අරක්කැමියා - 𝓐𝓻𝓪𝓴𝓴𝓮𝓶𝓲𝔂𝓪

අරක්කැමියා - 𝓐𝓻𝓪𝓴𝓴𝓮𝓶𝓲𝔂𝓪

Share

දේශීය හා විදේශීය ආහාර පාන සකස් කිරීම
?

30/07/2023

හදන්න අමාරුයි කියල හුඟක් අය හිතන ඒත් හදන්න ගත්තම ඒ තරම්ම අමාරු නැති රස කෑමක් ආස්මි. අවුරුදු කැවිලි වලින් අපේ අම්මල අත්තම්මල මුලින්ම හදන්නෙ ආස්මි. දැන් අපිට දවුල් කුරුඳු හොයාගන්න අමාරු නිසා බණ්ඩක්කා වලින් හදන විදියයි මේ ගෙනාවෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

බණ්ඩක්කා කරල් 10-15
වතුර
ලුණු
මිටිකිරි කෝප්ප 2
සුදු හාල් වතුරෙ විනාඩි 10ක් පොඟවලා, කොටලා, හලාගත්ත පිටි ග්‍රෑම් 500ක්

ආස්මියට සීනි මෝස්තර දැමීමට

සීනි ග්‍රෑම් 100
වතුර
‍රතු හෝ කැමති පාටක කලරින්.

මුලින්ම හාල් පිටි ටික සිහින් හිල් සහිත පෙනේර​යකිනුත් ඕගන්දි වගේ රෙද්දකිනුත් දෙතුන් පාරකුත් හලාගන්න ඕන. අතින් ඇල්ලුවම ඇට ගතියක් නැති පවුඩර් වගේ සිහින් පිටි ඕන මේකට.
බණ්ඩක්කා ටික කෑලි කපල යන්තම් වතුර ටිකක් දාලා වංගෙඩියෙ කොටාගන්න. ෆුඩ් ප්‍රොසෙසර් එහෙක දානව නම් ගොඩක්ම පොඩි වෙනකම් ග්‍රයින්ඩ් කරගන්න එපා බණ්ඩක්කා වල සෙවල ගතිය නැතුව ගිහින් කොළ පාටක් යුෂ වලට එකතු වෙනවා.
කොටාගත්ත බණ්ඩක්කා රෙදි කෑල්ලකට දාල මිරිකගෙන සෙවල ඉස්ම ටික පෙරාගන්න.
පොල්කිරි වලට ලුණු ටිකක් දාගන්න.
හාල්පිටි වලින් පොඩ්ඩක් අයින් කරන් ඉතිරි ටික භාජනේකට දාල ඒකට පොල්කිරි එකතු කරල අනාගන්න. මේකට බණ්ඩක්කා ඉස්ම ටික ටික දාලා අනාගන්න.
සැරෙන් සැරේ අත උස්සලා බලන්න කැඩෙන්නෙ නැතුව නූල වගේ වැටෙන පදමට එනවද කියලා. දියාරු වැඩි උනොත් අයින් කරපු හාල් පිටි එකතු කරල පදම හදාගන්න.
තෙල් රත්වෙන්න තියාගන්න. ආස්මි හැන්දක් නැත්තන් අත මිශ්‍රණයේ ඔබලා අරන් කීපසැරයක් තාච්චිය වටේට රවුමක් විදිහට වක්කරගන්න.
ආස්මිය බැදෙනකොට හොඳටම බැදෙන්න කලින් තෙලේ තියෙද්දිම තෙල් හැන්දෙන් දෙකට නවාගන්න කැඩෙන්නෙ නැති වෙන්න. ලා රන්වන් පාටකට තමා බැදෙන්නෙ.
මේ ටික බැදගෙන, තෙල් බේරෙන්න තියලා හුළං නොවදින භාජනයක හොඳින් වහල තියන්න.
දවස් 4කින් වගේ දෙවෙනි පාරට බැදගන්න ඕනේ. එතකොට තමයි ආස්මිය සුදු පාටට ලස්සනට එන්නෙ. දෙවනි පාර වැඩි වෙලා බදින්න අවශ්‍ය නෑ. තෙලට දාලා සුදු පාට උන ගමන්ම අරගන්න.
ආස්මියට සීනි මෝස්තර දැමීමට සීනි හා වතුර එක්කරලා ලිපේ තියන්න. ඒක නූල් ඇදෙන පදමට උණු උනාම කලරින් එකතු කරලා දෙවනි පාරට බැදගත්ත ආස්මි උඩින් රටාවකට වක්කරගන්න

14/10/2021
06/10/2021

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම...

අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය.

ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.
ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.

ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.

උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.

එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.

ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.

මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.

පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.

ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.

අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.

මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.

එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.

බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.

පැණිබීම සම්බන්ධයෙන් ඇති අපූරු කතාවක් මෙහිදී සිහිපත් වේ.

