11/09/2025
Sinha rawaya සිංහ රාවය
sinha rawaya - Shanuka Vimalarathna - Sinhala Class
11/09/2025
29/08/2022
29/08/2022
සෙංකොට්ටං / පොඩිනා / හේනේ මාමා....
පොඩිනා සහ සෙංකොට්ටං යන වචන දෙක මගේ ලඟ මිතුරන්ට නම් අලුත් දෙයක් නෙවෙයි ....එහෙත් මට අලුතෙන් හමුවන අය මගෙන් අහන දෙයක් තමයි මොනවද මේ සෙංකොට්ටං කියන්නේ කියලා.. ඒ ප්‍රශ්නයට සෙංකොට්ටං නව කතාවේ රචක මහින්ද මස්ඉඹුල ත් දහස් වරක් උත්තර දීලා ඇති .සෙංකොට්ටං ගෙඩි පිටින් අමුතු සියුම් සුවඳක් ගලනවා.. ඒත් ඒගෙඩියෙ කිරි ඇහැට එහෙම ගියොත් විසයි ලු ..මම සරලව දන්න දෙයක් තමයි වියැළුණු සෙංකොට්ටං ගෙඩිය තුවාල කරලා ගලන කහට දොඩම් කටුවක තුඩට අරගෙන තමයි ඉස්සර රෙදි නැන්දලා ඇඳුමේ ලකුණ දාන්නේ ඇඳුම අයිතිකරුවන් කවුද කියලා අඳුනගන්න ..සෙංකොට්ටං කිරිවලින් ඇන්ද කහට පැල්ලම ඒ ඇඳුම තියන තාක්කල් මැකෙන්නේ නෑ ...ඒ තරමට ඒ කහට ඇඳුමට අල්ලලා හිටිනවා ...ගමේ එක එක ගෙවල් වලට අයිති ලකුණක් එයාලා කමිස කොලර් එකේ ඇතුල් පැත්තෙන් හෝ කලිසමක් නං සාක්කුවක ඇතුල් පැත්තෙන් ඇන්දම නොපෙනෙන විදිහට දානවා .. කොට්ට උර , ඇඳ ඇතිරිලි, මේස රෙදි , වල පවා එයාලා ලකුණු දාන අහුමුලු තෝරගෙන තියෙනවා .. මම පොඩි කාලේ දැක්ක අපේ ගමේ රෙදි නැන්දා නම් ගොඩක් ඒව ලකුණු කරල තිබුනෙ රෝම ඉලක්කම් වලට සමාන සලකුණු වලින්.. උදාහරණ විදිහට O, X, V, II ,+, වගේ. සලකුණ දැක්කම එයාලට මතකයි ඇඳුම කොයි ගෙදර එකක්ද කියලා... රෙදිනැන්දා හෝ එතුමියගේ ස්වාමියා හෙවත් "හේනේ මාමා" කියලා අපි කියන්නේ රෙදි පොට්ටනියත් අරගෙන ගෙයින් ගෙට එනවා කියලා මම අහලා තියෙනවා.. දැනට අවුරුදු 40- 50 කට විතර කලින් අපේ ගම පැත්තෙත් එහෙම ඇවිත් තියනවා .වැඩිවියට එන්න කිට්ටු දැරිවියක් හෙම ඉන්නව නම් රෙදි නැන්දා ඇහැ ගහගෙනලු ඉන්නෙ... මොකද නාවන දවසට ඒ දැරිවිගෙ පරණ කරාඹු කුට්ටම ඇතුලු පුංචි පුංචි දීමනා ටිකක් නැන්දට ලැබෙනවා ඒ ගෙදරින්...ගෙයින් ගෙට අරන් එන ඒ ලොකු පොට්ටනිය ඇතුලේ පොඩියට පොට්ටනි දෙකක් තියනවා එකක කිලිටු රෙදි , අනිත් එකේ සෝදල මැදපු රෙදි ...සෝදපු රෙදි ආපහු ගෙනත් දීලා ආයෙත් හෝදන්ඩ රෙදි තියනවනම් කිළුටු රෙදි වෙනම ඇතුලෙ තියෙන පොඩි පොට්ටනිය ට දා ගන්නවා..වැඩිපුරම ඒ අතරෙ තියෙන්නෙ සුදු රෙදි. මොකදඒ අතරෙ ජාතික ඇඳුම් තියනවා.. ඒ වගෙම වන්දනා ගමනක් හෝ මඟුල් තුලාවකට ඇන්දෙත්, වැදගත් කියලා හිතෙන ඕනැ ගමනකට එදා ගම්වැසියො ඇන්දේ සුදු...
හෙට්ටු කරන අය වගේම,මුදලට අමතරව හාල් පොල් දුංකල වගේ දේවල් අතමිට මොලවන ලමාතැනීලා රෙදි නැන්දට ගමේදි හම්බු වෙනවා.. ඒ වෙලාවට අතේතියන පන් මල්ලට ඒවා ඔබාගන්නවා.. රෙදි පොට්ටනිය සමබරව ඔලුව උඩ තියාගෙන අත් දෙකටමත් මොනව හරි අරන් නියරක් දිගේ වුණත් රෙදි නැන්දා යන්නෙ හිසේ මොකුත් නැති තරම් හුරුවෙන්.. ඒ තරමට වැඩේ ගැන ප්‍රවීණයි...
රෙදි සෝදලා මදින්න කලින් සව් කැඳ වල දානවා කියලා දෙයක් එයාලා කරනවා.. ඒක කරන්නේ සව් ඇට උණු වතුරේ තම්බලා රෙදි කඩකින් ඇට ටික වෙන්කරනවා.. ඊට පස්සෙ ඒ වතුරේ ඇඳුම ඔබලා ගසනවා... ඒක පොල්කටු ඉස්තිරික්කයෙන් මැද්දම අලුත් ඇඳුමක් වගේ ඒ රෙද්ද ගණකමට හිටිනවා....
පරණ සිංහල බෙහෙත් බඩු කඩවල්වල සමහරවිට කාලෙකට ඉස්සර ගෙනාපු සෙංකොට්ටං ගෙඩි ඉතිරි වෙලා ඉතිරිවෙලා තියෙන්නෙ පුළුවන් ..සෙංකොට්ටං ගෙඩි මිලට ගන්නේ රෙදි නැන්දලා විතරයි කියලා මම සෙංකොට්ටං ගෙඩි හොයමින් බෙහෙත් බඩු කඩවල් පීරපු කාලෙ ඒ කඩේක එක්කෙනෙක් මට කිව්වා....ඇඳුම් වල ලකුණු දාන වැඩේ කරන්න විතරයි සෙංකොට්ටං ගෙඩි ඕනෑ වෙන්නේ කියලා. .. වෙන දේවල් වලට සෙංකොට්ටං ගෙඩි ඕන වෙන්නේ නෑ මම දන්න තරමින් ...මේ ෆොටෝ දෙකත් සෙංකොට්ටං වල විද්‍යාත්මක පසුබිම ගැන රජිත ඉඳුනිල් වැලිතර ලියූ විශේෂ තොරතුරුත් මම දැක්කේ සන්ථව පේජ් එකෙන්...සෙංකොට්ටං ගෙඩියෙන් ඇඳුමේ ලකුණු කරණ ෆොටෝ එක ලබා දුන්නේ මොහාන් අලගියවඩු මහත්මයා.
✒️ රනිල් මුදුන්කොටුව ...
((( පසුව ලිවීම - උඳුගොව්වන් කෑමේ රෝගයට පිලියමක් ලෙස සෙංකොට්ටං කිරි ආලේප කරන බවත්, ආයුර්වේද තෙලක් හිඳීමට භාවිතා කරන බවත් කමෙන්ට් දෙකක සඳහන්වී තියෙනවා...)))
"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
'සෙංකොට්ටන්'කියන්නෙ ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ වැඩෙන ගසක්.සෙංකොට්ටන් පවුලට අයත් semecarpus ශාඛ වර්ග 14 ක් ලංකාවේ දකින්න පුලුවන් ඉන් 12 ක්ම ලංකාවට ආවේනිකයි..'බදුල්ල'කියන ශාඛය ඉන් එක වර්ගයක්.බදුල්ල කිරි සම මතුපිට ගෑවුනාම වණ වෙනවා.
