සිතුවිලි සිත්තම් - Les peintures des pensées - Paintings of thoughts

සිතුවිලි සිත්තම් - Les peintures des pensées - Paintings of thoughts

Share

ලෝකය දිනන්නට නොව සිත දිනන්නට ය. Non pas pour gagner le monde mais pour gagner le mental. Not to win the world but to win my mind.

05/07/2025

හුස්ම හඬට සවන් දෙන්න

විවේකයක් හෙමිං ගන්න
දුවන පනින හිත දකින්න
හිතට හෙරෙන් හිතත් එක්ක
හෙමි හෙමීට නිහඬ වෙන්න

ඉහළට යන්න හුස්ම එක්ක
එක මොහොතක් ගත කරන්න
පහළට එන හුස්ම සමග
තව මොහොතක් ගත කරන්න

ඉහළට යන හුස්ම එක්ක
එක මොහොතක් ඉසුඹු ලන්න
හති වැටිච්ච ජීවිතයට
විරාමයක් ගන්න දෙන්න

හුස්ම හඬට සවන් දෙන්න
ඒ හඬ වෙත සිත යොමන්න
දුවන පනින සිත එක්කල
සැනසීමට ඉඩක් ගන්න

දුවන පනින සිත වෙනුවට
තැන්පත් වන සිත දකින්න
එහි ගැඹුරට සිත යොමන්න
සැනසුම තුළ නිවී යන්න

✍️Bhanté Suneetha

Captured by T Rahula Thero

20/04/2025

In the end,
---
In the end, everything in life is impermanent, like a leaf that blooms brightly for a while and then fades away, leaving behind a trace of its existence. The fleeting moments we experience, whether joyous or sorrowful, are akin to the shifting seasons that come and go, each bringing its own unique beauty and challenges. Just as the leaf must eventually fall to make way for new growth, we too must embrace change and the natural progression of life. The cyclical nature of existence reminds us to cherish each moment, to find solace in the transient beauty, and to understand that every end is merely a new beginning. In this ever-changing world, the impermanence of life is not something to fear, but rather a reminder of the resilience and continuous renewal that define our journey.

✍️ Bhanté Suneetha

16/03/2025

යම් භික්ඛවේ න තුම්හාකං තම් පජහථ!
---
සියල්ලම වෙනස්වන ලෝකයේ වෙනස්වන දේවල් මගේ යැයි සිතීම හෝ අයිති කර ගැනීමට උත්සාහ කිරීම තරම් අ‍ඥාන කමක් මම නොදනිමි, නොදකිමි.
එබැවින්, මගේ නොවන දේවල් මගේ යැයි සිතීම හෝ මගේ කරගැනීමට උත්සාහ කිරීම මම අනුගමනය කරන පිළිවෙල හෝ ගමන්මග නොව.

"මම නිදහසේ ඇවිද යන්නෙක්මි".

ඔබද සියල්ලෙහි ඇති වෙනස්වන ස්වභාවය දැක ගැනීමට තරම් ප්‍රඥාවන්ත වන්න. අල්ලා ගැනීමෙන් නිදහස්ව නිදහසේ ඇවිද යන්න. එවිට, නිදහසේ සැනසීම ඔබ තමන සෑම පියවරක් පාසාම ඔබ අත්විඳිනු ඇත.