දිනක් පැණිබීම නිෂ්පාදකයකුගේ ගෙදරට ඔහුගේ හිතවතෙකු පැමිණියේය. තම හිතවතාට ඔහු නිෂ්පාදනය කරන පැණි බීම වීදුරුවක් පිළිගැන්වීය.

එහෙත් නිෂ්පාදකයා එය පානය නොකළ බැවින් හිතවතා ඒ පිළිබඳ විමසීමක් කළේය. එවිට පැණි බීම නිෂ්පාදකයා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

"පිස්සුද මගේ බල්ලාටවත් දෙනවාද ඔය ජරාව...."

අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.
උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .

එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?

Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ.

ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.

Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.
'පාරිභෝගිකයා මෝඩයෙකි'

ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු.

කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)

අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.

මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය.

ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි.

මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය.

අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි.

Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.

අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.

පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.

අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.

අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.

උපුටා ගැනීම
-ලුවිස් 🦉-

Photos from අරක්කැමියා - 𝓐𝓻𝓪𝓴𝓴𝓮𝓶𝓲𝔂𝓪's post 14/03/2021

අරක්කැමියා - 𝓐𝓻𝓪𝓴𝓴𝓮𝓶𝓲𝔂𝓪

02/03/2021

කුකුල් මස් සහ බිම්මල් කැස්ඩ්රෝල්

INGREDIENTS
2 teaspoons Alfa One rice bran oil
400g diced chicken breast
1 medium brown onion, chopped
2 rashers middle bacon, trimmed, chopped
250g button mushrooms, quartered
1/4 cup plain flour
1 tablespoon dijon mustard
1 cup Massel chicken style liquid stock
1/2 cup thickened cream
2 tablespoons chopped fresh flat-leaf parsley
Select all ingredients
අරක්කැමියා - 𝓐𝓻𝓪𝓴𝓴𝓮𝓶𝓲𝔂𝓪

පියවර 1
මධ්යම තාපයට, වඩා විශාල පෑන් එකක තෙල් රත් කරන්න. කුකුල් මස් එකතු කරන්න. මිනිත්තු 5 ක් හෝ රන්වන් පැහැ වන තුරු උයන්න, ඇවිස්සීම. තහඩුවකට මාරු කරන්න.
පියවර 2
පෑන් වෙත ළූණු සහ බේකන් එකතු කරන්න. මිනිත්තු 3 සිට 4 දක්වා හෝ ළූනු මෘදු වන තෙක් උයන්න, හතු එකතු කරන්න. මිනිත්තු 2 ක් හතු මෘදු වීමට පටන් ගන්නා තෙක් ඇවිස්සීම. පිටි සහ අබ වල බීට් කරන්න. මිනිත්තු 2 ක් උයන්න, ක්‍රමයෙන් කොටස් කලවම් කරන්න. කුකුළු මස් පෑන් වෙත එක් කරන්න . එය ආවරණය කරන්න . තාපය අඩු කරන්න. මිනිත්තු 15 ක් හෝ කුකුල් මස් හොදින් ඉදෙන තෙක් පිසින්න

02/03/2021

කීටෝ චිකන්

INGREDIENTS
රටකජු තෙල් 2 හැදි
ග්‍රෑම් 500 ලිලීඩේල් සිහින්ව කැපූ කුකුළු මස් කලවා,
ග්රෑම් 250 බ්රොකොලි,
තුනී පෙති කපනු ලැබේ සුදුළූනු කරාබුනැටි 4 ක්,
නැවුම් රතු මිරිස්, ඩෙසීඩ්,
නැවුම් මිරිස්, සිහින් ව කැඩුණු, සේවය කිරීමට
1/4 කුඩා රතු ගෝවා, පෙති කපනු
250g zucchini නූඩ්ල්ස්
ග්‍රෑම් 110 (කෝප්ප 2) කපන ලද බෝංචි
ග්‍රෑම් 75 (1/2 කෝප්ප) බැදපු ලුණු නොකළ කජු ඇට
ග්ලූටන් රහිත සෝයා සෝස් 2 හැදි
තල තෙල් 2 තේ හැඳි
නැවුම් කොත්තමල්ලි සේවය කිරීමට

ක්රමය
පියවර 1
රටකජු තෙල්වලින් අඩක් විශාල තාපයකින් අධික තාපයකින් රත් කරන්න. මිනිත්තු 2-3 ක් හෝ රන්වන් පැහැ වන තුරු කුකුළු මස් භාගයක් බීට් කරන්න. තහඩුවකට මාරු කරන්න. ඉතිරි කුකුල් මස් සමඟ නැවත නැවත කරන්න.
පියවර 2
ඉතිරි රටකජු තෙල් රත් කරන්න. මිනිත්තු 2 ක් හෝ ටෙන්ඩර් හැපෙන තුරු බ්රොකොලි, සුදුළූණු සහ මිරිස් බීට් කරන්න. ගෝවා සහ zucchini නූඩ්ල්ස් එකතු කරන්න. මිනිත්තු 1 ක් හෝ ටෙන්ඩර් වන තුරු බීට් කරන්න.
බෝංචි , කජු, සෝයා සෝස් සහ තල තෙල් සමඟ කුකුළු මස් නැවත වෝක් වෙත ආපසු මිනිත්තු 1 ක් ඒකාබද්ධ වන තුරු බීට් කරන්න. කොත්තමල්ලි හා අතිරේක මිරිස් සමග ඉසිය යුතු ය.
බොහෝ අය බ්රොකොලි ඉවතට විසි කරයි, නමුත් ඔබට එයද අනුභව කළ හැකිය. එය සිහින් ව කැපීමට බවට වග බලා ගන්න, එවිට එය ෆ්ලොරට්ස් මෙන් පිසිනු ඇත.

