Brain Vibration

Brain Vibration we love having you here I'm Chanmith Vinul. Some people surf waves, I surf knowledge. The thrill of discovery, the rush of connecting ideas – that's my high.
(1)

I chase the big questions, the ones that make you stretch and grow. Because the world is a vast ocean of information, and I'm all about the ride.

අද ගොඩක් මිනිස්සු කියන වචනයක් තියෙනවා. “මට වෙලාව නෑ.” ඒත් ඇත්තටම ගැටලුව වෙලාව නොවෙන්න පුළුවන්. දවසට අපි හැමෝටම පැය 24ක් ...
25/05/2026

අද ගොඩක් මිනිස්සු කියන වචනයක් තියෙනවා. “මට වෙලාව නෑ.” ඒත් ඇත්තටම ගැටලුව වෙලාව නොවෙන්න පුළුවන්. දවසට අපි හැමෝටම පැය 24ක් තියෙනවා. ඒ පැය 24 තුළ සමහරු ජීවිතය ගොඩනඟනවා. සමහරු දවස අවසානයේදී හිස්වෙලා, මහන්සිවෙලා, කිසිම දෙයක් කරලා නැති වගේ feel වෙනවා.

ඒකෙන් පේන්නේ ගැටලුව time management එක විතරක් නෙවෙයි කියලා.

අද කාලේ සැබෑ ගැටලුව තමයි Mental Energy Management.

සරලව කිව්වොත්, Mental Energy Management කියන්නේ දවස පුරා ඔබේ මනසට තියෙන ශක්තිය, අවධානය, තීරණ ගැනීමේ හැකියාව, හැඟීම් පාලනය, සහ deep thinking power එක හරි විදිහට භාවිතා කරන කලාව. ඔබේ phone battery එක 100% ඉඳලා 10% වෙද්දී phone එක slow වෙනවා වගේ, ඔබේ මනසත් දවස පුරා energy අහිමි කරගන්නවා. වෙනස එකයි. Phone battery එක පේනවා. මනසෙ battery එක පේන්නේ නැහැ.

ඒ නිසාම ගොඩක් මිනිස්සු තමන් කම්මැලි කියලා හිතනවා. Discipline නැහැ කියලා හිතනවා. Talent නැහැ කියලා හිතනවා. නමුත් ඇත්තටම ඔවුන්ගේ මනස දවස පටන් ගන්න කලින්ම drain වෙලා ඉවරයි.

අපි ශරීර ශක්තිය ගැන හොඳට දන්නවා. බඩගින්නේ ඉන්නකොට ශරීරයට ශක්තිය අඩු වෙනවා. නින්ද නැතිවුණාම ශරීරය මන්දගාමී වෙනවා. වැඩිපුර වැඩ කළාම muscles තද වෙනවා. නමුත් මනසටත් ඒ වගේම energy limit එකක් තියෙනවා කියලා ගොඩක් අය ගණන් ගන්නේ නැහැ.

ඔබ තීරණ ගන්නා සෑම වාරයකදීම, යමක් මතක තබාගන්නා සෑම වාරයකදීම, යමෙකුගේ message එකකට reply කරන සෑම වාරයකදීම, social media scroll කරන සෑම මිනිත්තුවකදීම, ඔබේ මනස කුඩා කුඩා energy කැබලි වැය කරනවා.

ඒවා එක වතාවකට ලොකු දෙයක් වගේ නොපෙනුනත් දවස අවසන් වෙද්දී මනස හිස්වෙලා යන්නේ ඒ කුඩා leak නිසා.

මිනිසෙක් මහන්සි වෙන්නේ වැඩ කරලා විතරක් නෙවෙයි.
මිනිසෙක් මහන්සි වෙන්නේ හිතලා, හිතලා, හිතලා.

අපේ පරණ පරම්පරාවට තිබුණේ ශාරීරික මහන්සිය. කුඹුරේ වැඩ, ගෙදර වැඩ, ගමන් බිමන්, වෘත්තීය වැඩ.
නමුත් අපේ පරම්පරාවට තියෙන්නේ තවත් අමුතු මහන්සියක්.

ඒ තමයි invisible mental fatigue.

උදේ නැඟිටපු ගමන් phone එක බලනවා. Notifications. Messages. TikTok. Facebook. News. Problems. Comparison. Other people’s success. Other people’s beauty. Other people’s money. Other people’s relationships.

දවස පටන් ගන්න කලින්ම ඔබේ මනස ලෝකයේ ශබ්දයෙන් පිරෙනවා. ඊට පස්සේ ඔබට පාඩම් කරන්න බැහැ. Business idea එකක් හිතන්න බැහැ. Content එකක් plan කරන්න බැහැ. Gym යන්න කැමැත්තක් නැහැ. පොතක් කියවන්න බැහැ. ගැඹුරු අධ්‍යාත්මික සිතුවිල්ලකට යන්න බැහැ.

ඒක ඔබේ අසමත්කම නෙවෙයි. ඒක ඔබේ mental energy එක වැරදි තැනක වැය වෙලා තියෙනවා කියන එකට ලකුණක් විතරයි.
Time management කියන්නේ වැදගත් දෙයක්. නමුත් ඒක පමණක් ප්‍රමාණවත් නැහැ.

ඔයාට schedule එකක් හදාගන්න පුළුවන්.

උදේ 6ට නැඟිටීම.
7ට පාඩම්.
9ට වැඩ.
5ට gym.
8ට reading.

කඩදාසියේ ඒක ලස්සනයි. නමුත් ප්‍රශ්නය මෙතැනයි.
ඒ වෙලාව එද්දී ඔබේ මනසට ශක්තිය නැත්නම්?

ඔබ 8ට පොත අතට ගත්තත්, ඔබේ මොළයට දැනටමත් වෙහෙසයි නම්, ඒ කියවීමේ ගැඹුර නැහැ. ඔබ 9ට වැඩට ඉඳගත්තත්, ඔබේ attention එක social media, worry, fear, comparison, emotional stress වලින් බිඳිලා නම්, ඔබ වැඩ කරනවා වගේ පෙනුනත් deep output එක එන්නේ නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ දක්ෂ මිනිස්සු තමන්ගේ calendar එක පමණක් manage කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ mental battery එක manage කරනවා.

අපේ මොළය දවස පුරා එකම level එකෙන් වැඩ කරන්නේ නැහැ. Attention, memory, decision-making, emotional control වගේ දේවල් brain networks කිහිපයකින් සිදුවෙනවා.

ඔබ social media වලින් ක්ෂණික සතුට ගන්න ගන්න, මොළය easy stimulation වලට පුරුදු වෙනවා. එතකොට deep work, long reading, serious thinking වගේ දේවල් boring වගේ දැනෙන්න පටන් ගන්නවා.

ඒ කියන්නේ ඔබ මෝඩ වෙලා නෙවෙයි.
ඔබේ attention system එක short stimulation වලට train වෙලා. නමුත් train වුණ දෙයක් ආයෙත් re-train කරන්න පුළුවන්.
ඔබේ මොළය fixed machine එකක් නෙවෙයි. ඒක plastic system එකක්. ඔබ දවසින් දවස දෙන input අනුව එය වෙනස් වෙනවා.

ඔබ මනසට cheap stimulation දුන්නොත්, මනස cheap focus එකක් හදනවා.
ඔබ මනසට deep silence, reading, disciplined action දුන්නොත්, මනස deep power එකක් හදනවා.

Quantum physics කියලා කියද්දී ගොඩක් අය ඒක මැජික් එකක් වගේ කියලා හිතනවා, අපි ඒක අධික ලෙස අර්ථකථනය කරන්න ඕනේ නැහැ. Quantum physics අපිට දෙන philosophical insight එකක් තියෙනවා. අපි හිතන “solid reality” කියන දේ අතින් අල්ලන්න පුළුවන් තරම් සරල දෙයක් නෙවෙයි. ගැඹුරින් බැලුවොත්, ලෝකය energy, fields, interactions, probabilities වගේ structure එකකින් ක්‍රියා කරනවා.

මනස ගැනත් මේක metaphor එකක් විදිහට හිතන්න පුළුවන්.

ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ එක ලොකු decision එකකින් විතරක් නෙවෙයි. දිනපතා ඔබ දෙන attention කුඩා කුඩා energy particles වගේ එකතු වෙලා ඔබේ reality එක build කරනවා. ඔබ අවධානය දෙන්නේ කුමකටද, ඔබේ ජීවිතය ඒ දිශාවට shape වෙනවා.

ඔබ දවස පුරා බයට අවධානය දුන්නොත්, ඔබේ mind field එක බයෙන් පිරෙනවා.
ඔබ දවස පුරා සංසදනය කරොත්, ඔබේ identity එක දුර්වල වෙනවා.
ඔබ දවස පුරා learning, creation, silence, action වලට attention දුන්නොත්, ඔබේ inner world එක power එකකට හැරෙනවා.

ඔබේ අවධානය කියන්නේ ඔබේ ජීවිතයේ මුදල් ඒකකයක්,
සල්ලි නැති වුණාම මිනිස්සු බය වෙනවා. නමුත් attention නැති වුණාම ඔවුන්ට ඒක දැනෙන්නෙත් නැහැ.

පැරණි දර්ශන වල මනස ගැන කතා කළේ නිකන් සිතුවිලි යන්ත්‍රයක් විදිහට නෙවෙයි. මනස කියන්නේ මිනිසාගේ ජීවිතය ගෙනියන ඇතුළත රථය වගේ දෙයක්.

මනස අවුල් නම්, ලෝකයත් අවුල් වගේ පේනවා.
මනස සාමකාමී නම්, ප්‍රශ්න තිබුණත් මිනිසා බිඳෙන්නේ නැහැ.

අද self-development එකේ ගොඩක් අය success ගැන කතා කරනවා. Money, discipline, routine, status, body, business.
නමුත් ඒ සියල්ලටම පසුබිමේ තියෙන්නේ එකම ප්‍රශ්නයක්.

ඔබේ මනස ඔබට සේවය කරනවාද, නැත්නම් ඔබ මනසේ වහලෙක් වෙලාද?

Mental Energy Management කියන්නේ මේ වහල්භාවයෙන් නිදහස් වීමේ practical path එකක්.
ඔබේ mental energy එක විනාශ කරන දේවල් හැමදාම ලොකු දේවල් නෙවෙයි. බොහෝවිට ඒවා පොඩි දේවල්.

-උදේ නැඟිටපු ගමන් phone එක බලන එක.

-අත්‍යවශ්‍ය නොවන message වලට නිතර reply කරන එක.

-තමන්ගේ ජීවිතය අනිත් අයගේ ජීවිතය එක්ක compare කරන එක.

-තීරණ ගන්න ඕන දේවල් කල් දමන එක.

-අවශ්‍ය නැති arguments වලට energy දෙන එක.

-මිනිස්සුන්ට explain කර කර තමන්ව prove කරන්න යන එක.

-තමන්ට වැදගත් නැති drama වලට මනස දෙන එක.

-වැඩ පටන් ගන්න කලින්ම perfect plan එකක් හොයන එක.

මේවා එක එකක් පොඩි වුණත්, එකතු වුණාම ඔබේ දවසේ deep thinking power එක කා දමනවා.

අවසානයේදී ඔබට කියන්න වෙන්නේ,

“අදත් මොනවත් කරගන්න බැරි වුණා.”

නමුත් ඇත්ත වචනය මෙහෙමයි.

“අදත් මගේ mental energy එක වැරදි තැන්වලට ගියා.”

උදේ නැඟිටපු පළමු විනාඩි 30 ඔබේ මනසට පූජනීය ස්ථානයක් වගේ සලකන්න. ඒ වෙලාවේ phone එකට යන්න එපා. ලෝකය ඔබේ මනසට ඇතුළු වෙන්න කලින්, ඔබ ඔබේ මනසට ඇතුළු වෙන්න.

දවසේ සුළු තීරණ අඩු කරන්න. මොනවා කන්නද, මොනවා අඳින්නද, කොහෙන් පටන් ගන්නද කියලා දවස පුරා හිත හිත ඉන්න එක energy waste එකක්. Routine එකක් තිබුණාම brain එකේ energy ඉතුරු වෙනවා.

දවසට අඩුම ගානේ පැයක් phone, music, notification, random browsing නැතුව එක meaningful task එකකට දෙන්න. ඒ පැය ඔබේ future identity එක build කරන පැයයි.

හැම ප්‍රශ්නයම ඔබේ ප්‍රශ්නය නෙවෙයි. හැම කෙනෙකුගේ mood එකම ඔබ carry කරන්න ඕනෙ නැහැ. හිත හොඳ වීමයි, මනස අවුල් කරගැනීමයි එකම දෙයක් නෙවෙයි.

මනසට rest එකක් ඕනේ. නමුත් rest කියන්නේ පැය ගණන් scroll කිරීම නෙවෙයි. හොඳ walk එකක්, නිහඬව ඉඳීම, journaling, prayer, meditation, nature බලන එක, slow breathing මේවා mind එක නැවත charge කරනවා.

ඔබේ මනසින් මේ ප්‍රශ්න දිනපතා අහන්න..

- අද මගේ mental energy වැඩිපුරම ගියේ කොහෙටද?

- මම අද මගේ අවධානය මට වැදගත් දෙයකට දුන්නද?

- මම අද කෙනෙක්ගේ drama එකක් නිසා මගේ හිත විනාශ කරගත්තද?

- මම අද මගේ future self වෙනුවෙන් එක meaningful action එකක් කළාද?

- මගේ මනස අද පිරිසිදු කළාද, නැත්නම් තවත් කුණු පුරවාගත්තද?

මේ ප්‍රශ්න 5 දිනපතා අහන මිනිසෙක් ටිකෙන් ටික වෙනස් වෙනවා. මොකද awareness නැති තැන improvement නැහැ.

අද ලෝකය ඔබේ සල්ලි වලට වඩා ඔබේ attention එකට තරග කරනවා.

Apps හදන්නේ ඔබව නිදහස් කරන්න නෙවෙයි. ඔබව ඒකෙම තබාගන්න.
Algorithms හදන්නේ ඔබේ සාමය රකින්න නෙවෙයි. ඔබේ attention එක capture කරන්න.
Society එක ගොඩක් වෙලාවට ඔබට direction එකක් දෙන්නේ නැහැ. Pressure එකක් දෙනවා.

ඒ නිසා ඔබේ මනස ඔබම රැකගන්න ඕනේ.

Mental Energy Management කියන්නේ කම්මැලි නොවී වැඩ කරන එක විතරක් නෙවෙයි. ඒක තමන්ගේ ඇතුළත ලෝකය පිරිසිදු කරගන්න එක. තමන්ගේ attention එක තමන්ට වැදගත් දේවල්වලට දෙන්න ඉගෙනගන්න එක. තමන්ගේ brain එක cheap pleasure වලින් ගලවලා deep purpose එකකට train කරන එක.

ඔබේ මනස ආරක්ෂා කරන්න.
ඔබේ energy ආරක්ෂා කරන්න.
ඔබේ attention ආරක්ෂා කරන්න.

මොකද අවසානයේදී, ඔබේ ජීවිතය හැඩවෙන්නේ ඔබ වැඩියෙන්ම අවධානය දෙන දේ අනුවයි. ඉතින් අදට නිමයි මම චන්මිත් විනුල්.

