SEO BY DK

SEO BY DK

Share

Technopreneur | SEO Consultant | Researcher | Nanotechnology
Join Our Telegram Group
https://t.me/+JA53GpUoTiFkYWRl

27/10/2025

: GCash User Data Allegedly Sold on Dark Web — Millions of Accounts Affected

GCash user data dark web හි විකුණා ඇත - ගිණුම් මිලියන ගණනක් බලපෑමට ලක්ව ඇත!

G-Xchange/ GCash සම්බන්ධ යැයි කියනු ලබන Data leak එකක් සිදු වී ඇතැයි dark web forum එකක පල වී තිබේ. Oversleep8351 නම් user කෙනෙකු විසින් කරන ලද මෙම post එකෙන්, 2019 සිට 2025 ඔක්තෝබර් දක්වා eKYC (Know Your Customer) තොරතුරු, සම්බන්ධිත බැංකු ගිණුම් සහ GCash අංක ඇතුළුව වාර්තා අලෙවි කර ඇති බව ද සඳහන් වේ.

ලැයිස්තුගත කිරීමට අනුව, data වල merchant සහ basic users යන දෙකම ඇතුළත් වේ - ඔවුන්ගේ නම්, ලිපින, රැකියා සහ වලංගු පිලිපීන හැඳුනුම්පත් වැනි පුද්ගලික තොරතුරු සියල්ල ද ඇතුලත් වේ.

Seller කියා සිටින්නේ මේ ඩම්ප් එකේ මිලියන 7-8 ක් දක්වා users ලා සිටින බවත්, ඩොලර් 25,000 දක්වා මිල ගණන් යටතේ bulk ලෙස offer කරන බවත් බවත්, Monero (XMR) Crypto currency හරහා පමණක් ගෙවිය යුතු බවත්ය.

Forum එකේ සටහනේ සඳහන් වන්නේ සියලුම දත්ත “uncategorized” බවයි, එනම් ඒවා manually sort කළ යුතු බවත්, seller පෙර dark web ගනුදෙනු වලින් “exsisting buyers” සමඟ පමණක් ගනුදෙනු කරන බවත් ය.

මෙය තහවුරු වුවහොත්, මෙය මේ දක්වා පිලිපීන ෆින්ටෙක් සමාගමක් සම්බන්ධ විශාලතම යැයි කියන data leak වලින් එකක් වනු ඇත.

A data leak allegedly involving G-Xchange/GCash has surfaced on a dark web forum. The post, made by a user named Oversleep8351, claims to be selling records from 2019 up to October 2025, including eKYC (Know Your Customer) information, linked bank accounts, and GCash numbers.

According to the listing, the data includes both merchant and basic users — with personal details such as names, addresses, employment, and even valid Philippine IDs. The seller claims the dump contains up to 7–8 million users, offered in bundles priced up to $25,000, payable only through Monero (XMR) cryptocurrency.

The forum post states that all data is “unorganized,” meaning it must be sorted manually, and that the seller will only deal with “existing buyers” from previous dark web transactions.

If confirmed, this would be one of the largest alleged data leaks involving a Philippine fintech company to date.

14/02/2025

⚠️ දැනුම්දීමයි: Sender ලෙස [email protected] පෙන්වන phishing attempt එකක් යනවා. මේක YouTube එකෙන් identify කරලා තියනවා අද (2025 පෙබරවාරි 14).

මේ දවස් ටිකේ මේ වගේ email එකක් ඇවිත් තිබුනොත් ඒකේ තියන files download කරන්න එපා.

දැනටත් 500K වගේ subscribers ලා ඉන්න channels කිහිපයක් creators ලට අහිමි වෙලා.

අවදානයෙන් ඉන්න!

වැඩි විස්තර මෙතැනින් බලන්න පුළුවන්: goo.gle/3X3mvYm

YouTube internal teams මේ වෙද්දිත් මේ ගැන investigate කරනවා. මේ link එකෙන් බලන්න කොහොමද phishing වලින් බේරෙන්නෙ කියලා: goo.gle/3EAErTT

මොනවා වුනත් මේ දවස් ටිකේ [email protected] email එකෙන් එන කිසිම file එකක් download කරන්න එපා!

