18/10/2022
#සමස්ත ලංකා කණිෂ්ඨ ශිෂ්‍යභට දෙවන ස්ථානය හිමිකරගත් මහවැලි ශිෂ්‍ය භට කණ්ඩායම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට
සමස්ත ලංකා කණිෂ්ඨ ශිෂ්‍යභට දෙවන ස්ථානය හිමිකරගත් මහවැලි ද්විතික පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම ඇගයීම් උළෙලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාසල් පරිශ්‍රයේදී ඊයේ (17) පැවැත්විය.
මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් මහවැලි ද්විතික පාසලේ ශිෂ්‍යභට කණ්ඩායම වෙත් සහතික පත් පිරිනමමින්, ඔවුන් ඇගයීම සදහා කටයුතු කළ අතර,පාසලේ ජෙයෙෂ්ඨ ශිෂ්‍යභට නිලධාරීන් ද මෙහිදී ඇගයීම සිදු වූ අතර, සමස්ත ලංකා කණිෂ්ඨ ශිෂ්‍යභට තරගාවලියේ හොදම අණදෙන නිලධාරී / හොදම සාජන්වරයා ලෙස ජයග්‍රහණය හිමිකරගත් හිමිකරගත් මහවැලි ද්විතික පාසලේ කවිශ්ක දිසානායක සිසුවාද මෙහිදී ඇගයිමට පාත්‍ර වු අතර, සමුද්‍රදේවී විද්‍යාලයේ සිසු දියණියන් තිදෙනෙක් ද මෙහිදි ඇගයීමට ලක්විය.
මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ජයග්‍රහණය සදහා පාදක වනුයේ පරාජයෙන් ලබාගන්නා පන්නරය බවත්, දෙවන ස්ථානය හිමිකරගත් මහවැලි ද්විතික පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමට තම සුභාශිංසන පිරිනමන බවත්, ඔවුන් ලබාගත් ජයග්‍රහණය විශිෂ්ට බවත්ය.
රටට දැයට හිතැති මතුපරපුරක අවශ්‍යතාව දැඩිව පවතින බවත්, සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුලු සියලු දේ නොමිලේ ලැබෙන රට වෙනුවෙන් තම වගකීම තේරුම් ගෙන කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවත් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් චන්දන වික්‍රමසූරිය,වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, මධ්‍යම පළාත් නියෝජ්‍ය ශිෂ්‍ය භට අධ්‍යක් කර්නල් අනුර කුමාර, මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, මහවැලි ද්විතික පාසලේ විදුහල්පති එච්.එම්.ඩී.ඒ. දෙහිගස්තැන්න, යන මහත්වරුන් ද මේජර් ජනරාල් කිත්සිරි මල්පෝරු මහතා ඇතුලු ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පිරිසක් ද එක් විය.