ එක් කරමු.

📸 සේයාරූ සටහන්: ශ්‍රී රාහුල දහම් පාසලේ ඡායාරූපකරණ ඒකකයේ හිරුන් හස්මල් පුතණුවන්.

"මිහින්තලාවේ දහම් අමාවැසි ආලෝකය, සදාකල් අපේ ජීවිත ආලෝකවත් කරත්වා!" 🙏☸️

ශ්‍රී රාහුල දහම් පාසල
සිරි පැරකුම්බා පිරිවෙන
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#රාහුලබැතිගීසරණිය

21/06/2026

🎶🙏 සුභාවිත ගීතයේ බොදු සලකුණ... රාහුල බැති ගී සරණිය 🙏🎶

පොසොන් පුර පසළොස්වක පෝය දිනයේ දහම් සුවඳින් පිරුණු බැති ගී රසවින්දනයක් සමඟ එක්වන්න. බෝසත් දරු පරපුරක හඬින් නැගෙන ශ්‍රද්ධාවේ ගීත රාවය විඳීමට ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරමු. 🤍🌼

📅 ජුනි 29 වැනිදා පොසොන් පෝයදා
🕡 සවස 6.30 සිට
📍 සිරි පැරකුම්බා පිරිවෙන් මහා විහාරස්ථ ධර්ම මන්දිරයේදී

🌟 දහම් අධ්‍යාපනයෙන් ශක්තිමත් වූ, දක්ෂතාවයෙන් දීප්තිමත් වූ බෝසත් දරු පරපුරක් වෙනුවෙන් මගකියන අගනුවර බොදුනු තක්සලාව... 🌟

ශ්‍රී රාහුල දහම් පාසල
සිරි පැරකුම්බා පිරිවෙන
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

#රාහුලබැතිගීසරණිය

Want your school to be the top-listed School/college in Kotte?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

සිරි පැරකුම්බා පිරිවෙන
Kotte
10100

Opening Hours

06:30 - 14:30