Youtube Support Team එක share කරලා තිබුන post එක ඒ විදියට පහලින් දාන්නම්. 👇

⚠️ Heads up: we’re seeing reports of a phishing attempt showing [email protected] as the sender

Be cautious & don’t download/access any file if you get this email (see below)

More info here: goo.gle/3X3mvYm
While our teams investigate, try these tips to stay safe from phishing: goo.gle/3EAErTT

10/02/2025

අදත් පනිනවා හෙටත් පනිනවා... 🙉

Land of the Apes!

19/07/2024

"හොක් ගාලා ගියොත්..?" කියලා කිව්වා නේද? කෝ ඇහුවද?

හරි එහෙනම් මේ මොකක්ද හොක් ගාලා ගිහින් තියෙන්නෙ බලමු.

මේ අවස්ථාව වන විටත් ලොවපුරා Windows මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණක මිලියන ගණනක් BSOD සමඟ down වෙලා.

Airlines, Hospitals, Hotels ඇතුලු එකී මෙකී නොකී දේ වගේම Microsoft Windows සහ Microsoft Azure මත ක්‍රියාත්මක වෙන බොහෝ ආයතනයක්ම වගේ මේ නිසා සෑහෙන අපහසුතාවයට පත් වෙලා.

ඔය මොනවා වුනත් මේකට හේතුව නම් Microsoft ආයතනයේ හේතුවක් නෙමෙයි. CrowdStrike - Cloud based Security Solution එකක ගැටළුවක් හේතුවෙන් මෙහෙම වෙලා "හොක් ගාලා ගියා" කියලා තමයි වාර්ථා වෙන්නෙ...

අපි Microsoft ට - Microsoft අපිට!

10/07/2024

Guugal ad expat! 😁

13/06/2024

A life lesson for all of us!

20/04/2024

2024 අප්‍රේල් මාසේ පටන් ගන්න SEO Coaching Program එකට අපේ followers ලට නොමිලේ අවස්තාවක් දෙන්න අපි කල්පනා කරා...

පළමු දවස ⁣සම්පූර්ණයෙන් ම නොමිලේ. Zoom හරහා join වෙන්න පුළුවන්.

එහෙනම් ජය!

27/02/2024

Personal Credit/ Debit Card එක Business Purpose වලට Use කරන්න එපා!

මේ සිද්ධිය ගොඩක් අය දන්න දෙයක්. අපේ personal card එක business purpose වලට use කරන්න බෑ. ආ පොඩි ගානක්නේ කියල card එක link කරල payments කරන්න යන්න එපා.

2023 March වල card transaction ගැන inquiry එකට central bank එකෙන් කතාකරල තිබ්බ. මං එච්චර ගානක් නැතුව ගිහින් කතා කරද්දි file එකක් උස්සන් ඇවිත් මේ ඔයා කරපු transaction ද කියල ඇහුව. ඒ ඔකොම මගේ account එකෙන් credit උන foreign currency involvement එක තිබ්බ payments. ඒ ටිකේ තිබ්බෙ මං personal purpose වලට කරපු transactions, Drop shipping payments, hosting & domains buy කරපුව, fb ad payments, course buy කරපුවවගෙ payments. (මෝඩ මං ඉතිම් ඇත්ත කිව්ව 😂)

කොහොම හරි එයාල consider කරපු time period එකේ මගේ acc එකෙන් 13.9 lak amount එකක් foreign currencie payment විදියට ගිහින් තිබ්බ.

ඒ පාර උන් කිව්වා අමුතු ඇටේ දෙන personal debit cards වලින් මෙහෙම payment කරන්න බෑ, ඔයාල card එක ගන්නකොට sign කරන agreement එකේ ඒක තියනව කියල. ඉතින් මේක violate කරම foreign exchange department එකට inquiry එක තියල upto 100% වෙනකන් penalty ගහන්න පුලුවන් කිව්වා.

ඒ inquiry එකෙ බලන්නෙ අපේ account එකෙන් ගිහිපු amount එක විතරයි. අපි කොච්චර remittance ප්‍රමානයක් ගෙනල්ල තියනව කියල පෙන්නුවත් උනට ඒකෙ ගානක් නෑ.

මාත් මගේ ගොඩක් payment දැම්මෙ payoneer card or paypal එකෙන්. ඒවගෙ සල්ලි නැතිවෙන time එකට or Payments fail වෙන වෙලාවට card එක link කරල කරපු payments එකතුවෙලා තමයි අන්තිමට නඩුව කැරකුනේ.

