CP/Katu/Pemarathana Maha Vidyalaya

CP/Katu/Pemarathana Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CP/Katu/Pemarathana Maha Vidyalaya, School, CP/Katu/Pemarathana Maha Vidyalaya, Katugastota.

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ හාරිස්පත්තුව අධ්‍යාපන කොට්ඨාසයේ තිබෙන පාසල් අතුරින් මහ/කටු/පේමරතන මහ විද්‍යාලය මහා විද්‍යාලයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. කුළුගම්මන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය පාද මැණික්දිවෙල ශ‍්‍රී පේමරතන ස්වාමීන් වහන්සේ පාසලක් බිහි කිරීම සඳහා පන්සලේ ධර්ම ශාලාව ලබා දීමට කටයුතු සම්පාදනය කළහ. එතුමාගේ මෙම කැපවීමේ හා උත්සහයේ මල්ඵල ගැන්වීමක් ලෙසින් වර්ෂ 1956 නොවැම්බර් මස 5 වන දින කුළුගම්මන කණිටු විදුහල නමින් ආරම්භ විය.
ආරම්භයේදී 1 ශ්‍රේණියේ සිට 2 ශ්‍රේණිය දක්වා පංති පවත්වන ලදි. ඉන්පසු පාසල ක‍්‍රම ක‍්‍රමයෙන් පුළුල් විය. වැඩිවන සිසු පිරිසට පාසලේ ඉඩකඩ ප‍්‍රමාණවත් නොවන නිසා පාසල වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය විය. මේ නිසා මෙම විදුහල ගෙන යාමට සුදුසු භුමි භාගයක් ලබා ගැනීමට සියළු දෙනාම නිරන්තර උත්සහයක යෙදුණහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1966.01.23 දින කුළුගම්මන වසමේ කජුගහ කොටුව වත්ත මේ විද්‍යාලයට පවරා දෙනු ලැබීය. අක්කර දෙකක මෙම ඉඩමේ නව පාඨශාලාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිවිණි. 1967.01.01 දින පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝගන දක්ෂිණාවක්දී 1967 වසරේ ජනවාරි මස 04 වන දින මෙම අභිනව පාසල් ගොඩනැගිල්ල වෙත පාසල ගෙන එන ලදි. ඒ වන විට ළමුන් 346 ක් ද ගුරු මඩුල්ල 10 ක් ද විය. 8 ශ්‍රේණිය තෙක් පන්ති පැවැත්විණි. මේ අයුරින් විදුහල ගොඩනැගීමට අතහිත දුන් ගම්වාසීන් කීපපොළකි .කුළුගම්මන පැරණි සාමදාන විනිසුරු ටී.බී.කුළුගම්මන මහතා, මාරිස් මුදලාලි මහතා, ඩේවිඞ් මුදලාලි මහතා, කේ.ඩබ්.සිරිසේන මහතා එම පුද්ගයන් අතර සුවිශේෂ වේ.

සමස්ත ලංකා පළාත් සංගීත තරඟාවලියේ අප පාසල ලැබු ජයග්‍රහණ
30/07/2026

සමස්ත ලංකා පළාත් සංගීත තරඟාවලියේ අප පාසල ලැබු ජයග්‍රහණ

AIA Healthiest school (AIA සුවපාසල්) තරගාවලිය යටතේ අප පාසලේ 'සිසු සරණ ' ව්‍යාපෘතිය සදහා ජයග්‍රහණය ලැබු අවස්ථාව
06/07/2026

AIA Healthiest school (AIA සුවපාසල්) තරගාවලිය යටතේ අප පාසලේ 'සිසු සරණ ' ව්‍යාපෘතිය සදහා ජයග්‍රහණය ලැබු අවස්ථාව

මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පාසල හා ප්‍රජාව යටතේ මෙම ජුනි මස 16, 17 සහ 18 යන තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් ...
25/06/2026

මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් පාසල හා ප්‍රජාව යටතේ මෙම ජුනි මස 16, 17 සහ 18 යන තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් අප පාසල තුල ක්‍රියාත්මක කරන ලදි. ඔවුන්ගේ දායකත්වය මගින් පාසල් පරිසරය අලංකරණය ද, එළීමහන් පන්ති කාමරයක් ද, පොත්පත් හා ගෘහභාණ්ඩ සහිතව පුස්තකාලය නවිකරණය කිරිම ද සිදු කරන ලදි..
මෙවැනි මහගු අවස්ථාවක් ලබා දුන් විද්‍යාපිඨයේ පීඨාධිපති, කථිකාචාර්‍යවරුන්ට ද ගුරු සිසුන්ට ද ස්තුතියි !
එම තෙදිනක වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්..

18/05/2026

Address

CP/Katu/Pemarathana Maha Vidyalaya
Katugastota
20048

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94777591191

Website

Alerts

Be the first to know and let us send you an email when CP/Katu/Pemarathana Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CP/Katu/Pemarathana Maha Vidyalaya:

Shortcuts

Share

Category