IPB - Institute For a Professional Businessman

IPB - Institute For a Professional Businessman Institute of Business Studies and Economics for A/L Students..

Stepping 2022 with a new approach.. 💪
04/12/2021

Stepping 2022 with a new approach.. 💪

26/08/2019

වසරකට මිලියන දහස් ගණනක් පිටරට යවල,
කිරිටිකේ තියෙන ඔක්කොම ගුණය වෙච්ච මේදය ඔක්කොම ඉවත්කරලා,
ඒවගෙන් වෙනම චීස් බටර් හදල,
අපිට සෙල්සියස් 800 කට විතර රත්කරල කුඩු ටික පැකට් කරලා,
එකට මෙලමයින් DCD පාම් තෙල් එකී මෙකී නොකී විස ටික දාල,
ලංකාවට එවල රෑ 7-10 අතර ඉන්දියාවේ ටෙලිනාට්ටි අතර ඇඩ්ස් දාල,
මොලේ තියෙන අම්මල ගන්න, අශ්ති ශක්තිමත් වෙන්න ගන්න,
ළමයින්ගේ මොලේ හරකෙක්ගේ වගේ වර්ධනේ වෙන්න ගන්න කියල,
මුළු රටේම දරු පරම්පරාවත් ලෙඩ කරලා, ආර්ථිකයත් වට්ටලා,
හදන රටේ වුන්වත් බොන්නේ නැති දහජරා කිරිපිටි වලින් මේ රටට කරන හානිය මොනතරම්ද?
අන්තිමට ආණ්ඩුවත් කැඳ වීදුරුව වෙනුවට දෙන්නේ කිරිපිටි වීදුරුවක්.
කොහොමද ආණ්ඩු පවා අපිව ලෙඩ්ඩු කරන්නේ.
දැන්වත් හැදුන්නත්තන් ආයේ අවස්තාවක් නෑ.
මේ පහුගිය දශකයේ 4වෙනි පාර කිරිපිටි දහජරාව කියල ඔප්පු වෙච්ච.
ආයෙවත් දෙයියන්ගේ නාමෙන් ඇඩ් වලට අහුවෙන්න එපා. !

30/07/2019
14/07/2019

ක්‍රෙඩිට් කාඩ් පොළිය අහස උසට නගින්නට හේතුව මෙන්න...

වර්තමානයේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික පොළී අනුපාතිය 32%ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක්ම මේ වන විට පියවර ගෙන තිබේ. මහ බැංකුව විසින් ණය පොළී අනුපාතික පහළ දැමීම සඳහා කටයුතු කරමින් යන මෙවන් වකවානුවක දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොළිය මෙයාකාරයෙන් ඉතා ඉහළ අගයයක් ගන්නේ මන්දැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් අද දෙරණ විමසා සිටියේය. මේ ඊට මහ බැංකු අධිපතිවරයා ලබා දුන් ප්‍රතිචාරයයි.

“ක්‍රෙඩිට් කාඩ් වැනි සුරැකුම් රහිත ණය උපකරණ, සුරැකුම්පත් සහිත ණය උපකරණවලින් වෙන්කර හඳුනාගත යුතුයි. ආර්ථිකය අවධමනකාරී පසුබිමක දී සුරැකුම් රහිත ණය උපකරණවල අවදානම ඉහළ නංවන්න බැංකු කටයුතු කරනවා. මන්ද, එය ලබා දෙන්නේ කිසිදු සුරැකුමක් තබාගෙන නොවෙයි. එවැනි ආර්ථික වාතාවරණයක දී ඒවායේ පොළී අනුපාතික පහළ ගෙන ඒම තරමක් දුරට අපහසු වෙනවා.“

“සුරැකුම් පදනම් කරගනිමින් සිදුකෙරන සාමාන්‍ය ණය ලබාදීම්වලදී පොළී අනුපාතිකවල පහළ යාමක් අපි අපේක්ෂා කරනවා. ආර්ථික ක්‍රියාකාරකම් නිහඬ වී ඇති මෙවන් වකවානුවක දී බැංකු විසින් සුරැකුම්පත් නොමැතිව සිදුකරනු ලබන ණයදීම්වලට ඉහළ අවදානම් පොළී අනුපාතිකයක් ගලපනු ලබනවා. එය ස්වභාවිකවම සිදුවන්නක්.“

2019 මැයි මාසය අවසානයේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති මුළු ක්‍රෙඩ්ට් කාඩ්පත් සංඛ්‍යාව 1,722,253 කි. මෙයින් 21,533 ක් දේශීය ගනුදෙනු පමණක් භාවිත කෙරෙන අතර 1,700,720 ක් ගෝලීය වශයෙන් ගනුදෙනු සඳහා අනුමත ඒවා වේ.

මෙම සියලු ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2019 මැයි මාසය අවසානයේ දී ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 108,764 ක් වේ. 2019 අප්‍රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. මිලියන 110,275 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අනුව මැයි මාසය තුළ දී ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් හිඟව ඇති මුළු මුදල රු. මිලියන 1,511 කින් පහළ ගොස් ඇත.