02/02/2021

සෝයාමීට් කන්න එපා.. මෙන්න තිත්ත ඇත්ත‍..

සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිර්මාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප‍්‍රමාණය සපුරාගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවත් පසුගිය දශක දෙක තුන ඇතුළත බෙහෙවින්ම ප‍්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා සම්බන්ධයෙන් මහත් පුනරුදයක් ඇති වුණු අතර මේ හා සබැඳී නිෂ්පාදන රාශියක් ඒත් සමගම වෙළඳපොළට පැමිණුනා.

ඒත් දිගින් දිගටම සෝයා වලට ස්වකීය කීර්තිනාමය පවත්වා ගැනීමට වාසනාවක් නෑ. දැන්, දැන් පෝෂණවේදීන් සෝයා ආහාර බරපතල ලෙස ප‍්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ජගත් ව්‍යාප්ත සංවාදයක් පැවතුණත් ලාංකේය අප මේ සම්බන්ධයෙන් දැණූවත් නෑ. සෝයා සම්බන්ධයෙන් මෙකල පවතින විද්වත් කතිකාවත් ඇසුරේ ඔබේ දැණුම වපසරිය පුළුල් කිරීම අපේ මේ ලිපියේ එක් අරමුණක්.

දැන් තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයා
සෝයා ආහාර උපන්බිම පෙරදිග ආසියාවයි. ඒත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි හරියකට උරුම කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර නිෂ්පාදනය කළ සෝයාත් දැන් වවන සෝයාත් අතර ප‍්‍රධාන වෙනස්කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90 කටක් වැඩි ප‍්‍රමාණයක් ජාන වෙනස් කර වවන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඞ්අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනවා. රවුන්ඞ්අප් වකුගඩු රෝගී කරන ප‍්‍රබල වල් නාශකයක්. එය පසුගියදා අපේ රටේ තහනම් කළා.

මිලෙන් අඩු නිසා සෝයා ආහාර කර්මාන්තයක් වශයෙන් ලෝකයේ ජනප‍්‍රිය වුණා, සියල්ල සිදුවුණේ ඊට පස්සෙ… ?
සෝයා ඇට වලින් ගන්නා මූලික නිෂ්පාදනය සෝයා තෙල්ය. තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඞ්ඩ සෝයා ආහාර සැකසුමට යොදාගනියි. සෝයා මිලෙන් අඩුය. එසේම ආහාර සැකසීමේදී ඒවායේ ප‍්‍රශස්ත නිෂ්පාදන පහසුකම් ඇතිවේ. මේ අනුව සෝයා ආහාර බෙහෙවින් ජනප‍්‍රියය. සෝයා වලින් ළදරු ආහාරද සැළකිය යුතු ප‍්‍රමාණයක් නිපදවයි.

සෝයා වල පෝෂණීය ගුණය
සෝයා 100g ක ශක්තිය කැලරි 100g ක් තිබේ. මේදය 9g ක්ද.. කාබෝහයිඩ්‍රේට 10g ක්ද ප්‍රෝටීන 17g ක්ද අඩංගුය. මෙහි ඇති ප්‍රෝටීන මස්වල.. බිත්තරවල ඇති ප්‍රෝටීන තරමට පෝෂණීය නොවේ. එහෙත් අන් කවර ශාක ප්‍රෝටීනයකටත් වඩා සෝයා ප්‍රෝටීන පෝෂ්‍ය ගුණයෙන් ඉහළය. හැබැයි මේදය සැළකූ කළ.. මෙහි ඇත්තේ බහු අසංතෘප්ත මේදයයි. එම නිසා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් අගයන අයට එතරම් සුදුසු නොවේ.

සුපිරි ආහාරයකැයි බෞතීස්ම ලැබූ සෝයා වල චරිත සහතිකයට කළු පැල්ලමක් එකතු වූයේ ඇයි ?