සෙංකොට්ටන් හි විද්‍යාත්මක නම semecarpus anacardium නම් වෙනවා.අපි සිංහලෙන් සෙංකොට්ටන් කිව්වට දෙමළ භාෂාවෙන් කියන්නෙ 'සෙන්කොට්ටෙයි'කියලයි.ඉංග්‍රීසි බසින් marking nut/varnish tree යන නම් වලින්ද සංස්කෘත බසින් arushkaram යන නමින්ද මලයාලම් බසින් thenlcotta/alakku cheru යන නම් වලින්ද හින්දි බසින් bhilava යන නමින්ද හඳුන්වනවා.මේ පහතින් අපි දකින්නෙ සෙංකොට්ටන් ගෙඩි.
විශේෂ තොරතුරු-රජිත ඉඳුනිල් වැලිතර.
30/06/2022
කැල්ටෙක්ස්, ෂෙල්, මොබිල්, එසෝ හා ස්ටෑඩඩ් ඔයිල් යන තෙල් සමාගම් ලංකාවට නිදහස ලැබී වසර 16 ක් යනතුරුම රටට තෙල් ආනයනය කළෝය. රට පුරා තෙල් බෙදා හැරියෝය. එයින් රටට විශාල ආදායමක් සහ ලාබයක් ද ලැබුණේය.
ඒ කාලයේ තෙල් හිඟයක් හෝ මිල වැඩිවීමක් ගැන අසන්නට තිබුණේ නැත.
ලංකාවට පෙට්රල්වලින් වැඩකරන කාර් එකක් මුලින්ම ගෙනාවේ 1904 දීය. ‘‘ඕල්ඩස් මොබිල්’’ (OLDS MOBILE) වර්ගයට අයත් මෙය අශ්වබල පහක ඇන්ජින් ධාරිතාවකින් යුක්ත විය. අශ්වබල පහක් යනු අශ්වයන් පස්දෙනෙකුගේ වේගයෙන් යුක්ත බවකි. අද ඇන්ජින් ධාරිතාව මැනෙන්නේ සිලින්ඩර් ධාරිතාවෙන් (Cylinder Capacity) වන අතර සාමාන්‍ය වාහනයක් CC 650 සිට 4000 දක්වාත් ඊට වැඩියෙනුත් තිබේ.
පෙට්රල් කාර් එක මුලින්ම ගෙන්වූයේ G. CGNAPP නමැති සුදු ජාතිකයාය. ඔහු එය ගෙන්වූයේ ඊ. එල්. එස්. ද සොයිසා මහතා වෙනුවෙනි. ඒ අනුව ලංකාවේ ප්‍රථම කාර් හිමියා වන්නේ ඊ. එල්. එස්. ද සොයිසා මහතාය.
එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූයේ සර් හෙන්රි අතර්බ්ලේක් (1903-1907) මහතාය. ආණ්ඩුකාරයාටවත් කාර් එකක් තිබුණේ නැත. මෙරටට පෙට්රල් ගෙන්වුයේද 1904 දී මේ වාහනය වෙනුවෙනි. ප්‍රථමයෙන් ලංකාවට පෙට්රල් ගෙන්වූ පුද්ගලයා ලෙසට ඉතිහාස ගතවී ඇත්තේද වාහනය ගෙන්වූ ජී.සිග්නපා (G.CGNAPP) සුදු ජාතිකයාවේ.
මේ සොයිසා පවුල ලංකාවේ එවකට සිටි ධනවත්ම පවුලකි.
ඉඩම් අක්කර 4000 ක් උපතින්ම හිමිවූ ඔවුන්ට අක්කර 10,000 ක කෝපි වත්තක්ද පොල්, රබර්, තේ, කුරුඳු වතු ද මිනිරන් පතල් ද හිමිව තිබුණි.
1909 අවසානය වනවිට ලංකාවේම තිබුණේ පැට්රල්වලින් ධාවනය වන වාහන 21 කි. ඒවාට අවශ්‍ය ඉන්ධන වර්ග ද වාහන ගෙන්වූ ආයතනය මගින්ම ගෙන්වූයේය. ගෙන්වූ වාහන සියල්ලම ‘‘ඔල්ඩස් මොබිල්’’ වර්ගයේම විය.
ප්‍රථම වාෂ්ප මෝටර් රථය
ඉහත කී දියුණුවට පෙර මෝටර් රථ ක්‍රමය ප්‍රථමයෙන්ම යෙදවනු ලැබුවේ 1769 ලන්දේසි ආණ්ඩුකාර ඉමාන් විලෙම් ෆැල්ක්ගේ පාලන කාලයේදීය. දුම්රිය ඇති වූයේද මේ කාලයේ දීමය. මේ මෝටර්රථය වාෂ්ප බලයෙන් ක්‍රියාකළ එකක් වීම නිසා එය සාර්ථක වූයේ නැත. 1902 දී දෙවන වරටත් ‘‘රෝවර්’’ වර්ගයේ වාහනයක් එඩ්ගාර්මනි නමැත්තෙකු විසින් ගෙන්වන ලදී.
යටත් විජිත සමයේ සර් ආතර් ගෝඩන් ආණ්ඩුකාරවරයාගේ කාලයේ (1883 - 1890) ඉංග්‍රීසි ජාතික ඩේම්ලර් නමැත්තෙකු විශාල වේගයක් ලබාගත හැකි ඇන්ජිමක් නිපදවීය. එය මෝටර් බයිසිකලයකට හා මෝටර් කාර් රථයකටද යොදා පාවිච්චි කළේය. 1887 දී ප්‍රථම මෝටර් කාර් රථයට යොදා එය පාවිච්චි කළේය. මෙය තෙල් යන්ත්‍රයක් බවට පත්කර ගැනීම සඳහා පැට්ට්‍රෝලියම් බෙන්සීන් නම් වූ ඉන්ධන වර්ගය ගෙන්වා පාවිච්චි කළේය. එහෙත් මෝටර් රථ ධාවනය ඒවන විට එංගලන්තයේවත් නොතිබුණි.
ප්‍රථමයෙන් ‘‘ඩෙම්ලර්’’ වර්ගයේ වාහනයක් ගෙනාවේ නීතිඥ එෆ්.ජේ. ද සේරම් මහතාය. ඉන්පසුව ක්‍රමයෙන් ටික ටික වාහන වැඩිවන්නට විය.
ලංකාවේ ඉන්ධන වර්ග ප්‍රයෝජනයට ගැනීම ආරම්භ වූයේ 1904 වාහන ගෙන්වීමත් සමගයි. බ්‍රිතාන්‍යයේ ‘‘බ්‍රිටිෂ් පෙට්ට්‍රෝලියම් සමාගම’’ ප්‍රථම තෙල්නැව ගෙන ආ අතර තෙල් ගබඩා කිරීම හා වාහනවලට පොම්ප කිරීමේ ඉන්ධන හලද පිහිටුවිණ.
එය නම් කළේ ‘‘ෂෙල්’’ (Shell) යන නමින්ය. මේ වන විට එංගලන්තයේ තෙල් නිෂ්පාදනය ඉතා දියුණු තත්ත්වයකට පත්ව ‘‘පර්සියන් ඔයිල් කොම්පැනියෙන්’’ කොටස් සියේට 51ක් මිලදී ගැනීමට සමත්විය. 1914 වන විට බ්‍රිතාන්‍ය නාවික හමුදාවලට තෙල් සැපයුවේ බ්‍රිටිෂ් පෙට්ට්‍රොලියම් සමාගමයි. පළමුවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර රටවල නාවික හමුදාවන්ට ද තෙල් සැපයීමට එංගලන්තයට හැකිවිය. එය ලෝකයේ හයවැනි තෙල් සමාගම බවට පත්වුණි.
1912 සිට (බ්‍රිතාන්‍ය යටත්විජිත) 1921 දක්වා ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා කාලය වන විට මෙරට බලවතුන් ධනවතුන්ට කාර් නැතිවම බැරිවිය. මෙම වාහන සඳහා ඉන්ධන පිරවුම් හල් ද බිහිවුණි.
මොබිල් (MOBIL) කැල්ටෙක්ස් (CALTEX) ෂෙල් (SHELL) එසෝ (ESSO) සහ ස්ටෑඩඩ් ඔයිල් යන තෙල් සමාගම් ඇතිවිය. මේ නාම පුවරු යටතේ රට පුරාම පෙට්ට්‍රල් ෂෙඩ් නමින් ඉන්ධන පිරවුම් හල් ඇතිවිය. ඒවාට පිටරටින් තෙල් ගෙනාවේත්, බෙදාහැරියේත් එම බහු ජාතික සමාගම් විසිනි. නැව්වල සිට තෙල් පොම්ප කිරීමේදීත්, තෙල් ගබඩා සංකීර්ණයේ හා ඉන්ධන පිරවුම් හල්වල හා වෙනත් ඒ සම්බන්ධ නඩත්තු කටයුතු සියල්ලම කළේ යටකී බහුජාතික සමාගම් විසිනි.
