Cayo Dental Auxilliary Training School

Cayo Dental Auxilliary Training School We empower future dental professionals with skills, knowledge, and compassion.

13/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2026

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Wishing you a blessed Good Friday. May this day remind us of love, sacrifice, and hope. May your heart be filled with pe...
03/04/2026

Wishing you a blessed Good Friday. May this day remind us of love, sacrifice, and hope. May your heart be filled with peace and gratitude today and always. ✝️

මිනිස් දත් - පාඩම් මාලාව අංක - 2වැඩිහිටියෙකුගේ දත් / ස්ථීර දත් - adult (permanent) human teethසාමාන්‍යයෙන් මිනිසුන්ගේ ජී...
02/04/2026

මිනිස් දත් - පාඩම් මාලාව අංක - 2

වැඩිහිටියෙකුගේ දත් / ස්ථීර දත් - adult (permanent) human teeth

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ජීවිත කාලය පුරාවට දත් කට්ටල දෙකක් පමණක් ප්‍රධාන වශයෙන් දැකගත හැකියි.

ඒවා නම්,
1. ළදරු දත් primary teeth/ deciduous teeth / Baby teeth / milk teeth (කිරි දත්, ප්‍රාථමික දත්,පතනශීලි දත් ලෙසද මෙම දත් හැඳින්වේ.)

2. ස්ථීර දත් (වැඩිහිටි දත්. මෙම දත් ප්‍රාථමික දත් වැටීමෙන් පසුව විදුරුමසෙන් පිටතට ක්‍රමයෙන් නිරාවරණය වීම සිදු වේ.)

දරුවෙකුගේ වයස මාස 6 පමණ සිට ප්‍රාථමික දත් විදුරුමසෙන් පිටතට ඒම(විදාරණය වීම/Eruption) දැකගත හැකි අතර වයස අවුරුදු 2ක් පමණ වන විට ළදරු දත් 20 (උඩ ඇන්දේ දත් 10ක් සහ යට ඇන්දේ දත් 10ක්.) සම්පූර්ණ වීම(පිටතට නිරාවරණය වීම / විධාරණය) සාමාන්‍යයෙන් දැකගත හැකියි.(එක් ඇන්දක කෘන්තක දත් 4 බැඟින් ඇදි දෙකේම දත් 8ක්, එක් ඇන්දක රදනක දත් දෙක බැඟින් ඇදි දෙකේ දත් 4ක්, එක් ඇන්දක චාර්වක දත් හතර බැඟින් ඇදි දෙකේම දත් 8ක්.)

දරුවෙකුගේ වයස 5 හෝ 6 පමණ වන විට මෙම කිරිදත් වැටීම ආරම්භ වන අතර මේ මඟින් සිදු වන්නේ එම දත් වලට යටින් ඇති ස්ථීර දත් වලට පිටතට වැඩීමට ඉඩ සලසා දීමයි.(ඇත්තෙන්ම සිදු වන්නේ ස්ථීර දත් වැඩීමත් සමඟ ළදරු දත් පිටතට පීඩනයක් යොදමින් තල්ලු කිරීමක් වන අතර, මේ අවස්ථාවේ දී ළදරු දත්වල මූලය ක්‍රමයෙන් අඩුවී යාමත් සිදු වේ.)

වැඩිහිටි මිනිසෙකුට සාමාන්‍යයෙන් දත් 32ක් ඇත(එක් ඇන්දක කෘන්තක දත් හතර බැඟින් ඇදි දෙකේම දත් 8ක්, එක් ඇන්දක රදනක දත් දෙක බැඟින් ඇදි දෙකේහිම රදනක දත් 4ක්, එක් ඇන්දක පුරශ්චාර්වක දත් හතර බැඟින් ඇදි දෙකේම පුරශ්චාර්වක දත් 8ක් සහ එක් ඇන්දක චාර්වක දත් 6 බැඟින් ඇදි දෙකේම චාර්වක දත් 12ක්.). වැඩිහිටියෙකුගේ දත් විදාරණය වීම සාමාන්‍යයෙන් සිදුවන වයස් කාණ්ඩය පහතින් දක්වා ඇත.

• පළමු චාර්වක දත් (First Molars) වයස අවු.6 - 7 අතර

• ඉදිරිපස මැද කෘන්තක දත් (Central Incisors)
යට ඇන්දේ වයස අවු.6 - 7 අතර
උඩ ඇන්දේ වයස අවු.7 - 8 අතර

• පාර්ශවික කෘන්තක දත්(පාර්ශවික ඉදිරි දත් - Lateral Incisors)
යට ඇන්දේ වයස අවු. 7 - 8 අතර
උඩ ඇන්දේ වයස අවු.8 - 9 අතර

• රදනක දත් (Canines / Cuspids)
යට ඇන්දේ වයස අවු. 9 - 10 අතර
උඩ ඇන්දේ වයස අවු.11 - 12 අතර

• පළමු පුරශ්චාර්වක දත් (First Premolars / Bicuspids) වයස අවු. 10 - 11 අතර

• දෙවන පුරශ්චාර්වක දත් (Second Premolars / Bicuspids) වයස අවු. 10 - 12 අතර

• දෙවන චාර්වක දත් (Second Molars) වයස අවු.11 - 13 අතර

• තෙවන චාර්වක දත් /ඥාන දත් ( First Molars / Wisdom Teeth) වයස අවු.17 - 25 අතර (සමහරුන්ගේ මෙම තෙවන චාර්වක දත වර්ධනය වීම සිදු නොවේ.)