අපි හැමෝම ජීවිතේ එකම එක පාරක් හරි තනියම කල්පනා කරලා තියෙන ප්‍රශ්නයක් තමයි, "මම මැරුණට පස්සේ මට මොනවා වෙයිද?" කියන එක. අප...
17/05/2026

අපි හැමෝම ජීවිතේ එකම එක පාරක් හරි තනියම කල්පනා කරලා තියෙන ප්‍රශ්නයක් තමයි, "මම මැරුණට පස්සේ මට මොනවා වෙයිද?" කියන එක. අපි ආදරය කරන අය අපෙන් වෙන් වෙලා යද්දී, අපි අපෙන්ම අහනවා "ඒ අය දැන් කොහෙද ඉන්නේ?" කියලා. අවුරුදු දහස් ගණනක් තිස්සේ ආගම් සහ දර්ශනයන් මේකට විවිධ උත්තර දුන්නා. ඒත් සාම්ප්‍රදායික විද්‍යාව හැමදාම කිව්වේ එකම දෙයයි: "ඔබේ මොළය ක්‍රියා විරහිත වූ ගමන්, ඔබ කියන පුද්ගලයා සදහටම මැකී යනවා" කියලා. හරියට ප්ලග් එක ගැලෙව්වාම ටීවී එකක් ඕෆ් වෙනවා වගේ. නමුත් ඔබට පුදුම හිතෙයි, අද ලෝකයේ ඉන්න දැවැන්තම ක්වොන්ටම් භෞතික විද්‍යාඥයින් මේ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා රසායනාගාර ඇතුළේ ඔප්පු කරමින් ඉන්නවා. මරණය කියන්නේ අවසානයක් නෙවෙයි, ඒක හුදෙක් "තත්ත්ව විපර්යාසයක්" පමණයි. මේ විස්මිත විද්‍යාත්මක සත්‍යය තේරුම් ගන්න නම්, අපි මුලින්ම ලෝකයේ තියෙන අමාරුම ප්‍රශ්නයකට උත්තර හොයන්න ඕනේ.

විඥානය කියන්නේ මොකක්ද? සාමාන්‍ය ජීව විද්‍යාවට අනුව, අපේ විඥානය (අපේ හැඟීම්, දැනීම්, 'මම' කියන හැඟීම) හැදෙන්නේ මොළයේ තියෙන නියුරෝන සෛල බිලියන ගණනක් එකට ගැටිලා ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියා නිසා කියලයි අපි හිතන් ඉන්නේ. නමුත් ලෝක ප්‍රකට දාර්ශනික ඩේවිඩ් චාමර්ස් මේක හඳුන්වන්නේ "විඥානයේ දැඩි ගැටලුව" කියලයි. මේක පොඩ්ඩක් සරලව හිතමු.

විද්‍යාඥයෙකුට පුළුවන් ඔයා චොකලට් එකක් කනකොට ඔයාගේ මොළයේ මොන නියුරෝනද ක්‍රියාත්මක වෙන්නේ කියලා ස්කෑන් කරලා බලන්න. ඒත් ඒ විද්‍යාඥයාට කවදාවත් ඔයාගේ මොළය ඇතුළේ තියෙන සෛල වලින් "චොකලට් වල රහස" (Qualia) හොයාගන්න බැහැ. පදාර්ථයෙන් (මස්, ලේ, ඇටකටු වලින්) කවදාවත් 'හැඟීමක්' හදන්න බැහැ. ක්වොන්ටම් විද්‍යාව අද අපිට කියන්නේ, විඥානය කියන්නේ මොළය විසින් නිපදවන දෙයක් නෙවෙයි! විඥානය කියන්නේ ගුරුත්වාකර්ෂණය වගේ, මේ විශ්වයේ තියෙන මූලිකම බලවේගයක් (Fundamental property).

ඔබේ මොළය කියන්නේ කර්මාන්තශාලාවක් නෙවෙයි, ඒක හරියට රේඩියෝ එකක් වගේ. රේඩියෝවක් කැඩුණාම (මොළය මියගියාම) ඒකෙන් ඇහෙන සිංදුව විනාශ වෙන්නේ නැහැ. ඒ තරංගය විශ්වය පුරාම දිගටම තියෙනවා. ඔබේ භෞතික ශරීරය කියන්නෙත් අන්න ඒ වගේ, විශ්වීය විඥානය (Zero-Point Field) ග්‍රහණය කරගන්නා තාවකාලික ඇන්ටනාවක් විතරයි.

හරි, මොළය රේඩියෝවක් නම්, ඒකේ ඇන්ටනාව තියෙන්නේ කොහෙද? මේකට උත්තරේ හොයාගත්තේ භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභී ශ්‍රීමත් රොජර් පෙන්රෝස් සහ නිර්වින්දන වෛද්‍ය ස්ටුවර්ට් හැමරොෆ් (Stuart Hameroff) කියන දෙන්නා එකතු වෙලා.

වෛද්‍ය හැමරොෆ්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ශල්‍යකර්මයකදී රෝගියෙකුට සිහි නැති කරන බෙහෙත් (Anesthesia) දුන්නාම, රෝගියාගේ හදවත වැඩ කරනවා, මොළය වැඩ කරනවා, ඒත් 'විඥානය' (සිහිය) නැතිවෙන්නේ කොහොමද? ඔහු හොයාගත්තා මේ බෙහෙත් වලින් කරන්නේ මොළයේ සෛල ඇතුළේ තියෙන ඉතාමත් කුඩා නාලිකා විශේෂයක් වන "මයික්‍රොටියුබියුල" (Microtubules) වල ක්‍රියාකාරිත්වය තාවකාලිකව නවත්වන එක කියලා. මේ Microtubules තමයි අපේ මොළය ඇතුළේ තියෙන ක්වොන්ටම් පරිගණක! අපේ විඥානය කියන්නේ මේ නාලිකා ඇතුළේ සිදුවන ක්වොන්ටම් කම්පනයක් (Quantum Resonance). කෙනෙක් මරණාසන්න වෙද්දී හදවත නතර වෙලා ලේ ගමනාගමනය නැවතුණාම, මේ Microtubules වලට තමන්ගේ ක්වොන්ටම් තත්ත්වය පවත්වාගන්න බැරිවෙනවා. ඒත් ඒක ඇතුළේ තියෙන දත්ත (ඔබේ මතකයන්, ඔබේ අනන්‍යතාවය) විනාශ වෙන්නේ නැහැ. ඒවා මොළයෙන් මිදිලා, අතිවිශාල විශ්වීය ක්වොන්ටම් ක්ෂේත්‍රයට මුදා හැරෙනවා. යම් හෙයකින් ඒ රෝගියාව වෛද්‍යවරු නැවත පණගැන්වුවහොත් (CPR දීලා), අර විශ්වයට ගිය තොරතුරු ටික ආපහු මොළයට එනවා. රෝගීන් ශරීරයෙන් පිටත පාවී ගිය බව (Out-of-body experiences) කියන්නේ මේ නිසයි. රෝගියා සම්පූර්ණයෙන්ම මියගියොත්, ඒ ක්වොන්ටම් තොරතුරු විශ්වයේ අනන්තය දක්වා ගලාගෙන යනවා.

ඒත් ඇඟ කුණු වෙලා ගියාම කොහොමද මම ඉතුරු වෙන්නේ? කියලා ඔයාට හිතෙන්න පුළුවන්. භෞතික විද්‍යාවේ තියෙන ප්‍රබලම නියමයක් තමයි No-hiding theorem කියන්නේ. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන කිසිම 'ක්වොන්ටම් තොරතුරක්' කවදාවත් මකා දාන්න බැහැ කියන එක. අපි උදාහරණයක් ගමු. ඔයා ලස්සන කතාවක් තියෙන පොතක් ගිනි තියලා පුච්චනවා. භෞතිකව ඒ පොත දැන් අළු ගොඩක් විතරයි. ඒත් ක්වොන්ටම් නියමයන්ට අනුව, ඒ අළු වල, පිටවුණු දුමාරයේ සහ තාපය ඇතුළේ අර පොතේ තිබුණු වචන වල 'තොරතුරු' තවමත් හැංගිලා තියෙනවා! ඔබේ ජීවිතයත් අන්න ඒ වගේ. ඔබේ ශරීරය දිරාපත් වෙලා පෘථිවියට පස් වෙලා ගියත්, ඔබ කියන පුද්ගලයාගේ 'ක්වොන්ටම් කේතය' මේ මුළු විශ්වයේ කොහේ හෝ තැනක අනිවාර්යයෙන්ම සංරක්ෂණය වෙනවා.