ශරීරයට කෘත‍්‍රීමව ලිංගික හෝමෝන බෙදාහරින පයිටොඊස්ට‍්‍රජන
දැනට හඳුනාගෙන ඇති පයිටොඊස්ට‍්‍රජන වැඩි වශයෙන්ම අඩංගු ආහාරය සෝයා වෙයි. පයිටොඊස්ට‍්‍රජන යනු අප ශරීරයේ තිබෙන ඊස්ට‍්‍රජන් හෝමෝනයමය. සෝයා වල වෙනසකට ඇත්තේ එකී ප්‍රෝටීන සම්භවයකින් යුක්ත වීමයි. පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණේ පයිටොඊස්ට‍්‍රජන වල ගුණ ගැනය. නමුත් ඒ පර්යේෂණවලට මුදල් වියදම් කළේ කවුද ? සෝයා කර්මාන්තයෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයන්ය.

බාහිරින් මෙවන් හෝමෝන වලට සමාන රසායනයක් ලැබුණු විට ශරීරය එයට ප‍්‍රතිචාර දක්වයි. ලිංගික හෝමෝන කෘත‍්‍රීමව ලැබීම නිසා ස්වාභාවික ශරීරගත හෝමෝන ක‍්‍රියාකාරිත්වයට ඇති කරන බලපෑම අති විශාලය. ඊස්ට‍්‍රජන් හෝමෝනය අධිකව ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රතිඵළයක් ලෙස ඇතිවන රෝග අතර පියයුරු පිළිකා, එන්ඩොමෙටි‍්‍රයෝසියාව, ෆයිබ්‍රොයිඩ, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බෙලහීනතාවය මූලික වෙයි. දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අද අලෙවි කෙරේ. සෝයා වට්ටෝරුවකින් සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නොදරුවාටද උපත් පාලන පෙති හතරක හෝමෝන ශරීරගත වන බව පර්යේෂකයන් කණ්ඩායමක් ප‍්‍රකාශ කළේය. අද කාලයේ ඇතැම් දරුවන් වයස අවුරුදු හතේ අටේදී වැඩිවිය පත් වීමට මේ බලෙන් පැටවූ සෝයා ආහාර
සිරිතද එක් චූදිතයෙකි.

සෝයා ඔබේ තයිරොයිඩ ග‍්‍රන්ථිය විනාශයට පත් කරයි
තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින් සිදු කරන අයඩින් සමායෝජනය අඩාල කරන ආහාර .ගොයිට්‍රොජිනික ආහාර. ලෙස හඳුන්වමු. තයිරොයිඞ් හෝමෝන ඝ‍්‍රාවයට අහිතකර බලපෑම් ඇති කරන ගොයිට්‍රොජිනික ආහාර රැුසක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ සියල්ලෙන්ම රජු ලෙස සැළකෙන්නේ සෝයා ආහාරයි.

සෝයා ආහාර මගින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ක‍්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් කරන බව පසුගියදා මාධ්‍ය මගින් ඉමහත් ප‍්‍රසිද්ධියට පත්වූයේ සෝයා නිෂ්පාදන මහත් අභිරුචියෙන් ආහාරයට ගත් ඇමෙරිකාවේ ඔප්රා වින්ෆ‍්‍රිට සිදුවූ අකරතැබ්බයක් හේතුවෙනි. නිලියක්.. රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් දැවැන්ත මාධ්‍ය භුමිකාවකට පන පෙවූ ඔප්රා වින්ෆ‍්‍රි හිටි අඩියේ චප්පදෝරු ශරීරයකට හිමිකම් පෑවාය. ඇගේ ජීව ශක්තිය කෙමෙන් අඩුවන බවක් මෙන්ම මනෝභාවයන්හී පිරිහීමක්ද ඇතිවන බව ඇයට හැගී ගිය නිසා ඇය වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීමේදී අයඩින් හිගතාවය නිසා ඇතිවන හයිපොතයිරොඩිසම් රෝගයට ඇය ලක් වී ඇති බව වෛද්‍යවරුන් සොයාගන්නා ලදී. මෙයට බලපෑ ආසන්න හේතුව ලෙස ඇගේ සෝයා ආශක්තතාවය බව හෙළිදරව් වීමත් සමගම සෝයා ආහාර සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිරෝධයක්ද බටහිර රටවල ඇති විය.

එන්සයිම අවශෝෂණය අඩාල කරන පයිටේට
පයිටේට – ඇට වර්ග.. ධාන්‍ය හා රනිල කුලයේ ආහාර වල තිබේ. සෝයා වල මේවා විශාල වශයෙන් තිබේ. පයිටේට මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය දුර්වල කරයි. අනෙකුත් ආහාර වල මේ ක‍්‍රියාවලිය සිදුවන්නේ නොගිනිය හැකි ප‍්‍රමාණයකිනි. නමුත් පයිටේට වල අධි සාන්ද්‍රණයක් ඇති නිසා සෝයා ආහාර මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය සැළකිය මට්ඨමකින් ප‍්‍රමාණයකින් දුර්වල කරන බව හෙළිදරව් වී තිබේ. මෙයින් මිදීමට ක‍්‍රමයක් තිබේ. සෝයා ආහාරයට ගැනීමට පෙර පැසවීමකට ලක් කළ යුතුය.