-
𝑻𝒐𝒖𝒕 𝒄𝒆 𝒒𝒖𝒊 𝒏'𝒆𝒔𝒕 𝒑𝒂𝒔 𝒂̀ 𝒗𝒐𝒖𝒔: 𝒍𝒂̂𝒄𝒉𝒆𝒛-𝒍𝒆

𝑫𝒂𝒏𝒔 𝒄𝒆 𝒎𝒐𝒏𝒅𝒆 𝒊𝒎𝒑𝒆𝒓𝒎𝒂𝒏𝒆𝒏𝒕, 𝒋𝒆 𝒏𝒆 𝒄𝒐𝒏𝒏𝒂𝒊𝒔 𝒏𝒊 𝒏𝒆 𝒗𝒐𝒊𝒔 𝒖𝒏𝒆 𝒊𝒈𝒏𝒐𝒓𝒂𝒏𝒄𝒆 𝒕𝒆𝒍𝒍𝒆 𝒒𝒖𝒆 𝒅𝒆 𝒑𝒆𝒏𝒔𝒆𝒓 𝒒𝒖𝒆 𝒍𝒆𝒔 𝒄𝒉𝒐𝒔𝒆𝒔 𝒒𝒖𝒊 𝒔𝒐𝒏𝒕 𝒊𝒎𝒑𝒆𝒓𝒎𝒂𝒏𝒆𝒏𝒕𝒆𝒔 𝒔𝒐𝒏𝒕 𝒎𝒊𝒆𝒏𝒏𝒆𝒔 𝒐𝒖 𝒅’𝒆𝒔𝒔𝒂𝒚𝒆𝒓 𝒅𝒆 𝒍𝒆𝒔 𝒑𝒐𝒔𝒔𝒆́𝒅𝒆𝒓. 𝑨𝒊𝒏𝒔𝒊, 𝒑𝒆𝒏𝒔𝒆𝒓 𝒂̀ 𝒅𝒆𝒔 𝒄𝒉𝒐𝒔𝒆𝒔 𝒒𝒖𝒊 𝒏𝒆 𝒎’𝒂𝒑𝒑𝒂𝒓𝒕𝒊𝒆𝒏𝒏𝒆𝒏𝒕 𝒑𝒂𝒔 𝒐𝒖 𝒆𝒔𝒔𝒂𝒚𝒆𝒓 𝒅𝒆 𝒍𝒆𝒔 𝒓𝒆𝒗𝒆𝒏𝒅𝒊𝒒𝒖𝒆𝒓 𝒄𝒐𝒎𝒎𝒆 𝒎𝒊𝒆𝒏𝒏𝒆𝒔 𝒏’𝒆𝒔𝒕 𝒑𝒂𝒔 𝒍𝒆 𝒄𝒉𝒆𝒎𝒊𝒏 𝒒𝒖𝒆 𝒋𝒆 𝒄𝒉𝒐𝒊𝒔𝒊𝒔 𝒅𝒆 𝒔𝒖𝒊𝒗𝒓𝒆.

« 𝑱𝒆 𝒔𝒖𝒊𝒔 𝒖𝒏 𝒎𝒂𝒓𝒄𝒉𝒆𝒖𝒓 𝒍𝒊𝒃𝒓𝒆 𝒗𝒆𝒓𝒔 𝒍𝒂 𝒍𝒊𝒃𝒆𝒓𝒕𝒆́ »

𝑺𝒐𝒚𝒆𝒛 𝒂𝒔𝒔𝒆𝒛 𝒎𝒂𝒕𝒖𝒓𝒆 𝒑𝒐𝒖𝒓 𝒗𝒐𝒊𝒓 𝒍𝒂 𝒏𝒂𝒕𝒖𝒓𝒆 𝒄𝒉𝒂𝒏𝒈𝒆𝒂𝒏𝒕𝒆 𝒅𝒆 𝒕𝒐𝒖𝒕. 𝑳𝒊𝒃𝒆́𝒓𝒆𝒛-𝒗𝒐𝒖𝒔 𝒅𝒆𝒔 𝒂𝒕𝒕𝒂𝒄𝒉𝒆𝒎𝒆𝒏𝒕𝒔 𝒆𝒕 𝒎𝒂𝒓𝒄𝒉𝒆𝒛 𝒍’𝒆𝒔𝒑𝒓𝒊𝒕 𝒐𝒖𝒗𝒆𝒓𝒕 𝒗𝒆𝒓𝒔 𝒍𝒂 𝒍𝒊𝒃𝒆𝒓𝒕𝒆́. 𝑨𝒍𝒐𝒓𝒔, 𝒄𝒉𝒂𝒒𝒖𝒆 𝒑𝒂𝒔 𝒒𝒖𝒆 𝒗𝒐𝒖𝒔 𝒇𝒆𝒓𝒆𝒛 𝒆𝒎𝒃𝒓𝒂𝒔𝒔𝒆𝒓𝒂 𝒍𝒂 𝒋𝒐𝒊𝒆 𝒅𝒆 𝒍𝒂 𝒍𝒊𝒃𝒆𝒓𝒕𝒆́.

-
"𝐖𝐡𝐚𝐭𝐞𝐯𝐞𝐫 𝐢𝐬 𝐧𝐨𝐭 𝐲𝐨𝐮𝐫𝐬: 𝐥𝐞𝐭 𝐠𝐨 𝐨𝐟 𝐢𝐭.