Virtual Reality හෙඩ්සෙට් එක ගැලවීමමේ කතාවේ උච්චතම අවස්ථාව තමයි ලෝක ප්‍රකට විද්‍යාඥ ආචාර්ය රොබට් ලාන්සාගේ (Robert Lanza) Biocentrism න්‍යාය. ඔහු පෙන්වා දෙනවා කාලය සහ අවකාශය කියන්නේ ඇත්තටම භෞතිකව පවතින දේවල් නෙවෙයි කියලා. ඒවා හුදෙක් අපේ මොළය විසින් මේ ලෝකය තේරුම් ගන්න පාවිච්චි කරන මෘදුකාංගයක් (Software) විතරයි. අපි හරියට Virtual Reality (VR) හෙඩ්සෙට් එකක් දාගෙන ගේම් එකක් ගහනවා වගේ. ගේම් එක ඇතුළේ ඉන්න චරිතය මැරුණාම, ගේම් එක පාලනය කරන ඔයා මැරෙනවද? නැහැ. ඔයා කරන්නේ හෙඩ්සෙට් එක ගලවලා තියන එක විතරයි.

ආචාර්ය ලාන්සා කියන විදිහට, මරණය කියන්නෙත් අපේ මොළය නමැති VR හෙඩ්සෙට් එක ගලවලා දාන එකටයි. එතකොට අර කාලය සහ අවකාශය කියන මායාවෙන් අපි මිදෙනවා. ඉන්පසුව අපි කාලයෙන් තොර, අනන්ත වූ ක්වොන්ටම් යථාර්ථයක් තුළ දිගටම අපේ ගමන යනවා.

මරණය යනු අවසානය නොවේ, නිදහස් වීමකි! අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ 'විඥානය' සිරුරෙන් සිරුරට ගමන් කරන ආකාරය (පටිච්ච සමුප්පාදය) දේශනා කළේ මේ අතිශය ගැඹුරු ක්වොන්ටම් යාන්ත්‍රණයයි. ඒ නිසා මරණය කියන්නේ බිය විය යුතු අඳුරු ආගාධයක් නෙවෙයි. ඔබ මියගිය පසු, තමන්ගේ මේ කුඩා භෞතික ශරීරයේ සිරවී සිටි 'ඔබ', මේ අනන්ත වූ විශ්වයම බවට පත්වෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් වරක් තමන්ගේ මිතුරෙකුගේ මරණයේදී ඔහුගේ පවුලේ අයට ලිව්වේ මෙහෙමයි: "භෞතික විද්‍යාව තේරුම් ගත්තු අපිට අතීතය, වර්තමානය සහ අනාගතය කියන්නේ අඛණ්ඩව පවතින දැවැන්ත මායාවක් විතරයි."

ඔබ යනු මස්, ලේ, අස්ථි ගොඩක් නොවේ. ඔබ යනු තමන්වම අත්විඳිමින් සිටින, කිසිදා විනාශ නොවන සමස්ත විශ්වයම වේ!

- චන්මිත් විනුල්

#විඥානය #ක්වොන්ටම්විද්‍යාව #ආධ්‍යාත්මය

අපි පාසල් කාලයේ ඉඳලම ඉගෙන ගත්තේ අපි අවට තියෙන හිස් අවකාශය  කියන්නේ කිසිම දෙයක් නැති, හිස් තැනක් කියලා. ඒ වගේම අපි හිතාගෙ...
16/05/2026

අපි පාසල් කාලයේ ඉඳලම ඉගෙන ගත්තේ අපි අවට තියෙන හිස් අවකාශය කියන්නේ කිසිම දෙයක් නැති, හිස් තැනක් කියලා. ඒ වගේම අපි හිතාගෙන ඉන්නේ අපේ සිතුවිලි කියන්නේ අපේ හිස්කබල ඇතුළේ විතරක් සිද්ධ වෙන හුදෙකලා ක්‍රියාවලියක් කියලා. නමුත් නවීන ක්වොන්ටම් භෞතික විද්‍යාව (Quantum Physics) සහ ස්නායු විද්‍යාව (Neuroscience) එකට එක් කරලා බැලුවාම අපිට තේරෙනවා, මේ විශ්වය සහ අපේ මොළය අතර තියෙන්නේ අපි හිතුවට වඩා ගොඩක් විශ්මිත, අදෘශ්‍යමාන බැඳීමක් කියලා.

අවුරුදු දහස් ගණනකට කලින් ඉපැරණි යෝගීන් සහ භාවනා යෝගීන් "තුන්වන ඇස" (Third Eye) හරහා විශ්වය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කිව්ව දේ, අද ක්වොන්ටම් විද්‍යාඥයින් රසායනාගාර ඇතුළේ ඔප්පු කරමින් ඉන්නවා. මේ විද්‍යාව සහ ආධ්‍යාත්මිකත්වය හරියටම මුණගැහෙන අපූරු තැන ගැන අපි සරලව, නමුත් ඉතා ගැඹුරින් තේරුම් ගනිමු.

ක්වොන්ටම් විද්‍යාවට අනුව මේ විශ්වයේ කිසිම තැනක 100% ක නිරපේක්ෂ හිස්බවක් නැහැ. ඔබත් මමත් අතර තියෙන හිස් අවකාශයේ පවා, පරමාණුක මට්ටමටත් වඩා කුඩා මට්ටමකදී දෝලනය වන අතිමහත් ශක්තියක් තියෙනවා. මේ අදෘශ්‍යමාන ශක්ති සාගරය ක්වොන්ටම් විද්‍යාවේදී හඳුන්වන්නේ Zero-Point Field (ZPF) එහෙමත් නැත්නම් 'ශුන්‍ය ලක්ෂ්‍ය ක්ෂේත්‍රය' කියලා.

ZPF කියන්නේ මුළු විශ්වයේම තියෙන සියලුම දේවල් එකිනෙකට සම්බන්ධ කරන අදෘශ්‍යමාන දැලක්. ඔබ සිතන සෑම සිතුවිල්ලක්ම, ඔබට දැනෙන සෑම හැඟීමක්ම නිශ්චිත සංඛ්‍යාතයක් (Frequency) විදිහට මේ ක්ෂේත්‍රයට මුදා හැරෙනවා. ඒ වගේම විශ්වයේ තියෙන අසීමිත තොරතුරු ගබඩා වෙලා තියෙන්නෙත් මේ ක්ෂේත්‍රය ඇතුළේ. ප්‍රශ්නය තියෙන්නේ, අපේ ශරීරය ඇතුළේ මේ විශ්වීය ශක්ති ක්ෂේත්‍රයට 'Connect' වෙන්න පුළුවන් ඇන්ටනාවක් තියෙනවාද කියන එකයි.

ඔව්, ඒ ඇන්ටනාව තමයි පීනියල් ග්‍රන්ථිය.

අපේ මොළයේ හරි මැද, හරියටම මොළයේ අර්ධගෝල දෙක අතර මැදට වෙන්න තියෙන කඩල ඇටයකටත් වඩා කුඩා, පයින් ගෙඩියක (Pinecone) හැඩය ගත්තු ග්‍රන්ථියක් තමයි පීනියල් ග්‍රන්ථිය කියන්නේ. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව මේකෙන් කරන්නේ 'Melatonin' කියන හෝමෝනය ශ්‍රාවය කරලා අපේ නින්ද සහ අවදිවීමේ චක්‍රය (Circadian Rhythm) පාලනය කරන එක.

ඉපැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඉඳන් හින්දු දහම දක්වාම මේ ස්ථානය හැඳින්වූයේ අපේ "තුන්වන ඇස" (Third Eye / Ajna Chakra) විදිහට. ප්‍රංශ දාර්ශනික රෙනේ ඩෙකාට් (René Descartes) මේක හැඳින්වූයේ "ආත්මය වැඩවසන අසුන" (Seat of the Soul) කියලා.

දැන් අපි බලමු මේ කුඩා ග්‍රන්ථිය කොහොමද Zero-Point Field එකත් එක්ක කතා කරන්නේ කියලා. මේක තමයි ලිපියේ ගැඹුරුම සහ වැදගත්ම කොටස.