ටි‍්‍රප්සීන් නිසා ආහාර ජීර්ණයට බාධා පැමිණෙයි
ටි‍්‍රප්සින් යනු ජීර්ණක එන්සයිමයකි. ටි‍්‍රප්සින් නැති විට නියමිත පරිදි ශරීරයේ ආහාර ජීර්ණයක් සිදු වන්නේ නැත. එවිට පාචනය.. කෙණ්ඩා පෙරළීම්.. රුධිරවහන ආදිය ඇතිවේ. සෝයා ටි‍්‍රප්සීන් වල ක‍්‍රියාකාරිත්වය අඩාල කරන බවට හෙළිදරව් වී තිබේ. එයින් සමස්ත ජීර්ණක ක‍්‍රියාවලියට බාධා පැමිණේ. මේ නිසා අග්න්‍යාශයේ රෝග ඇතිවීමට ඇති අවකාශ ඉහළ යයි.
මේ හැරුණු විට සෝයා සතුව ඇති පහත දැක්වෙන අවගුණයන්ද පර්යේෂණාත්මකව සනාථ වී තිබේ.
සෝයා වල ඇති විටමින් බී ප‍්‍රතිසම අවශෝෂණයක් සිදු නොවේ. සමස්ත ප‍්‍රතිඵලය වන්නේ ශරීරයේ බී 12 විටමින ඌණතාවයක් ඇති වීමයි.

සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවෙයි.
සෝයා ආහාර සැකසීමේදී විෂකාරක ලයිසිනොඇලනින් හා අධි පිළිකාකාරක මෙන්ම නයිට්‍රොසොඇමීන් උත්පාදනය වෙයි.
ඔබ දැනටමත් හානිකර යයි සළකන නිදහස් ග්ලූටමික් අම්ලයද සෝයා ආහාර නිෂ්පාදනයේදී උත්පාදනය වෙයි. සෝයා වල ඇති අමු රසය නැති කිරීමට සැකසූ ආහාර වලට මේවා කෘත‍්‍රිමව එකතු කිරීමක්ද සිදුවේ.
සෝයා වල අධික ලෙස ඇළුමිනියම් ඇත. මේවා ස්නායු පද්ධතියටත්.. වකුගඩුවලටත් හානිකර බව අමුතුවෙන් කිවයුතු නොවේ.

සෝයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වැරදි විශ්වාස
සෝයා ආහාර සම්බන්ධයෙන් වැරදි විශ්වාස විශාල සංඛ්‍යාවක් සමාජගත වී තිබේ. අප ඒවායේ සත්‍ය අසත්‍යභාවය විමසමු.

සෝයා වසර දහස් ගණනාවක් පැරණි ආහාරයකි
සෝයා මුලින්ම ආහාරයට ගත්තේ චීනයේ ක‍්‍රි.පූ. 1134-246 සමයේ විසූ චොවු අධිරාජ්‍යයය. සෝයා අමුවෙන් ආහාරයට ගැනීම විෂ සහිතය. මේ නිසා සෝයා පැසීමට ලක් කිරීමෙන් (Fermentation)චීන වැසියෝ ඇතැම් ආහාර රසවත්ව නිෂ්පාදනය කළහ.

ආසියානුවන් විශාල වශයෙන් සෝයා ආහාර අනුභව කරයි
චීනයේත්, ජපානයේත් යන දෙරටේම දෛනික සෝයා පරිභෝජනය එක් පුද්ගලයෙකුට තේ හැඳි දෙකකට වැඩි නොවේ. සමස්තයක් ලෙස ආසියානුවන් මෙය මාංශල ආහාර වලට ආදේශකයක් ලෙස ප‍්‍රයෝජනයට ගන්නේ නැත.

පැරණි සෝයා ආහාර තරමටම නූතන සෝයා ආහාරද සෞඛ්‍යසම්පන්නය
නූතන ආහාර සැකසීමේදී සිදුවන්නේ පැසීමට ලක් කිරීමෙන් එහි ඇති විෂ උදාසීන කිරීමයි. මෙහිදී ප්‍රෝටීන වල මුල් අණූක සැකැස්ම වෙනස් කිරීමක් සිදුවේ.
එය සෞඛ්‍යයට හානිකරය. එසේම මේ ක‍්‍රියාවලියේදී විශාල පිළිකාකාරක ප‍්‍රමාණයක් ඊට එකතු වන්නේය.

