16/08/2023
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET)හි සාර්ථක ලෙස පුහුණුව ලැබූ අප කණ්ඩායම,
ජාතික භාෂා අධ්‍යාපන ප්‍රවර්ධන සංගමය (NAPLE) ලෙස,
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET)ට
පාඨමාලාලාභීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්,
සංවිධානය කරනු ලබන....
*රාජ්‍ය භාෂා ප්‍රවීණතා (දෙවනබස-දෙමළ) පාඨමාලාව - ද්විතියික මට්ටම* (පැය150)
_*ශාලාගත(physical)*_
_*නව කණ්ඩායම් ආරම්භය*_ කණ්ඩායම 03
_*මූදුකටුව ද සොයිසාරාම විහාරස්ථානය - මාරවිල*_
(කොළඹ-අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම)
==========================
_රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 රාජ්‍ය නිළධාරීන්ගේ දෙමළ භාෂා ප්‍රවීණතාව සපුරාලීම සඳහා_
_සහ_
_කළමනාකරණ සේවා චක්‍රලේඛ 01/2023 රාජ්‍ය සංස්ථා ආයතන සමාගම් හා බැංකු නිළධාරීන්ගේ දෙමළ භාෂා ප්‍රවීණතාව සපුරාලීම සඳහා_ _පවත්වන ද්විතියික මට්ටමේ(පැය 150) පාඨමාලාව_
_*කාසඳහාද*_
පැය 150 රාජ්‍ය භාෂා (දෙමළ) පාඨමාලාව සම්පූර්ණ කළයුතු සියලුම අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල/ව්‍යවස්ථාපිත ආයතන/රාජ්‍ය සමාගම්/රාජ්‍ය බැංකු වල නිළධාරීන් සඳහා
_*පාඨමාලාව මෙහෙයවීම*_
රා.ප.චක්‍රලේඛ අංක 18/2020 දරණ "රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ"
හා
ක.සේ. චක්‍රලේඛ අංක 01/2023 දරණ "රාජ්‍ය සංස්ථා ආයතන සමාගම් හා බැංකු නිළධාරීන්ගේ දෙමළ භාෂා ප්‍රවීණතාව සපුරාලීම"
චක්‍රලේඛවල
4.1 වගන්ති මගින්
මෙම පාඨමාලා පැවැත්වීමට අවසරය හා බලය පවරා ඇති
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක
100%ක් රාජ්‍ය ආයතනයක් වන
_ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) මගිනි_
_*පාඨමාලාව සංවිධානය කිරීමේ අරමුණු*_
රාජ්‍ය භාෂා (දෙමළ) පාඨමාලාවන්, සම්පූර්ණ කළයුතු සියලුම අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/සංස්ථා/මණ්ඩල/ආයතන/සමාගම්/බැංකුවල නිළධාරීන් සඳහා එකී පහසුකම සම්පූර්ණ කර ගැනීම උදෙසා
_*ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ (NILET) ගුණාත්මක රාජ්‍ය භාෂා පාඨමාලා එම නිළධාරීන් අතර ප්‍රවර්ධනය කිරීම*_
ප්‍රධානතම අරමුණයි.
තවද
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) මගින්ම රාජ්‍ය භාෂා දෙමළ පාඨමාලාව විශිෂ්ට ලෙස සම්පූර්ණ කරගත් නිළධාරි මඬුල්ලක් සහිත
_100%ක්ම ලාභ අරමුණු කර නොගත් ඉහත අරමුණු සඳහා පමණක්ම කැපවූ සංවිධානයක් ලෙස_
අප විසින් ක්‍රියා කරනු ලබයි.
_*ආරම්භක දිනය හා වේලාව*_
පාඨමාලාවේ ආරම්භක දේශනය -
*_අගෝස්තු 29_*
*උදේ 8ට*
සිදුකිරිමට නියමිතයි
_*බඳවාගැනීමේ ප්‍රමාණය*_
මෙවර සීමිත පිරිසක් _(එක් කණ්ඩායමකට 50දෙනෙක් පමණක්)_ බඳවාගැනීමට තීරණය වී ඇත
_*බඳවාගැනීමේ ක්‍රමවේදය*_
පාඨමාලා සඳහා ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින්
_මුදල් ගෙවා ලියාපදිංචිවීමේ ප්‍රමුඛතාව මත_
පමණක් බඳවාගැනීම සිදු කරනු ලැබේ.