විද්‍යාඥයින් පීනියල් ග්‍රන්ථිය ඇතුළත පරීක්ෂා කරද්දී හොයාගත්තා ඒක ඇතුළේ ඉතා කුඩා ස්ඵටික (Microcrystals) තියෙනවා කියලා. මේවා හඳුන්වන්නේ Calcite Microcrystals කියලා. මේ ස්ඵටික වලට සුවිශේෂී විද්‍යාත්මක ලක්ෂණයක් තියෙනවා. ඒකට කියන්නේ Piezoelectric Effect (පීඩන විද්‍යුත් ආචරණය) කියලා.

(ස්ඵටික යනු යම් ද්‍රව්‍යයක පරමාණු සහ අණු ඉතාමත් ක්‍රමවත්, ත්‍රිමාණ ජ්‍යාමිතික රටාවකට පිහිටමින් නිර්මාණය වූ ඝන ව්‍යූහයන්ය. පීනියල් ග්‍රන්ථිය තුළ ඇති 'කැල්සයිට් ක්ෂුද්‍ර ස්ඵටික' යනු කැල්සියම් කාබනේට් වලින් සැකසුණු, පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා ස්වභාවික හැඩතල විශේෂයකි. සාමාන්‍ය රේඩියෝවක ඇති ස්ඵටික කොටස් තරංග ග්‍රහණය කරගන්නා සේම, මොළය තුළ ඇති මෙම විශේෂිත ව්‍යූහයන්ද විද්‍යුත් චුම්භක තරංග ග්‍රහණය කරගැනීමට සහ නිකුත් කිරීමට ස්වභාවිකවම සැකසී ඇත.)

මොකක්ද මේ Piezoelectric Effect කියන්නේ?

සමහර ස්ඵටික වලට යාන්ත්‍රික පීඩනයක් (Mechanical stress) දුන්නාම, ඒ ස්ඵටික වලින් විද්‍යුත් චුම්භක තරංගයක් (Electromagnetic frequency) පිටවෙනවා. ඒ වගේම පිටතින් එන විද්‍යුත් චුම්භක තරංගයක් ආවාම, ඒක භෞතික කම්පනයක් බවට පත් කරන්නත් මේ ස්ඵටික වලට පුළුවන්. හරියට පරණ රේඩියෝ වල තියෙන ස්ඵටික ග්‍රාහක (Crystal radios) වගේ.

අපි ගැඹුරු භාවනාවකට යනකොට අපේ හුස්ම ගැනීමේ රිද්මය වෙනස් වෙනවා. ඒ හරහා කොඳු ඇට පෙළ දිගේ ඉහළට යන තරලයේ (Cerebrospinal fluid) පීඩනය වෙනස් වෙලා, පීනියල් ග්‍රන්ථියේ තියෙන අර ස්ඵටික වලට සියුම් පීඩනයක් එල්ල කරනවා.

එතකොටම අර Piezoelectric Effect එක ක්‍රියාත්මක වෙලා, පීනියල් ග්‍රන්ථිය සක්‍රිය "ක්වොන්ටම් ඇන්ටනාවක්" බවට පත් වෙනවා!

පීනියල් ග්‍රන්ථිය ඇන්ටනාවක් වගේ සක්‍රිය වුණාට පස්සේ වෙන්නේ මොකක්ද?

අපේ මොළයේ තරංග සාමාන්‍ය බීටා තත්වයේ ඉඳන් ඉතා ගැඹුරු තීටා හෝ ගැමා මට්ටම් වලට පත් වෙනවා. මේ සංඛ්‍යාතය හරියටම අර Zero-Point Field එකේ තියෙන විශ්වීය සංඛ්‍යාත වලට සමාන වෙනවා.

දැන් ඔබේ මොළය සාමාන්‍ය ලෝකයේ සීමාවන්ගෙන් මිදිලා, විශ්වයේ අසීමිත තොරතුරු ගබඩාවට (Quantum Field) කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්නේ. යෝගීන් අනාගතය දකින්නේ, අතීතය කියවන්නේ සහ "සියල්ල එකක්" (Oneness) කියන හැඟීම අත්විඳින්නේ මේ මොහොතේදීයි.

මේ ක්වොන්ටම් තොරතුරු පීනියල් ග්‍රන්ථිය හරහා ආවාම, මොළය ඒක ජීව විද්‍යාත්මක භාෂාවට පරිවර්තනය කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පීනියල් ග්‍රන්ථියෙන් අතිශය බලවත් රසායනිකයන් ශ්‍රාවය වෙනවා (උදාහරණයක් ලෙස DMT - The Spirit Molecule). මේ නිසා තමයි ගැඹුරු භාවනා මට්ටම් වලදී මිනිස්සුන්ට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ආලෝකයන්, සතුටක් සහ ගැඹුරු අවබෝධයක් දැනෙන්නේ.

මේක නිකන්ම කියවලා අමතක කරන්න ඕන විද්‍යාත්මක කතාවක් නෙවෙයි. මේක ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ප්‍රායෝගික යථාර්ථයක්. ඔබ කියන්නේ හුදෙක් මස්, ලේ, ඇටකටු වලින් හැදුණු ජෛව විද්‍යාත්මක යන්ත්‍රයක් නෙවෙයි. ඔබ කියන්නේ මේ මුළු විශ්වයම එක්ක ක්වොන්ටම් මට්ටමෙන් සම්බන්ධ වෙලා ඉන්න සජීවී ශක්ති මධ්‍යස්ථානයක්.

ඔබ යමක් ගැන ගැඹුරින් විශ්වාස කරන විට සහ ඒ හැඟීම තුළ ජීවත් වන විට, පීනියල් ග්‍රන්ථිය හරහා ඔබ ඒ සංඛ්‍යාතය Zero-Point Field එකට මුදා හරිනවා. විශ්වය කරන්නේ ඒ සංඛ්‍යාතයට ගැලපෙන මිනිස්සු, අවස්ථා සහ සිදුවීම් ඔබේ ජීවිතයට ඇදලා දෙන එකයි (Law of Attraction හි විද්‍යාත්මක පදනම මෙයයි).

අපිට අපිව වෙන් වෙලා ඉන්නවා වගේ දැණුනට, ක්වොන්ටම් ක්ෂේත්‍රය ඇතුළේ අපි හැමෝම එකිනෙකාට සම්බන්ධයි. ඒ නිසයි ඔබේ ඇතුළාන්තය වෙනස් වෙනකොට, ඔබේ බාහිර ලෝකයත් ඉබේම වෙනස් වෙන්නේ.

නවීන ක්වොන්ටම් විද්‍යාව අද අපිට කියන්නේ, අවුරුදු දහස් ගණනකට කලින් බුදුන් වහන්සේ ඇතුළු ආධ්‍යාත්මික ශාස්තෘවරුන් කිව්ව සත්‍යයම තමයි. ඒ තමයි "සියල්ල ඇත්තේ ඔබ තුළය" යන්න. පීනියල් ග්‍රන්ථිය සහ Zero-Point Field එක අතර ඇති මේ විශ්මිත සබඳතාවය තේරුම් ගැනීම, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් 'අනන්ත වූ විශ්වීය මිනිසෙකු' දක්වා යන ගමනේ පළමු පියවරයි.

ලිපියේ අවසානය වෙන තෙක් ඔබ වෙන් කෙරූ ඔබගේ වටිනා කාලයට හදවතින්ම ස්තූතියි.. මම චන්මිත් විනුල්..

දවසේ පැය විසිහතර පුරාම ඔබේ හිස ඇතුළේ දුවන නොනවතින සිතුවිලි නිසා ඔබ වෙහෙසට පත්වී සිටිනවාද? "මට මේක කරන්න බැරි වෙයිද?", "අ...
12/05/2026

දවසේ පැය විසිහතර පුරාම ඔබේ හිස ඇතුළේ දුවන නොනවතින සිතුවිලි නිසා ඔබ වෙහෙසට පත්වී සිටිනවාද? "මට මේක කරන්න බැරි වෙයිද?", "අනිත් අය මොනවා හිතයිද?", "මම මේ කරන විදිය වැරදියි" කියමින් නිරන්තරයෙන් ඔබව විනිශ්චය කරන අභ්‍යන්තර කටහඬක් (Inner critic) ඔබ තුළත් ඇති. වයස 25 ත් 45 ත් අතර කාර්යබහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙකුගේ විශාලතම මානසික සතුරා වන්නේ මේ අනවශ්‍ය සිතුවිලි ජාලාවයි.

