WAR GLOBE

WAR GLOBE විශ්ව දැනුම WAR GLOBE - 01

19/08/2026

⭕🇺🇦🇷🇺රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ යුක්‍රේන සෙබළුන් දෙදෙනෙකු අනතුරට පත්ව සිටියදී, 475 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ව්ලැඩිස්ලාව් පොල්ස්කි පෞද්ගලිකව එම ස්ථානයට ගොස් තුවාලකරුවන් ආරක්ෂිතව ඉවත් කළ බව වාර්තා වේ. දැඩි අවදානමක් මධ්‍යයේ සිදු කළ මෙම ක්‍රියාව නායකත්වය සහ ධෛර්යය පිළිබඳ ප්‍රබල උදාහරණයක් ලෙස දැක්වේ. 🇺🇦

Two wounded Ukrainian soldiers were reportedly left exposed after a Russian drone struck the ground drone evacuating them. Commander Vladyslav Polskyi of the 475th Regiment reportedly rushed to the area and personally evacuated the injured soldiers, demonstrating leadership and courage under intense pressure. 🇺🇦

⭕🇪🇺🇮🇷ඉරානයෙන් එන ඕනෑම තර්ජනයකට විශාල ප්‍රතිචාරයක් දැක්වීමට NATO සූදානම්.ඉරානය යුරෝපයේ පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර...
19/08/2026

⭕🇪🇺🇮🇷ඉරානයෙන් එන ඕනෑම තර්ජනයකට විශාල ප්‍රතිචාරයක් දැක්වීමට NATO සූදානම්.

ඉරානය යුරෝපයේ පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවට වාර්තා පළවීමත් සමඟ සියලුම සාමාජික රටවල් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට NATO සූදානම් බව සන්ධාන නිලධාරියෙකු Reuters වෙත පවසා තිබේ.

NATO හි “වැළැක්වීමේ සහ ආරක්ෂක ස්ථාවරය ශක්තිමත් හා ඵලදායී” බව එම නිලධාරියා සඳහන් කර ඇති අතර,මේ වසරේ මීට පෙර ඉරානයෙන් තුර්කිය දෙසට එල්ල වූ බැලස්ටික් මිසයිල අවස්ථා හතරකදී NATO ගුවන් ආරක්ෂක පද්ධති සාර්ථකව ඒවා අත්හිටුවීම,සන්ධානයේ ආරක්ෂක හැකියාවට උදාහරණයක් ලෙස පෙන්වා දී ඇත.

මේ අතර Financial Times වාර්තාවකට අනුව,ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය තවදුරටත් උත්සන්න කළහොත් යුරෝපයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව ඉරානය සළකා බලන බව වාර්තා වේ.

19/08/2026

⭕🇺🇲🇮🇷ඉරාන රාජ්‍ය රූපවාහිනී නිවේදකයෙකු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කළහොත් ත්‍යාගයක් ලෙස කොපමණ මුදලක් ලබාදීමට කැමතිදැයි ප්‍රේක්ෂකයන්ගෙන් විමසා ඇති අතර,ප්‍රේක්ෂකයන් විසින් ටොමාන් මිලියන 81ක්,එනම් රියාල් මිලියන 810ක් පමණ යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙය ඉරාන ජනතාව සැබෑවටම එම මුදල ලබාදුන් බවක් නොව, රූපවාහිනී වැඩසටහනේදී ප්‍රකාශ වූ ත්‍යාග මුදලකි. වාර්තාවේ සඳහන් පරිවර්තනය අනුව එය ඩොලර් 433කට ආසන්නය.

An Iranian state TV presenter asked viewers how much they would pledge as a reward for killing U.S. President Donald Trump. Viewers reportedly suggested 81 million tomans, equivalent to 810 million Iranian rials. This does not mean that Iranians actually paid the money; it was an amount reportedly pledged during the TV program. The report valued it at nearly $433.

19/08/2026

⭕🇮🇱🇵🇸️හමාස් සංවිධානයේ ඉලක්කයක් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් මීට සුළු මොහොතකට පෙර එල්ල වූ බව වාර්තා වන අතර,එම ප්‍රහාරයෙන් පසු ගාසා සාම සැලැස්ම කඩිනම් කර ක්‍රියාත්මක කරන ලෙස හමාස් සංවිධානය ඉල්ලා තිබේ.

An Israeli airstrike reportedly targeted a Hamas position, prompting Hamas to call for the Gaza peace plan to be accelerated and implemented.

⭕🇺🇲🇮🇷ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපායමාර්ගයේ වෙනසක්!ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මේ වන විට ඉරානය සමඟ කි...
19/08/2026

⭕🇺🇲🇮🇷ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ උපායමාර්ගයේ වෙනසක්!