අවුරුද්දක් විතර මේ inquiry එක ඇදුන. අන්තිමට 70,376.27 ද දඩයක් ගැහුව (5%). එකෙ within 30 days ගෙවන්න කිවවා. Payment date එක extend or instalment wise ගෙවන්න දෙන්න බෑ කිව්ව. අන්තිමට ඒක ගෙවල දැම්ම 🥲

කව්රුහරි නොදැනුවත්ව මේ දේ කරානන් දැන්ම ඒක නවත්තල දාන්න. මං වගේ ඇත්ත කියල දඩ කන්න එපා 🙂👍

අව්ලක් නැතුව business perpose වලට (usd) payment කරන්න පුලුවන් විදියක් suggest කරන්න.

ජය 🙌

- Extracted from Chamindu T. (OECSL) -

23/02/2024

Online Entrepreneur කෙනෙක් වෙන්න Digital Marketing Agency එක හරියට පටන් ගන්න කැමතිද?

ලෝකයේ වගේම ලංකාවේත් මේ කාලයේදි ලොකු trend එකක් තියනවා Digital Marketing වලට. ඒ trend එක නිසාම Digital Marketing Service provide කරන freelancers ලට සහ agency වලට ලොකු demand එකක් තියනවා. මෙන්න මේ demand එක නිසා ඉතා විශාල මුදලක් ලෝකයේ සංසරණය වෙනවා මේ services හරහා. ඩොලර් මිලියන ගාණක්...

ඉතිං මේ සංසරණය වෙන මුදලින් යම් කොටස් අපේ කර ගන්න බැරි කමක් නෑ අපිට හරියට Digital Marketing Services provide කරන්න පුළුවන් නම්.

දැන් කතා කරන්න යන්නෙ මේ Digital Marketing Services Provide කරන Agency එකක් පටන් ගන්නෙ කොහොමද කියන එක...

මුලින් ම මතක තියා ගන්න අවශ්‍ය වෙන දේ තමයි මේ Agency එකක් පටන් ගන්න යන කොට අපිට අවශ්‍ය වෙන්නෙ business පිළිබඳ දැනුම මිසක් හුදෙක් ම Digital Marketing පිළිබඳ දැනුමක් විතරක් නෙමෙයි. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ communication skill set එකක්. ඒවා හදා ගන්න විදිය පස්සේ වෙන post එකකින් බලමු.

තමන්ගේ කාර්යයට හරියට focus එක තියා ගෙන business එකක් ආසාවෙන් පටන් අරන් ඒක හරියට grow කර ගෙන ගිහින් අන්තිමේදි කොහොමද ඒකෙන් exit වෙන්නෙ කියන එක ගැන උනන්දුවක් තියන කෙනෙක් විතරක් මෙතැනින් එහාට කියවන්න. නැත්තම් තමන්ගේ වටිනා කාලයෙන් වෙන වැඩක් කර ගන්න. මොකද මේක හරියට follow කරොත් ගොඩ!

හරි!
මම මෙතැනින් එහාට මේ දේවල් කියන්නේ
01. Online හා Online නොවන ව්‍යාපාර කිහිපයක් සාර්ථකව ආරම්භ කරලා
02. අලුතින් ව්‍යාපාර වලට අවතීර්ණ වුන අයට සාර්ථක වෙන්න උදව් කරලා
03. ව්‍යාපාර ආරම්භයට පෙර සාර්ථකව pilot projects run කරලා
04. දැනටත් ලෝකයේ විවිධ ආයතන හා සම්බන්ධව Digital Marketing වැඩ කරන ගමන්
ඒ හරහා එකතු කර ගත්ත අත්දැකීම් මත විතරක් මයි.

ආයෙත් මතක් කරන්නම් එහෙනම් අපේ objective එක, Digital Marketing Agency එකක් start කරන විදිය තමයි මෙතැනින් එහාට කතා කරන්නෙ.
එහෙනම් වැඩි බයිලා නැතුව කෙළින්ම කතාවට!