Business studies Page

13/07/2019

ආර්ථික වර්ධනය 3%ට බසී..
____________________________😎

2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ, වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බවයි.

“ඇත්තවශයෙන්ම 2019 වර්ෂයේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව අපට සෑහීමකට පත්වන්නට බැහැ. වසර ආරම්භයේ දී 4% ක වර්ධනයක් අපේක්ෂා කළත් එය 3% ක් දක්වා සංශෝධනය කර තිබෙනවා“, යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේ පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික අස්තමේන්තු අනුව, 2018 වසරේ සිව්වන කාර්තුවෙහි වාර්තා කරන ලද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.8ක වර්ධනය හා සැසඳීමේ දී, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 3.7%කින් හිතකර ලෙස වර්ධනය විය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක හා ඒ ආශ්‍රිත සේවාවන්ගේ වර්ධනය වසර මුල දී අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල වීම තුළින් කෙටි කාලයේ දී ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කළ හැකි අතර, මන්දගාමී වූ ගෝලීය වර්ධනය ආර්ථිකයේ මැදිකාලීන වර්ධන අපේක්ෂා සඳහා බලපෑම් ඇති කරනු ඇත. කෙසේ වෙතත්, සමස්ත රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙන්ම අදාළ අධිකාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල සහයෝගයත් සමඟ සංචාරක අංශය යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම මෙන්ම, අපනයන අංශයේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කර ඇත“, යි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

Business studies Page ©

13/07/2019
The inequality of how income divides..
12/07/2019

The inequality of how income divides..

12/07/2019

නිකරුනේ මැරෙන්න කලින් කියවන්න!🙏
__________________________________________
ජපන් රජය මෙම වසර අවසන් වීමට පෙර රටේ ඇති සියලුම *“මයික්‍රෝවේව් උදුන්”* භාවිතයෙන් බැහැර කිරීමට තීරණය කර ඇත. මෙම තිරනයට අනුගත නොවන සියලුම පුරවැසියන් සහ සංවිධානවලට දඩ, දඬුවම් සහ සිරදඬුවම් නියම වේ.

“මයික්‍රෝවේව් උදුන්” තහනම් කිරීමට හේතුව හිරෝෂිමා විශ්ව විද්‍යාලයේ විද්‍යා විද්‍යාඤයින් විසින් කරන ලද පර්යේෂණයකි. එහිදී වසර 20 කට වඩා වැඩි කාළයක් තුල “රේඩියෝ තරංග” පුරවැසියන්ගේ සෞඛ්‍යයට වැඩි හානියක් සිදු කරන බව සොයා ගන්නා ලදී. මයික්‍රෝවේව් උදුන භාවිතා කිරීම, 1945 සැප්තැම්බර් මාසයේදී හිරෝෂිමා සහ නාගසාකි හි ඇමරිකානු පරමාණු බෝම්බ වලට වඩා හානිකර බව පැවසේ.

විශේෂඤයින්ට අනුව, මයික්‍රෝවේව් උදුනක රත් කරන ලද ආහාරවල,සෞඛ්‍ය සම්පන්න නොවන කම්පන සහ විකිරණ ඇතිබව සොයාගෙන ඇත.

ඇත්ත වශයෙන්ම, ජපානයේ "මයික්‍රෝවේව් උදුන්" විශාලතම නිෂ්පාදකයින් මෙම නිෂ්පාදනය කරන ස්ථාන දැනටමත් වසා දමා ඇත.

දකුණු කොරියාවේ ප්‍රකාශයට පත් කළ පරිදි 2021 දී “මයික්‍රෝවේව් උදුන්” නිෂ්පාදනය නවත්වන අතර 2023 දී චීනය මෙම තාක්‍ෂණය අතහැර දැමීමට සැලසුම් කරයි.
පිළිකා වැළැක්වීම පිළිබඳ සම්මන්ත්‍රණයක් කාෂිරා පිළිකා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. සමුළුව අවසානයේ දී කරන ලද නිර්දේශයන් වූයේ, පහත සඳහන් ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනිම වළක්වා ගත යුතු බවය:

