Pamalka

Pamalka

Share

Musician | Vocalist | Multi-instrumentalist
Music Instructor | Composer
Researcher | Connoisseur | Spiritual Healer

24/05/2026

Meloncholy on Mandra Bahār (Badā Esrāj) ! 🌸🪷❤️‍🩹

Took out the biggest of the family. Someone can call it the Cello of India if needed. This has been sitting inside my instrument room for years without getting any sunlight. Today I thought of posting a small improvisation on this rare instrument.

I want you all to suggest a nick name for this instrument!

08/05/2026

Sometimes you need a little contrast and black in your life. If not people will say you are all white and good. Then again stab in your back gossiping that he also has little black spots on his white cloth.
So, open your eyes and see, I am all black ! 😎
_Pamalka_

Photos from Pamalka's post 30/04/2026

Narasimha Jayanti 2026
Blessed to be there at and sing to the Lord!
💐❤️🍀😇🪷🙏🏻🦁

24/04/2026

Appointed as the Sri Lanka's National President of the Vishwa Hindu Raksha Parishad! 😇🪷☸️🕉️🇱🇰🇮🇳🍀💐🙏🏻

I am grateful for the Vishwa Hindu Raksha Parishad organization and International President Mr. Gopal Rai for presenting me with the title, ‘National President’ of Vishwa Hindu Raksha Parishad in Sri Lanka and entrusting me with this great international community service opportunity. I will do the best in my power to popularize, develop, improve and protect the Sanatan Dharma and Buddhism in Sri Lanka as a young musician and a social worker in the digital age. I am looking forward to work with VHRP Organization in the future with positive hopes and specially to bring peace to the world in times of need through my spiritual and musical practices!
Thank you very much!
Namo Buddhāya! Namo Narayanaaya!
______

मैं Vishwa Hindu Raksha Parishad संस्था तथा इसके अंतरराष्ट्रीय अध्यक्ष Gopal Rai जी का हृदय से आभारी हूँ, जिन्होंने मुझे श्रीलंका में Vishwa Hindu Raksha Parishad का ‘राष्ट्रीय अध्यक्ष’ का पद प्रदान किया और इस महान अंतरराष्ट्रीय सामाजिक सेवा के अवसर के लिए मुझ पर विश्वास किया।

मैं एक युवा संगीतकार और सामाजिक कार्यकर्ता के रूप में डिजिटल युग में सनातन धर्म और बौद्ध धर्म को लोकप्रिय बनाने, विकसित करने, सुधारने और संरक्षित करने के लिए अपनी पूरी क्षमता से कार्य करूंगा।

मैं VHRP संस्था के साथ भविष्य में सकारात्मक आशाओं के साथ कार्य करने के लिए उत्सुक हूँ, और विशेष रूप से अपनी आध्यात्मिक एवं संगीत साधनाओं के माध्यम से आवश्यकता के समय विश्व में शांति स्थापित करने के लिए प्रतिबद्ध हूँ।

आपका बहुत-बहुत धन्यवाद!
नमो बुद्धाय! नमो नारायणाय!
🙏🏻🌸💐❤️🍀🇱🇰🇮🇳🕉️☸️🪷

20/04/2026

The soul of Hindustani Classical Music lies in the depth of its Ragas. Join me in exploring this timeless art form through tailored sessions designed to bring out your inner spiritual essence through music. 🎻🎤

Now accepting students for both individual and group classes. Let’s dive deep into the world of Vocal and Esraj performance. Reserve a date and time that works for you, and let’s get started!
✨🍀🤍

Conducted by Pamalka Karunanayake
(Classical Musician and Spiritual Practitioner for 17 years)

Align your musical flow and cultivate the right mindset to become one with the divine through music. 🪷🍀✨😇❤️

Details:
• Duration: 40 minutes per session
• *Rates: 10$ / £10 / 1500/-
📩 DM now to register: +94-71-93-71-725

