15/01/2026
“Let the sun smile brighter, the harvest shine golden, and your heart be filled with sweet moments. Wishing you a joyful Thai Pongal!”
-Liora IT-
Your daily pulse of AI, Cybersecurity & Modern Tech.
“ICT Pulse — The Heartbeat of Innovation.”
15/01/2026
“Let the sun smile brighter, the harvest shine golden, and your heart be filled with sweet moments. Wishing you a joyful Thai Pongal!”
-Liora IT-
07/01/2026
ඉත්තෑවනි. ඔබ සූදානම්ද? අද ඔයාලගෙ ප්ලෑන් එක කොහොමද කියල photo එකක් comment කරන්න. 🍻
03/01/2026
කුසල් සිතිවිලි පුබුදුවන පින්බර පොහොය දිනයක් වේවා..
-Liora IT-
01/01/2026
හෙක්ටරගේ දිනපොත - පළමු කොටස
හෙක්ටර්ගේ දිනපොත -- මතක අස්වනු - 01 කොටස
මුලින්ම කියන්න ඕනේ, මේ කතාවේ එන නම් ගම් සියල්ලම මනකල්පිතයි. හැබැයි මේ සිද්ධීන් නම් අකුරක් නෑර ඇත්ත. මේ කියවන අතරතුර ඒ කාලේ මාත් එක්ක එකට හිටපු සගයන්ට "මේ ඉන්නේ මම නේද" කියලා ඉබේම හිතෙයි. ඒත් ඉතින් දැන් ඒ හැමෝම වගේ සමාජයේ ඉහළ තැන්වල, ගරු ගාම්භීර විදිහට ඉන්න නිසා, ඒ අයගේ "සබකෝලය" ගැන හිතලා මම නම් ගම් වෙනස් කරන්න තීරණය කළා. ඉතින් මම හෙක්ටර්.
අනූව දශකය කියන්නේ ලස්සන ඈයො ඉපදුන දශකෙනෙ 😌. ඇත්තටම කිව්වොත් හෙක්ටර් අනූ දෙකේ.අද වගේ බඩෙං එලියට ඇවිත් මාස දෙක තුනෙන් අතට ලැබෙන ස්මාර්ට් ෆෝන් තිබුනෙ නැති වුණාට, ඒ කාලෙ අපිට තිබුනා හරි ලස්සන සුන්දර ළමා කාලයක්.
මගේ මතකය දිව යන්නේ අපේ ගමේ "එකේ කණුව" හන්දියට. හන්දිය කිව්වට ඒක නිකම්ම හන්දියක් නෙවෙයි, ඒක අපේ රාජධානිය.
අපේ ගෙවල් ළඟම හිටිය මගේ වයසෙම යාළුවා තමයි රුවන්. රුවන්ලාගේ පවුල කියන්නේ හන්දියටම තිබුණ ලොකුම හයිය. අයියලා හය දෙනයි, එක අක්කයි ඉන්න පවුලේ රුවන් තමයි බඩපිස්සා. මේසන් බාස්ගෙ ඉඳන් වෙල්ඩින් බාස් වෙනකන් එකේක කැටගරි එකේ ඒ හය දෙනා අදටත් ලස්සනට තම තමන්ගෙ ජොබ් එක කරනවා. හරියට කිව්වොත් සෙට් එක එකතු උනොත් මාලිගාවක් ගහන්න පුලුවන් වෙන කවුරුවත් අත් වැඩකටවත් එකතු කරගන්නෙ නැතිව. ඒ අයියලා මල්ලිලා සෙට් එක එකතු වුණාම අපේ හන්දියෙන් සද්දයක් දාගෙන යන්න හිතන්නවත් බැහැ. මුළු පළාතම දන්නවා ඒ "එකේ කණුව" හන්දියේ චණ්ඩි ටික ගැන. ඕක පහු කාලීනව "මොළ කන හන්දිය" කියල ප්‍රසිද්ධ උනා රුවන්ලගෙ සහෝදර සැට් එක නිසාම. හැබැයි ඒ චණ්ඩිකම තිබුණේ අසාධාරණයට විතරයි. එයාලට හරි ගමේ කාටහරි ප්‍රශ්නයක් ආවොත් තමයි චන්ඩිකම් ඔක්කොම. එහෙමත් නැත්තන් හවසට ගාමන්ට් එකට එන කෑල්ලකට පේන්න දාන සද්දයක් විතරයි. නැත්තන් තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ තමයි ජීවිතේ. මේ ඔක්කොම සෝම නැන්දගෙ දරුවො. තාත්තත් නැතිව ඒ නැන්දා මේ යක්කු සෙට් එක බලාගත්ත විදිහ ගැන මම සමහර වෙලාවට කල්පනා කරේ ඒ මනුස්සය කොච්චර හයිය තියන කෙනෙක්ද කියල මතක් කරගෙනමයි. හයේ හතරෙ අට දෙනෙක් එකපාර පුලුවන් විදිහට ඉස්කෝලෙ යවාගෙන උන්ට කන්න බොන්න දුන්න එකම වීරකමක් මටනම් අදටත්.
