R/Emb/Karagahayaya Vidyalaya

R/Emb/Karagahayaya Vidyalaya ගුණ නැණින් යුතුව දිනෙන් දින දිරියෙන් විශිෂ්ටත්වයට පත්වීම අපගේ දැක්ම වන්නේ ය.

25/04/2026

👑️ ර/ඇඹි/කරගහයාය විද්‍යාලයීය බක්මහ උලෙළ, "සූර්ය මංගල්‍යය - 2026" ඊයේ දින එනම් 2026.04.24 වන දින විද්‍යාලීයය පරිශ්‍රය තුල අති සාර්ථකව උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය..

👑️ විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමන් සහ ආචාර්‍ය මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය සහ මැදිහත්වීම මත පැවති මෙම උත්සවය ජන ක්‍රීඩා ඇතුලු වර්ණවත් අංග රැසකින් සමන්විත විය.

👑️ උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව විදුහල්පතිතුමන් ඇතුලු ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන දල්වමින් ආර්ම්භ වූ උත්සවය තුල මැර්තන් ධාවන තරගය, සංගීත පුටු තරගය, කඹ ඇදීම, ගෝනි පැනීම, දෙහි රේස්, අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බිදීම, සිගිති අවුරුදු කුමරා, කුමරිය තේරීම ඇතුලු ජනක්‍රීඩා රැසකින් සමන්විත විය. උත්සවය අතරතුර විද්‍යාලයීය නර්ථන කණ්ඩායම විසින් උත්සවය වර්ණවත් කරන ලදි.

👑️ කරගහයාය විද්‍යාලයීය සූර්‍ය මංගල්‍යය - 2026 උත්සවය සාර්ථක කරගැනීම සදහා සහයෝගය දැක්වූ පාර්ශවයන් මෙහිදී සිහිපත් කිරීම අත්‍යවශ්‍යය වේ.

⭐ මෙහිදී විශේෂයෙන්ම කොලොන්න කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහ අධ්‍යාපන බලධාරීන්ට...

⭐ මාර්ග ධාවන තරගය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍යව පැවති වෛද්‍ය සහතික ලබාදීම වෙනුවෙන් කොලොන්න මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය සහ කාර්‍යමණ්ඩලයට.. මෙම කාර්‍යයේ දී විශේෂ සහයක් දැක්වූ ආර්.පී. ආනන්ද මහතාට...

⭐ මැරතන් ධාවන තරගයේදී මාර්ග ආරක්ෂාව ලබාදුන් කොලොන්න පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ප්‍රමුඛ නිලධාරීන්ට..

⭐ ජයග්‍රාහී ඇතුලු සියලු දරුවන්ට අවශ්‍ය තෑගි සපයා ගැනීමේදී විශේෂ සහයෝගය දැක්වූ W.P. එලවලු වෙලදසැලේ අධිපති, වෙලද ව්‍යාපාරික බුද්ධික එරන්ද මහතාට..

⭐ මැ‍රතන් ධාවකයන් සදහා අවශ්‍ය ත්‍යාග සහ මූල්‍ය ත්‍යාග සෙසු ත්‍යාග ලබාදුන් M.P. සේනක මහතාට..

⭐ ජයග්‍රාහකයන් වෙනුවෙන් ත්‍යාග සදහා ලිපිද්‍රව්‍ය ප්‍රදානය කල R.P. මානෙල් රාජපක්ෂ මහතාට..

⭐ සංග්‍රහ කටයුතු සදහා සහයෝගය දැක්වූ මංජු තමරා මහත්මිය, ඉන්දුමතී හා යමුනා මහත්මිය ඇතුලු සියලු දෙමවුපියන්ට.

සහ නන් අයුරින් සහයෝගය දැක්වූ සියලූම දෙමවුපියන්ට සහ ආදි ශිෂ්‍යයන්ට සහ ආචාර්‍ය මණ්ඩලයට විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ස්තූතිය හිමිවේ...

කරගහයාය විද්‍යාලයීය සූර්‍ය මංගල්‍යය - 2026 උත්සවයේ විශේෂිත අවස්ථා කිහිපයක් මෙසේ පලකරන්නෙමු..
24/04/2026

කරගහයාය විද්‍යාලයීය සූර්‍ය මංගල්‍යය - 2026 උත්සවයේ විශේෂිත අවස්ථා කිහිපයක් මෙසේ පලකරන්නෙමු..

