27/04/2026
2026 දී ලෝකයේ ප්‍රමුඛ නගර අතරට ශ්‍රේණිගත වූ Shanghai
Shanghai නගරය 2026 වසරේ ලෝකයේ ප්‍රමුඛ නගර අතරට නැවතත් ඇතුළත් වී ඇති අතර, මෙය Time Out විසින් සිදුකළ ගෝලීය සමීක්ෂණයක ප්‍රතිඵලයකි. ලෝකය පුරා සිටින ජනතාව සහ නගර විශේෂඥයන් දහස් ගණනකගේ අදහස් මත පදනම්ව, ෂැංහයි නගරය නවීන සංවර්ධනය හා සංස්කෘතික උරුමය එක්කරගත් විශිෂ්ට නගරයක් ලෙස හඳුනාගෙන ඇත.
ප්‍රසිද්ධ Lujiazui ආර්ථික කලාපය ඇතුළු අති නවීන ගොඩනැගිලි සහ skyline එක සඳහා ප්‍රසිද්ධ shanghai, ආසියාවේ ඉතා වේගයෙන් වර්ධනය වන නගරවලින් එකකි. මෙය නවීන තාක්ෂණය සහ පාරම්පරික සංස්කෘතිය සාර්ථකව එකට එකතු කරමින් විවිධ අත්දැකීම් ලබා දෙන නගරයක් වේ.
තවද, විශිෂ්ට ආහාර සංස්කෘතිය,විනෝදාත්මක රාත්‍රී ජීවිතය සහ කලාත්මක පරිසරය නිසාද shanghai විශේෂ වේ. ගෝලීය ආර්ථික හා තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස, ශිෂ්‍යයන්ට, වෘත්තීයවේදීන්ට සහ ව්‍යාපාරිකයන්ට විශාල අවස්ථා ලබා දේ.
චීනයේ අධ්‍යාපනය කිරීමට හෝ වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට කැමති අයට, shanghai යනු අවස්ථා සහ අත්දැකීම් වලින් පිරුණු නගරයකි.