ගමේ මළගෙයක් වුණත්, දානෙක පිංකමක වැඩක් වුණත්, කාට හරි කරදරයක් වුණත් මුලින්ම පපුව ඉස්සරහට දාලා ඉන්නේ රුවන්ලාගේ ඒ රළු පිරිමි සෙට් එකම තමයි. අද අපි කොයි තරාතිරමක හිටියත්, කාලෙකින් ගමට ගිහින් රුවන්ලගෙ අයියල කවුරුහරි හම්බුණාම, ඒ මූණේ තියෙන හිනාවේ , බඩට තට්ටුවක් දාන ගමන් කරන ඒ අව්‍යාජ කතාවේ කිසිම අඩුවක් තිබුනේ නෑ. ඒ හිනාව ඇතුළේ එයාල පාවිච්චි කරන "ත්‍රෛලෝක පත්‍රයක", නැත්තන් තෝර බීඩියක සුවඳක් හරි, ගල් පාරක සැරක් හරි තිබුණත්, ඒක ඒ මනුස්සකමේ තියෙන අව්‍යාජ ගතියට කිසිවිටෙක බාධාවක් වුණේ නැහැ. ඒ උනාට හතර වටේ හිටිය තලත්තෑනි ඈයොන්ටනම් මේ සෙට් එකේ හොඳක් පෙනුනෙ නැති තරම්. තමන්ගෙ එවුන් මේ සැට් එකෙන් පොඩ්ඩක් ඈත් කරල තියාගන්න තමයි උන්ට හැම නිතරම ඕන උනේ. ගන්න පුලුවන් හැම උදව්වක්ම පුලුවන් වෙලාවට අරගෙන ඊට පස්සෙ ඒ සැට් එක ගැන වපරැහෙන් බලන තලත්තෑනි ඈයො ගැන මට එදා නොතේරුනත් අදනම් තියෙන්නෙ තරහක්. අප්පිරියාවක්.
සංජීව් ලොන්ලියන්ස්ගේ මේ අමු සිංදුව ඇහෙන හැම වෙලාවකම මට නිරායාසයෙන්ම මතක් වෙන්නේ රුවන්ලාගෙ අයියල මල්ලිට සැට් එක. ඒක ඇහෙනකොට මට උන් සැට් එක මතක් වෙලා පපුවෙ නිකං ගුලියක් හිරවෙනව වගේ අමුතු මොකක්දෝ කියාගන්න බැරි එකක් දැනෙන්න ගන්නවා.
"සඳ මතින් ඇවිද ගිය විටකදි ඉඳුවර නෙතු අතරේ...
කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ...
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ.....
මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ.."
****************************************
අපේ ගෙදර ඉඳන් ටවුන් එකේ ඉස්කෝලෙට තිබුණේ කිලෝමීටරයක විතර දුරක්. උදේ හතයි විස්සේ බස් එක එනකම් එකේ කණුව හන්දියේ ඉස්කෝලේ යන සෙට් එක විස්සක් විතර ඉන්නවා. අයියලා, අක්කලා, නංගිලා මල්ලිලා එක්ක ඒක මාර කලබලයක්. හැබැයි සතියට දවස් දෙක තුනක්ම බස් එක අපිට "ටටා" දාලා යන්නේ සෙනඟ වැඩි නිසා. විශේෂයෙන්ම පොළ දවසට නම් බස් එකේ එල්ලෙන්න තියා හිතන්නවත් බැහැ.