ර/ඇඹි/කරගහයාය විදයාලයීය බක්මහ උලෙළ " සූර්‍ය මංගල්‍යය - 2026" සාර්ථක කරගැනීම සදහා ත්‍යාග ප්‍රදානයෙන් දායක වූ W.P. එලවලු ව...
24/04/2026

ර/ඇඹි/කරගහයාය විදයාලයීය බක්මහ උලෙළ " සූර්‍ය මංගල්‍යය - 2026" සාර්ථක කරගැනීම සදහා ත්‍යාග ප්‍රදානයෙන් දායක වූ W.P. එලවලු වෙලදසැලේ අධිපති, වෙලද ව්‍යාපාරික, බුද්ධික එරන්ද මහතාට විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ සමස්ත පාසල් ප්‍රජාවේ ගෞරවනීය ස්තූතිය පලකර සිටින්නෙමු..

ර/ඇඹි/කරගහයාය විදයාලයීය බක්මහ උලෙළ " සූර්‍ය මංගල්‍යය - 2026" සාර්ථක කරගැනීම සදහා ත්‍යාග ප්‍රදානයෙන් දායක වූ M.P. සේනක මහ...
24/04/2026

ර/ඇඹි/කරගහයාය විදයාලයීය බක්මහ උලෙළ " සූර්‍ය මංගල්‍යය - 2026" සාර්ථක කරගැනීම සදහා ත්‍යාග ප්‍රදානයෙන් දායක වූ M.P. සේනක මහතාට විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ සමස්ත පාසල් ප්‍රජාවේ ගෞරවනීය ස්තූතිය පලකර සිටින්නෙමු..

ර/ඇඹි/කරගහයාය විද්‍යාලයේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු උත්සවය සාර්ථක කරගැනීම සදහා ලිපිද්‍රව්‍ය (පාසල් දරුවන...
21/04/2026

ර/ඇඹි/කරගහයාය විද්‍යාලයේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු උත්සවය සාර්ථක කරගැනීම සදහා ලිපිද්‍රව්‍ය (පාසල් දරුවන්ට ත්‍යාග වශයෙන්) ප්‍රධානයෙන් දායක වූ රජපක්ෂගේ සුනිමල් මහතාටත්, ආදි ශිෂ්‍ය ගැමුණු මල්ෂාන් ඔබටත් විදුහල්පතිතුමා සහ සමස්ත පාසල් ප්‍රජාව වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු.

As the Principal and the entire school community of R/Emb/Karagahayaya vidyalaya, We would like to express our deepest gratitude to Mr. Rajapaksage Sunimal and former student Gemunu Malshan to you, who contributed the stationery (as gifts to the school children) to make the upcoming new year festival.

ර/ඇඹි/කරගහයාය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රධාන ආචාර්‍ය මණ්ඩලයටත්, දරු දැරියන්ටත්, සමස්ත පාසල් ප්‍රජාවටත් ලබන්නා වූ...
13/04/2026

ර/ඇඹි/කරගහයාය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ප්‍රධාන ආචාර්‍ය මණ්ඩලයටත්, දරු දැරියන්ටත්, සමස්ත පාසල් ප්‍රජාවටත් ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

We wish the Principal, teaching staff, children and the entire school community of R/emb/Karagahaya Vidyalaya a happy, healthy and prosperous New Year, in which all their wishes will come true.

ර/ඇඹි/ කරගහයාය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල  දරු දැරියන් සදහා අවුරුදු චාරිත්‍ර හුරුකරවීම අරමුණ කරගත් සිගි...
08/04/2026

ර/ඇඹි/ කරගහයාය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල දරු දැරියන් සදහා අවුරුදු චාරිත්‍ර හුරුකරවීම අරමුණ කරගත් සිගිති අවුරුදු උත්සවයක් පාසලේ දී පැවැත්විණි.