𝐈𝐧 𝐭𝐡𝐢𝐬 𝐢𝐦𝐩𝐞𝐫𝐦𝐚𝐧𝐞𝐧𝐭 𝐰𝐨𝐫𝐥𝐝, 𝐈 𝐧𝐞𝐢𝐭𝐡𝐞𝐫 𝐤𝐧𝐨𝐰 𝐧𝐨𝐫 𝐬𝐞𝐞 𝐬𝐮𝐜𝐡 𝐠𝐫𝐞𝐚𝐭 𝐢𝐠𝐧𝐨𝐫𝐚𝐧𝐜𝐞 𝐚𝐬 𝐭𝐨 𝐭𝐡𝐢𝐧𝐤 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐢𝐧𝐠𝐬 𝐰𝐡𝐢𝐜𝐡 𝐚𝐫𝐞 𝐢𝐦𝐩𝐞𝐫𝐦𝐚𝐧𝐞𝐧𝐭 𝐚𝐫𝐞 𝐦𝐢𝐧𝐞 𝐨𝐫 𝐭𝐨 𝐚𝐭𝐭𝐞𝐦𝐩𝐭 𝐭𝐨 𝐨𝐰𝐧 𝐭𝐡𝐞𝐦. 𝐓𝐡𝐮𝐬, 𝐭𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐚𝐛𝐨𝐮𝐭 𝐭𝐡𝐢𝐧𝐠𝐬 𝐭𝐡𝐚𝐭 𝐝𝐨 𝐧𝐨𝐭 𝐛𝐞𝐥𝐨𝐧𝐠 𝐭𝐨 𝐦𝐞 𝐨𝐫 𝐭𝐫𝐲𝐢𝐧𝐠 𝐭𝐨 𝐜𝐥𝐚𝐢𝐦 𝐭𝐡𝐞𝐦 𝐚𝐬 𝐦𝐲 𝐨𝐰𝐧 𝐢𝐬 𝐧𝐨𝐭 𝐭𝐡𝐞 𝐩𝐚𝐭𝐡 𝐈 𝐜𝐡𝐨𝐨𝐬𝐞 𝐭𝐨 𝐟𝐨𝐥𝐥𝐨𝐰.

"𝐈’𝐦 𝐚 𝐟𝐫𝐞𝐞 𝐰𝐚𝐥𝐤𝐞𝐫 𝐭𝐨𝐰𝐚𝐫𝐝𝐬 𝐟𝐫𝐞𝐞𝐝𝐨".

𝐁𝐞 𝐦𝐚𝐭𝐮𝐫𝐞 𝐞𝐧𝐨𝐮𝐠𝐡 𝐭𝐨 𝐬𝐞𝐞 𝐭𝐡𝐞 𝐜𝐡𝐚𝐧𝐠𝐢𝐧𝐠 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐨𝐟 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠. 𝐅𝐫𝐞𝐞 𝐲𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟 𝐟𝐫𝐨𝐦 𝐚𝐭𝐭𝐚𝐜𝐡𝐦𝐞𝐧𝐭𝐬 𝐚𝐧𝐝 𝐰𝐚𝐥𝐤 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐨𝐩𝐞𝐧 𝐦𝐢𝐧𝐝 𝐭𝐨 𝐟𝐫𝐞𝐞𝐝𝐨𝐦. 𝐓𝐡𝐞𝐧, 𝐞𝐯𝐞𝐫𝐲 𝐬𝐭𝐞𝐩 𝐲𝐨𝐮 𝐭𝐚𝐤𝐞 𝐰𝐢𝐥𝐥 𝐞𝐦𝐛𝐫𝐚𝐜𝐞 𝐭𝐡𝐞 𝐣𝐨𝐲 𝐨𝐟 𝐟𝐫𝐞𝐞𝐝𝐨𝐦.