_*ආරම්භක දිනයේ සම්බන්ධ වීම අනිවාර්යයද*_
_මෙම පාඨමාලාව හැදෑරීමට සූදානමින් සිටින ඔබ සියලුම දෙනාගේ සම්බන්ධ වීම එදිනට අනිවාර්යය වේ._
[බඳවාගැනීම් සීමා කර තිබීම,පාඨමාලාවට ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී තිබීම නිසා]
එදිනට සම්බන්ධ
නොවන කිසිවෙකුට පාඨමාලාවට සම්බන්ධ වීමට අවකාශ නොලැබී යනු ලැබේ
_*පාඨමාලාව සඳහා නිවාඩු හිමිකම*_
මෙය පූර්ණකාලීන,නේවාසික නොවන,රාජ්‍ය භාෂා පාඨමාලා පැවැත්වීමට රජයෙන් බලය ලත් ආයතනයක් මගින් පවත්වන පාඨමාලාවක් බැවින්,
රාජකාරි වේලාව තුළ දේශන යෙදේනම්
සම්පූර්ණ පාඨමාලාවම සඳහා
සහ
_ක්ෂේත්‍ර චාරිකාව,විභාගය හා සංස්කෘතික ප්‍රසංගය සඳහා*_ අනිවාර්යයෙන්ම
ඔබට _*රාජකාරි නිවාඩු හිමිකම ඇත.*_
_*රාජකාරි නිවාඩු ලබාගැනීම*_
_පාඨමාලාව සඳහා රාජකාරි නිවාඩු ලබාගැනීමට අවශ්‍යනම්_
රාජකාරි නිවාඩු ඉල්ලීමේ හා නිදහස් කිරීමේ ලිපිය හා ඔබගේ ඉල්ලීම් ලිපියේ ආදර්ශයක්
ලියාපදිංචි වීමේදී ඔබවෙත ලබාදෙනු ලැබේ.
එම ලිපිවල නියමිත පිටපත් ප්‍රමාණය ලබාගෙන ඔබගේ ආයතනයේ ප්‍රධානියා/විදුහල්පති වෙත ඔබගේ ඉල්ලීම් ලිපිය සමඟ ලබා දෙන්න.
එවිට රාජකාරි නිවාඩු හිමිකම ලබා ගැනීමට හැකිවේ.
නිවාඩු ලබාගැනීමේ ගැටලුවක් වෙතොත්
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) අමතන්න
_*පාඨමාලා කාලය*_
පැය 150
_දිනකට පැය 08 බැගින්_
(උදේ 08.00- සවස 05.00)
_සතියට අවම වශයෙන් දින දෙකක් දේශන පවත්වනු ලැබේ_
_*පාඨමාලා පැවැත්වෙන ආකාරය*_
ශාලාගත(physical)
ආකාරයට පාඨමාලාව සංවිධානය කර ඇත.
_*කාල සටහන*_
සතියේ සෑම _අඟහරුවාදා හා බදාදා_
දිනකම
_උදේ 08.00 සිට සවස 05.00 දක්වා_
(විවේක සහිතව) පැවැත්වේ.
_*සියලුම විමසීම්*_
පාඨමාලාව සම්බන්ධව විමසිම් ඇත්නම්
_රාජකාරි වේලාවන් තුළ_
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ (NILET)
0113092910
0112172759
0112172671
අංක අමතා ලබාගන්න
_*පාඨමාලා ගාස්තු*_
රු.10,000/=.
කොටස් දෙකකින් ගෙවිමට හැකිය.
පළමු වාරිකය(රු.5000/= ලියාපදිංචිය සඳහා ගෙවිය යුතුය
දෙවන වාරිකය පාඨමාලාව ආරම්භ වී සති දෙකක් ඇතුලත ගෙවිය යුතුය
_*පාඨමාලාවේ දේශන හා විභාග පැවැත්වීම හා ප්‍රතිඵල ලබාදීම,සහතික පත්‍ර නිකුත් කිරීම,මුදල් අයකිරීම,පාඨමාලා නියාමනය හා පරිපාලන කටයුතු සිදුකිරීම සහ පාඨමාලාව සම්බන්ධ අවසන් තීන්දු තීරණ ගැනීමේ බලය*_
පාඨමාලාවේ දේශන,විභාග,නියාමන හා පරිපාලන ආදි අනෙකුත් සියලුම කටයුතු සහ පාඨමාලාව සම්බන්ධ සියලුම අවසන් තීන්දු තීරණයන් ගැනීම
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය(NILET) මගින් පමණක්ම සිදු කරයි.
_*පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම*_
පළමුව ඉහත දක්වන ලද විස්තර හොඳින් කියවා අවබෝධයක් ලබාගන්න.