නමුත්, යම් කිසි මොහොතක ඔබ කරන රාජකාරිය, ක්‍රීඩාව හෝ කලා නිර්මාණය තුළ ඔබ සම්පූර්ණයෙන්ම ගිලී ගොස්, කාලය ගත වෙනවාවත් නොදැනී ගිය අපූරු අත්දැකීමක් ඔබටත් තිබෙන්නට ඇති. කිසිම වෙහෙසක් නොදැනී, අතිශය සාර්ථකව ඔබ එම කාර්යය නිම කරන්නේ පුදුමාකාර මානසික සැහැල්ලුවකිනි. මනෝවිද්‍යාව තුළ මෙය 'Flow State' නොහොත් 'ප්‍රවාහ තත්ත්වය' ලෙස හඳුන්වයි.

අපගේ මොළයේ ඉදිරිපස ඇති කොටස 'පූර්ව ලලාට බාහිකය' (Prefrontal Cortex - PFC) ලෙස හැඳින්වේ. අපගේ මොළයේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) ලෙස තීරණ ගන්නේත්, අනාගතය ගැන බිය ඇති කරන්නේත්, ඔබ ගැන විවේචනය කරන්නේත් මේ කොටසයි. ඔබ යමක් ගැන ඕනෑවට වඩා සිතන විට (Overthinking), මෙය අධික්‍රියාකාරී වී ඔබේ ස්වාභාවික හැකියාවන් අවහිර කරයි.

ඔබ 'Flow State' එකකට ඇතුළු වන විට සිදුවන ප්‍රධානතම ස්නායුක වෙනස වන්නේ 'Transient Hypofrontality' (තාවකාලික හයිපෝෆ්‍රොන්ටැලිටි) නමැති ක්‍රියාවලියයි. මෙයින් අදහස් කරන්නේ, ඔබේ මොළයේ බිය සහ විවේචනය ඇති කරන කොටස (PFC) තාවකාලිකව ක්‍රියා විරහිත වන බවයි. මොළයේ විවේචකයා නිහඬ වූ විට, ඔබට කිසිදු බියකින් හෝ පැකිලීමකින් තොරව ඔබේ උපරිම හැකියාව වෙත ළඟා විය හැකිය.

අප කිසිවක් නොකර සිටින විට, අපගේ මොළය තුළ "මම කවුද?", "මගේ අනාගතය මොකක්ද?" යනුවෙන් කතාන්දරයක් නිර්මාණය කරන්නේ Default Mode Network (DMN) නම් ස්නායුක පද්ධතියයි. අපගේ "මම" (Ego) නැමැති හැඟීම පවතින්නේ මෙතැනයි.

ඔබ 'Flow' තත්ත්වයට පත් වූ සැනින් මොළය විසින් මෙම DMN පද්ධතියේ විදුලි සැපයුම කපා හරිනු ලබයි. එහි ප්‍රතිඵලය අතිශය විස්මිතය. එම මොහොතේදී ඔබේ "මම" කියන හැඟීම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. ඔබ චිත්‍රයක් අඳිනවා නම්, චිත්‍රය අඳින ඔබ කෙනෙකු නැත; ඔබම එම චිත්‍රය බවට පත් වේ. කිසිදු දුකක් හෝ බියක් ඔබට නොදැනෙන්නේ, එම හැඟීම් විඳීමට තරම් "මම" කෙනෙකු ඒ මොහොතේ මොළය තුළ සක්‍රීයව නොමැති බැවිනි.

මොළය ක්‍රියාත්මක වන්නේ විදුලි තරංග හරහාය. අප සාමාන්‍යයෙන් අවදි වී, කාර්යබහුලව, කලබලයෙන් වැඩ කරන විට මොළයේ ඇත්තේ වේගවත් 'බීටා' (Beta) තරංගයි. මෙය හරියටම වාහනයක් පළවෙනි ගියරයෙන් මහ හඬින්, අමාරුවෙන් කන්දක් නඟිනවා වැනිය.

නමුත් 'Flow State' එකේදී මොළය ස්වයංක්‍රීයවම තම තරංග වේගය අඩු කර ගනී. එය වඩාත් සන්සුන් 'ඇල්ෆා' (Alpha) මට්ටමටත්, ඉන්පසු භාවනානුයෝගීන් අත්විඳින ගැඹුරු 'තීටා' (Theta) මට්ටමටත් මාරු වේ. දැන් එන්ජිමේ ශබ්දයක් නැත; කිසිම වෙහෙසක් නොදැනී අතිශය සුමටව ඔබ ඉදිරියට ගමන් කරයි.

සාමාන්‍යයෙන් මොළයේ වම් අර්ධගෝලය තර්කානුකූල කටයුතු ද, දකුණු අර්ධගෝලය නිර්මාණශීලී කටයුතු ද පාලනය කරයි. බොහෝ විට අප වැඩ කරන්නේ මින් එක් අර්ධයකින් පමණි. නමුත් මෙම ප්‍රවාහ තත්ත්වයේදී මොළයේ අර්ධගෝල දෙකම එකම වේලාවක, එකම රිද්මයකට ක්‍රියාත්මක වීමට පටන් ගනී. දකුණු මොළයෙන් උත්පාදනය වන විස්මිත නිර්මාණශීලී අදහස්, වම් මොළය හරහා ක්ෂණිකව ප්‍රායෝගික තර්කනයට හැරවේ. ලොව බිහිවූ විශිෂ්ටතම සොයාගැනීම් සියල්ල සිදුවී ඇත්තේ මේ මොහොතේදීය.

මෙම තත්ත්වයට ඇතුළු වූ විට, ඔබේ මොළය විසින් කෘත්‍රිම ඖෂධයකින්වත් ලබාගත නොහැකි තරමේ ප්‍රබල රසායනික සංයෝගයක් මුදා හරිනු ලබයි:

- ඩොපමින් (Dopamine): ඔබේ අවධානය සියයට සියයක් රඳවා තබා ගන්නා අතර, කාර්යය දිගටම කිරීමට අවශ්‍ය දැඩි උද්යෝගය ලබා දෙයි.

- නොරාඩ්‍රිනලින් (Noradrenaline): මොළයේ සැකසුම් වේගය වැඩි කර, අවට සිදුවන සියලුම බාධා කිරීම් ඔබේ සංවේදනයෙන් ඉවත් කර දමයි.

- එන්ඩොර්ෆින් (Endorphins): දැඩි වෙහෙසක් හෝ වේදනාවක් දැනුණද, එය සම්පූර්ණයෙන්ම යටපත් කර සුවදායී හැඟීමක් ලබා දෙන ස්වාභාවික වේදනා නාශකයයි.

- ආනන්දමයිඩ් (Anandamide): අලුත් අදහස් නිර්මාණය කිරීමට උදව් වන අතර දැඩි සැනසිලිදායක බවක් ශරීරයට එක් කරයි.

- සෙරොටොනින් (Serotonin): කාර්යය අවසානයේදී ඔබට ලැබෙන ගැඹුරු, සාමකාමී තෘප්තිමත් බව නිර්මාණය කරයි.

බොහෝ දෙනා සිතන්නේ Flow යනු බොත්තමක් එබුවාක් මෙන් ක්ෂණිකව ලැබෙන දෙයක් කියාය. නමුත් ස්නායු විද්‍යාවට අනුව, මෙම තත්ත්වයට පිවිසීමට ඔබ අනිවාර්යයෙන්ම අවස්ථා 4ක චක්‍රයක් පසු කළ යුතුය:

01. අරගලය (Struggle Phase): ඔබ අලුත් කාර්යයක් පටන් ගන්නා විට මොළය 'කෝටිසෝල්' (Cortisol) නම් ආතති හෝමෝනය මුදා හරී. මේ වෙලාවට වැඩේ එපා වෙනවා, අමාරුයි වගේ දැනේ. බොහෝ අය වැඩේ අතහැරලා දුරකථනය අතට ගන්නේ මේ වෙලාවටයි. (ආය වැඩක් පටන් ගෙන ෆෝන් එක අතට ගද්දී මේ දේ මතක් කරගන්න)

02. අත්හැරීම (Release Phase): අමාරුකම ඉවසගෙන දිගටම නිරත වන විට, මොළය ආතතිය අත්හරියි. නයිට්‍රික් ඔක්සයිඩ් නිකුත් වී රුධිර නාල පුළුල් කර, මොළයට යන ඔක්සිජන් වැඩි කරයි.