එහෙම දවසට අපේ ගැලවුම්කාරයා තමයි ටවුන් එකේ පාර්ක් එකට යන ට්‍රැක්ටරේ. ට්‍රැක්ටර් ටේලරේ නැගලා, පාර දෙපැත්තේ තියෙන ගස් අතු අස්සෙන් ඉස්කෝලේ යන එකේ තිබුණේ මාරම ගැම්මක්. අපේ හෝල්ට් එකට එකක් එහායින් තමයි මගේ මොන්ටිසෝරි කාලේ ඉඳන් හිටපු හොඳම යාළුවා මිසුරයාගෙ බස් හෝල්ට් එක තියෙන්නේ. ඌටත් අපේ සෙතේම තමයි. එක්කෝ පයින්, නැත්නම් ට්‍රැක්ටරේ. ඉතින් හෙක්ටර ගෙ මේ කතාව ඇතුලෙ හතරෙන් තුනකම මේ කියන මිසුර යා ඉන්නවා. ඒ තරම් උගෙයි මගෙයි තිබුනෙ බොක්කෙ ෆිට් එකක්. දැනට වැඩ අස්සෙ ලොකු කාලයක් ඌව හම්බවෙන්න කතා කරන්න බැරි උනත් දවසක ඌ මේ "හෙක්ටරගෙ දිනපොත" දැක්කොත් ඌටත් මට වගේම ඒ දේවල් මතක්වෙයි. ඉස්සරහට ඔයාලට තේරෙයි අපි කරපු පිස්සු වැඩ කොච්චරක්ද කියල.
ටවුන් එකට යන පාරේ එක පැත්තක අක්කර විසි පහක විතර ලොකු රබර් වත්තක් තිබුණා. ඉස්කෝලෙට යන්න ඒ වත්ත මැදින් තිබුණා පොඩි අඩිපාරක්.ශෝට් කට් එකක්. ඉස්කෝල කාලෙ ඒ රබර් වත්ත අස්සේ වැළලුණු කතා නම් කෝටියක් විතර තියෙනවා.
ඔන්න දැන් අපි 9 වසරේ. මීට කලින් හුජ්ජ කාලෙ කතන්දරත් තියනවා. ඒවත් අදාල තැන් වලදි මං මතක් කරන්නම්. හෙක්ටර කතාව පටන් ගන්නෙ 9 වසරෙ ඉඳන්. අපේ ඉස්කෝලේ 9 වසරට පන්ති තුනක් තිබුණා. ඒ, බී සහ සී කියලා. අපි හිටියේ 9-B පන්තියේ. ඉස්කෝලේ ඕනෑම ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් කියයි 9-B එකේ ඉන්නේ "නරකම, අජූතම , කාලකන්නිම " ටික කියලා. තට්ටු තුනේ බිල්ඩින් එකේ මැද තට්ටුවේ, ග්‍රවුන්ඩ් එක පැත්තට වෙන්න අයිනේම තිබුණ පන්තිය අපේ "බී" බලකොටුව වුණා.
පන්තියේ ජනේලෙන් බැලුවම මුළු පිට්ටනියම ලස්සනට ගුරු පාටින් පේනවා .
ඒ පිට්ටනියෙන් කාලක්ම වහගෙන, දශක ගණනාවක රහස් රකින ඒ මහා බෝගහ අදටත් එහෙම්මමයි. අනෙක් හැමදේම තාක්ෂණයත් එක්ක වෙනස් වුණාට, ඒ බෝගහේ අතු අතර තවමත් අපේ ළමා කාලයේ ඒ සිනහවන් හැංගිලා ඇති කියලා මට හිතෙනවා.
**************************************
එදා පෝය දවසක්. අපේ පන්සලේ අලුතින් හදපු වෙහෙර විවෘත කරන මහා පින්කම තිබුණේ එදා. පණ්ඩිත හාමුදුරුවෝ මාස ගාණක ඉඳන් මුළු ගමම එකතු කරගෙන මේ වැඩේට ලෑස්ති වුණා. අපේ ගමේ ඉඳන් පන්සලට යන පෙරහැර සංවිධානය කරලා තිබුණේ හරිම උජාරුවට.
හෙක්ටර් කියන්නේ ඉතින් ඕනෑම කලබලයකට මුලින්ම ඉන්න එකානේ. හැබැයි ලොකුවට කතා නෑ. අහිංසකයි. හී... පෙරහැරට කලින් දවසේ ඉඳලම මමයි මිසුරයයි වැඩ. අපි දෙන්නා මගේ බයිසිකලේ හැඩ කළේ පුදුම උනන්දුවකින්. පැපොල් ගෙඩියකට ඉරටු ගහලා, ඒවට පාට පාට සව් කොළ අලවලා බයිසිකලේ හතර වටේටම හයි කළා. උදේ හතට පෙරහැර පටන් ගද්දී අපි දෙන්නා වැඩ දාලා බයිසිකල් පදිමින් පෙරහැරේ ඉස්සරහින්ම ගියේ හරිම උජාරුවෙන්.