සෝයා ආහාර වලින් සම්පූර්න ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙයි
එය වැරදි මතයකි. සියළුම රනිල භෝග වලට ඇති නොහැකියාව, එනම් ගෙන්දගම් සහිත ඇමිනෝ අම්ලය නොමැති වීම.. මිතියොනයින් හා සිස්ටින් යන සංඝටක ඌණතාවය මේ සෝයා ප්‍රෝටීනවලද එලෙසමය. නූතන ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී පහසුවෙන් බිඳෙනසුළු ලයිසින් විනාශ වීම තවත් බරපතල අඩුවකි. එවිට ලැබෙන්නේ බාගෙට ප්‍රෝටීන සැපයුමකි.
සෝයා පැසවීමට ලක් කිරීම නිසා විටමින බී 12 අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේය
සෝයා වල තිබෙන මේ විටමින් බී 12 ශරීරය තුළ ප‍්‍රයෝජ්‍ය වන්නේ නැත. ඒ නිසා එම විටමින වල ඇති ගුණයක් නැත. මෙහිදී ඇත්තෙන්ම සිදු වන්නේ විටමින් බී 12 තිබුණාටත් වඩා අඩුවක් නිර්මාණය වීමයි.

සෝයා ආහාර වට්ටෝරු ළදරුවන්ට ඉතා පෝෂ්‍යදායකය
ටි‍්‍රප්සින් නිෂේධක ආහාරයට ගැනීමෙන් මිටි බව ඇතිවන බව හා අග්න්‍යාශයේ ලෙඩ රෝග ඇති කරන බව සත්ත්ව අධ්‍යයන වලින් සනාථ වී තිබේ. දරුවෙකුට දත් හා අස්ථි වර්ධනයට විටමින් ඞී.. තීරණාත්මක කාර්යක් ඉටු කරයි. දරුවන්ට සෝයා වට්ටෝරු ලබාදීමෙන් ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවන බව හඳුනාගෙන තිබේ.

යකඩ හා තුත්තනාගම් බිළිඳු මොළයේ වර්ධනයට අවශ්‍ය වේ. සෝයා වල ඇති පයිටික් අම්ලය මේ යකඩ හා තුත්තනාගම් වල ක‍්‍රියාකාරිත්වය අඩාල කරන බව හෙළිදරව් වී තිබේ. මේ කාලයට දරුවන්ට කොලෙස්ටරෝල්ද අවශ්‍ය කරයි. සෝයා වල කොලෙස්ටරෝල් සංයුතිය අඩුපාඩු සහිතය.
සෝයා වල ඇති පයිටොඊස්ට‍්‍රජන නිසා ඉතා අඩු වයසෙන් ලිංගික පරිණතියට දරුවන් පත්වීමේ ගැටළුව මේ ලිපියේම අන් තැනක අප කතා කළෙමු.
මේ සියළු කාරණා විමසීමේදී හයක් හතරක් නොතේරෙන දරුවන්ට සෝයා වට්ටෝරු නිතිපතා දීම කෙතරම් සුදුසුද යන්න නැවත සමාලෝචනය කිරීමට සිදු වේ.

සෝයා ආහාර ඔස්ටියෝපොරෝසිස් වළක්වයි
සෝයා ආහාර ගැනීම නිසා කැල්සියම් හා විටමින් ඞී යන පෝෂ්‍ය පදාර්ථ දෙකටම ගැටළු මතු වෙයි. මේ දෙකම අස්ථි සුවසෙත කෙරෙහී බෙහෙවින් වැදගත් වන බව ඔබද දන්නා කරුණකි. මේ නිසා සෝයා අස්ථි සවිමත් කිරීමට කිසිසේත් සම්මාදමක් වන්නේ නැත.

නූතන සෝයා ආහාර ගැනීමෙන් පිළිකා විශාල ප‍්‍රමාණයක් වැළඳීමෙන් ඔබව ආරක්ෂා කරයි
මෙයද වැරදි මතයකි. බි‍්‍රතාන්‍ය රජය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සෝයා ආහාර ගැනීමෙන් පිළිකා ඇතිවීම වළකින බවට ඇති සාක්ෂි එතරම් සවිමත් නොවන බව පෙන්වා දෙයි. ඇත්තෙන්ම මේ ගැන ගැඹුරින් විමසන කළ පිළිකා ඇතිවන අවස්ථා වැඩි කිරීමට නම් සෝයා හේතු වන බවට විද්‍යාත්මක කරුණු බොහෝ තිබේ.

සෝයා ආහාර ඔබව හදවත් රෝග වලින් ආරක්ෂා කරයි
ලොව පුරා සිදුවූ අධ්‍යයන වලට අනූව සෝයා ආහාර ගැනීමෙන් ඇතැම් ජන කොටස් වල කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සාක්ෂි පවතී. එහෙත් සෝයා ප්‍රෝටීන වලින් හදවත් රෝග ඇතිවීම මර්ධනය වන්නේද යන්න විමසිය යුත්තකි.

සෝයා ඊස්ට‍්‍රජන් ඔබට යහපතක් සිදු කරයි
සෝයා.. නිර්නාල ග‍්‍රන්ථි අවහිරකයකි. ස්වාභාවික ශරීර හෝමෝන වල ක‍්‍රියාකාරිත්වයට මෙමගින් ඇති කරන්නේ බාධාවකි. ආහාර ප‍්‍රයෝජ්‍ය මට්ටමෙන් ගත් විට සෝයා ආහාර ගැනීමෙන් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයට බාධා පැමිණෙයි. පිළිකා අවදානම ඉහළ නංවයි. එය මික්සිඞීමා නොහොත් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අයඩින් නිෂ්පාදනය අඩාල කිරීමේ වරදටද හේතු වෙයි.