තෙල් ජනසතුව
1964 වනවිට ඛනිජතෙල් අපනයනය නිසා විශාල මුදලක් ලංකාවට ඉතිරි කර ගැනීමට හැකි විය. මේ කාලයේ මොබිල්, කැල්ටෙක්ස්, ෂෙල්, එසෝ, ආදී නම්වලින් බහුජාතික සමාගම් 13ක් ලංකාවට තෙල් ආනයනය කිරීම මෙන්ම ඒවා රට තුළ බෙදා හැරීමේ ද ඒකාධිකාරය අත්පත් කරගෙන සිටියහ.
ඔපෙක් සංවිධානය පිහිටුවීමට පෙර ලෝකයේ තෙල් බලවතුන් වූයේ එංගන්තය සහ ඇමෙරිකාවයි. මෙම බහුජාතික සමාගම් යටත් විජිත යුගයේ සිට ලංකාවට නිදහස ලැබී වසර 16ක් යනතුරුම මෙරට තෙල් කළමනාකරණ කරගෙන ගියද කිසිදු අග හිඟයක් හෝ අර්බුදයක් වූයේ නැත. අර්බුදය ඇතිවූයේ වාමාංශික සමගිය ගොඩනැගීම සඳහා කැබිනට් සංශෝධනයක් 1964 ජුනි මාසයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් සිදු කිරීමෙන් පසුවයි.
එම කැබිනට් සංශෝධනය අනුව මුදල් ඇමැතිවරයා වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතායි. ටී. බී. ඉලංගරත්න මහතා දේශීය හා විදේශීය වෙෙළඳ ඇමැතිවරයයි. තෙල් ජනසතුව පිටුපස සිටි තිර රචකයෝ වූයේ මේ දෙදෙනාය. අධිරාජ්‍ය ධනේෂ්වර රටවල් ලංකාවට තෙල් වැඩි මිලට විකිණීමෙන් කරන සුරා කෑම නිසා උද්ධමනය සිදු වන්නේ යැයි ද මේ සඳහා සෝවියට් දේශය ඊජිප්තුව ආදී රටවලින් බෙහෙවින් අඩු මුදලකට තෙල් ගෙන්වා ගත හැකි යැයි අදහසක් අගමැතිනියට ඇතිවිය. මෙය මැතිනියගේම අදහසක් නොව කිසිවකු හෝ කිසියම් පිරිසක් රෝපණය කළ අදහසකැයි කියවුණි.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තෙල් සමාගම්වල නියෝජිතයින් කැඳවා එම රටවලින් අඩු මිලට තෙල් ආනයනය කරන ලෙස ඉල්ලා සිටියාය. ඔවුන් එයට එකඟවූයේ නැත.
රජය මැදිහත්වී ඒ රටවලින් තෙල් ගෙන්වා දීමටත් බහුජාතික සමාගමවලින් ඒවා රට තුළ බෙදීමත් කළ හැකි දැයි මැතිනිය විමසූවිට ඔවුන් කීවේ ‘‘අපේ නළවලින් ‘රතු තෙල්’ බෙදාහැරීමට බැරිය’’ යන්නයි. එවිට මැතිනිය කීවේ සියලුම තෙල් සමාගම්වල බෙදා හැරීමත්, තෙල් ආනයනයත් රජයට පවරා ගන්නවා කියාය. මෙය එතුමිය කීවේ තර්ජනයක ස්වරූපයකිනි.
තෙල් සමාගම් ජනසතු කිරීමේ පනතක්, නීති රීති ඇතුළුව සකස් කිරීමට ඇය උපදෙස් දුන්නාය. සියලුම තෙල් සමාගම්වලට වන්දි ගෙවීමට ද ඇය නියෝග කළාය.
ජනසතු කිරීමට යන තෙල් සමාගම්වලින් එකක් ඇමෙරිකාවට අයත් නිසා ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට තරයේම විරෝධය ප්‍රකාශ කළහ.
එපමණක් නොව ඇමෙරිකන් එක්සත් ජනපද රජය ලංකාවට ලබාදෙන සියලුම සහනාධාර නතර කරන බවට ද තර්ජනය කළහ.
එවකට සිටි ඇෙමරිකන් තානාපතිනිය මේ ප්‍රශ්නයට මැදිහත්කරුවෙකු ලෙස ඉදිරිපත් වී මිත්‍ර ලීලාවෙන් ප්‍රශ්නය විසඳීමට උත්සහ ගත්තාය. ඇය සිරිමාවෝ අගමැතිනිය හමුවී කීප වාරයක්ම සාකච්ඡා කළාය.
මැතිනියත් තානාපතිනියත් (විල්ස් මෙනෙවිය) අතර මෙසේ සාකච්ඡා පැවැත්වෙද්දී ලංකාවට දෙන ආධාර සහමුලින්ම නතර කළ බව ඇමෙරිකාව ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගෙන තිබූ වෙළෙඳ ගිවිසුම්වල බලය අහෝසි කළේය. ඒ අනුව ලංකාවට දී තිබූ ශිෂ්‍යත්ව පවා අවලංගු විය.
එහෙත් මැතිනිය තෙල් සමාගම් රජයට පවරා ගැනීම අවලංගු නොකළාය. සිරිමා රජය 1961 අංක 28 දරන විධිවිධාන යටතේ තෙල් සමාගම් සියල්ලම වන්දි ගෙවමින් රජයට පවරා ගත්තේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරම්භයයි.
සෝවියට් දේශයෙන් හා ඊජිප්තුවෙන් කාලයක් යන තුරුම ලංකාවට තෙල් ලැබුණ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු ද ආරම්භ විය. 1969 අගොස්තු මාසයේ දී තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු නිමවිය. ඉරානයේ නැෂනල් ඉරෙනියන් තෙල් කොම්පැනියේ සහයෝගයෙන් හා උපදේශකත්වයෙන් CEYLON PETROLEUM CORPORATION (CEYPETCO) යන නාමය සමාජගත විය. මෙහි ප්‍රථම සභාපතිවරයා වූයේ රාජනීතිඥ එන්.ඊ. වීරසූරිය මහතාය. ඉන්පසු ඇමැතිවරු පත්වන ගණනටම සභාපතිවරු ද පත්වූහ.
ජනසතු කිරීමෙන් පසු අර්බුද නිර්මාණය වූවා මෙන්ම අලුත් නිෂ්පාදන ද බිහි වන්නට පටන් ගත්තේය. 1970 මැයි මාසයේ සිට ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය කිරීමත්, බෙදා හැරීමත් සිදු විය. 1978 වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් අතුරු නිෂ්පාදන රාශියක්ම වෙළෙඳ පොළට ආවේය. නයිලෝන් නූල්, ටයර් නිෂ්පාදනයට අදාළ නූල්, මාළු දැල්, ගොවිතැනට සම්බන්ධ කෘෂිරසායන හා පොහොර, බිටුමන් (තාර දැමීම සඳහා පාවිච්චි කරන දියර) ආදිය දේශීය හා විදේශීය වෙළෙඳපොළට ගියේය.
විදුලිබලාගාර
සපුගස්කන්දේ තෙල් පිරිපහදුව ආරම්භ කිරීමෙන් පසු විදුලි බල මණ්ඩලයට තෙල් සංස්ථාව නැතිවම බැරි විය. විදුලි බලාගාර පණගැන්වීමට දැවිතෙල් හෝ ඩීසල් සැපයුම්කරු වූයේ තෙල් සංස්ථාවයි. එහෙත් මෙම ආයතන දෙකම ජාතික මෙහෙවරක් කරනවාට වඩා අද ජාතියට හිරිහැර කරන ආයතන බවට පත්වන්නේ රට මුහුණ දෙන විදුලිබල අර්බුදයත්, ජනතාව පීඩාවට පත්කරන තෙල් සංස්ථාවේ අර්බුදයත් එකකට එකක් දෙවැනි වන්නේ නැත.
නිවැරදිව කෙරෙන ජනසතුව රටක් සංවර්ධනය කිරීමකි. එහෙත් හොරකම රාජ්‍ය පාලනයේ කොටසක් වූ කල ජනසතුව ජාතික අපරාධයකි. තෙල් ජනසතු කෙරුවාට වඩා බහුජාතික සමාගම්වලට තෙල් ඒකාධිකාරය පවත්වාගෙන ගිය කාලයේ අද වැනි අර්බුද එදා තිබුණේම නැත.