තවත් විස්තර අවශ්‍යනම් සවස 5න් පසු 0776477009
0710504500
අමතා විස්තර ලබා ගන්න
දෙවනුව මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට අපේක්ෂිත සියලුම දෙනා
*පාඨමාලාවේ පළමු වාරිකය (රු.5000)*
පහත විස්තර අනුව *ගෙවා ලැබෙන ලදුපත(slip)* 0710504500 වෙත වට්සැප් මගින් යොමු කරන්න
*අගෝස්තු 26වෙනිදා සවස 03.00ට පෙර යොමු කර ලියාපදිංචි වියයුතුය*
ලදුපත යොමුකළ යුත්තේ ඔබ වට්සැප් සමූහ සඳහා සම්බන්ධවන දුරකථනයෙන්ම පමණි
ඔබගේ දුරකථනයෙන් යොමුකළ යුත්තේ ඔබගේ ලදුපත පමණි
ගිණුම් අංකය :-7442918
ගිණුම් නාමය :-
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET)
බැංකුව :- ලංකා බැංකුව
ශාඛාව :- හෝමාගම
ස්ලිප් පත පිරවීමේදී
ඔබේ නම
ජා.හැ.අං
වට්සැප් අංකය
නිවැරදිව සම්පූර්ණ කරන්න
මුදල් ගෙවීමේ අවශ්‍යතාව *NAPLE .........(ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය)*
ලෙස අනිවාර්යයෙන්ම සටහන් කරන්න
ස්වයංක්‍රිය මුදල් තැන්පත් කිරීමේ CDM බැංකු යන්ත්‍ර මගින් හෝ මාර්ගගත බැංකු ක්‍රමය
(online banking) මගින්ද ගෙවීම් කළ හැකිය
එසේ ගෙවූ පසු ලැබෙන රිසිට්පතද
ඔබේ ඉල්ලා ඇති සියලුම විස්තර සමඟ එවා ලියාපදිංචි විය හැකිය
CDM හෝ online banking ගෙවීම්වලදී
narration/description එකට *NAPLE ........(your NIC number)* ලෙස අනිවාර්යයෙන්ම යොදන්න
_පාඨමාලාවේ මුදල් ගෙවිය යුතු අවසන් දිනය_
_කිසිඳු හේතුවකට දීර්ඝ නොකරන බවද අවධාරණය කරමි._
තුන්වෙනුව ඔබගේ ජංගම දුරකථනයට ලැබෙන වට්සැප් සබැඳිය (whatsapp link) මගින් වට්සැප් සමූහය(whatsapp group) හා සම්බන්ධ වී
එහි ඇති ගූගල් ෆෝරමය(google form) සම්පූර්ණ(fill)කර යොමු(submit) කරන්න
සිව්වෙනුව ඔබ මුදල් ගෙවූ ලදුපත(slip) හෝ මාර්ගගත(online) ක්‍රමයට ගෙවූ විට ලැබෙන පණිවිඩයේ මුද්‍රිත පිටපත(print copy)
පහත ලිපිනයට
_සහකාර අධ්‍යක්ෂ (පුහුණු)_
_ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය_
_හයිලෙවල් පාර_
_මාකුඹුර_
_පන්නිපිටිය_
ලියාපදිංචි තැපෑලෙන් මුදල් ගෙවා සති දෙකක් තුළ ලැබෙන සේ එවිය යුතුය
★කවරයේ වම් ඉහළ කෙළවර
"මාරවිල ද සොයිසාරාම පාඨමාලාව" යනුවෙන් හා
ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය _අනිවාර්යයෙන්ම_ සටහන් කළයුතුය.
*මෙම පාඨමාලාව හැදෑරීම නොකළොත්/ප්‍රමාද කළොත් මොකද වෙන්නෙ*
_*ඔබේ වැටුප් වර්ධක විලම්බනය කරනු ලැබේ.*_
(පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට පත්වීමේ ලිපියෙන් දී ඇති කාල සීමාව හෝ චක්‍රලේඛ ලේඛ මගින් දී ඇති සහන කාලසීමාව අවසන් වන දිනයේ සිට ඔබ පාඨමාලාව හදාරා මෙම අවශ්‍යතාව සම්පූර්ණ කරන තෙක් ඔබට මාසිකව ලැබිය යුතු වැටුප් වර්ධක නැවත කිසිදා නොගෙවන ලෙස නොගෙවා අත්හැර දමනු ලැබේ.
_*එබැවින් ඔබ මෙම පාඨමාලාව සම්පූර්ණ කරගැනීම අත්‍යවශ්‍යම වේ*_
*පාඨමාලා සත්කාරකත්වය හා සම්බන්ධීකරණය*_
පාඨමාලාව සංවිධානය හා සම්බන්ධීකරණය පමණක්
_ජාතික භාෂා අධ්‍යාපන ප්‍රවර්ධන සංගමය(NAPLE)_
විසින් සිදු කරයි
★සියලුම දැනුම්දීම් වට්සැප් සමූහ(whatsapp group) හරහා පමණක්ම සිදු කරන බැවින් නිරන්තරයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්න
🖋️ ආර්.පී.සී.සම්පත් පතිරණ
(පාඨමාලා සම්බන්ධීකාරක)
0776477009 (වට්සැප්)
0706477009