සෝයා වල ඇති පයිටොඊස්ට‍්‍රජන මනස සුසර කරයි
මෑතකාලීන අධ්‍යනයකට අනූව කාන්තාවන්ගේ රුධිරයේ වැඩිම ඊස්ට‍්‍රජන් සංයුතියක් ඇති අවස්ථාවේදී ඔවුන් අඩුම ප‍්‍රජානන ක‍්‍රියාකාරත්වයක් ප‍්‍රකට කරන්නේය. ඇමෙරිකාවේ.. ජපානයේ ටොෆු.. ජනප‍්‍රිය ආහාරයකි. මේ සෝයා වලින් හදන ආහාරය අනුභවයෙන් පසුකාළීනව ඇල්ෂයිමර් රෝගයට ලක්වීමේ අවදානම ඉහළ නැංවෙන බව හඳුනාගෙන තිබේ.

ආර්තව අභාවයට පසු කාලය ගත කරන කාන්තාවන්ට සෝයා ආහාර වඩාත් හොඳය
සෝයා ආහාර මගින් ඊස්ට‍්‍රජන් මත ක‍්‍රියාකාරී වන අර්බුද, පිළිකා ආදිය බලගැන්වීමේ අවස්ථාව වැඩිය. එය තයිරොයිඞ් ග‍්‍රන්ථිය ආශ‍්‍රිත රෝග වලටද අත වනයි. තයිරොයිඞ් ග‍්‍රන්ථියේ අවක‍්‍රියාකාරිත්වය හේතුකොටගෙන ආර්තව අභාව රෝග ලක්ෂණ වඩාත් දුෂ්කර තත්ත්වයකට පත්වේ.

සෝයා ආහාර ඔබේ ලිංගික සෞඛ්‍යය සාරවත් කරයි
සත්ත්වයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ වලට අනූව සෝයා සාඵළ්‍යතාවය නොහොත් වර්ගයා බෝ කිරීමට බාධා කරමින් අහිතකර ක‍්‍රියාකාරිත්වයක යෙදෙන බව හෙළිදරව් වී තිබේ. මේ හැරුණු විට මැදි වයස් පුද්ගලයන්ගේ රෝම වර්ධනය වැඩි කරන බව හඳුනාගෙන තිබේ. මෙය ටෙස්ටස්ටරෝන හෝමෝන හීන වන බවට සළකුණකි.

සෝයා පරිසරයට මිතුරු වගාවකි
දැනට වවන සෝයා වලින් සියයට 90ක්ම ජාන වෙනස් කරන ලද සෝයා වෙයි. මේවා ගැටළු රාශියක් පාරිසරික ජෛව ක‍්‍රියාකාරීන් විෂයෙහි ඇති කරයි.

සෝයා ආහාර දියුණු වන රටවල ජනතාවට වඩා හොඳ ආහාර තේරීමකි
දියුණු වන රටවලට ආවේණික ධාන්‍ය තිබේ. වී, කුරහන්, මෙනේරි, මුං, මේ කිසිවක් සෞඛ්‍යයට අහිතකර නැත. ප‍්‍රචාරයට මුවාවී සෝයා ප‍්‍රචලිත කිරීමෙන් මේ ගුණවත් ආහාර ජනතාවෙගෙන් ඈත් වී යයි.
මේසා විපරීත පැටිකිරියක් සහිත සෝයා ආහාර පුරුද්දක් ලෙස පරිභෝජනයට ගැනීමෙන් රටක ජනතාවට සිදුවන යහපතක් නැත. මේ නිසා සුලබව සෝයා නිෂ්පාදන ආහාරයට ගන්නා පාරිභෝගිකයන් මේ ගැන යලි යලිත් සිතනු වටී

01/02/2021

South African Curried Lamb Bobotie
බොබෝටි

අමුද්රව්ය
2 ක් සුදු පාන් පෙති
1 කෝප්ප කිරි
බටර් 2 ක්
2 කෝප්ප ළූනු සිහින් ව කැඩුණු
සුදුළූනු කරාබු නැටි 1 කැඩුණු
1 granny smith apple cored diced
1kg බැටළු මස් කැබැල්ලක්
1/2 කෝප්ප මුද්දරප්පලම්

1/4 කෝප්ප පෙති ආමන්ඩ්
ලෙමන් යුෂ 3 ක්
2 තේ හැදි චට්නි
ව්‍යංජන කුඩු 2 ක්
1 ටැබ් ලා දුඹුරු සීනි
1 ෆොස්ෆේට් ලුණු
ගම්මිරිස් 1/2 ෆොස්ෆේට්
බිත්තර 3 යි
බේ කොළ 6 ක්
ලෙමන් කොළ ලෙමන් අතු 6 ක්
පෙති 6 ලෙමන්