1. පිරිපහදු කළ තෙල්
2. සත්ව සම්භවයක් ඇති කිරි (සෝයා කිරි නිර්දේශිතය)
3. ආහාර කැට (මැගී වැනි කුකුල් මස් සුප් )
4. සෝඩා (ලීටරයකට සීනි කොටස් 32)
5. පිරිපහදු කළ සීනි
6. මයික්‍රෝවේව් උදුන්
7. දරු උපතට පෙර මැමෝග්‍රෑම් සිදු නොකරන්න, (ඊකෝ කාඩියොග්‍රැපි හැර )
8. ඉතා පටු යටඇඳුම් භාවිතා නොකරන්න.
9. මත්පැන්
10. අයිස් කළ ආහාර රත්කර නැවත ශීතකරණය තබා ආහාරයට ගැනිම.
11. ශීතකරණයේ තබන ලද ප්ලාස්ටික් බෝතල්වල ජලය පානය කිරීම
12. පෙති භාවිතය නිසා එය කාන්තාවන්ගේ හෝමෝන පද්ධතිය වෙනස් කර පිළිකා ඇති කරයි
13. රැවුල බෑමෙන් පසු භාවිතා කරන විට විශේෂ ඩියෝඩ්‍රන්ට් පිළිකා ඇති කරයි
14. මොනයම් ආකාරයකින් හෝ සුදු සීනි භාවිතා කිරිම. (පිළිකා සෛල ප්‍රධාන වශයෙන් සීනි මත පෝෂණය වේ). පිළිකා රෝගීන් ආහාර වේලෙන් සීනි වළක්වා ගත යුතුය.

සමුළුවේ නිර්දේශයන්ට අනුව, පහත සඳහන් දෑ ඔබේ ආහාර වේලට එකතු කිරීමට ඔවුහු උපදෙස් දෙති:

1. එළවළු
2. සීනි වෙනුවට මී පැණි මධ්‍යස්ථව භාවිතා කිරිම
3. හරිත ශාක ප්‍රෝටීන (මස් වෙනුවට බෝංචි)
4. දත් මදින්නට පෙර හිස් බඩ, ශරීර උෂ්ණත්වයේ වතුර කෝප්ප දෙකක්
5. ආහාර උණුසුම් විය යුතු අතර ඉතා උණුසුම් නොවිය යුතුය.
6. කෝමාරිකා යුෂ + ඉඟුරු + පර්සලි + සැල්දිරි + බ්‍රෝමලින්. ඒවා මිශ්‍ර කර හිස් බඩ පානය කිරීම.
7. සෑම දිනකම කැරට් යුෂ පානය කිරීම.
8. තක්කාලි, සුදුළූණු සහ ළූණු ආහාර සමග ගැනිම.

සටහන :
ඇමරිකානු වෛද්‍යවරුන්ගේ සංගමය පිළිකාවට හේතුව සොයා ගෙන ඇත.
1. ප්ලාස්ටික් කෝප්ප වල තේ, කෝපි හෝ උණුසුම් කිසිවක් පානය නොකරන්න
2. කඩදාසි හෝ කාඩ්බෝඩ් හෝ ප්ලාස්ටික් බෑගයක උණුසුම්ව ඔතා ඇති කිසිවක් අනුභව නොකරන්න (උදාහරණයක් ලෙස: බැදපු අර්තාපල්)
3. ප්ලාස්ටික් හෝ මයික්‍රෝවේව් පිඟන් කෝප්ප තුල කිසිවක් අනුභව නොකරන්න.

අපි පහත සඳහන් කරුණු සටහන් කිරීමට කැමැත්තෙමු:
1. ප්ලාස්ටික් තාපයට නිරාවරණය වන විට, පිළිකා වර්ග 52 ක් ඇති කළ හැකි රසායනික සංයෝග මුදා හරිනු ලැබේ.
මේ අනුව, ඔබ "කෝලා, පෙප්සි, ෆැන්ටා " වැනි සාන්ද්‍රිත යුෂ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
2. නැවුම් අන්නාසි අනුභව කරන්න, නමුත් අන්නාසි යුෂ කෝලා සමඟ මිශ්‍ර කර පානය කිරිමෙන් වළකින්න. මෙම මිශ්‍රණය මාරාන්තික බැවින් එය මරණයට හේතු වනු ඇති අතර, එය විෂ යැයි ඔවුන් සිතන අතර, කොක්ටේල් මාරාන්තික බව නොදැන සිටීම නිසා මරණ්යට ගොදුරු වේ!
3. ලැබෙන ඇමතුම් වලට වම් කණ හරහා ප්‍රතිචාර දක්වන්න සහ හෙඩ්ෆෝන් භාවිතා කිරිම වඩා යහපති.
4. සීතල වතුරෙන් බෙහෙත් වර්ග පානය නොකරන්න
5. රාත්‍රී 7 න් පසු අධික ලෙස ආහාර අනුභව නොකරන්න
6. උදේට වැඩිපුර වතුර බොන්න සවසට අඩුවෙන් බොන්න
7. ආහාර ගත් වහාම නිදාගැනිම හො තිරස් ආකාරයට ස්ථානගත නොවන්න.
8. ඔබගේ දුරකථන බැටරිය අක්‍රිය හො බැස ඇති විට, දුරකථනය භාවිතා නොකරන්න, මන්ද ආරෝපිත බැටරියට වඩා 1000 ගුණයකින් විකිරණ ගතිය වැඩිකරයි.

Address

St. Francis Lane, Dalugama
Kelaniya

Telephone

+94771581620

Website

Alerts

Be the first to know and let us send you an email when IPB - Institute For a Professional Businessman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category