ලාංකිකයෝ තෙල් ගැන දැන ගත්තේ තෙල් සොයාගෙනත් වසර සියයකට කිට්ටු කාලයක් ගතවූවාටත් පසුවයි. අඳුරේ සිටි ජාතියකට ආලෝකය පෙන්වා දුන්නේ යුරෝපා ජාතීන්ය. එහෙත් පෘතුගීසීන් හෝ ලන්දේසීන් තෙල් පරිහරණය කළ බවක් ඉතිහාසයේ සඳහන්ව නැත.
බ්‍රිතාන්‍ය ලංකාව යටත් විජිතයක් බවට පත්කර ගැනීමෙන් පසු මංමාවත් තනවන ලදී. ලංකාවම බ්‍රිතාන්‍යයට අයිති වූ පසු ඔවුන්ට ඉක්මන් ගමන් බිමන් අවශ්‍ය විය. කරත්තය, තවලම, අශ්ව කෝච්චිය වෙනුවට වාෂ්ප දුම්රිය ඇතිවිය. එයට පෙර ගමන් බිමන් ලාංකිකයන්ට පුරුදු දේවල් නොවීය. උපන්දා සිටම පවුල් කුටුම්බ තුළ ජීවත්වී, වර්ගයා බෝකරමින් ජීවත් වූ ලංකාවේ ආදිතමයෝ දිග ගමනක් ගියා නම් ගියේ වනාන්තරයේ එහා කෙළවරකට පමණි. විජයාවතරණයෙන් පසු අලුත් ගම් බිම් නිර්මාණය විය. කැලෙන් එළියට ආ මිනිසා ලෝකය දකින්නට එහා මෙහා ඇවිදින්නටත් ගමන් බිමන් යාමටත් පටන් ගත්තේය. ලංකාවේ පැරණි යුගවල දී මිනිසා ගමන් කළේ පයින්ය. තවලමෙන් හෝ ගොන් කරත්තයෙන් බඩු ප්‍රවාහනය කළෝය. රජ මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූ පිරිස දෝලාවලින් හෙවත් පල්ලැක්කිවලින් ඔසවාගෙන යනු ලැබූහ. බ්‍රිතාන්‍ය යටත්විජිත කාලය වන විට උඩට ආවරණයක් සහිතව සැප පහසු ලෙසට පිළියෙළ කරන ලද ‘‘ඩැන්ඩිය’’ නම් වූ පුටු වර්ගයකින් ගමන් බිමන් ගියෝය. ඩැන්ඩිය ගියේ මිනිසුන් හතර දෙනෙකුගේ උර මතිනි.
මේ සියල්ලට අමතරව ප්‍රවාහනය සඳහා ‘‘රථ’’ යොදා ගත් බව මහාවංශ, සද්ධර්මරත්නවලී පාඨවලින් පැහැදිලි වෙයි. රථ යනුවෙන් අදහස් කරන ලද්දේ ගව, අශ්ව, හස්ථි ආදී සතුන් උපයෝගී කරගෙන ගමන් කරවනු ලැබූ රෝද සහිත වාහනයකි. ඒ රථය පසු කාලයේ දී මෝටර් රථය බවට පත් වී තිබේ. එය දුවන්නේ තෙලෙන්ය.
ප්‍රථම තෙල් ළිඳ
ලෝකයේ ප්‍රථම තෙල් ළිඳ හෑරුවේ චීනයේ බව සඳහන් වෙතත් එහි විස්තර වාර්තා වී නැත. ක්‍රි.ව. 347 දී චීනයේ මෙම තෙල් හෑරුවත් එහි ප්‍රගතියක් හෝ ඉදිරි පර්යේෂණ ගැන තොරතුරු සඳහන් නොවේ.
1847 දී තෙල් සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ස්කොට්ලන්තයේ රසායන විද්‍යාඥයෙකු වන ජෙම්ස් යංග් ටයි. (JAMES YOUN 1811-1883) ඔහු සොයාගත් ලිහිසිතෙල් (LUBRITATION) ලැබුණේ ගල් අඟුරු ආකරයක පර්යේෂණයකිනි. ප්‍රථමයෙන් මෙම තෙල් යොදාගත්තේ ලාම්පු පත්තු කිරීමටයි. මෙම තෙල් කොතරම් ජනප්‍රිය වූවාද කියතොත් ස්කොට් ලන්තයේ වීදි ආලෝක කිරීමටත් නිවාස ආදිය ආලෝක කිරීමටත් යොදා ගත්තේය. ජේම්ස් යං තවදුරටත් පර්යේෂණ කරද්දී ඔහුට තෙල් වර්ග, පැට්රෝල්, භූමිතෙල්, ඩීසල් ඇතුළු සංශ්ලේෂිත ඉන්ධන වර්ග සකස් කර ගන්නා අන්දම සොයාගත හැකි විය. එපමණක් නොව විවිධ උත්පාදක වායු වර්ග (GAS) ද සොයා ගත්තේය.
මෙම සොයාගැනීම්වලට අනුව තෙල් ළිං කැණීමේ දී මුලින්ම නිකුත් වන ස්වභාවික වායුව ද්‍රව බවටත්, ඝනී කරණයටත් පත්කොට අධිශීත තත්ත්වයක් යටතේ ගබඩාකොට ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයට ජේම්ස් යංග්ගේ අවධානය යොමුවිය. ඔහු එය සුරක්ෂිත කළේ එම වායුවෙන් ඩීසල් හෝ ගල් අඟුරු මෙන්ම ප්‍රබල වූ විදුලිජනක මාධ්‍යයක් වෙනුවෙනි. LNG වායුව සොයා ගැනීමේ (LIQUIDIZED NATURAL GAS) ගෞරවය ද ඔහුට හිමිවිය.
ඛනිජ තෙල් නිධි හෑරීමේ දී ස්වභාවික වායුව පිටවන අයුරුත් ඒවා LNG බවට පත්කරන අයුරුත් දැනගත් භූගර්භ විශේෂඥයෝ ඒ අනුව විවිධ පර්යේෂණ කරන්නට වූහ. යංග්ගේ පර්යේෂණවලට අනුව ස්වභාවික ඝන ඉන්ධන, ද්‍රව ඉන්ධන (අශුද්ධ පැට්රෝලියම්) වායු ඉන්ධන ආදිය හා ඒවායේ සංයුතිය ද සොයාගෙන ඒවායේ හිමිකම් බලපත්‍රය (PATENT) ද ලබාගත්තේය. ලෝකයේ ප්‍රථම පැට්රොල්, ඩීසල් භූමිතෙල් ආදී ඉන්ධන තෙල්වල හිමිකම ලැබුවේ ජේම්ස් යංග්ටයි.
1850 දී එඩ්වඩ් විලියම් නමැති භූගර්භ විද්‍යාඥයෙකු මොහු සමග එකතු වී ප්‍රථම තෙල් පිරිපහදුව පිහිටෙව්වේය. තෙල් සොයා ගැනීමේ පුවත ලෝකයට ආරංචි වීමත් සමග 19 වැනි සියවසේ දී කැනඩාවේ භූගර්භ විද්‍යාඥයෙකු වන ඒබ්‍රහම් පී. ගෙස්නර් නමැත්තා ගල් අඟුරුවලින් ඉතා තුනී ඉන්ධන වර්ගයක් නිපදෙව්වේය.
මෙසේ ඉන්ධන සොයා ගැනීමත් සමගම ගල්අඟුරු කර්මාන්තය පිළිබඳ රටරටවල අවධානය යොමුවී විවිධ පර්යේෂණ කරන්නට පටන් ගත්තේය. ඒ අනුව කැනඩාවේ කැරසින් ගෑස් ලයිට් නමින් විශාල කොම්පැනියක් පිහිටුවීය. 1847 දී ජේම්ස් යංග් ගෙන් පසුව පෙන්සිල්වේනියාවේ මුල් තෙල් බිම ගැන දැන ගන්නට ලැබුණේ දොස්තර එන්.බී. බ්‍රීවර් නමැත්තෙකුටයි. තිසුවිල් නමැති පළාතකින් සොයාගන්නා ලද අමුතු පස් සාම්පල් කීපයක් රැගෙන ඩාට්මවුන් විදුහලේ මහාචාර්යවරයා හමුවූ ඔහු රසායනිකව පර්යේෂණ කළේය. තෙල් පිළිබඳ සාධක අඩංගු වූයෙන් කැණීම් කළේය. අවුරුද්දක් තිස්සේ කරන ලද මෙම කැණීම්වල ප්‍රතිඵල ලැබුණේ 1859 අගොස්තු 27 දාය.