අපේ හන්දියේ ඉඳන් පන්සලට තියෙන්නේ මීටර් පන්සියයක් විතර. පන්සල තියෙන්නේ වෙල් යායක් මැද. අහස උසට විහිදුණු කොටියාගල කන්දේ හෙවනැල්ල පන්සල වටේටම වැටිලා තිබුණේ මාරම ලස්සනට. උදේ මීදුම අස්සෙන් ඉර එළිය වැටිලා, සුදු ඇඳගත්ත ගම්මු පෝලිමට පන්සලට එන දර්ශනය අදටත් මගේ හිතේ මැවිලා පේනවා.
වෙහෙරේ චූඩා මාණික්‍ය තැන්පත් කරන ඒ දුර්ලභ මොහොත බලාගන්න හතර වටේම ගම්මු පන්සලට රොක් වෙලා හිටියා. පණ්ඩිත හාමුදුරුවෝ පන්සිල් සමාදන් කරවලා, "හැමෝම හවස් වෙනකම්ම පිංකම ඉවර වෙනකන් පන්සලේ රැඳෙන්න ඕනේ" කියලා කිව්වේ වෙනදාටත් වඩා කාරුණිකව කියලයි හෙක්ටරටනම් හිතුනෙ.
අපි තුන්දෙනා (හෙක්ටර, මිසුරයා, රුවනා) ඉතින් දුවනවා පනිනවා. මාරම සංතෝසයි. පන්සලේ ඉන්න ලොකු උපාසක සීයලාගෙන් තමයි හැමෝම අහලා වැඩ කරන්නේ. මොකද හාමුදුරුවන්ටත් වඩා ඒ සීයලාගේ අණ බලවත් මේ වගේ දවස්වල පන්සලේදි . ඔය අස්සේ අපිට හොඳටම බඩගිනි වුණා. අපි හෙමින් ඇඹරි ඇඹරි ගිහින් පෑලිස් සීයාගෙන් ඇහුවා.
"සීයෙ, අද අපිත් කන්නෙ පන්සලෙන්ද?"
"ඔව් ඔව් පුතේ.. අද හැමෝටම පන්සලෙන් කන්න පුළුවන්. ඔය දාන ශාලාවෙ ඔක්කොම හරිගස්සල තියෙන්නේ. "
පෑලිස් සීයා එහෙම කිව්වෙ හරියට උන්දැ ඔක්කොම තනියෙන් උයල පිහල ගෙනත් තියල වගේ ආඩම්බරෙන්.
තව පැයක් විතර අපි මලුව පුරා දුව දුව සෙල්ලම් කරන්න ඇති.ගෙදර හිටියනම් මේ වෙනකොට දෙපාරක් විතර කාලනෙ. බඩගිනියි දැන්නම් හොඳටම.අපි තුන්දෙනා දාන ශාලාව පැත්තට දිව්වෙ ඉබේටම වගේ. අම්මෝ... දොර අරිනකොට ඒ එන සුවඳ! ඇතුළට ගියපුවාම නානාප්‍රකාර කෑම. කලුවට හුරු තද දුඹුරු පාට පොළොස් ඇඹුල (තෙල් බේරෙන්න බොර හොද්දක් එක්ක තියෙන පොළොස්), ලා කොළ පාටට පණ නැති වෙන්න දෙකට පලලා බැදගත්ත බෝංචි, ගල් පරිප්පු (තද වෙන්න මිරිසට හදල හොඳට තෙම්පරාදු කරපු පරිප්පු), ලූණු එක්ක බැදගත්ත අර්තාපල්, මාළු ඇඹුල් තියල් , පපඩම්, කට්ලට්...
අපි තවත් බලන් ඉඳියිද? පිඟන් තුනක් අරගෙන, අර විවෘත කරන්න ඉන්න වෙහෙර වගේ තඩි බත් ගෙඩි තුනක් බෙදාගත්තා. දන්සලක වගේ තෙරපෙන්න ඕනෙත් නෑ, මාරම නිදහස්! අපි තුන්දෙනා දාන ශාලාවේ දිග බංකුවක වාඩි වෙලා, දිව්‍ය භෝජන වගේ මේවා බුදිනවා. එළියේ මහා සද්දෙට ඇහුණු ස්පීකරේ සද්දෙත් නතර වුණා. අපිට ඒවගෙන් වැඩක් නෑ, අපි තලු මර මර කනවා.