03. ප්‍රවාහය (Flow Phase): දැන් ඔබ සම්පූර්ණයෙන්ම Flow එකට ඇතුළු වේ. සුපිරි රසායනිකයන් මුදා හැරෙන අතර පැය ගණනක් විනාඩි ගණනක් මෙන් ගතවේ.

ප්‍රකෘතිමත් වීම (Recovery Phase): මෙය මොළයේ විශාල ශක්තියක් දහනය කරන ක්‍රියාවලියක් බැවින්, ඉන්පසු මොළයට අනිවාර්යයෙන්ම විවේකයක් (Recharge) අවශ්‍ය වේ.

'Flow State' එකකට ප්‍රායෝගිකව ඇතුළු වන්නේ කෙසේද?

ඔබ කරන කාර්යය ඉතා පහසු එකක් නම් ඔබට කම්මැලි සිතේ. අමාරු වැඩි නම් ආතතියක් දැනේ. Flow State එකට ඇතුළු විය හැක්කේ, ඔබේ උපරිම හැකියාවෙන් කළ යුතු, නමුත් ඔබට කළ හැකි මට්ටමේ අභියෝගයක් තෝරාගත් විට පමණි. මෙම තත්ත්වයට පත් වීමට මොළයට විනාඩි 10-15ක පමණ කාලයක් අවශ්‍ය වේ. ඒ අතරතුර ඔබගේ ජංගම දුරකථනය නාද වුවහොත් ක්‍රියාවලිය බිඳී යයි. එමනිසා, බාහිර බාධා කිරීම් වලින් තොර නිහඬ පරිසරයක් නිර්මාණය කරගැනීම අනිවාර්ය වේ.

ඔබ කරන්නේ කුමක්දැයි ඔබට හොඳින් පැහැදිලි විය යුතු අතර, ඔබ කරන දෙය නිවැරදිද යන්න එම මොහොතේම ඔබට අවබෝධ විය යුතුය. එවිට මොළය අනාගතය ගැන සිතීම නවත්වා, වර්තමාන මොහොතේ පමණක් රැඳී සිටී.

විද්‍යාව කොතරම් ගැඹුරු වුවත්, එහි අවසාන පණිවිඩය ඉතා සරලයි. ඔබේ මොළය යනු ඔබ සිතනවාට වඩා අනන්ත ගුණයක් බලවත් ජීව විද්‍යාත්මක පරිගණකයකි. ප්‍රශ්නය ඇත්තේ අප එය භාවිත කරන්නේ විවේචනය, බිය සහ අනවශ්‍ය සිතුවිලි නැමැති බ්‍රේක් (Brakes) පාගාගෙන වීමයි. 'Flow State' යනු එම බ්‍රේක් එක ඉවත් කර, මොළයට එහි උපරිම වේගයෙන් සහ නිදහසින් ක්‍රියාත්මක වීමට ඉඩ දීමයි. ඊළඟ වතාවේ වැඩ කිරීමට වාඩි වන විට, අරගලයේ අමාරු අවස්ථාව පසුකර යන්න. අවසානයේදී ඔබට ඔබවම අමතක වන, එහෙත් ඔබේ ජීවිතයේ විශිෂ්ටතම අනුවාදය (Best version) හමුවන අපූරු මොහොත ඔබට අත්විඳිය හැකි වනු ඇත.

- චන්මිත් විනුල්

#ස්නායු_විද්‍යාව #මනෝවිද්‍යාව #සාර්ථකත්වය #ජීවිතය_දිනන්න

"ඔයා මේක කියවද්දිත් වෙනස්ම විශ්වයක තව 'ඔයා' කෙනෙක් ඉන්නවා කිව්වොත්?"මේක ඇහුවම අපිට මතක් වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට...
11/05/2026

"ඔයා මේක කියවද්දිත් වෙනස්ම විශ්වයක තව 'ඔයා' කෙනෙක් ඉන්නවා කිව්වොත්?"

මේක ඇහුවම අපිට මතක් වෙන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට. හැබැයි අද වෙද්දී ලෝකේ ඉන්න දක්ෂතම භෞතික විද්‍යාඥයින් මේ 'බහු-විශ්ව' (Multiverse) සංකල්පය ගැන හරිම බැරෑරුම්ව පර්යේෂණ කරනවා. මේක නිකන්ම නිකන් ෆැන්ටසියක් නෙවෙයි; අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (Relativity) සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (Quantum Mechanics) කියන ලෝකයේ ප්‍රබලතම විද්‍යාත්මක න්‍යායන් දෙකේම සමීකරණ විසඳගෙන යද්දී, විද්‍යාඥයින්ට නිතරම ලැබෙන අවසන් උත්තරය තමයි "තවත් විශ්වයන් අනිවාර්යයෙන්ම පැවතිය යුතුයි" කියන එක.

අපි මේ ගැන හරියටම තේරුම් ගන්න නම්, ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ Max Tegmark විසින් හඳුන්වලා දීපු "බහු-විශ්වයේ මට්ටම් 4" (4 Levels of the Multiverse) ගැන දැනගන්නම ඕනේ.

1 වන මට්ටම: අපේ සීමාවෙන් එහා ලෝකය (The Infinite Universe)

අපිට පෙනෙන සීමාව, ඒ කියන්නේ ආලෝකය ගමන් කරලා අපේ දුරේක්ෂවලට අහුවෙන සීමාව අපි හඳුන්වනවා 'ගෝචර විශ්වය' (Observable Universe) කියලා. හැබැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා අවකාශය (Space) කියන්නේ අනන්තයක්, ඒකේ කෙළවරක් නෑ කියලා.

අවකාශය අනන්තයි නම්, ඒක ඇතුළේ තියෙන පරමාණු, මන්දාකිණි වගේ දේවල් හැදිලා තියෙන රටාවන් (Arrangements) කොහේ හරි තැනක ආයෙත් රිපීට් වෙන්නම ඕනේ (මොකද පරමාණු එකතු වෙන්න පුළුවන් ක්‍රම ගණන සීමිතයි). ඒ කියන්නේ, මේ අනන්ත වූ අවකාශයේ ගොඩක් ඈතින්, හරියටම ඔයා වගේම කෙනෙක්, ඔයාගේ ජීවිතේම ගත කරන තවත් පෘථිවියක් තියෙන්න පුළුවන්. ඒක වෙනත් මානයක නෙවෙයි, අපේ මේ විශ්වයේම ගොඩක් ඈතින් තියෙන තැනක්.

2 වන මට්ටම: බුබුලු විශ්ව සහ සදාකාලික උද්ධමනය (Bubble Universes & Eternal Inflation)

අපේ විශ්වය හැදුනේ 'මහා පිපුරුමකින්' (Big Bang) කියලා ඔයා දන්නවනේ. මේ පිපුරුමෙන් පස්සේ විශ්වය වේගයෙන් ප්‍රසාරණය (පිම්බීම) වුණා. මේකට කියන්නේ Cosmic Inflation කියලා. Alan Guth වගේ විද්‍යාඥයින් කියන විදිහට මේ පිම්බීම එක තැනකින් නැවතුණාට, තවත් තැන්වල දිගටම සිද්ධ වෙනවා (Eternal Inflation).

මේක හරියට උතුරන වතුර එකක බුබුලු හැදෙනවා වගේ වැඩක්. අපේ විශ්වය කියන්නේ ඒ වගේ හැදුණු එක බුබුලක් විතරයි. මේ වගේ තවත් බුබුලු අනන්ත ගණනක් හැදෙනවා. හැබැයි පුදුමේ කියන්නේ, මේ වෙනත් බුබුලු (විශ්වයන්) වල භෞතික විද්‍යා නියමයන් අපේ ඒවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඒවගේ ගුරුත්වාකර්ෂණය නැතුව ඇති, නැත්නම් ආලෝකයේ වේගය වෙනස් ඇති.