✍️Bhanté Suneetha

21/10/2024

අත අත නොහැර…

දරුවන් කුඩා කාලයේ සිට දරුවන්ගේ සතුට වෙනුවෙන් සුරක්ෂිතතාවය වෙනුවෙන් හා දියුණුව වෙනුවෙන් දෙමාපියන් විසින් කරන්නාවූ කායික හා මානසික කැපකිරීම අප්‍රමාණය. දෙමාපියන්ගේ සතුට බවට පත්වන්නේ දරුවන්ගේ සතුටය. දෙමාපියන්ගේ ජීවිතය බවට පත්වන්නේ දරුවන්ගේ ජීවිතයය. දිනෙන් දින දරුවන් කායිකව හා මානසිකව උස්මහත් වෙද්දී හා ශක්තිමත් වෙද්දී ඒ දෙස බලන දෙමාපියො අප්‍රමාණ සතුටක් බුක්තිවිඳිති. එහෙත් දිනෙන් කාලය ගතවන විට ඔවුහු කායිකව මෙන්ම මානසිකවද දුර්වලබවට පත්වෙති. සත්පුරුෂ දරුවෝ තමන්ව කුඩා කල රැකබලා ගත් හා තමන්ට සියලු කායික හා මානසික ශක්තිය හා ජීවය ලබා දුන් වයෝවෘද්ධ දෙමාපියන්ව තමන්ගේ ජීවිතයට ලබුණ මහත් ආශීර්වාදයක් මෙන් සළකා කරුණාවෙන් හා සෙනෙහසින් රැක බලා ගත්තද ඇතැම් දරුවන් අලුත් ලෝකයක, අලුත් සමාජයක, අලුත් තත්වයන් හිමිවන විට තම දෙමාපියන්ව නොසැළකා හරිති.

දෙමාපියන් දරුවන්ගෙන් කිසිවක් අපේක්ෂා නොකළත් හැකි සෑම වෙලාවකම තම දරුවන් දැකීමට හා ඔවුන් සමඟ කතා කිරීමට නිරන්තර කැමැත්තකින් පසුවනබව ප්‍රත්‍යක්ෂයකි. වයෝවෘද්ධ දෙමාපියන් වෙනුවෙන් දරුවන් සිටිනවායැයි දැනීමම ඔවුන්ට මහත් අස්වැසිල්ලකි.
දෙමාපියන් විසින් දරුවන් වෙනුවෙන් කරන ලද කැපකීරීම් දරුවන්ට එළෙසින්ම කළ නොහැක. ඒ ඔවුන් වෙනම ලෝකයක් ගොඩනගමින් සිටින බැවිනි. දෙමාපියන්ට දරුවන්ව දැනුන ආකාරයරයට දුරුවන්ට දෙමාපියන්ව නොදැනෙන බැවිනි. දෙමාපියන් විසින් දරුවන් වෙනුවෙන් කරන ලද කැපකිරීම්වලට සරිලන කැපකිරීමක් කළ නොහැකි නමුත් යම් හෝ කැපකිරීමක් කොට කෘතගුණ දක්වන්නට පෙළඹෙන්නේ සත්පුරුෂ දරුවන්මය. දෙමාපියන්ගෙන් දරුවන්ට සිදුවන මෙහෙයට ප්‍රතිඋපකාර කොට අවසන් කරන්නට නොහැකිමය. එහෙත් අප ඒ සඳහාම උනන්දු විය යුතුමය. වයෝවෘද්ධ දෙමාපියන්ව නිසි අයුරින් සැළකිල්ලෙන් පෝෂණය කිරීම හා රැකබලා ගැනීම දෙමාපියන් නැති දවසක දරුවන්ට ඇති එකම අස්වැසිල්ල වන බැවිනි. එවිට මිය ගිය දෙමාපියන් පසුතැවීමකින් තොරව මිහිදන් කළ හැක. නොඑසේ නම්, ජීවත්ව සිටිනකල ජීවත්නොකළ දෙමාපියන්ව මළ පසුව ජීවත්කරවන්නට වෙහෙසෙනු ඇත.

අපිද සත්පරුෂ දරුවෙන් ලෙස සිතමු.
සත්පරුෂ දරුවෝම වෙමු.
දෙමාපියන් විසින් දරුවන් වන අපට සංග්‍රහ කළේ ඔවුන්ට කළ හැකි උපරිමයෙන්ය. දරුවන් ලෙස අපිද කාරුණිකව අපේ උපරිමයෙන් ඔවුන්ට උපකාර කරමු. ඔවුන්ට අවැසි ආධ්‍යාත්මික සැනසීම ලබා ගන්නට උපකාර කරමු. එය දෙමාපියන්ගේත් දරුවන්වන අපගේත් දිගු කාලින් සැනසීම පිණිස උපකාරවනු ඇත.
සියලුම මව්වරුන්ට ද සියලුම පියවරුන්ට ද මානසික සැනසීමම වේවා! කායික සුවයම වේවා!