වසරක් තුළ අඩි 70 ක් පමණ කැනීම් කළ පසු අඩි 100ක් පමණ උසට ඉහළ නගිමින් මාහා තෙල් කඳක් (ඉහළට) විද්දේය. මේවා බැරල්වලට එකතු කොට බැරලයක් ඩොලර් 45 බැගින් බැරල් 35 ක් එතැනදීම වික්කේය. මෙසේ පෙන්සිල්වේනියාවේ තෙල් ලෝක ප්‍රසිද්ධ වෙද්දී තෙල් පිරිසිදු කිරීමේ නව ක්‍රමයක් පිළිබඳව ජොන් ඩී රොක්පෙලර් නමැත්තෙකුගේ අවධානය යොමු විය. එවකට ඔහියෝ හි වෙළෙන්දෙකු හා තෙල් නිෂ්පාදකවරයෙකු ලෙස පෙනී සිටි රොක් ෆෙලර් මහතා 1880 දී තමන්ගේ ම ‘‘ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගම’’ පිහිටුවමින් ඛනිජ තෙල් සම්පත පිළිබඳ ඉතිහාසයේ ඉතා වැදගත් පුද්ගලයෙකු බවට පත් විය.
ස්ටෑන්ඩර්ඩ් තෙල් සමාගම (STANDARD OIL COMPANY) අැමෙරිකානු ඛනිජ තෙල් වෙළෙඳාමේ ඒකාධිකාරය දිගුකලක් පවත්වාගෙන ගිය අතර ලංකාවේ ද තෙල් කොම්පැනි අතර ප්‍රධාන සමාගමක් බවට පත්ව තිබුණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ තෙල් ජනසතුවේ දී මෙම සමාගම රජයට පවරාගත් නිසා ඇමෙරිකාව ලංකාවට ප්‍රථම වරට සම්බාධක පැනවූ රටක් බවට ද පත්වුණි.
1852 දී පෝලන්ත ඉංජිනේරුවෙකු වූ ඉග්නාසි ලුකාසි මෙම ඉන්ධන තව තවත් දියුණුකොට හොඳ තත්ත්වයේ භූමිතෙල් හා පෙට්රල් ලබාගත්තේය. තෙල් ගවේශනය සඳහා පළමුවෙනි තෙල් නිධිය හෑරුවේ 1854 දීය. එය රොක් ඔයිල් (ROCK OIL) නම්විය. ඒ සමගම ඇමෙරිකාවේ මෙරිමැක් නමැති කොම්පැනිය විසින් 1857 දී අඩි 280 ක් ගැඹුරට කැණීම් කර විශාල තෙල් ලිඳක් හෑරුවේය. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාව ප්‍රදේශයේ 1859 වන විට විශාල වශයෙන් තෙල් නිධි හමුවන්නට විය.
1865 දී ජොන් ඩි රොක් ෆෙලර් ආරම්භ කළ ස්ටෑන්ඩඩ් ඔයිල් කොම්පැනිය කොතරම් දියුණු වූවාද කියතොත් ඔහු ප්‍රසිද්ධ වූයේ ඇමෙරිකාවේ තෙල් සිටාණෝ ලෙසයි. මේ අනුව රැකියාවේද බ්‍රිතාන්‍යයෝ ද තෙල් නිෂ්පාදනය වේගයෙන් දියුණුවන්නට විය.
බ්‍රිතාන්‍යයේ තෙල් ව්‍යාපාරිකයෙකු වන මාකස් සැමුවෙල් තෙල් ටැංකි සහිත විශාල නැව් යවා රුසියාවේ තෙල් ව්‍යාපාරය දියුණු කළේය. පළමුවතාවට සූවස් ඇළ මාර්ගයේ ගමන් ගත් තෙල් නැව් ලෙස වාර්තා ගත වන්නේ ඔහුගේ නිව්රෙක්ස් නමැති නෞකාවය. මෙම ජංගම තෙල් නැව් ලෝකය පුරාම මෙසේ ගමන් කරන්නට විය.
ඕලන්දයේ රොයල් ඩච් ඔයිල් කොම්පැනිය, පර්සියන් ඔයිල් කොම්පැනිය, බ්‍රිටින් පෙට්ට්‍රොලියම් කොම්පැනිය ආදී විශාල තෙල් සමාගම් රාශියක් ඇමෙරිකාවේ සහ යුරෝපයේ බල අධිකාරියක් ඇතිකර ගන්නවාත් සමගම අරාබිකරයේ ද තෙල් නිෂ්පාදන සමාගම් බිහිවිය. එහෙත් තෙල්වල ඒකාධිකාරය තිබුණේ යුරෝපයටත් ඇමෙරිකාවටත් පමණි. අරාබිකරයට තැනක් තිබුණේම නැත. මේනිසා අරාබියෙන් තෙල් පිටරට යවන රටවලට එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව උදාවිය. මැද පෙරදිග වැඩියෙන්ම තෙල් නිපදවන රට වූයේ සෞදි අරාබියයි. තෙල්වලට සාධාරණ මිලක් ලබා ගැනීමටත් යුරෝපයේ හා ඇමෙරිකාවේ තෙල් ඒකාධිකරය නැතිකර දැමීමටත් 1964 දී පයිසාල් කුමරු රජවූ පසු (සාවුද් ඉබාන් අබ්දුල් අසීස් රජුගේ සොයුරා) අරාබි රටවල් සංවිධානය කර තෙල් බලේ ලෝකයට පෙන්නුවේය. එවකට බලවත් අරාබි ඇමරිකන් (ඇරම්කෝ) සමාගමේ කොටස් විශාල වශයෙන් අරාබිය විසින් මිල දී ගන්නා ලදී ඔපෙක් සංවිධානය තෙල් රටවල බලවතා වූයේ මේ සංවිධානය වීම හේතුවෙනි. ඔපෙක් (OPEC) සංවිධානය අද ලෝකයේ බලවත්ම තෙල් අධිකාරියයි.
මුලාශ්‍ර - කැලණිය විශ්ව විද්‍යාලයේ දුර්ලභ පොත් අංශයේ ලැ/ පොත් එකතුවෙනි.
කැල්ටෙක්ස්, ෂෙල්, මොබිල්, එසෝ හා ස්ටෑඩඩ් ඔයිල් යන තෙල් සමාගම් ලංකාවට නිදහස ලැබී වසර 16 ක් යනතුරුම රටට තෙල් ආනයනය කළෝය. රට පුරා තෙල් බෙදා හැරියෝය. එයින් රටට විශාල ආදායමක් සහ ලාබයක් ද ලැබුණේය.
ඒ කාලයේ තෙල් හිඟයක් හෝ මිල වැඩිවීමක් ගැන අසන්නට තිබුණේ නැත.
ලංකාවට පෙට්රල්වලින් වැඩකරන කාර් එකක් මුලින්ම ගෙනාවේ 1904 දීය. ‘‘ඕල්ඩස් මොබිල්’’ (OLDS MOBILE) වර්ගයට අයත් මෙය අශ්වබල පහක ඇන්ජින් ධාරිතාවකින් යුක්ත විය. අශ්වබල පහක් යනු අශ්වයන් පස්දෙනෙකුගේ වේගයෙන් යුක්ත බවකි. අද ඇන්ජින් ධාරිතාව මැනෙන්නේ සිලින්ඩර් ධාරිතාවෙන් (Cylinder Capacity) වන අතර සාමාන්‍ය වාහනයක් CC 650 සිට 4000 දක්වාත් ඊට වැඩියෙනුත් තිබේ.
පෙට්රල් කාර් එක මුලින්ම ගෙන්වූයේ G. CGNAPP නමැති සුදු ජාතිකයාය. ඔහු එය ගෙන්වූයේ ඊ. එල්. එස්. ද සොයිසා මහතා වෙනුවෙනි. ඒ අනුව ලංකාවේ ප්‍රථම කාර් හිමියා වන්නේ ඊ. එල්. එස්. ද සොයිසා මහතාය.
එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූයේ සර් හෙන්රි අතර්බ්ලේක් (1903-1907) මහතාය. ආණ්ඩුකාරයාටවත් කාර් එකක් තිබුණේ නැත. මෙරටට පෙට්රල් ගෙන්වුයේද 1904 දී මේ වාහනය වෙනුවෙනි. ප්‍රථමයෙන් ලංකාවට පෙට්රල් ගෙන්වූ පුද්ගලයා ලෙසට ඉතිහාස ගතවී ඇත්තේද වාහනය ගෙන්වූ ජී.සිග්නපා (G.CGNAPP) සුදු ජාතිකයාවේ.
