Learn with Niro

Learn with Niro Best selections for kids

11/01/2026
11/01/2026

අපේ පුංචි පැටවුන්ගේ ඉවසීමේ ගුණය වැඩි කිරීම ගොඩක් හොඳ ගුණාංගයක්.
දැන් ඉන්න පරම්පරාවේ පැටවුන්ට ඒ ගුණාංගය අඩුවෙන් තියෙන බවක් තමයි පේන්නෙ.
ඒ මොනව වුණත් අපි අපේ පැටව් ගැන සැලකිලිමත් වෙමින් පුංචි පුංචි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්.
ඉතින් ගෙදර තියෙන පොඩි පොඩි දේවල් අරන් මේ වගේ දේකට එයාව යොමු කරන්න පුළුවනි.
ඔයාලගේ පැංචටත් මේ දේවල්, කුමන හෝ ද්‍රව්‍යයක් යොදාගෙන සතියකට කිහිප වතාවක් කරල බලන්න.
❤ ❤

03/12/2025

පුංචි පැටියට පාට තෝරන්න මේ වගේ ඒවා කරලා බලන්න.
මෙතනදී පැටියා මුකුත්ම දන්නෙ නැති වුණත් එයාට වර්ණ ගළපා ගැනීමේ හැකියාව දියුණු කර ගන්න පුළුවන්.
ඒ වගේම තේරීමේ හැකියාවත් සංවර්ධනය කර ගන්න පුළුවන්. මේ වගේ තව ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. 🥰
🥰😍

පෙර ලිවීමේ කුසලතා... *(මගෙ පළමු සටහනෙන්)*පුංචි ළමයෙක්ට පෙර ලිවීමෙන් කුසලතා සංවර්ධනය කරන්න කලින් කරන්න ගොඩක් දේවල් තියෙනව...
26/11/2025

පෙර ලිවීමේ කුසලතා...
*(මගෙ පළමු සටහනෙන්)*

පුංචි ළමයෙක්ට පෙර ලිවීමෙන් කුසලතා සංවර්ධනය කරන්න කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා අපිට අපේ පවුල් පරිසරයෙන් වගේම පෙර පාසල් යන දරුවෙක් නම් ඒ පරිසරය තුළිනුත් ඒක ලබාගන්න පුළුවන්.

දරුවාගේ කුසලතා සංවර්ධනයට අපගේ නිවසේදීම දරුවා ඒ සඳහා සූදානම් කරන්න පුළුවන්.
ඉතින් පහතින් දැක්වෙන්නේ, සරලව ඔයාලගේ පුංචි පැටියට කරන්න පුළුවන් ක්‍රියාකාරකමක්.

එහි දී දරුවාට,
 වර්ණය අනුව ගැලපීම
 රූපයේ අනෙක් කොටස සොයා ගැනීම
 නියමිත රූපයට පැන්සල යොමු කරමින් යා කිරීම සිදු කළ හැකියි.

ඔයාලත් ඔයාගේ පෙර පාසල් යන පුංචි පැටියට මේ වගේ activities හදල දෙන්න.




❤🥰

Address

Menikhinna
Kandy
20150

Website

Alerts

Be the first to know and let us send you an email when Learn with Niro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share