28/05/2023
XENON - Institute of Science
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from XENON - Institute of Science, Education, Seewali kelanithilaka mawatha, Kelaniya.
28/05/2023
07/03/2021
ශිෂ්‍ය අදහස්....
මේ දේවල් තමයි ගුරු ජීවිතේ සැබෑම සතුට.
ස්තූතියි දරුවනේ..... 💗💗💗💗💗
09/12/2020
2021 වර්ෂයේ 9 වසර සිසුන්ට පන්ති ආරම්භ කිරිමට මූලික පියවරක් විදියට whatsapp group එකක් නිර්මාණය කලා. පන්ති ආරම්භ කරන තුරු ඒ හරහා සියලු පණිවිඩ ලබා දෙනු ඇත.
Zoom app හරහා online ඉගැන්වීම් සිදු කරන අතර දෙසැම්බර් මාසයේ මුදල් අයකිරිමක් නොකර නොමිලේ සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
දැනට සිසුන් 10ක් ලියාපදිංචි වී අැති අතර *තවත් සිසුන් 15ක් පමණක්* බඳවා ගන්නා බැවින් ඔබේ සහෝදර සහෝදරියන් සිටියි නම් මේ මාසයේදීම සහභාගි වීමට යොමු කරන්න.
Group link⬇️
https://chat.whatsapp.com/C4ESj4mRypdCb2tqjhzUaW
සිසුන් ලියාපදිංචිය සඳහා පහත google form එක පුරවන්න.⬇️
http://tiny.cc/xenondetails
පන්තියට පහසු දින හා වෙලාවල් පන්තිය සඳහා යොදා ගැනීමට අවශ්‍ය බැවින් පහත google form එකද පුරවන්න.⬇️
https://forms.gle/1q8qkrUrRu892mh89
#විභාගයට_මුහුණ_දෙන_ඔබට_වටිනා_උපදෙස්_කිහිපයක්
01. හැමවෙලේම සුභවාදිව හිතන්න.
සමහර අය ඉන්නවා මේ සැරේ විභාගය අමාරු වෙයි,මේ සැරේ පේපර් එක හදන්නේ අහවල් සර්,මේ සැරේ ලකුනු එකතු කරන්නේ අහවල් විදියට වගේ විභාගයට ඔබට වැදගත් නැති ඔබේ මානසික ශක්තිය පහල දාන අසුභවාදි සිතුවිලි වලින් ඔබේ මනස පුරවා ගන්න එක දැන්ම නවත්තන්න.ඔබට ඔබේ ගුරුවරු විභාගයට අදාල වන විශය නිර්දේශය අවසන් කරමින් පවතිනවා ඇති.ඔබ ඒවා මනා ලෙස අධ්‍යනය කරන්න.දැනටමත් ඔබ බොහෝ දෑ අධ්‍යනය කරලා ඇති.ඉතිරි දේවලුත් මේ කෙටි කාලය තුල අධ්‍යනය කරන්න.ඔබට විභාගයේදි " සාර්ථක ලෙස පිලිතුරු සැපයීමට නිසැකවම
ශක්තිය ඇතැයි "නිතර සිතන්න.
02. ඊර්ෂ්‍යාව අත් හරින්න.
ඒ කියන්නේ තමන්ගේ යාලුවා හරි වෙනත් කෙනෙක් හරි තමන්ට වඩා හොදට පාස් වෙයි,එහෙම නැත්නම් තමන්ට වඩා හොදට පාඩම් කරනව ඇති කියලා වගේ දේවල් හිතමින් තමන්ගේ හිතට වද දෙන්න එපා.ඔබ අනික් අයගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගෙ වැඩ ටික තමන්ගේ හිතට එකගව කරගෙන යන්න.කාගෙවත් ප්‍රථිපලයක් ඔබේ ප්‍රතිපලයට බලනොපාන බව සිතන්න
03. අන් අය අනුකරණය කිරීමෙන් වලකින්න.
ඒ කියන්නේ තමන්ගේ යාලුවා හෝ වෙනත් අයෙක් අධ්‍යනය කරන්න අනුගමනය කරන ක්‍රම තමනුත් ඒ ආකරයෙන්ම කොපි කරන්න යන්න එපා.තමන්ට ගැලපෙන තමන්ටම ආවේනික වු ක්‍රමයකට අධ්‍යනය කරන්න.කෙනෙක්ට ගොඩාක් අයට රෑ වෙනකන් අධ්‍යනය කරන්න පුලුවන් වුනාට සමහර අයට ඒක කරන්න බැහ නිදිමත එනවා.ඒ නිසා ඔබටත් ඉක්මනින් නිදිමත එනවනම කලින් නිදාගෙන උදේ පාන්දරම නැගිටලා අධ්‍යන කටයුතු කරන්න.
04. අධ්‍යන කටයුතු කරන වේලාවට වඩා ඉවර කරන වැඩ ප්‍රමානය වැදගත් යයි සිතන්න.