SriLanka IndianClassicalMusic LearnMusic PamalkaKarunanayake PamalkaEsrajOfficial ManchiEsraj SingingEsraj TalkingEsraj PamalkaVocal SASANI SASANIIFM SASANIInstituteForMusic

16/04/2026

අක්ෂය ත්‍රිතියා නොහොත් අඛ තීජ්

අඛ තීජ්, අක්තී නොහොත් අක්ෂය ත්‍රිතීයා වෛශාඛ මාසයෙහි(වෙසක් මස), ශුක්ල පක්ෂයෙහි(පුර පක්ෂය), ත්‍රිතීය තිථියට යෙදෙන ඉතා ම ශුභ ඵල ගෙනෙන යෝගය කි. කිසිදා ක්ෂය නොවන යන අර්ථය මෙහි ගැබ්ව ඇත. 2026 වසරේ අප්‍රේල් 19 වැනිදා මෙවර එම අවස්ථාව යෙදී තිබෙනවා. එයට බැල්ම කරන්නේ විෂ්ණු දෙවියන් වහන්සේ සහ පුජාවට ලක්වන්නේ බොහෝවිට උන්වහන්සේත්, ලක්ෂ්මී මෑණියන් වහන්සේ, ගණපති දෙවියන් වහන්සේ සහ කුබේර දෙවියන් වහන්සේ යන දෙවිවරුන් ය. ත්‍රේත යුගය ආරම්භ වූ දිනය ලෙසත්, පරශුරාම් දෙවියන්ගේ ජන්ම දිනය නොහොත් ජයන්තියත් මෙදිනට යෙදී ඇති අතර ම, නර-නාරායණ දෙවියන්ගේ ජන්ම දිනය ලෙසත් සැලකේ. මෙවර අඛ තීජ් යෙදෙන අප්‍රේල් 19 දින ගොඩාක් විශේෂ වීමට ත්‍රිපුෂ්කර් යෝගයත් (අප්‍රේල් 19 වැනිදා 0710h - 1049h), රවි යෝගයත් (අප්‍රේල් 20 වැනිදා 0435h - 0604h) මෙදිනට යෙදී තිබීම හේතු වේ. සඳුදා දිනක, රෝහිණී නොහොත් රෙහෙණ නැකත යෙදෙන දිනක යෙදෙන අක්ෂයා ත්‍රිතීයා බොහෝ බලගතු බව පැවසේ. මෙවර ත්‍රිපුෂ්කර් යෝගය අවසන් වන මිනිත්තුවෙන් අක්ෂය ත්‍රිතිය ආරම්භ වේ.
___________________________________________
ත්‍රිතීයා තිථිය
2026 අප්‍රේල් 19 වැනිදා 1049h සිට 20 වැනිදා 0727h දක්වා

අක්ෂය ත්‍රිතීයා පූජා මුහුර්තය
2026 අප්‍රේල් 19 වැනිදා 1049h - 1220h

අභිජීත් මුහුර්තය
2026 අප්‍රේල් 19 වැනිදා 1145h - 1234h

විජය මුහුර්තය
2026 අප්‍රේල් 19 වැනිදා 1412h - 1500h

අම්‍රිත් කාලම්
2026 අප්‍රේල් 20 වැනිදා 0226h - 0352h

චෞඝඪියා මුහුර්ත අනුව 19 සහ 20 යන දෙදින පුරා පූජා පැවැත්වීමට සුදුසු සමය

* උදය මුහුර්තය - චර, ලාභ, අම්‍රිත්
2026 අප්‍රේල් 19 වැනිදා 1049h සිට 1210h දක්වා

* අපරභාග මුහුර්තය - ශුභ
2026 අප්‍රේල් 19 වැනිදා 1342h සිට 1514h දක්වා

* සන්ධ්‍යා මුහුර්තය - ශුභ, අම්‍රිත, චර
2026 අප්‍රේල් 19 වැනිදා 1819h සිට 2242h දක්වා