ඔන්න එකපාරටම දාන ශාලාවේ දොර ඇරුණා. පණ්ඩිත හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නය වඩිනවා! පිටිපස්සෙන් මුළු ගමම! අපිට කෑම උගුරේ හිරවුණා. කතා බහ කර කර ආපු හාමුදුරුවෝ අපිව දැකලා ගල් වුණා. ගෑනු උදවිය කම්මුලේ අත ගහගෙන, පිරිමි අපි දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.
"මොනවාද යකුනේ මේ කරේ? හාමුදුරුවෝ දානෙ වළඳන්න කලින්ද තොපි මේ කන්නේ? ඔක්කොම ඉඳුල් කරලා ඉවරයිනේ!"
පෑලිස් සීයා දුවගෙන ඇවිත් මිසුරයගේ කමිසෙන් ඇදලා ගත්තා. මට අදටත් මතකයි ලොකු උපාසක තැනගෙ එදා තිබුන නපුරු පෙනුම. තැනින් තැන පැහිල තිබ්බ උඩ රැවුලයි ඔක්කොම වගේ සුදු වෙලා අවුල් වෙලා තිබුන හිසකෙසුයි එක්ක රතු වෙච්ච ඇස් ,උන්දැගෙ මූණ බලන්ඩත් බය හිතුනා එදානම්. මමයි රුවනයි පිඟානුත් අතේ තියන්, බිම බලාගෙන, ඉස්සරහට ගියා. මුළු ගමම කුටු කුටු ගානවා "මේ කවුද හාමුදුරුවන්ට කලින් කන හරක්" කියලා බලන්න.
"පෑලිස් මාමෙ, ඉන්න ඉන්න..."
පණ්ඩිත හාමුදුරුවෝ අපි ගාවට වැඩියා. "මොකද පුතාලා, බඩගිනි වුණාද?" කියලා අපේ මූණට එබිලා අහපු ඒ කාරුණික විදිහ අදටත් මට මතකයි.
මම ඉතින් ලොවි ගෙඩි වගේ කඳුළු බේරගෙන, "අපි පෑලිස් සීයගෙන් ඇහුවම එයානේ කන්න කිව්වේ" කියලා කිව්වේ පණ්ඩිත හාමුදුරුවන්ගෙ මූණවත් නොබලා බිම බලාගෙන. අරුන් දෙන්නත් හොටු පෙරාගෙන අඬනවා. අපේ කඳුළු දැකලා හාමුදුරුවෝ හිනාවුණා.
"දැන් බලන්නකෝ, මේ ළමයි වරදක් කරලා නෑනේ. පෑලිස් මාමනේ කියලා තියෙන්නේ. හා හා, අඬන්න දෙයක් නෑ. ඔන්න ඔහෙන් ඉඳගෙන කාලා ඉවර කරමු."
හාමුදුරුවෝ හිනාවෙවී ගමේ ඈයෝ පැත්තට හැරිලා කිව්වම, ඔරවගෙන හිටපු මිනිස්සුත් හිනාවෙන්න ගත්තා. හැබැයි ඉතින් අර දාන ශාලාවේ හැමෝම බලන් ඉද්දී, ඉතුරු බත් ටික ගිල්ලේ කොහොමද කියලා දන්නේ අපි තුන්දෙනා විතරයි.
හැබැයි ඉතින් ඇත්තම "පින්කම" පටන් ගත්තේ ගෙදර ගියාමයි. තාත්තා මාව හමගහන්න බැරි කමට ඔළුව හිල් වෙන්න ටොකු දෙක තුනක් ඇනලා, හොඳවයින් සංග්‍රහයක් දුන්නා. අම්මා මැද්දට පැනලා බේරගත්තේ නැත්නම් එදා මට අවුරුදු ගානකට ඇතිවෙන්න කෑම හම්බවෙනවා. අවසානේ තාත්තා බැනලා නතර කළේ රුවනගේ පවුලටයි.
"තොපිට ඔය වගේ වැඩ උගන්වන්නේ අර සෝමගේ කොල්ලෝ තමයි!"
කොහෙන් මොකක් උනත් නරක දෙයක්නම් අවසානෙ නතර උනේ රුවනගෙ ගෙදර ළඟින්.
මතු සම්බන්ධයි..!