සමහර අය කියනවා "මම ඊයේ පාන්දර දෙක තුන වෙනකන් පාඩම් කලා මම පැය ගානක් පාඩම් කලා"වගේ දේවල්.නමුත් හිතන්න සමරහ අය ගොඩාක් වෙලා පොත් පත් දිහා බලාගෙන ඉදලා කියනවා පාඩම් කලා කියලා.නමුත් ඒක ඇත්තටම බොරුවක්.ඔබ හරියටම අධ්‍යනය කටයුතු කරන්නේ නම් යම් කිසි කාලයක් අවසානයේ ඔබ උගත් කරුනි ඇසුරෙන් පිලිතුරු ලිවීමට හැකියාව තිබිය යුතුය.
05. අධ්‍යනය කටයුතු කරන සෑම පැයකටම වරක් තමන් අධ්‍යනය කල කටයුතු වලට අදාල ප්‍රශ්න වලට පිලිතුරු ලිවීමට උත්සහ කරන්න.
සමහර අය විශය් කරුණු අධ්‍යනය කලාට ප්‍රශ්න වලට පිලිතුරු ලියන්න මැලි කමක් දක්වනවා.ඒ නිසා එයාල දන්න දේ විභාගයේදි සංවිධානය කරලා ලියා ගන්න බැරි වෙන්න පුලුවන්.ඒ නිසා ඔබ අධ්‍යනය කරන සෑම පාඩමකටම අදාලව ඔබ විසින්ම ගොඩ නගා ගත් ප්‍රශ්න වලට හෝ පසුගිය විභාග ප්‍රශ්න වලට හෝ පිලිතුරු ලියන්න පුරුදු වෙන්න.
06. කාලය මනා ලෙස කලමනාකරනය කරගන්න.
මේකට කරන්න තියෙන හොදම දේ තමා ඔයාට ලියන්න තියෙන ප්‍රශ්න පත්‍රයට සම්පූරනයෙන් ලැබෙන කාලය සහ ලිවිය යුතු මුලු ප්‍රශ්න ගනන ඇසුරෙන් එක් ප්‍රශ්නයකට ලැබෙන සාමාන්‍ය කාලය කොපමනද කියලා හොයාගෙන ඒ ඒ ප්‍රශ්න වලට පිලිතුරු ලිවීමේදි ඒ ප්‍රශ්නයට අදාල සාමාන්‍ය කාලය තුලදී ලිවීමට උත්සහ ගන්න.අනික් කරුන නම් පාසලේදි හෝ ටියුශන් පන්ති වලදි ලබා දෙන ප්‍රශ්න පත්‍රවලට සහභාගි වී අදාල කාලය තුල ඒවා ලිවීමට පුරුදු වන්න.
07. ප්‍රශ්න වලට පිලිතුරු ලිවීමේදි සාරාංශ ගත මෙන්ම ඉතා පැහදිලි ලෙස ලිවීම.
ඒ කියන්නේ අත් අකුරු සංඛ්‍යා ඉතා පැහදිලි ලෙස ලිවීම.එමෙන්ම පිලිතුර ඉදිරිපත් කල යුත්තේ නොදන්නා අයෙක්ට තමා දන්නා දේ කියා දෙනවා වගේ පැහදිලි ලෙසය.ඔබ යම් කිසි පිලිතුරක් ලබා ගන්න ආකාරය දන්න නිසා උත්තරය විතරක් හෝ ගොඩාක් කෙටියෙන් උත්තරය ලියලා ආවොත් ඔබට අදාල ප්‍රශ්නයට සම්පූර්න ලකුනම හෝ ලකුනු බොහෝ ප්‍රමානයක් අහිමි විය හැක.
08. ප්‍රශ්න පත්‍රය කියවීමට දි ඇති කාලය හොදින් ප්‍රයෝජනයට ගන්න.
අපි දන්නවා දැන් බොහෝ විභාග වල මිනිත්තු කිහිපයක් ප්‍රශ්න පත්‍රය කියවීමට ලබා දෙනවා.අන්න ඒ කාලය තුල සම්පුර්න ප්‍රශ්න පත්‍රයම කියවලා අදහසක් ගන්න.ඉන් පසු ඔබ ලිවීමට තෝර ගන්න ප්‍රශ්න මනා ලෙස සංවිදධානය කර ගන්න.ඒ වගේම ඔබට වඩාත් හොදින් ලියන්න පුලුවන් ලෙසි ප්‍රශ්නයකින් පිලිතුරු ලිවීම ආරම්භ කලහොත් ඔබට විශාල මානසික විශ්වාසයක්ද ගොඩ නගා ගැනීමට හැකි වේවි.
09.අවසාන මොහොත වන තෙක් උත්සහය අත හරින්න එපා.
ඒ කියන්නේ "විභාගයට තව ටික කාලයයි තියෙන්නේ,ඒ කාලය මට මදි","ප්‍රශ්න පත්‍රයට වෙලාව මදි වෙයි", "මේ පාඩම් ටික පාඩම් කරගන්න බැරි වෙයි" වගේ අතිශයින් අසුභවාදි සිතුවිලි අත් හරින්න.තරගයක් ආරම්භයේ අන්ත පරාජයේ සිටින සමහර තරගකරුවන් අවසාන මොහොතේ සියල්ල අභිබවා ජය ගන්නා ආකරය අපි දැකලා තියෙනවා.ඒ නිසා විභාගය ලියල ඉවර වෙන අන්තිම මිනිත්තුව දක්වා බලාපොරොත්තු අත හරින්න එපා.