* නිශිථ මුහුර්තය - ලාභ
2026 අප්‍රේප් 20 වැනිදා 0137h සිට 0305h දක්වා

* උෂා මුහුර්තය - ශුභ
2026 අප්‍රේල් 20 වැනිදා 0433h සිට 0600h දක්වා

* ප්‍රාථඃ කාල් - අම්‍රිත්
2026 අප්‍රේල් 20 වැනිදා 0600h සිට 0727h දක්වා
___________________________________________
අප්‍රේල් 19 වෙනිදා උදෑසන 1049h සිට 20 වෙනි දින උදෑසන 0727h දක්වා කාලය තුළ රන් රිදී මිළ දී ගැනීමට ඉතා සුබයි!
උක්ත සඳහන් අක්ෂයා ත්‍රිතීයා පූජා මුහුර්ත සමයේ දී පහත දැක්වෙන කාර්‍යයන් සියල්ල සාම්ප්‍රදායික ව මිනිසුන් විසින් සිදු කරන්නට යෙදුණි. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම, නැකැත් බැලීමෙන් තොරව විවාහ වීම, දාන මාන ආදී පුණ්‍යක්‍රියා කිරීමට මෙන් ම රන් රිදී ආදිය මිළ දී ගැනීම මේ අතර වේ. ඒවා ක්ෂය නොවන ලෙස දිගු කලක් පැවතිය හැකි බව පිළිගැනේ. මේෂ, වෘෂභ, සිංහ, වෘශ්චික සහ මීන ලග්න හිමියන්ට මෙම වසරේ තිථියෙන් වැඩි වාසි හිමිවන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතු ය. පහතින් දැක්වෙන්නේ ඔබට සිදු කළ හැකි දේවල් කිහිපයකි!

* මහා විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිරාහාරව සිටීම.
* මහා විෂ්ණු දෙවියන්ගේ ලක්ෂ්මී-නාරායණ ස්වරූපය වන්දනා කිරීම.
* රන්-‍රිදී ආභරණ හෝ කාසි මිළ දී ගැනීම.
* විවාහ උත්සව පැවැත්වීම.
* ගෙට ගෙවැදීමේ උත්සව පැවැත්වීම.
* නව වාහන මිළට ගැනීම.
* සමුද්‍රයේ හෝ ගංගා නම් නදියේ හෝ වෙනත් ශුද්ධ නදියක ස්නානය කිරීම.
* මිය ගිය ඥාතීන්ට තර්පන් පූජා පැවැත්වීම.
* බ්‍රාහ්මණ පූජකයින්ට සහ දුගී දුප්පත් අයට දාන මාන කිරීම.
* හෝම / හවන් පූජා පැවැත්වීම.
___________________________________________
ස්නානය කිරීමෙන් පසුව මෙම මන්ත්‍රයෙන් සංකල්ප විධි විධි සිදු කර දෙවියන් උදෙසා පූජා පවත්වා ආශිර්වාද ලබාගන්න.

ममाखिलपापक्षयपूर्वकसकलशुभफलप्राप्तये
මමාඛිල පාපක්ෂය පූර්වක සකල ශුභ ඵල ප්‍රාප්තයේ
भगवत्प्रीतिकामनया देवपूजनमहं करिष्ये।
භගවත් ප්‍රීති කාමනයා දේව පූජනමහං කරිෂ්‍යේ !
___________________________________________
* ඕම් ගං ගණපතයේ නමඃ!

ඕම් ඒකදන්තාය විද්මහේ
වක්‍රතුණ්ඩාය ධීමහී
තන්නෝ දන්තිඃ ප්‍රචෝදයාත් !

* ඕම් නමෝ නාරායණාය!

ඕම් නාරායණාය විද්මහේ
වාසුදේවාය ධීමහී
තන්නෝ විෂ්ණුඃ ප්‍රචෝදයාත් !

* ඕම් ඓම් හ්‍රීම් ශ්‍රීම් මහා ලක්ම්‍යායෛ නමඃ!

ඕම් මහා ලක්ෂ්මී ච විද්මහේ
විෂ්ණු පත්නී ච ධීමහි
තන්නෝ ලක්ෂ්මීඃ ප්‍රචෝදයාත් !