ක්රමය
උඳුන 160C ට පෙර රත් කරන්න.
පාන් විශාල කැබලිවලට ඉරා කුඩා භාජනයක කිරි පොඟවා ගන්න.
මේ අතර, විශාල සාස්පාන් බඳුනක බටර් උණු කරන්න. ළූණු සහ සුදුළූණු එකතු කර විනාඩි 5 ක් සාස්පාන් කරන්න.
ඇපල් එකතු කර තවත් විනාඩි 1 ක් උයන්න. බැටළු මස් එකතු කර එහි රෝස පැහැය නැති වන තෙක් උයන්න, විනාඩි 10 ක් පමණ. තාපයෙන් ඉවත් කරන්න.
පාන් පෙති වලින් අතිරික්ත කිරි මිරිකා, කිරි වෙන් කර ගන්න.
පාන් ඉරා දමා බැටළු මස් එකතු කරන්න.
මුද්දරප්පලම්, ආමන්ඩ්, ලෙමන් යුෂ, චට්නි, කරපිංචා, සීනි, ලුණු, ගම්මිරිස් සහ බිත්තර 1 ක් එක් කරන්න. හොඳින් මිශ්ර කරන්න.
මිශ්‍රණය බටර් ගැඹුරු ෙබ්කිං පිඟානක හෝ කැස්ඩරෝල් බඳුනක තබන්න.
බේ කොළ සිරස් අතට දමන්න. මිනිත්තු 40 ක් පිළිස්සීම, පසුව උඳුනෙන් ඉවත් කරන්න.
වෙන් කළ කිරි ඉතිරි බිත්තර 2 සමඟ මිශ්‍ර කර මිශ්‍රණයට වත් කරන්න.
තවත් විනාඩි 15 ක් හෝ බිත්තරය සකසන තුරු පිළිස්සීම.
ලෙමන් garnish. ලෙස පිළිගැන්වීමට පෙර බේ කොළ ඉවත් කරන්න.

Photos from අරක්කැමියා - 𝓐𝓻𝓪𝓴𝓴𝓮𝓶𝓲𝔂𝓪's post 01/12/2020

Bamboo chicken
බැම්බු චිකන් හදමු
බැම්බු චිකන් යනු සාම්ප්‍රදායික ගෝත්‍රික ආහාරයකි.

බැම්බු චිකන් යනු තෙල් රහිත රසවත් ආහාරයකි. බැම්බු චිකන් යනු කුකුළු මස් උණ බම්බුවක දමා ගල් හෝ දර අඟුරු මත පිසින ලද ඉතා රසවත් හා පෝෂ්‍යදායී ආහාරයකි. මෙම ආහාරය ඉන්දියාවේ ගෝත්‍රික ජනතාව විසින් සකස් කරනු ලැබේ.


අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් සම නැති - ග්‍රෑම් 500 යි.
රස කිරීමට ලුණු.
රතු මිරිස් කුඩු -අවශ්‍ය ප්‍රමාණයට
කහ කුඩු -තේ හැඳි 1/4
ඉඟුරු පේස්ට් -තේ හැදී 1
සුදුළූණු පේස්ට් -තේ හැඳි 1
ගරාම් මසාලා පවුඩර් -1 තේ හැඳි 1
තෙල්- තේ හැඳි 1
කැපු ළූණු -ස්වල්පයක්
කෑලි මිරිස්- 1 තේ හැඳි
චිකන් මසාලා කුඩු -1 තේ හැඳි

සකස් කිරීම:

පිරිසිදු කළ කපාගත් කුකුළු මස් බඳුනකට ගෙන සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න.
එක් පැත්තක ගැටය සමග කපා ගත් උණ බම්බුව පිරිසිදු කර උණ බම්බුව තුළට හොදින් මිශ්‍ර කරගත් කුකුළු මස් පුරවන්න. උණ බම්බු වේ විවෘතව පවතින පැත්ත කොළ වලින් ආවරණය කරන්න ඉන් පසු

දර හෝ ගල් අඟුරු ගින් මැලයක් සාදා උණ බම්බුව විනාඩි 45 ක් පමණ මධ්‍යම ගින්න අගුරු මත තබන්න . සැරින් සැරේ උණ බම්බුව කරකවා පැත්ත මාරු කරන්න
විනාඩි 45 කට පසු එය ඉවතට ගෙන ගින්නෙන් ඉරිතලා ඇති උණ බම්බු ප්රවේශමෙන් ඉවත් කරන්න. උණ බම්බුවේ කට වැසු කොල ඉවත් කර
කෙසෙල් කොළ වලට කුකුළු මස් දමන්න.
ළූණු සහ කපාගත් අමු මිරිස් සමඟ උණුසුම්ව පිලිගන්වන්න

සටහන: උණ බම්බුව සම්පූර්ණයෙන්ම පිළිස්සී නොයන බවට වග බලා ගන්න.

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Kegalle