පාසලේ ගරු විදුහල්පතිතුමා, ප්‍රාථමික අංශ ප්‍රධානී ගුරුතුමිය සහ ප්‍රාථමික අංශයේ අනෙකුත් ගුරුතුමියන්ලාගේ සහභාගිත්වයෙන් සහ මැදිහත්වීමෙන් පැවැති චාම් උත්සවයේ ජායාරූප කිහිපයක් මෙසේ පලකරන්නෙමු.

A sigithi aurudu festival was held at R/ embi/ karagahayaya vidyalaya on 7th of April 2026. The aim of this program was to familiarize children with New Year's rituals.

The ceremony was held in a very dignified manner with the participation of the school principal, the head teacher of the primary section, and other teachers of that section.

ර/ඇඹි/ කරගහයාය විද්‍යාලයේ දරු දැරියන්ට ක්‍රීඩා කිරීම සදහා විශාල අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩා උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීම...
19/03/2026

ර/ඇඹි/ කරගහයාය විද්‍යාලයේ දරු දැරියන්ට ක්‍රීඩා කිරීම සදහා විශාල අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩා උපකරණ කිහිපයක් පරිත්‍යාග කිරීම අද දින විද්‍යාල පරිශ්‍රයේ දී සිදුවිය.

මෙහිදී මෙම උපකරණ පරිත්‍යාගයෙන් දායක වූ සමීර වන්නිආරච්චි මහතාට පලමුකොට ස්තුතිවන්ත වන අතර මේ අවස්ථාවට සහභාගී වූ විශ්‍රාමික පාඨශාලාචාරිනී, යාපා ගුරුතුමිය ඇතුලු සියලු දෙනාට විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුලු සමස්ථ පාසල් ප්‍රජාවේ ගෞරවනීය ස්තූතිය මෙසේ පලකර සිටින්නෙමු.

The donation of several sports equipment, which was a major shortcoming for the children of Karagahayaya Vidyalaya, took place today at the school premises.

First of all, we would like to thank Mr. Sameera Wanniarachchi who contributed by donating these equipment, and we would like to express our respectful gratitude to the retired school teacher, Mrs. Yapa, and all those who participated in this event, including the Principal of the school and the entire school community.

උදෑසන පාසල ආරම්භයට පෙර ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව දැක්ම හා මෙහෙවර ප්‍රකාශ කරන අප විදයාලයේ සිසු දරු දැරියන්...ගුණ නැණ...
19/03/2026

උදෑසන පාසල ආරම්භයට පෙර ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව දැක්ම හා මෙහෙවර ප්‍රකාශ කරන අප විදයාලයේ සිසු දරු දැරියන්...

ගුණ නැණින් යුතුව දිනෙන් දින විශිෂ්ටත්වයට පත්වීම අපගේ මෙහෙවර වන්නේ ය..🙏

ර/ඇඹි/කරගහයාය විදයාලයේ  නිල Facebook පිටුව වෙනුවෙන් විදයාලීය නිල ලාංජනය  පරිගණක නිර්මාණකරණයෙන් දායක වූ විද්‍යාලයේ ආදි ශි...
17/03/2026

ර/ඇඹි/කරගහයාය විදයාලයේ නිල Facebook පිටුව වෙනුවෙන් විදයාලීය නිල ලාංජනය පරිගණක නිර්මාණකරණයෙන් දායක වූ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිලිබදව උපාධි අපේක්ෂක Dinesh Rajapaksha ඔබට විද්‍යාලීය සමස්ත ප්‍රජාව වෙනුවෙන් ස්තූතිය මෙසේ පුද කරන්නෙමු.

ර/ඇඹි/කරගහයාය විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ සහ ගුරු මණ්ඩලයේ පූර්ණ අධීකෂණය හා මැදිහත්වීම  යටතේ  ⁣ 2025.10.20 වන දින 6-11 ශ්...
21/10/2025

ර/ඇඹි/කරගහයාය විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ සහ ගුරු මණ්ඩලයේ පූර්ණ අධීකෂණය හා මැදිහත්වීම යටතේ ⁣ 2025.10.20 වන දින 6-11 ශ්‍රේණිවල ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ක්ෂේත්‍ර අධ්‍යාපන චාරිකාවක නිරත විය.

Address

Kellagama
Kolonna
70352

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Karagahayaya Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category