04/02/2023
මාතර ප්‍රාදේශීය සභාව මගින් මෙහෙයවනු ලබන
තල්පාවිල මහින්ද විජේසේකර සංස්කෘතික කේන්ද්‍රීය
පරිගණක පුහුණු මධ්‍යස්ථානය.
2006 වර්ෂයේ සිට මේ දක්වා මාතර ප්‍රාදේශීය සභාව මගින් මෙහෙයවනු ලබන, තල්පාවිල මහින්ද විජේසේකර පරිගණක පුහුණු මධ්‍යස්ථානය ඉතා සාර්ථකව පවත්වාගෙන යයි. ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල පාසල් යන, පාසල් හැරගිය, රැකියා අපේක්ෂිත, රැකියාවල නියුතු විශාල පිරිසකට පරිගණක අධ්‍යාපනය ලබා දෙමින් මේ වන විට අති සාර්ථක ලෙස කණ්ඩායම් 19 ක් පාඨමාලාවන් අවසන් කොට ඇත. එය තව දුරටත් පුළුල් කරමින් නව පාඨමාලා කිහිපයක් ද සමගින් නව අධ්‍යයන වාරය ආරම්භ කර, 20 වැනි කණ්ඩායම බඳවා ගැනීම සඳහා සියළු කටයුතු මේ වන විට සම්පාදනය කොට ඇත.
මෙම පාඨමාලාවන්හි විශේෂත්වයන්....
📌 විදිමත් විෂය නිර්දේශ භාවිතා කිරීම.
📌 අසීමිත ප්‍රායෝගික පුහුණුව.නවීන ක්‍රම ඔස්සේ අධ්‍යයනයන් සිදු කිරීම.
📌 සහනදායි ලියාපදිංචි ගාස්තු පමණක් අය කිරීම.
📌 පාඨමාලා සාර්ථක ලෙස අවසන් කරන සැමට මාතර ප්‍රාදේශීය සභාව
මගින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනැමීම.
📌 විවිධ ආයතන මගින් සිදු කරන ඉල්ලීම්වලට අනුව රැකියා අවස්ථා සඳහා
යොමුවීමේ හැකියාව.