මේ සොයිසා පවුල ලංකාවේ එවකට සිටි ධනවත්ම පවුලකි.
ඉඩම් අක්කර 4000 ක් උපතින්ම හිමිවූ ඔවුන්ට අක්කර 10,000 ක කෝපි වත්තක්ද පොල්, රබර්, තේ, කුරුඳු වතු ද මිනිරන් පතල් ද හිමිව තිබුණි.
1909 අවසානය වනවිට ලංකාවේම තිබුණේ පැට්රල්වලින් ධාවනය වන වාහන 21 කි. ඒවාට අවශ්‍ය ඉන්ධන වර්ග ද වාහන ගෙන්වූ ආයතනය මගින්ම ගෙන්වූයේය. ගෙන්වූ වාහන සියල්ලම ‘‘ඔල්ඩස් මොබිල්’’ වර්ගයේම විය.
ප්‍රථම වාෂ්ප මෝටර් රථය
ඉහත කී දියුණුවට පෙර මෝටර් රථ ක්‍රමය ප්‍රථමයෙන්ම යෙදවනු ලැබුවේ 1769 ලන්දේසි ආණ්ඩුකාර ඉමාන් විලෙම් ෆැල්ක්ගේ පාලන කාලයේදීය. දුම්රිය ඇති වූයේද මේ කාලයේ දීමය. මේ මෝටර්රථය වාෂ්ප බලයෙන් ක්‍රියාකළ එකක් වීම නිසා එය සාර්ථක වූයේ නැත. 1902 දී දෙවන වරටත් ‘‘රෝවර්’’ වර්ගයේ වාහනයක් එඩ්ගාර්මනි නමැත්තෙකු විසින් ගෙන්වන ලදී.
යටත් විජිත සමයේ සර් ආතර් ගෝඩන් ආණ්ඩුකාරවරයාගේ කාලයේ (1883 - 1890) ඉංග්‍රීසි ජාතික ඩේම්ලර් නමැත්තෙකු විශාල වේගයක් ලබාගත හැකි ඇන්ජිමක් නිපදවීය. එය මෝටර් බයිසිකලයකට හා මෝටර් කාර් රථයකටද යොදා පාවිච්චි කළේය. 1887 දී ප්‍රථම මෝටර් කාර් රථයට යොදා එය පාවිච්චි කළේය. මෙය තෙල් යන්ත්‍රයක් බවට පත්කර ගැනීම සඳහා පැට්ට්‍රෝලියම් බෙන්සීන් නම් වූ ඉන්ධන වර්ගය ගෙන්වා පාවිච්චි කළේය. එහෙත් මෝටර් රථ ධාවනය ඒවන විට එංගලන්තයේවත් නොතිබුණි.
ප්‍රථමයෙන් ‘‘ඩෙම්ලර්’’ වර්ගයේ වාහනයක් ගෙනාවේ නීතිඥ එෆ්.ජේ. ද සේරම් මහතාය. ඉන්පසුව ක්‍රමයෙන් ටික ටික වාහන වැඩිවන්නට විය.
ලංකාවේ ඉන්ධන වර්ග ප්‍රයෝජනයට ගැනීම ආරම්භ වූයේ 1904 වාහන ගෙන්වීමත් සමගයි. බ්‍රිතාන්‍යයේ ‘‘බ්‍රිටිෂ් පෙට්ට්‍රෝලියම් සමාගම’’ ප්‍රථම තෙල්නැව ගෙන ආ අතර තෙල් ගබඩා කිරීම හා වාහනවලට පොම්ප කිරීමේ ඉන්ධන හලද පිහිටුවිණ.
එය නම් කළේ ‘‘ෂෙල්’’ (Shell) යන නමින්ය. මේ වන විට එංගලන්තයේ තෙල් නිෂ්පාදනය ඉතා දියුණු තත්ත්වයකට පත්ව ‘‘පර්සියන් ඔයිල් කොම්පැනියෙන්’’ කොටස් සියේට 51ක් මිලදී ගැනීමට සමත්විය. 1914 වන විට බ්‍රිතාන්‍ය නාවික හමුදාවලට තෙල් සැපයුවේ බ්‍රිටිෂ් පෙට්ට්‍රොලියම් සමාගමයි. පළමුවැනි ලෝක යුද්ධයේ දී මිත්‍ර රටවල නාවික හමුදාවන්ට ද තෙල් සැපයීමට එංගලන්තයට හැකිවිය. එය ලෝකයේ හයවැනි තෙල් සමාගම බවට පත්වුණි.
1912 සිට (බ්‍රිතාන්‍ය යටත්විජිත) 1921 දක්වා ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා කාලය වන විට මෙරට බලවතුන් ධනවතුන්ට කාර් නැතිවම බැරිවිය. මෙම වාහන සඳහා ඉන්ධන පිරවුම් හල් ද බිහිවුණි.
මොබිල් (MOBIL) කැල්ටෙක්ස් (CALTEX) ෂෙල් (SHELL) එසෝ (ESSO) සහ ස්ටෑඩඩ් ඔයිල් යන තෙල් සමාගම් ඇතිවිය. මේ නාම පුවරු යටතේ රට පුරාම පෙට්ට්‍රල් ෂෙඩ් නමින් ඉන්ධන පිරවුම් හල් ඇතිවිය. ඒවාට පිටරටින් තෙල් ගෙනාවේත්, බෙදාහැරියේත් එම බහු ජාතික සමාගම් විසිනි. නැව්වල සිට තෙල් පොම්ප කිරීමේදීත්, තෙල් ගබඩා සංකීර්ණයේ හා ඉන්ධන පිරවුම් හල්වල හා වෙනත් ඒ සම්බන්ධ නඩත්තු කටයුතු සියල්ලම කළේ යටකී බහුජාතික සමාගම් විසිනි.
තෙල් ජනසතුව
1964 වනවිට ඛනිජතෙල් අපනයනය නිසා විශාල මුදලක් ලංකාවට ඉතිරි කර ගැනීමට හැකි විය. මේ කාලයේ මොබිල්, කැල්ටෙක්ස්, ෂෙල්, එසෝ, ආදී නම්වලින් බහුජාතික සමාගම් 13ක් ලංකාවට තෙල් ආනයනය කිරීම මෙන්ම ඒවා රට තුළ බෙදා හැරීමේ ද ඒකාධිකාරය අත්පත් කරගෙන සිටියහ.
ඔපෙක් සංවිධානය පිහිටුවීමට පෙර ලෝකයේ තෙල් බලවතුන් වූයේ එංගන්තය සහ ඇමෙරිකාවයි. මෙම බහුජාතික සමාගම් යටත් විජිත යුගයේ සිට ලංකාවට නිදහස ලැබී වසර 16ක් යනතුරුම මෙරට තෙල් කළමනාකරණ කරගෙන ගියද කිසිදු අග හිඟයක් හෝ අර්බුදයක් වූයේ නැත. අර්බුදය ඇතිවූයේ වාමාංශික සමගිය ගොඩනැගීම සඳහා කැබිනට් සංශෝධනයක් 1964 ජුනි මාසයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් සිදු කිරීමෙන් පසුවයි.
එම කැබිනට් සංශෝධනය අනුව මුදල් ඇමැතිවරයා වූයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතායි. ටී. බී. ඉලංගරත්න මහතා දේශීය හා විදේශීය වෙෙළඳ ඇමැතිවරයයි. තෙල් ජනසතුව පිටුපස සිටි තිර රචකයෝ වූයේ මේ දෙදෙනාය. අධිරාජ්‍ය ධනේෂ්වර රටවල් ලංකාවට තෙල් වැඩි මිලට විකිණීමෙන් කරන සුරා කෑම නිසා උද්ධමනය සිදු වන්නේ යැයි ද මේ සඳහා සෝවියට් දේශය ඊජිප්තුව ආදී රටවලින් බෙහෙවින් අඩු මුදලකට තෙල් ගෙන්වා ගත හැකි යැයි අදහසක් අගමැතිනියට ඇතිවිය. මෙය මැතිනියගේම අදහසක් නොව කිසිවකු හෝ කිසියම් පිරිසක් රෝපණය කළ අදහසකැයි කියවුණි.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තෙල් සමාගම්වල නියෝජිතයින් කැඳවා එම රටවලින් අඩු මිලට තෙල් ආනයනය කරන ලෙස ඉල්ලා සිටියාය. ඔවුන් එයට එකඟවූයේ නැත.