✍️ Bhanté Suneetha

20/10/2024

සිත නිවෙන තැන ලැබෙන නිවන වාසනාවන්

අතීතයෙ සොඳුරු තැන් බලා මම සැරි සරා
එහි කිසිත් නොමැතිබව පැහැදිලිව දැක ගතිමි
අනාගත සිහින වැල් සිහින ලෙස දැක බලා
මුළාවෙන කාරණා දෙස බලා සිනහ සෙමි

සිහිය විරියෙන් වඩා දෙඅන්තය අතහරිමි
මුළාවෙන කාරණා දෙස බලා සිනහ සෙමි
එළැඹි මේ මොහොතේ සුව ඒ නිසා අත්විඳිමි
සිහිය සිහියෙන් වඩා සැනසුමම වැළඳගමි

ඉර නගින මොහොත තුළ සැනසීම අත්විඳිමි
ඉර බහින මොහොත තුළ සැනසීම අත්විඳිමි
වෙනස්වන වෙනස දැක සැනසීම අත්විඳිමි
නුඹට ඒ සැනසීම ලැබෙන ලෙස මෙත් වඩමි

වෙනස්වන වළාකුළු මවන ඒ රටාවන්
වෙනස්වන සිත්මඬල මවන මේ රටාවන්
අත්හරින තැන මැකෙන සොඳුරු ඒ රටාවන්
සිත නිවෙන තැන ලැබෙන නිවන වාසනාවන්

කරුම ගෙවෙනා මගම නුඹට වාසනාවන්
නුඹෙ සිතට සැනසීම නිබඳ වාසනාවන්
දෝස සිත නසාලන විරිය වාසනාවන්
සිත නිවෙන තැන ලැබෙන නිවන වාසනාවන්

✍️ Bhanté Suneetha

14/10/2024

“මම” නසන සෙත් කවිය

දිවිය නුඹ අත් විඳින හේතුවක ඵලයමයි
හේතු සැකසුවෙ “මම”යි එහෙත් ඒ මම නොවෙයි
සසර දිග ගමනක්ය නැවත්මම නුඹ සතුයි
“මම” නසා සැනසෙන්න සැනසුමම නුඹ සතුයි

අත් දකින දුක තුළම දුකට හේතුව පෙනී
පෙනෙන හේතුව නසන විරිය පෙරුමන් පිරී
පුරන පෙරුමන් තුළම මග දහම නිති වැඩී
වැළඳ ගන් සැනසුමම නුඹට නිති උරුමැතී

නිදහසේ සොඳුරුබව නුඹෙ සිතට දැනේවා
නිදහසම උරුම තැන නුඹ නිතර රැඳේවා
නිදහසින් පිරුණු සිත නුඹට සුව ගෙනේවා
ඒ සුවය මම විඳිමි මෙත් සිතින් බොහෝවා

නිදහසම නැති කරන කරුම කඳු ගෙවේවා
නිදහසේ සොඳුරුබව නුඹෙ උරුම වේවා
බුදු සමිඳු දෙසු ලෙසම සසර දුක නිවේවා
නුඹෙ සිතට සැනසුමේ සැනසුමම වේවා

✍️ Bhanté Suneetha

07/10/2024

දළදා සිමිඳුගේ පිහිට ලැබේවා!
---
සිත හදන මග කියා සිත හැදු බුදු රදුන්
දුක නිවන මග කියා දුක නිවූ බුදු රදුන්
කෙළෙස් මළ නසාලන මග කියූ බුදු රදුන්
දොහොත් බුදුනත් තබා වදිමි සම්බුදු රදුන්

පිරිසිදුම මල් අරන් පිරිසිදුව බැති සිතින්
පිරිසිදුම සිත් අරන් පිරිසිදුව හදවතින්
පිරිසිදුම මග දෙසූ බුදු රදුන් සිහිකරන්
වඳිමි දළදා සමිඳු සුවඳ පිරි මල් වලින්