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මේ වන විට ඉරානය සමඟ කිසිදු සාකච්ඡාවක් හෝ නියමිත සාකච්ඡාවක් නොමැති බවයි.

ඒ අනුව වොෂින්ටනය තවදුරටත් ටෙහෙරානය වෙත පීඩනය පවත්වාගෙන යන අතර,වහාම නව ගිවිසුමකට යාම වෙනුවට ආර්ථික හා හමුදාමය පීඩනය දිගටම පවත්වා ඉරානය සිය ස්ථාවරය නැවත සලකා බැලීමට බල කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනී යයි.

මෙම තත්වය මැද දෙරට අතර ඉදිරි සබඳතා සහ මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.

⭕🇺🇲🇮🇷හෝමුස් සමුද්‍ර සන්ධිය “නව ඇමරිකානු භූමියක්” ලෙස ට්‍රම්ප් නම් කරයි.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා Trut...
18/08/2026

⭕🇺🇲🇮🇷හෝමුස් සමුද්‍ර සන්ධිය “නව ඇමරිකානු භූමියක්” ලෙස ට්‍රම්ප් නම් කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා Truth Social ඔස්සේ පළ කළ නව ග්‍රැෆික් රූපයකින් ඉරානය සහ ඕමානය අතර පිහිටි ලෝකයේ ප්‍රධානතම තෙල් හා නාවික ගමනාගමන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය “NEW U.S. Territory” හෙවත් “නව ඇමරිකානු භූමිය” ලෙස ලේබල් කර තිබේ.

එම ග්‍රැෆික් රූපයේ හෝමුස් සමුද්‍ර සන්ධිය වට කර දක්වා ඇති අතර,එය ඇමරිකානු පාලනය යටතේ පවතින භූමියක් ලෙස දැක්වීම විශේෂ අවධානයකට ලක්ව ඇත.ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම සමුද්‍ර සන්ධිය ගෝලීය බලශක්ති සැපයුමට අතිශය වැදගත් මාර්ගයක් වන බැවින්,ට්‍රම්ප්ගේ මෙම පළ කිරීම කලාපීය දේශපාලනය සහ ඇමරිකානු-ඉරාන ආතතීන් සම්බන්ධයෙන් නව සංවාදයක් ඇති කර තිබේ.

⭕🇺🇸🇮🇷ඉරානයට එරෙහි න්‍යෂ්ටික අවි භාවිතය ගැන ඇමෙරිකානු උපායමාර්ගික සාකච්ඡා තිබුණාද?හිටපු ඇමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරියක...
18/08/2026

⭕🇺🇸🇮🇷ඉරානයට එරෙහි න්‍යෂ්ටික අවි භාවිතය ගැන ඇමෙරිකානු උපායමාර්ගික සාකච්ඡා තිබුණාද?

හිටපු ඇමෙරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරියක වන Marjorie Taylor Greene පවසන්නේ ඉරානය සම්බන්ධයෙන් පැවැත්වෙන උපායමාර්ගික සාකච්ඡාවලදී න්‍යෂ්ටික අවි භාවිත කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බවයි.

ඇය X සමාජ මාධ්‍යයේ පළ කළ ප්‍රකාශයකදී, “They are discussing using nuclear weapons on Iran in strategy meetings” යනුවෙන් සඳහන් කරමින්,තමන් අනුමාන කිරීමක් නොකරන බවත් එය තමන් දන්නා කරුණක් බවත් ප්‍රකාශ කළාය.

එමෙන්ම එවැනි ක්‍රියාමාර්ගයක් “pure evil” ලෙස ඇය දැඩි ලෙස විවේචනය කළාය.කෙසේ වෙතත්,මෙය Greene විසින් ඉදිරිපත් කළ ප්‍රකාශයක් වන අතර,ඇය සඳහන් කරන ආකාරයේ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ උපායමාර්ගික සාකච්ඡා ඇමෙරිකානු රජය විසින් නිළ වශයෙන් තහවුරු කර ඇති බවට සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.

18/08/2026

⭕🇯🇵🇷🇺රුසියාව විසින් ජපාන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇති අතර,එය පුටින්ගේ ඉටුරූප් (Iturup) සංචාරය සම්බන්ධයෙන් ටෝකියෝව දැක්වූ විරෝධයට ප්‍රතිචාරයක් ලෙස සිදුව තිබේ.රුසියානු විදේශ අමාත්‍යාංශයට පැමිණි ජපාන තානාපතිවරයා විනාඩි 25කට පමණ පසු කිසිදු ප්‍රකාශයකින් තොරව පිටව ගොස් ඇත.