ක්ෂය නොවන ධනයත්, සෞභාග්‍යයත්, කුශලයත් පිණිස මෙම තිථිය මනාව භාවිත කරන්න!
දෙවි පිහිටයි!

සටහන,
පමල්ක කරුණානායක.
fans

29/03/2026

ආදරය!
වසර 63ක් වූ විවාහ ජීවිතයේ, එක ම නිවසෙහි, එක බත්පත බෙදා හදාගෙන, දරුවන් සිව් දෙනෙකුට දෙමාපියන් වී, මුණුබුරු මිණිබිරියන් සය දෙනෙකුට සීයා සහ අත්තම්මා වූ මගේ පියාණන්ගේ දෙමාපියන් එකට ගත කළ අවසාන තත්පර කිහිපය මෙසේ සටහන් කරගතිමි. හිත නොදුන්නත් දුරකතනය ඔසවා මෙය ලබාගන්නට, පසු කලෙක අයකුට ආදරය යනු කුමක්දැයි මගෙන් ඇසූ විට මෙය පෙන්වීමට මෙම වීඩීයෝපටය සිහිවටනයක් කරගතිමි!

හේමා ලොකුගමගේ නම් ඇය මාර්තු 25 වැනිදා 95 වැනි වියට පා තැබූවා ය. තම ආදරණීය ස්වාමි පුරුෂයා පසුගිය පෙබරවාරි මස 15 වැනිදා 96 වැනි වියට පා තැබී ය. නමුත් ඇගේ උපන්දිනය සමරන්නට ඇයට නොහැකි වූයේ සහ සිහියක් නොවූයේ ඔහු තරමක් රෝගී වූ නිසාවෙනි. කෑගල්ලේ සිට මමත්, මගේ දෙමාපියනුත් ඔහුගේ සුවදුක් විමසන්නට එහි ළඟා වූයේ මෙම වීඩියෝ පටය ලබාගන්නට විනාඩි 10කට පමණ පෙර ය. ඔහු නමින් ටියුඩර් කරුණානායක නම් වෛද්‍යවරයා ය, කතුවරයා ය, කවියා ය, උගතා ය, ජ්‍යොතිර්වේදියා ය, මගේ සීයා ය. වසර 96ක් වන තෙක්, ඇවිදිමින්, වත්ත පිටියේ කුඩා හෝ කාර්‍යයක් කරමින්, ග්‍රන්ථාරූඪ කාර්‍යයන් කරමින්, මාතර මහා නගරයේ, ඉසදීන් නගරයේ, කුරුඳුවත්ත ප්‍රදේශයේ සිටි වයස්ගත ම සහ ගෞරවනීය ම පුද්ගලයා ලෙස ඔහු බොහෝ සුව වින්දේ ය. රෝගීන් දහස් ගණනක් සුව කළ පිනින් දිගාසිරි ලැබ, නිදුක් නීරෝගීව, පිරිසිදු සිතින් වාසය කලේ ය. ඔහුගේ ජානමය නැණ, ප්‍රඥා, බුද්ධි ආදි සාධක පවුලේ සියලු දූ පුතුණට උරුම වූයේ නිරායාසයෙනි.

අවසාන වශයෙන් ලියූ පොත මා වෙනුවෙන් ලියූ බව මා පවසන්නේ ආඩම්බරයෙනි, එය හැකි ඉක්මණින් ඔහුගේ නමින් පළ කරන්නටත් අදිටන් කරගනිමි. මෙහි මේ දකින්නේ ඇය ඔහුට සීතලයැයි සිතා පොරෝනාව සකසන අයුරු යි. ඇයගේ විශ්වාසය නම් ඔහු අද මේ දැන් සුව වේ යැයි යන්නයි. එපමණ ආදරණීය විශ්වාසයක් ඔහු කෙරෙහි ඇය තැබුවා ය. දූදරු මුණුබුරන් පැමිණි පසු, අනේ අම්මේ යැයි අරඹා ඇය පවසන්නේ ඔහුට සුව විය යුතු බවත්, කිසිවක් නොවී ඔහු ජීවත් විය යුතු බවත් ය. ධර්මය බොහෝ කියවා ඇතත්, තමන්ගේ සිත එකලස් කරගත නොහැකි බව තේරුම් ගන්නට බැරි තරමින් ඇයගේ ආදරය හිසටත් උඩින් ය. ඇගේ වදන් නිතර ඇසීමෙන් ඔහු නිතර දෑස් අරින්නේ ය. දරුවන් පැමිණ තාත්තේ යැයි අමතන විට යාන්තමින් දෑස් ඇරියේ ය.