රජය මැදිහත්වී ඒ රටවලින් තෙල් ගෙන්වා දීමටත් බහුජාතික සමාගමවලින් ඒවා රට තුළ බෙදීමත් කළ හැකි දැයි මැතිනිය විමසූවිට ඔවුන් කීවේ ‘‘අපේ නළවලින් ‘රතු තෙල්’ බෙදාහැරීමට බැරිය’’ යන්නයි. එවිට මැතිනිය කීවේ සියලුම තෙල් සමාගම්වල බෙදා හැරීමත්, තෙල් ආනයනයත් රජයට පවරා ගන්නවා කියාය. මෙය එතුමිය කීවේ තර්ජනයක ස්වරූපයකිනි.
තෙල් සමාගම් ජනසතු කිරීමේ පනතක්, නීති රීති ඇතුළුව සකස් කිරීමට ඇය උපදෙස් දුන්නාය. සියලුම තෙල් සමාගම්වලට වන්දි ගෙවීමට ද ඇය නියෝග කළාය.
ජනසතු කිරීමට යන තෙල් සමාගම්වලින් එකක් ඇමෙරිකාවට අයත් නිසා ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට තරයේම විරෝධය ප්‍රකාශ කළහ.
එපමණක් නොව ඇමෙරිකන් එක්සත් ජනපද රජය ලංකාවට ලබාදෙන සියලුම සහනාධාර නතර කරන බවට ද තර්ජනය කළහ.
එවකට සිටි ඇෙමරිකන් තානාපතිනිය මේ ප්‍රශ්නයට මැදිහත්කරුවෙකු ලෙස ඉදිරිපත් වී මිත්‍ර ලීලාවෙන් ප්‍රශ්නය විසඳීමට උත්සහ ගත්තාය. ඇය සිරිමාවෝ අගමැතිනිය හමුවී කීප වාරයක්ම සාකච්ඡා කළාය.
මැතිනියත් තානාපතිනියත් (විල්ස් මෙනෙවිය) අතර මෙසේ සාකච්ඡා පැවැත්වෙද්දී ලංකාවට දෙන ආධාර සහමුලින්ම නතර කළ බව ඇමෙරිකාව ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකරගෙන තිබූ වෙළෙඳ ගිවිසුම්වල බලය අහෝසි කළේය. ඒ අනුව ලංකාවට දී තිබූ ශිෂ්‍යත්ව පවා අවලංගු විය.
එහෙත් මැතිනිය තෙල් සමාගම් රජයට පවරා ගැනීම අවලංගු නොකළාය. සිරිමා රජය 1961 අංක 28 දරන විධිවිධාන යටතේ තෙල් සමාගම් සියල්ලම වන්දි ගෙවමින් රජයට පවරා ගත්තේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරම්භයයි.
සෝවියට් දේශයෙන් හා ඊජිප්තුවෙන් කාලයක් යන තුරුම ලංකාවට තෙල් ලැබුණ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු ද ආරම්භ විය. 1969 අගොස්තු මාසයේ දී තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු නිමවිය. ඉරානයේ නැෂනල් ඉරෙනියන් තෙල් කොම්පැනියේ සහයෝගයෙන් හා උපදේශකත්වයෙන් CEYLON PETROLEUM CORPORATION (CEYPETCO) යන නාමය සමාජගත විය. මෙහි ප්‍රථම සභාපතිවරයා වූයේ රාජනීතිඥ එන්.ඊ. වීරසූරිය මහතාය. ඉන්පසු ඇමැතිවරු පත්වන ගණනටම සභාපතිවරු ද පත්වූහ.
ජනසතු කිරීමෙන් පසු අර්බුද නිර්මාණය වූවා මෙන්ම අලුත් නිෂ්පාදන ද බිහි වන්නට පටන් ගත්තේය. 1970 මැයි මාසයේ සිට ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය කිරීමත්, බෙදා හැරීමත් සිදු විය. 1978 වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් අතුරු නිෂ්පාදන රාශියක්ම වෙළෙඳ පොළට ආවේය. නයිලෝන් නූල්, ටයර් නිෂ්පාදනයට අදාළ නූල්, මාළු දැල්, ගොවිතැනට සම්බන්ධ කෘෂිරසායන හා පොහොර, බිටුමන් (තාර දැමීම සඳහා පාවිච්චි කරන දියර) ආදිය දේශීය හා විදේශීය වෙළෙඳපොළට ගියේය.
විදුලිබලාගාර
සපුගස්කන්දේ තෙල් පිරිපහදුව ආරම්භ කිරීමෙන් පසු විදුලි බල මණ්ඩලයට තෙල් සංස්ථාව නැතිවම බැරි විය. විදුලි බලාගාර පණගැන්වීමට දැවිතෙල් හෝ ඩීසල් සැපයුම්කරු වූයේ තෙල් සංස්ථාවයි. එහෙත් මෙම ආයතන දෙකම ජාතික මෙහෙවරක් කරනවාට වඩා අද ජාතියට හිරිහැර කරන ආයතන බවට පත්වන්නේ රට මුහුණ දෙන විදුලිබල අර්බුදයත්, ජනතාව පීඩාවට පත්කරන තෙල් සංස්ථාවේ අර්බුදයත් එකකට එකක් දෙවැනි වන්නේ නැත.
නිවැරදිව කෙරෙන ජනසතුව රටක් සංවර්ධනය කිරීමකි. එහෙත් හොරකම රාජ්‍ය පාලනයේ කොටසක් වූ කල ජනසතුව ජාතික අපරාධයකි. තෙල් ජනසතු කෙරුවාට වඩා බහුජාතික සමාගම්වලට තෙල් ඒකාධිකාරය පවත්වාගෙන ගිය කාලයේ අද වැනි අර්බුද එදා තිබුණේම නැත.
ලාංකිකයෝ තෙල් ගැන දැන ගත්තේ තෙල් සොයාගෙනත් වසර සියයකට කිට්ටු කාලයක් ගතවූවාටත් පසුවයි. අඳුරේ සිටි ජාතියකට ආලෝකය පෙන්වා දුන්නේ යුරෝපා ජාතීන්ය. එහෙත් පෘතුගීසීන් හෝ ලන්දේසීන් තෙල් පරිහරණය කළ බවක් ඉතිහාසයේ සඳහන්ව නැත.
බ්‍රිතාන්‍ය ලංකාව යටත් විජිතයක් බවට පත්කර ගැනීමෙන් පසු මංමාවත් තනවන ලදී. ලංකාවම බ්‍රිතාන්‍යයට අයිති වූ පසු ඔවුන්ට ඉක්මන් ගමන් බිමන් අවශ්‍ය විය. කරත්තය, තවලම, අශ්ව කෝච්චිය වෙනුවට වාෂ්ප දුම්රිය ඇතිවිය. එයට පෙර ගමන් බිමන් ලාංකිකයන්ට පුරුදු දේවල් නොවීය. උපන්දා සිටම පවුල් කුටුම්බ තුළ ජීවත්වී, වර්ගයා බෝකරමින් ජීවත් වූ ලංකාවේ ආදිතමයෝ දිග ගමනක් ගියා නම් ගියේ වනාන්තරයේ එහා කෙළවරකට පමණි. විජයාවතරණයෙන් පසු අලුත් ගම් බිම් නිර්මාණය විය. කැලෙන් එළියට ආ මිනිසා ලෝකය දකින්නට එහා මෙහා ඇවිදින්නටත් ගමන් බිමන් යාමටත් පටන් ගත්තේය. ලංකාවේ පැරණි යුගවල දී මිනිසා ගමන් කළේ පයින්ය. තවලමෙන් හෝ ගොන් කරත්තයෙන් බඩු ප්‍රවාහනය කළෝය. රජ මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූ පිරිස දෝලාවලින් හෙවත් පල්ලැක්කිවලින් ඔසවාගෙන යනු ලැබූහ. බ්‍රිතාන්‍ය යටත්විජිත කාලය වන විට උඩට ආවරණයක් සහිතව සැප පහසු ලෙසට පිළියෙළ කරන ලද ‘‘ඩැන්ඩිය’’ නම් වූ පුටු වර්ගයකින් ගමන් බිමන් ගියෝය. ඩැන්ඩිය ගියේ මිනිසුන් හතර දෙනෙකුගේ උර මතිනි.
මේ සියල්ලට අමතරව ප්‍රවාහනය සඳහා ‘‘රථ’’ යොදා ගත් බව මහාවංශ, සද්ධර්මරත්නවලී පාඨවලින් පැහැදිලි වෙයි. රථ යනුවෙන් අදහස් කරන ලද්දේ ගව, අශ්ව, හස්ථි ආදී සතුන් උපයෝගී කරගෙන ගමන් කරවනු ලැබූ රෝද සහිත වාහනයකි. ඒ රථය පසු කාලයේ දී මෝටර් රථය බවට පත් වී තිබේ. එය දුවන්නේ තෙලෙන්ය.