3 වන මට්ටම: ක්වොන්ටම් බහු-ලෝක (Quantum Many-Worlds)

මෙන්න මේක තමයි ඔයාට Marvel ෆිල්ම් වල එහෙම අහන්න ලැබෙන Multiverse එක. මේක එන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙන් (Quantum Mechanics). 1957 දී Hugh Everett කියන විද්‍යාඥයා තමයි මේ අදහස ගෙනාවේ. ක්වොන්ටම් ලෝකයේ (පරමාණුක මට්ටමේ) තියෙන අමුතුම හැසිරීමක් තමයි, යම්කිසි දෙයක් එකම වෙලාවේ අවස්ථා කිහිපයක පවතින්න පුළුවන් වීම (Superposition). මේ න්‍යායට අනුව, අපි ජීවිතේ ගන්න හැම තීරණයකදීම, සිදුවන හැම සිදුවීමකදීම විශ්වය දෙකට බෙදෙනවා (Split වෙනවා).

උදාහරණයක් විදිහට, ඔයා පාරක් පනිද්දී වාහනයක හැප්පෙන්න ගිහින් නූලෙන් බේරුණා නම්, ඒ ඔයා බේරුණු විශ්වය. හැබැයි ඔයා හැප්පෙන තවත් සමාන්තර විශ්වයක් ඒ වෙලාවෙම අලුතින් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ විය හැකි සෑම දෙයක්ම, කුමන හෝ සමාන්තර විශ්වයක ඇත්තටම සිද්ධ වෙනවා!

4 වන මට්ටම: ගණිතමය විශ්ව (Mathematical Universe)

මේක ටිකක් තේරුම් ගන්න අමාරු, හැබැයි ගැඹුරුම අදහස. මේකෙන් කියන්නේ "ගණිතමය වශයෙන් ඔප්පු කරන්න පුළුවන්, කිසිම පරස්පරයක් නැති ඕනෑම ගණිතමය ව්‍යුහයක්, කොහේ හරි තැනක භෞතිකව (Physically) පවතිනවා" කියන එකයි. ඒ කියන්නේ ගණිතයෙන් විස්තර කරන්න පුළුවන් හැම ලෝකයක්ම ඇත්තටම පවතිනවා කියන එකයි.

මේවා ඇත්තටම තියෙනවද? මේවා ඇහුණාම නිකන් කතන්දර වගේ පෙනුණට, ලෝකේ ලොකුම විද්‍යාත්මක ආයතන මේවා ගැන සැබෑ පර්යේෂණ කරනවා.

1. අද්භූත සීතල ලපය (The CMB Cold Spot):

යුරෝපීය අභ්‍යවකාශ ආයතනය (ESA) විසින් යවපු Planck චන්ද්‍රිකාව මගින් අපේ මුළු විශ්වයේම මුල්ම ආලෝකයේ (Cosmic Microwave Background) සිතියමක් ගත්තා. මේ සිතියමේ එක තැනක පැහැදිලි කරන්න බැරි තරම් ලොකු 'සීතල කලාපයක්' තියෙනවා. භෞතික විද්‍යාඥ Laura Mersini-Houghton ඇතුළු කණ්ඩායමක් ගණිතමය වශයෙන් පෙන්වා දෙන්නේ, මේක "අපේ විශ්වය තවත් සමාන්තර විශ්වයක් (Bubble Universe) එක්ක හැප්පීමෙන් ඇතිවුණු සලකුණක්" වෙන්න පුළුවන් කියලයි.

2. CERN හි අංශු ත්වරක පර්යේෂණ (Large Hadron Collider):

ස්විට්සර්ලන්තයේ තියෙන ලෝකේ ලොකුම මැෂින් එක (LHC) පාවිච්චි කරලා විද්‍යාඥයො 'අමතර මාන' (Extra Dimensions) තියෙනවද කියලා හොයනවා. String Theory (තන්තු න්‍යාය) වලට අනුව මේ බහු-විශ්වයන් තියෙන්නේ මාන 11 කින් යුත් අවකාශයක. විද්‍යාඥයො බලන්නේ මහා පිපුරුමට සමාන තත්ත්වයන් මැෂින් එක ඇතුළේ හදලා, ඒකෙන් නිකුත් වෙන ශක්තියෙන් කොටසක් (Gravitons වගේ අංශු) අපිට පේන්නේ නැති වෙනත් මානයකට (වෙනත් විශ්වයකට) කාන්දු වෙනවද (Leak වෙනවද) කියලයි.

3. අඳුරු ශක්තිය (Dark Energy) සහ String Theory Landscape:

අපේ විශ්වය මේ විදිහට පවතින්න, ජීවය හැදෙන්න නම් භෞතික නියතයන් (උදා: ගුරුත්වාකර්ෂණය, අඳුරු ශක්තියේ ප්‍රමාණය) හරියටම නිවැරදි අගයක තියෙන්න ඕනේ. පොඩ්ඩක් හරි වෙනස් වුණා නම් මේ මුකුත් නෑ (මේකට කියන්නේ Fine-tuning problem කියලා). ඇයි අපේ විශ්වය මෙච්චර 'Perfect'? String Theory වලට අනුව විශ්වයන් 10500 කට වඩා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ, අපේ විශ්වය විශේෂ නෑ, මේ අනන්ත වූ විශ්වයන් ගොඩෙන් ජීවය හැදෙන්න පුළුවන් එකක අපි අහම්බෙන් ඉපදිලා ඉන්නවා විතරයි.

සයන්ස් වලදී අපි හැමතිස්සෙම බලන්නේ සාක්ෂි. විශේෂඥයෙක් විදිහට මම පැහැදිලිවම කියන්න ඕනේ, බහු-විශ්වය (Multiverse) කියන්නේ තාමත් 100% ක් තහවුරු කරපු දෙයක් නෙවෙයි, ඒක ප්‍රබල න්‍යායක් (Theory) පමණයි. වෙනත් විශ්වයකින් ආපු කෙනෙක්ව අපිට තාම හම්බවෙලා නෑ. සමහර විද්‍යාඥයින් මේ සංකල්පයට විරුද්ධයි, මොකද එයාලා කියනවා "පරීක්ෂා කරලා බලන්න බැරි දේවල් විද්‍යාව නෙවෙයි" කියලා (Falsifiability අඩුවීම).

හැබැයි, අපි මීට අවුරුදු සිය ගාණකට කලින් අපේ මන්දාකිණියෙන් (Galaxy) එහා තවත් මන්දාකිණි තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. අද අපි දන්නවා ඒවා බිලියන ගණනක් තියෙනවා කියලා. ඒ වගේම, අද අපි එක විශ්වයක් ගැන හිතුවට, හෙට වෙද්දී බහු-විශ්වය කියන එක සාමාන්‍ය විද්‍යාත්මක සත්‍යයක් වෙන්න පුළුවන්.

වැඩිදුර කියවීමට මූලාශ්‍ර (References):

Brian Greene: The Hidden Reality: Parallel Universes and the Deep Laws of the Cosmos

Max Tegmark: Our Mathematical Universe 3. Hugh Everett III (1957): “Relative State” Formulation of Quantum Mechanics (බහු-ලෝක න්‍යායේ මූලාරම්භය)

Stephen Hawking & Thomas Hertog (2018): A Smooth Exit from Eternal Inflation? (හෝකින්ස්ගේ අවසන් පර්යේෂණ පත්‍රිකාව)

ඉතින්, මේ ආටිකල් එක කියවලා ඉවර වුණාම ඔයාට දැනෙන දේ, වෙනස්ම තීරණයක් ගත්ත තවත් 'ඔයා' කෙනෙක් මේ වෙලාවෙ වෙනත් විශ්වයක ඉඳන් වෙනස් විදිහකට හිතනවා ඇති.....

- චන්මිත් විනුල්

Address

Keppitipola

Telephone

+94752027980

Website

Alerts

Be the first to know and let us send you an email when Brain Vibration posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category