10.රූපවාහිනි,ජංගම දුර්කථන,පරිඝනක වැනි දෑ තුලින් හැකි තරම් ඈත් වන්න.
ඉහත කී දේවල් භාවිතා කරමින්,විශේශයෙන් අන්තර්ජාලයේ රස්තියාදු කාරයෙක් වෙන්න එපා.සමාජ ජාලා වෙබ් අඩවි තුල රස්තියාදු වෙන්න එපා.පුලුවන් තරම් ඒවාගෙන් ඈත් වන්න.අන්තර්ජාලය තමන්ගෙව් විශය දැනුම,කුසලතා ආකල්ප සංවර්ධනය කර ගැනීමට යොදා ගැනීමට හැකි නම් ගැටලුවක් නැත
11. මතක ශක්තිය වර්ධනය වන ක්‍රියාශීලි බව වර්ධනය වන යහපත් ආහාර පාන පමනක් ගන්න.
විශේශයෙන් කෙටි ආහර වර්ග වලින් වලකින්න.කෘතීම වර්න රසකාරක ඇති ආහාර වලින් වලකින්න හැකි නම් ඔබේ කය මෙන්ම මනසද ක්‍රියාශීලිව තබා ගත හැක.අධ්‍යනය කටයුතු කරන විට නිතරම ප්‍රමානවත් පරිදි ජලය පානය කරන්න.එය මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුනු කිරීමට වඩාත් වැදගත් වේවි.
12. ඔබ අදහන ආගම භක්තියෙන් අදහන්න දවසේ වෙලාවක් වෙන් කරගන්න.
ඔබ කුමන ආගමක් ඇදහුවත් ඒ සදහා දිනකට යම් කිසි වේලාවක් වෙන් කරගෙන(හැකිනම් ආගමික ස්ථානයකට ගොස්) ආගම දහම අදහන්න.හදතින්ම තමාට මෙන්ම අන් අයටද යහපත ප්‍රාර්ථනා කරන්න.එමයින් ඔබට විශාල සහනයක් මෙන්ම මානසික ශක්තියක් ගොඩ නැගේවි.
13. කෙටි සටහන් කඩෙන් මිල දී ගැනීම හෝ උපකාරක පන්ති ගුරුවරයා ලබා දෙන ඒවාට වඩා තමා විසින්ම සාද ගත් කෙටි සටහන් භාවිතා කරන්න.
මුද්‍රිත අකුරු වලට වඩා තමාගේ අත් අකුරින්ම ලියූ දෑ කියවීමේදි මතක තබා ගැනීමට අපේ මනස කැමති නිසා පාඩම් කරන විට ඔබම කෙටි සටහන් හදා ගන්න.
14. තමා ඉගෙන ගන්නා දේ තමාගෙ මිතුරන්ට කියා දීමට මෙන්ම තමා නොදන්නා දේ ඒ අයගෙන් අසා සිටීමට නිහතමානී වන්න.
යම් කිසි පාඩමක් ඔබට වඩාත් හොදින් තේරුනේ නම් ඒක තමන්ගෙ යාලුවන්ටත් කියල් දෙන්න.ඒකෙන් ඔබ දන්නා දේ වඩාත් හොදින් ඔබේ මනසේ ස්ථාපිත වනවා සේම සොබාදහමෙන්ද ඔබට ආශිර්වාදයක් ලැබේවි.එමෙන්ම තමන් නොදන්න දේ තමන්ගේ දන්න යාලුවන්ගෙන් හෝ වෙනත් කෙනෙක්ගෙන් නොපමාව අසා දැන ගන්න.
15. ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න.
තමන් තමන් ගැන විශ්වාසයක් ගොඩ නගා ගන්න.කුමන තත්වයක් මත වුවද ඔබට විභාගය ඉහලින්ම සමත් වීමට හැකි බව තරයේ විශ්වාස කරන්න.
16. අනවශ්‍ය පීඩනයක් ඔලුවේ තියා ගන්න එපා.
විභාගයට තව ඇත්තේ කෙටි කාලයක් නිසා මනස ඉතා සැහැල්ලුවෙන් තියා ගන්න.මේ කාලයේ ඔබ කල යුත්තේ උගත් විශය කරුනු මෙනෙහි කිරීමත් නොකඩවා අධ්‍යනය කටයුතු කිරීමත් ය.
ඔබට ජය !!!
ඔබට දීප්තිමත් අනාගතයක් වේවා !!!
* ~ ලක්ෂිකා ප්‍රසාදිනී ~ *
10 ශ්‍රේණිය
14 පාඩම - #ජීවයේ_අඛණ්ඩතාව (වීඩියෝ)
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kelaniya