වෘත්තියෙන් හෙදියක වන මාගේ ලොකු පුංචිඅම්මා සහ මගේ ලොකු බාප්පා දෙදෙනාත්, එම දරු දෙදෙනාත් ඉතා දයාවෙන්, ආදරයෙන් මෙම වසර 63ක් පැරණි ආදර කතාව සුරකින්නට මුල් වුණ හ. පුංචි දහවල් නිවසට පැමිණ සුපුරුදු පරිදි ඔහුට කතා කොට, ඇද රෙදි සාදා අප සියලු දෙනා ඔහුට නිදන්නට හැර ඉස්තෝප්පුවට පැමිණියෙමු.
මා නිවසට පැමිණි විට ම කළ පළමු දේ නම් සීයාගේ කකුල් දෙක මත සුරත තැබීම යි, මන් ද මට හැඟෙන දේ සත්‍යයක් ම ද යන්න තහවුරු කරගන්නට අවශ්‍ය නිසාවෙනි. පුංචිගේ වෘත්තිය අනුව ඇය හඳුනන දේ නොකියා අත්තම්මාගේ සිත් නොරිදන්නට වග බලාගත්තී ය. එළියේ සිටි අප සැම කතාවක් ආරම්භ කරන්නට සූදානම් වුණා පමණි, මගේ පය ඉක්මන් වී ගෙතුළට ඇදී ගියේ සිතට දැනුණු සංවේදනයක් නිසා ය. මම "අම්මේ!" යැයි මවට කතා කළ පසු නිවසෙන් එළියේ සිට සියලු දෙනා කාමරයට දිව ආවේ ඉච්ඡා රහිත මුහුණු සමඟ ය.
සීයාගේ හුස්මෙහි රිද්ම ය වේගවත් වීම සමඟ මගේ අත ඔහුගේ සුරතෙහි නාඩි ස්ථාන මත තබා මම කීවේ තවම නාඩි වැඩ බවත් ය. නමුත් වයසින් මුහුකුරා ගිය ඔවුන් මට වඩා මරණය ගැන දන්නා බව මට තේරුම් ගියේ තත්පර 10ක් පමණ ගොස් සීයා ගැඹුරු හුස්මක් පිට කළ පසු ය. තෙවරක් ඉන් පසුත් කෙටි හුස්ම තුනක් පමණ පිට කරනු දුටු විට මම ආයේමත් පපුවට අත තබා පපුව ගැහෙන බව කිව්වත් කිසිවකු කිසිත් නොකීයේ ය. කතා කරන්නට දෙයක් ඉතුරු නොවුණු බව හැඟුණු නිසා මා කීවේ හිස කෙළින් කරන්නට කියා ය, මන් ද නිවසට පැමිණි විගස මා සීයාගේ දෙපා මත සුරත තැබූ විට දැනුණු සීතල මට මතක් වී, ඔහු කෙමෙන් ප්‍රාණය අත් හරිමින් සිටි වග මට පැහැදිලි විය. ඔහුගේ සිරුර කෙළින් කරන විට අත්තම්මාට සිහිය එළඹී අනේ කියා අඬන්නට ගත්තා ය. ඇගේ ප්‍රාණ සම ස්වාමිපුරුෂයා මෙලොව වසර 63ක් තමා සමඟ වාසය කර, තමා තනි කර දමා ගිය නිසා, මේ ලොව මා දැන් ජීවත් වන්නේ කුමකටදැ'යි විමසමින්, ඇය බොහෝ හඬන්නට විය. අපේ දුක් වැඩි වී අපට කඳුළු ඉනුවේ ඇගේ වේදනය අපට දැනෙන්ට ගත් පසුව යි. පෙ.ව. 11.25ට පමණ නිවසට පැමිණි අප සුවදුක් බලමින් හිඳිය දී 11.35ට මා මෙම වීඩියෝ පටයත් ගෙන 11.45ට ප්‍රාණය සීයාගෙන් නිරුද්ධ වී, ඔහු නිශ්චල වූයේ ය.