සම්බුදුන් දෙසූ ලෙස ක්‍රෝධ සිත් දුරු කරමු
ඒ සමග විරිය ගෙන මෙත් සිතම බෙදා ගමු
සිතේ දුක් දුරු කරන සොඳුරු මග වඩා ගමු
සොඳුරු මේ මොහොත තුළ සැනසුමම වැළඳ ගමු

සිතේ දහසක් සෝ සුසුම් වැල් සුළඟ සමගින් මුසු වෙලා
නෙතේ කඳුළැලි සේදිලා ගොස් මුවග සිනහා නැගේවා
අතීතය තුළ සිරව සිටිනා නුඹගේ සිත නිදහස් වෙලා
එළඹි මොහොතේ සුවය විඳ විඳ ඉන්න බෝ කල් වාසනා

ගතේ රෝ දුක් පහව ගොස් නිති ගතේ සවිබල වැඩේවා
සිතේ පීඩා පහව ගොස් නිති සිතේ සුවයම වැඩේවා
උඩට පහළට ඇදෙන සුසුමම නුඹට සැනසුම ගෙනේවා
එළඹි මොහොතේ සුවය විඳ විඳ ඉන්න ආසිරි බොහෝවා

✍️Bhanté Suneetha

01/10/2024

Let’s Not Forget

Today is Children’s Day, and people celebrate it by making them happy in many beautiful ways. Today is Elders Day, too. Let’s celebrate it by remembering our elders and what they have done for us. Elders are people who are older than us and have more knowledge and life experiences. They can be our parents, grandparents, teachers, and religious people. Society's sweet and bitter experiences make them more mature than we are.
Here, I consider wise and kind people who matured with life experiences and helped me grow to my best.
We should especially think of our parents. They are the people who raised us and helped us in the best possible ways from the beginning of our lives.
When we were young, our parents were there for us in every way. They were our protection, strength and world. They fed us and took care of us in their highest capacity. They spent their time, strength and wealth for our physical and mental well-being. They were our first teachers who guided us and showed us the path towards success and happiness. Without them and their kindness, we wouldn’t be here as we are now.

Let’s dedicate some time from our lives to them, paying our respects and showing our gratitude for what they have done for our well-being and success.
Let’s take care of them now as they took care of us then, and it is one of our prime responsibilities.
Let’s help them to be stronger physically, mentally, and spiritually, and it is what they need most when they get older.
Let’s be available for them now as they were available for us then, and it makes them happy and feel safe.

May our parents be free from physical and mental difficulties.
May our parents live longer and be in good health!
May our parents be well, happy, and peaceful!

✍️ Bhanté Suneetha

27/09/2024

නොදැනන සෙනෙහස.
……
මේ ලෝකයේ බොහෝ දරුවන්ට නොදැනෙන ආදරයක් ඇත. එය තාත්තාගෙ ආදරයයි. එහෙත් එම ආදරය මහමෙරක් මෙන් බරය, මහ සාගරයේ පතුලට වඩා ගැඹුරුය. එය සම සිඳ මස් දක්වාද, මස් සාඳ නහර දක්වාද, නහර සිඳ ඇයද, ඇට සිඳ ඇට මිදුලු දක්වා කිඳා බැස ඇත. තාත්ත ළඟින් ඉන්නවිට නොදැනෙන බොහෝ දේවල් සහ තාත්තව දැනෙන්න පටන් ගන්නෙ තාත්ත දුරස්වුණ දවසක හෝ අහිමිවුණ දවසකය. එම හිස්බවෙන් නිදහස් වෙන්නට හතරම් පහසු නොවනු ඇත. බොහෝ විට එබඳු හිසබව දැනෙන දිනෙක ඔබ පරක්කු වැඩියැයි ඔබට දැනෙනු ඇත. එදිනට ඔබ කොහොමත් ප්‍රමාදය. මේ ජීවිතයේ හමුවෙන්නේ එකම අම්මා කෙනෙක් මෙන්ම එකම තාත්ත කෙනෙක් විතරමයි.
ලෝකයේ සමබරබව පවත්වා ගන්නට ඉර සඳ දෙකම එකසේ උපකාරවන්නා සේ දරුවෙකුගේ ජීවිතය කායිකව හා මානසිකව සමබරව මෙන්ම සමාජ හිතකරවූවක් බවට පත්කරනුයේ අම්ම සහ තාත්ත දෙන්නාගේම ආදරය හා රැකවරණයයි. සඳ ආලෝකමත් වන්නේ ඉර නිසාමය. අම්මාට දරුවන්ව පෝෂණය කරන්නට රැක ගන්නට ශක්තිය හා උපකාර වන්නේ තාත්තාය.
එම නිසා ඔබේ හුස්ම වැටෙන මොහොතේ, ඔබ ජීවත්වන මේ මොහොතේ තාත්තා ළඟ ඉන්න මොහොතේ තාත්තට කාරුණිකවන්න, ආදරණීය වන්න.
කාන්තාවක වීම නිසාම ස්වභාවයෙන්ම අම්මා සියල්ල දරාගැනීමට ශක්තිමත්ය. එහෙත්, අම්මා නොමැති කලෙක බොහෝ දේවල් දරාගැනීමට තාත්තා ශක්තිමත් නැතිබව පැහැදිලිය.
එම නිසා ඔබේ හුස්ම වැටෙන මොහොතේ, ඔබ ජීවත්වන මේ මොහොතේ තාත්තා ජීවත්වන මොහොතේ, නිර්ලෝභීව හා කොන්දේසි විරහිතව තාත්තා කෙරෙහි කාරුණිකවන්න; ආදරණීය වන්න; මියැදෙන්නට පෙර උත්තරීතර වූ මානසික සැනසීම පිණිසම උපකාර කරන්න. එය ඔබටද සැනසීම පිණිසම උපකාරවනු ඇත.