දන්ත කාර්මිකශිල්පය , දන්ත සායනික හෙදියන් සහ දන්ත කාර්මික ශිල්පය හා බැඳුනු රැකියා අවස්ථා සඳහා දොරටු විවර කර ගැනීම ඔබත් කැමති නම්...

ඔයාගේ විස්තර දැන්ම අපට යොමු කරලා තියන්න.
Whatsapp - 0712189999
[email protected]

මිනිස් දත් -පාඩම් මාලාව - අංක 1මිනිස් දත් ප්‍රධාන වර්ග හතරකි.කෘන්තක (Incisors), රදනක (Canines), පුරශ්චාර්වක (Premolars) ...
26/03/2026

මිනිස් දත් -පාඩම් මාලාව - අංක 1

මිනිස් දත් ප්‍රධාන වර්ග හතරකි.

කෘන්තක (Incisors), රදනක (Canines), පුරශ්චාර්වක (Premolars) සහ චාර්වක (Molars). මේවා පිළිවෙළින් ආහාර කැපීමට, ඉරා දැමීමට, පොඩි කිරීමට සහ ඇඹරීමට උපකාරී වේ.

මිනිස් දත් වර්ග
1. කෘන්තක (Incisors)- (ඉදිරිපස දත්) ආහාර කැපීමට යොදාගනී.
2. රදනක (Canines)- (උල් දත්) ආහාර ඉරා දැමීමට යොදාගනී.
3. පුරශ්චාර්වක (Premolars)- (කම්මුල් ප්‍රදේශයේ පිහිටි දත්) ආහාර පොඩි කිරීමට යොදාගනී.
4. චාර්වක (Molars)- (පසුපස දත්) ආහාර ඇඹරීමට යොදාගනී.
වැඩිහිටි මිනිසෙකුට සාමාන්‍යයෙන් දත් 32ක් ඇත.

ලෝක ජල දිනය අදයි.world water day 2026"Approximately 97% of Earth's water is salty seawater found in oceans, while only a...
22/03/2026

ලෝක ජල දිනය අදයි.

world water day 2026
"Approximately 97% of Earth's water is salty seawater found in oceans, while only about 3% is freshwater. "

හුණ්ඩුවක් නොවී සේරුවක්වත් වෙන්න...ඔයාගේ දැනුම ,කුසලතා වගේ දේවල් සීමිතයි නම් ඔයාට රැකියා වෙළඳපොලේ ඉඩක් ලබා ගන්න හරිම අමාර...
21/03/2026

හුණ්ඩුවක් නොවී සේරුවක්වත් වෙන්න...

ඔයාගේ දැනුම ,කුසලතා වගේ දේවල් සීමිතයි නම් ඔයාට රැකියා වෙළඳපොලේ ඉඩක් ලබා ගන්න හරිම අමාරුයි. ඉතින් හුණ්ඩුවක් වගේ වෙන්නේ නැතුව දැනුම ,කුසලතා එකතු කරගනිමින් ඉදිරියට යන එක තමයි අපි හැමෝම කරන්න් ඕන. ඉතින් මේ වගේ දැනුම සහ කුසලතා ඉගෙනීම සහ පුහුණුවෙන් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන ක්ෂේත්‍රයක් විදියට දන්ත කාර්මික ශිල්පය, දන්ත සායනික හෙදියන් වගේ රැකියාවන් ද අපිට හඳුනා ගන්න ලැබෙනවා.

මේ රැකියා වෙළඳපොළ වෙනම විශේෂීකරණය වෙලා තියෙන නිසා කලින් කිව්වා වගේ විශේෂ පුහුණුවක් සහ දැනුමක් ලබා ගැනීම අනිවාර්යයයි. ඉතින් ඔයාට පුහුණුව සහිතව රැකියා අවස්ථා සඳහා දොරටු විවර කරගන්න කායෝ Dental School (Cayo DATS) එකත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.

ඔයාගේ විස්තර දැන්ම අපට යොමු කරලා තියන්න.
Whatsapp - 0712189999
[email protected]

#හුණ්ඩුව #සේරුව

Cayo DATS - Dental courses in Sri Lanka. Dental schools in Sri Lanka.

Cayo Dats - Dental School in Sri Lanka
14/03/2026

Cayo Dats - Dental School in Sri Lanka

09/03/2026

Now Dental Technician courses are available in Sri Lanka. Dental Nursing, Dental Assistant, and Dental Receptionist courses are also available.

Start your career journey with CAYO DATS.

Contact us for more details: 071 218 9999
Email: [email protected]

10/04/2024

Eid Mubarak!

Address

Cayo Dental, No 329/A
Koshinna
20260

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94716987777

Alerts

Be the first to know and let us send you an email when Cayo Dental Auxilliary Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cayo Dental Auxilliary Training School:

Shortcuts

Share

Category