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
එහෙනම් ආයෙමත් අපි හෙටත් හෙක්ටරගේ ලස්සන මතකයක් එක්ක හමුවෙමු ♥️
©හෙක්ටර්ගේ දිනපොත - සියලුම හිමිකම් කතෘ සතුවේ. උපුටා ගැනීම තහනම්
නවකතා කියවන්නෝ
31/12/2025
“Cheers to 2026 🥂
A year of growth, creativity, and powerful technology.
Let’s make this year smarter and stronger together. 🚀”
28/12/2025
🚀 Your Business Deserves Its Own Software 💡
අද digital world එකේ,
One-size-fits-all software එකක් කියන්නේ
හැම ව්‍යාපාරයකටම හොඳ solution එකක් නෙමෙයි ❌
👉 ඔබේ ව්‍යාපාරයට ආවේණික (Custom) Software එකක් තියෙන එක
game changer එකක් 🔥
🔹 Process faster ⚡
🔹 Errors reduce 📉
🔹 Time save ⏳
🔹 Productivity increase 📈
ඔබේ business flow එකට perfectly match වෙන software එකක් තිබ්බොත්,
ඔබ වැඩ කරන්නේ software එකට නෙමෙයි —
Software එක වැඩ කරන්නේ ඔබට 💙
📊 Reports, billing, stock, customers —
ඔක්කොම එක system එකක, one click away 🖱️
💬 Grow smart. Work simple. Scale fast.
👉 Don’t adjust your business to software.
👉 Build software around your business. 🚀
ඔබගේ ව්‍යාපාරයත් නව තාක්ෂණයෙන් බලගන්වන්න.🙂🙂
ඉතාම සහනදායී සාධාරණ මුදලකට ඔබගේ ව්‍යාපාරයටත් system software එකක්.
ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරයේ හැසිරීම ඔබේ ජංගම දුරකතනයෙන්ම බලාගන්න. සරල, හැසිරවීමට ඉතා පහසු, ආරක්ෂිත, web based system එකක් ඔබට අවශ්‍ය ලෙසටම ඔබගේ ඉල්ලීම් පරිදිම නිපදවා දෙන්න අපි සූදානම්.
⚡ Fast systems
📊 Smart dashboards
🚀 Business growth
With Liora IT..
ඔබගේ ව්‍යාපාරයත් නව තාක්ෂණයෙන් බලගන්වන්න.
ඉතාම සහනදායී සාධාරණ මුදලකට ඔබගේ ව්‍යාපාරයටත් system software එකක්.
ලෝකයේ ඕනෑම තැනක සිට ඔබගේ ව්‍යාපාරයේ හැසිරීම ඔබේ ජංගම දුරකතනයෙන්ම බලාගන්න. සරල, හැසිරවීමට ඉතා පහසු, ආරක්ෂිත, web based system එකක් ඔබට අවශ්‍ය ලෙසටම ඔබගේ ඉල්ලීම් පරිදිම නිපදවා දෙන්න අපි සූදානම්.
⚡ Fast systems
📊 Smart dashboards
🚀 Business growth
With Liora IT..
26/12/2025
✨ Thank You for 1K+ Followers! ✨
We are beyond grateful to have reached 1K+ amazing followers on Liora IT 💙
This journey is just beginning, and every like, follow, and share motivates us to create better and more useful ICT content for you 📚💻
Your support means everything to us, and we truly appreciate being part of your learning journey.
🚀 More lessons
🚀 More tech tips
🚀 More ICT knowledge
Thank you for believing in Liora IT. Let’s grow, learn, and succeed together!
💙
25/12/2025
💼 **Liora Technologies | Smart Web Solutions**
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයන්ට සරිලන ලෙස අතේ ඇති මුදලට
💻 **Custom Web-Based System Software**
**Liora Technologies** වෙතින් නිර්මාණය කරගන්න 🌐
📊 Billing | Stock | Customer Management | Reports
👉 සියල්ල **Fully Mobile-Responsive Web System එකක**
📱 Desktop | Tablet | Mobile – Anywhere, Anytime
---
🌍 **Digital යුගයට ඔබගේ ව්‍යාපාරයත් Digitalize කරගන්න**
📈 Work efficiency වැඩි කරගන්න
⏱ Time & cost save කරගන්න
🔒 Secure & scalable solutions
---
✨ *We design web systems that fit your business — perfectly.*
📩 **Contact Liora Technologies today**
🚀 **Build your digital future with us**
25/12/2025
🥰🥰🥰Merry Christmas To All🥰🥰