බුදු රදුන්ගේ උත්තම සමාධියේ අනුහසින් මෙලොව වසන සෑම අම්මාකෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම කායිකව සුවපත්බවටත් මානසික සැනසීමටත් පත්වේවා!

✍️ Bhanté Suneetha

20/07/2024

ඇසළ පුන්සඳ
---
ඇසළ පුන්සඳ පායලා
සඳේ සඳකැන් මෝරලා
ලොවේ අඳුරු තැන් නසාලන
සොඳුරු පුන් සඳ පායලා

වැසි සමය එළඹිලා
දම් කිරණ වෑහෙනා
සිතේ ඇති දුක් ගිනි නිවාලන
සොඳුරු දම් මග පාදලා

බෝ මලුව ඇමදලා
පහන් වැට ඇත දල්වලා
මල් බඳුන් සරසලා
අපිත් යමු බුදු පුදට සැරසිලා

සුදු වතින් සැරසිලා
පිළිවෙලින් පිළිවෙතට සිත තබා
උවසු උවැසියො වඩිති
සැනසුමේ සොඳුරුබව පතුරලා

සාදු නාදය පතුරලා
ගණ්ඨාර රාවයද හඬ නගා
සොඳුරු මහසඟගණ වඩිති
මිහිකතම සොඳුරු ලෙස සනසලා

උතුම් බුදු බණ ඇසේවා
හදෙහි දුක් ගිනි නිවේවා
සැමට සාමයෙ දොරටු ඇරිලා
සැනසුමට මග සැදේවා

✍️Bhanté Suneetha

16/07/2024

සොඳුරු උපන් දින වේවා!
..
උපත නැති නම් කොහෙද මරණය
උපදින්නේම අපි මැරෙනු පිණිසය
උපත සමරන තැනම සිහියෙන
සමරමුද අපි සොඳුරු මරණය

එකම හුස්මෙන් උපදින්නෙ අපි
එකම හුස්මෙන් මියැදෙන්නෙ අපි
එකම හුස්මෙක ආයු ඇති අපි
සොඳුරු හුස්මක සැනසෙමුද අපි

ඉහළ යන හුස්මටම සිත ගෙන
පහළ යන හුස්මටම සිත ගෙන
සොඳුරු හුස්මට සිතම අරගෙන
සිහිය එළවා සැනසෙමුද අපි

උපතකුත් නැති සොඳුරු මොහොතෙහි
මරණයක් නැති සොඳුරු මොහොතෙහි
සැනසුමම පිරි සොඳුරු මොහොතෙහි
හමු වෙමුද ඒ සොඳුරු මොහොතෙහි

✍️Bhanté Suneetha

Want your school to be the top-listed School/college in Katunayaka?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Katunayaka