🇷🇺🇯🇵 Russia summoned the Japanese ambassador following Tokyo’s protest over Vladimir Putin’s visit to Iturup, a disputed Kuril Island.The ambassador left the Russian Foreign Ministry about 25 minutes later without making any comment.

⭕🇮🇷ඉරාන විරෝධතා අර්බුදයට බලධාරීන්ගේ වැරදිත් හේතුවක් බව ආණ්ඩුකාරවරයෙක් පිළිගනී.ඉරානයේ ජනවාරි මාසයේ රටපුරා පැවති විරෝධතා උ...
18/08/2026

⭕🇮🇷ඉරාන විරෝධතා අර්බුදයට බලධාරීන්ගේ වැරදිත් හේතුවක් බව ආණ්ඩුකාරවරයෙක් පිළිගනී.

ඉරානයේ ජනවාරි මාසයේ රටපුරා පැවති විරෝධතා උග්‍ර වීමට බලධාරීන් තමන්ගේ වැරදි පිළිගැනීමට අකමැති වීම සහ තරුණ පරපුරේ හඬට සවන් නොදීමද හේතු වූ බව Khorasan Razavi පළාතේ ආණ්ඩුකාර Gholamhossein Mozaffari පවසා තිබේ.

අද ප්‍රකාශයට පත් වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කර ඇත්තේ විරෝධතා උච්චතම අවස්ථාවේදී තරුණ පිරිසක් වීදියක ගිනි තැබීම් හෝ විනාශකාරී ක්‍රියා සිදු නොකර සතුටින් සමරමින් සිටින ආකාරය තමන් දුටු බවයි.

එම අවස්ථාවේදී තමන්ට සිතුණේ,අතීතයේදී මෙම තරුණයන්ගේ සතුට සහ හැඟීම් වඩාත් හඳුනාගෙන තිබුණා නම් අද මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇති බව යැයි ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්,බලධාරීන් විසින් විරෝධතා මර්දනය කිරීමේදී සිදු කළ බවට වාර්තා වන මරණ,මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් සහ විරෝධතාකරුවන්ට එරෙහිව සිදුවන බවට සඳහන් කරන මරණ දඬුවම් පිළිබඳව ඔහු සිය ප්‍රකාශයේදී විශේෂයෙන් සඳහන් කර නැත.

ඉරාන මාද්‍ය පවසන්නේ ඔවුන් පරීක්ෂා කළ ලේඛන අනුව 2026 ජනවාරි 08–09 දිනවල පමණක් ඉරාන IRGC ත්‍රස්ථවාදී හමුදා මර්දනයෙන් ඉරාන ජාතිකයන් 36,500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

⭕🇮🇱🇸🇾BREAKING:සිරියාවේ ඉඩ්ලිබ්හි අබු අල්-දුහුර් හමුදා ගුවන් තොටුපළේ ධාවන පථයට ගුවන් ප්‍රහාර 04ක්උතුරු සිරියාවේ ඉඩ්ලිබ් ප...
18/08/2026

⭕🇮🇱🇸🇾BREAKING:සිරියාවේ ඉඩ්ලිබ්හි අබු අල්-දුහුර් හමුදා ගුවන් තොටුපළේ ධාවන පථයට ගුවන් ප්‍රහාර 04ක්

උතුරු සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නැගෙනහිර ගම්බද ප්‍රදේශයේ පිහිටි අබු අල්-දුහුර් හමුදා ගුවන් තොටුපළේ ධාවන පථය ඉලක්ක කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර ගුවන් ප්‍රහාර හතරක් එල්ල වී ඇති බව Al Jazeera වාර්තාකරුවන් වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාර හේතුවෙන් ගුවන් තොටුපළේ ධාවන පථයට හා එහි මෙහෙයුම් හැකියාවට සිදුව ඇති බලපෑම පිළිබඳව මෙතෙක් සම්පූර්ණ තොරතුරු අනාවරණය වී නොමැති අතර,ප්‍රහාර එල්ල කළ පාර්ශ්වය සහ ප්‍රහාරවල නිශ්චිත අරමුණ සම්බන්ධයෙන්ද නිළ තහවුරු කිරීමක් තවමත් නොමැත.

සිරියාවේ පවතින ආරක්ෂක තත්වය මධ්‍යයේ මෙම ප්‍රහාරය සිදුවීම හේතුවෙන් කලාපයේ නව ආතතියක් පිළිබඳ අවධානය යොමුව තිබෙන අතර මෙය ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් බව සැක පහළ කරයි.

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when WAR GLOBE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category