ඔහුගේ පීතර මාමා පොත සොයාගෙන කියවන්න. ඔහුගේ ගද්‍ය රචනා ගැන ඔබට පුදුම හිතේ වි. එක හුස්මට කියවාගෙන යා හැකි පරිදි ඔහු ලියන්නේ කෙසේදැයි මට අදටත් නොතේරෙන්නේ ය. ධම්මපදය සිංහලෙන් පොත සොයාගෙන කියවන්න. ඔහුගේ ධර්ම ඥානය සහ කාව්‍ය විශාරදත්වය මෙන් ම පාලි භාෂා දැනුම ගැන ඔබට දත හැකි ය. මාතර, ඉසදීන් නගරයේ අයකුගෙන් පැමිණ ටියුඩර් මාමා ගැන විමසන්න, ඔහුගෙන් සුවපත් වූ රෝගීන් පිං දෙන අයුරු ඔබට දැනගත හැකි ය.

පාංශුකූල අනුශාසනාව සිදු කළ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය, පුජ්‍ය, කනත්තේගොඩ සද්ධාරතන අනුනායක ස්වාමීන් වහන්සේගේ කාරුණික වචන හමුවේ, මා සිත උපන් දුක බොහෝ සේ තුනී වූයේ, සීයා කළ කී දෑ නිසා ඔහුගේ භවය ඉතා සුවපත් බව හැඟුන නිසා මෙන් ම, බුද්ධ වචනය රකිමින් සීයා බොහෝ අපූරුවට දිවි ගෙවූ අයුරු උන්වහන්සේ දීර්ඝ ව, මනා කොට පහදා දුන් නිසාවෙනි.

අවමංගල්‍ය කටයුතු සාර්ථක ව සංවිධානය කරගනිමින්, දින ගණනක් වෙහෙස මහන්සි වූ මාගේ පියාගෙත්, ලොකු බාප්පාගේත්, චූටි බාප්පාගෙත්, නැන්දාගෙත්, සීයා අත්තම්මාගේ සියලු, නෑදෑ හිත මිතුරු අසල්වාසී ගුණ ධර්ම හඳුනන මිනිසුනි, ඔබට පිරිවර ලැබේවා!
සීයාගේ අවමංගල්‍යය සඳහා පැමිණි 1000කට අධික මිනිසුන් කියා පෑවේ පරලෝ සැපත් සීයාගේ ගුණය සහ පරිවාර සම්පත්තිය ම යි!

මගේ දැනුම වැඩි වෙන්නටත්, මාගේ ජන්මයටත් මූලික හේතුකාරකයක් ව, මා දුටු ප්‍රඥාවන්‍ත ම මිනිසුන් අතර ඉහළින් ම සිටි අයකු වූ මගේ දයාබර සීයාට, මෙලොව කරගත් කුශල කර්මයන් සියල්ල සසර ගමනෙහි සුගතිය පිණිසත්, මීළඟ භවයේදී ම නිර්වාණාවබෝධය ලබන්නටත් හේතු වේවා! වාසනා වේවා! පාරමී බල මහිමයක් ම වේවා!

12/03/2026

I had to do a flip ! 😅

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

SASANI Institute For Music, F67-A, Mahakumbura, Ranwala
Kegalle
71000