ප්‍රථම තෙල් ළිඳ
ලෝකයේ ප්‍රථම තෙල් ළිඳ හෑරුවේ චීනයේ බව සඳහන් වෙතත් එහි විස්තර වාර්තා වී නැත. ක්‍රි.ව. 347 දී චීනයේ මෙම තෙල් හෑරුවත් එහි ප්‍රගතියක් හෝ ඉදිරි පර්යේෂණ ගැන තොරතුරු සඳහන් නොවේ.
1847 දී තෙල් සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ස්කොට්ලන්තයේ රසායන විද්‍යාඥයෙකු වන ජෙම්ස් යංග් ටයි. (JAMES YOUN 1811-1883) ඔහු සොයාගත් ලිහිසිතෙල් (LUBRITATION) ලැබුණේ ගල් අඟුරු ආකරයක පර්යේෂණයකිනි. ප්‍රථමයෙන් මෙම තෙල් යොදාගත්තේ ලාම්පු පත්තු කිරීමටයි. මෙම තෙල් කොතරම් ජනප්‍රිය වූවාද කියතොත් ස්කොට් ලන්තයේ වීදි ආලෝක කිරීමටත් නිවාස ආදිය ආලෝක කිරීමටත් යොදා ගත්තේය. ජේම්ස් යං තවදුරටත් පර්යේෂණ කරද්දී ඔහුට තෙල් වර්ග, පැට්රෝල්, භූමිතෙල්, ඩීසල් ඇතුළු සංශ්ලේෂිත ඉන්ධන වර්ග සකස් කර ගන්නා අන්දම සොයාගත හැකි විය. එපමණක් නොව විවිධ උත්පාදක වායු වර්ග (GAS) ද සොයා ගත්තේය.
මෙම සොයාගැනීම්වලට අනුව තෙල් ළිං කැණීමේ දී මුලින්ම නිකුත් වන ස්වභාවික වායුව ද්‍රව බවටත්, ඝනී කරණයටත් පත්කොට අධිශීත තත්ත්වයක් යටතේ ගබඩාකොට ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයට ජේම්ස් යංග්ගේ අවධානය යොමුවිය. ඔහු එය සුරක්ෂිත කළේ එම වායුවෙන් ඩීසල් හෝ ගල් අඟුරු මෙන්ම ප්‍රබල වූ විදුලිජනක මාධ්‍යයක් වෙනුවෙනි. LNG වායුව සොයා ගැනීමේ (LIQUIDIZED NATURAL GAS) ගෞරවය ද ඔහුට හිමිවිය.
ඛනිජ තෙල් නිධි හෑරීමේ දී ස්වභාවික වායුව පිටවන අයුරුත් ඒවා LNG බවට පත්කරන අයුරුත් දැනගත් භූගර්භ විශේෂඥයෝ ඒ අනුව විවිධ පර්යේෂණ කරන්නට වූහ. යංග්ගේ පර්යේෂණවලට අනුව ස්වභාවික ඝන ඉන්ධන, ද්‍රව ඉන්ධන (අශුද්ධ පැට්රෝලියම්) වායු ඉන්ධන ආදිය හා ඒවායේ සංයුතිය ද සොයාගෙන ඒවායේ හිමිකම් බලපත්‍රය (PATENT) ද ලබාගත්තේය. ලෝකයේ ප්‍රථම පැට්රොල්, ඩීසල් භූමිතෙල් ආදී ඉන්ධන තෙල්වල හිමිකම ලැබුවේ ජේම්ස් යංග්ටයි.
1850 දී එඩ්වඩ් විලියම් නමැති භූගර්භ විද්‍යාඥයෙකු මොහු සමග එකතු වී ප්‍රථම තෙල් පිරිපහදුව පිහිටෙව්වේය. තෙල් සොයා ගැනීමේ පුවත ලෝකයට ආරංචි වීමත් සමග 19 වැනි සියවසේ දී කැනඩාවේ භූගර්භ විද්‍යාඥයෙකු වන ඒබ්‍රහම් පී. ගෙස්නර් නමැත්තා ගල් අඟුරුවලින් ඉතා තුනී ඉන්ධන වර්ගයක් නිපදෙව්වේය.
මෙසේ ඉන්ධන සොයා ගැනීමත් සමගම ගල්අඟුරු කර්මාන්තය පිළිබඳ රටරටවල අවධානය යොමුවී විවිධ පර්යේෂණ කරන්නට පටන් ගත්තේය. ඒ අනුව කැනඩාවේ කැරසින් ගෑස් ලයිට් නමින් විශාල කොම්පැනියක් පිහිටුවීය. 1847 දී ජේම්ස් යංග් ගෙන් පසුව පෙන්සිල්වේනියාවේ මුල් තෙල් බිම ගැන දැන ගන්නට ලැබුණේ දොස්තර එන්.බී. බ්‍රීවර් නමැත්තෙකුටයි. තිසුවිල් නමැති පළාතකින් සොයාගන්නා ලද අමුතු පස් සාම්පල් කීපයක් රැගෙන ඩාට්මවුන් විදුහලේ මහාචාර්යවරයා හමුවූ ඔහු රසායනිකව පර්යේෂණ කළේය. තෙල් පිළිබඳ සාධක අඩංගු වූයෙන් කැණීම් කළේය. අවුරුද්දක් තිස්සේ කරන ලද මෙම කැණීම්වල ප්‍රතිඵල ලැබුණේ 1859 අගොස්තු 27 දාය.
වසරක් තුළ අඩි 70 ක් පමණ කැනීම් කළ පසු අඩි 100ක් පමණ උසට ඉහළ නගිමින් මාහා තෙල් කඳක් (ඉහළට) විද්දේය. මේවා බැරල්වලට එකතු කොට බැරලයක් ඩොලර් 45 බැගින් බැරල් 35 ක් එතැනදීම වික්කේය. මෙසේ පෙන්සිල්වේනියාවේ තෙල් ලෝක ප්‍රසිද්ධ වෙද්දී තෙල් පිරිසිදු කිරීමේ නව ක්‍රමයක් පිළිබඳව ජොන් ඩී රොක්පෙලර් නමැත්තෙකුගේ අවධානය යොමු විය. එවකට ඔහියෝ හි වෙළෙන්දෙකු හා තෙල් නිෂ්පාදකවරයෙකු ලෙස පෙනී සිටි රොක් ෆෙලර් මහතා 1880 දී තමන්ගේ ම ‘‘ස්ටෑන්ඩර්ඩ්
01/06/2022
#පාරාවෝ_දෙවන_රැම්සෙස්ගෙ_මමීය.
ක්‍රි.පූ. 1279 සිට වසර 66ක් පාලනය කළ ඊජිප්තුවේ 19 වැනි රාජවංශයේ තුන්වැනි පාරාවෝ වූයේ IIවන රැම්සෙස් ය.
ඔහු රාජධානියේ ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම පාරාවෝ ලෙස සදහන් කරන ලබන අතර, එය පුරාණ ඊජිප්තුවේ වර්ධනයෙ උච්චතම අවස්ථාවයි.
තීබ්ස් අසල කිංග්ස් නිම්නයේ ඇති සොහොන්ගැබේ තැන්පත් කර තිබුණි. නමුත් පසුව ඔහුගේ දේහය රාජකීය මමී ගබඩාවකට මාරු කරන ලද අතර 1881 දී මමීය සොයා ගන්නා ලදී.
ඔහුගේ මමිය මෑතක් වන තුරුම කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ දර්ශනය විය. 2021 සිට, එම නගරයේම ග්‍රෑන්ඩ් නම් වු ඊජිප්තු කෞතුකාගාරයට රැගෙන යන ලදි.
Mummy Ramsés ll
Ramses II, was the third pharaoh of the 19th Dynasty of Egypt, who ruled for 66 years, from 1279 BC. C. until 1213 a. C. he is often remembered as the greatest and most powerful pharaoh of the New Kingdom, which in turn is the peak period of Ancient Egypt.
He was buried in tomb KV7 in the Valley of the Kings, near Thebes, but his body was later transferred to a royal mummy cache where he was discovered in 1881. His mummy has been on view until recently in the Egyptian Museum in Cairo and, from 2021, in the new Grand Egyptian Museum in the same city.
© @
————————————————
Credit Always Goes to respective owner
————————————————
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
71000