මම මෙතන දි මේ ගන්න උදාහරණය වුනත් බලලා මේ ගැන උනන්දුවක් දක්වන හෝ අවශ්‍ය කෙනෙකුට මේ steps follow කරලා DM Agency එකක් පටන් ගන්න පුළුවන් විදියට තමයි මේක කියන්නෙ. නැත්තම් මේ වෙද්දීත් පටන් අරන් ඉන්න කෙනෙකුට ඊළඟට මොකද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව ඉන්නවා නම් මේක ඉවර වෙනකම් කියව ගෙන ගියොත් සැලකිය යුතු යමක් ගන්න පුළුවන් කියලා විශ්වාසයි.

මෙතන දි අපි සලකා බලන්න අවශ්‍ය වෙන මූලික ම කරුණු කිහිපයක් තියනවා. ඒවා ටික මෙන්න මේ විදියට classify කරලා බලමු. එතකොට තේරුම් ගන්න ලේසියි.
01. Business Foundation
02. Market Research
03. Services Offered
04. Marketing & Sales
05. Business Operations
06. Financial Management
07. Growth Plan
08. Challenges & Solutions
09. Exit Strategy

මෙන්න මේ ටික අපි මාලිකව දැන ගෙන ඉන්න ඕන කරුණු. මේ වචන ලොකුවට තිබුනට ඒවාට බය වෙන්න එපා. මේවා බොහොම සරල සංකල්ප වල එකතුවක්. ඒ කියන්නෙ business එක පටන් ගන්න කලින් මේවා ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕන. එතකොට තමයි business එක සාර්ථකව කර ගෙන යන්න පුළුවන් වෙන විනයක් ඇති වෙන්නෙ. නැතුව හිතුන හිතුන වෙලාවට හිතුන හිතුන දේවල් business එකට කරන්න බෑ. එහෙම කරන්න ගියොත් වෙන්නෙ business එක ඉක්මනට ම කඩා වැටිලා නැති වෙලා යන එක.

හරි දැන් එමු ආපහු කතාවට,
මාලිකව උඩින් කියපු කරුණු ටික දැන ගත්තාම ඒක යටතට එන දේවල් ටික ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. තව මොලේ තියන සහ උවමනාවක් තියන යාළුවෙක් දෙන්නෙක් සෙට් කර ගෙන පොඩි brain-strom session එකකට පස්සේ research එකක් කරන්න තියෙන්නෙ. ඔය වචන ලොකු වුනාට ඕවා කරන්න අමාරු නෑ.

ඒක සරලව ම කරන්නෙ මෙහෙමයි,
ඔය කියලා තියෙන්නෙ කට්ටිය සෙට් වෙලා කතා බහ කරලා, ඒ කතා කරන දේවල් වල වැදගත් කියලා හිතෙන points තියනවා නම් ඒවා පොඩි note එකක් දා ගන්න.
ඊට පස්සේ ඒවා Google search පාරක් දාන්න මූලික පියවර විදියට.
ඊටත් පස්සේ තමන්ට හිතවත් හෝ කවුරු හරි ව්‍යාපාර කරන කෙනෙක් දෙන්නෙක් එක්ක කතා කරන්න.
එයාලට ආපු ප්‍රශ්න ගැන, එන ප්‍රශ්න ගැන ඒ ප්‍රශ්න වල දි ඒ අය ප්‍රතිචාර දක්වපු විදිය, Business එක කොතැනින් ද next level එකට ගියේ වගේ දේවල් ගැන කතා බහ කරලා Note down කර ගන්න.
ඒ කරලා ආයෙත් යාළුවෝ දෙ තුන් දෙනා set වෙලා ඒ ටික පිලිවලකට අර උඩින් කියපු දේවල් යටතට දාන්න.
ඒ කරලා හදා ගන්න Mind map එකක්. මෙන්න මේක තමයි වැදගත් ම කොටස.
ඒ කියන්නෙ තමන් එකතු කර ගත්ත data ටික process කරලා visualize කර ගන්න එක. මෙන්න මේ කොටස කර ගන්න පුළුවන් ඕන කෙනෙකුට මුලු business එක ම දකින්න පුළුවන්. ඒ කියන්නෙ the big picture!

එතැනින් එහාට තමන් යන්න ඕන කොහොමද මොන වගේ පැත්තකට මොන වගේ දේකටද කියන එක කලින්ම තීරණය කරන්න පුළුවන්.
ඉස්සරහට එන්න තියන challenges මොනවද
ඒවට prepare වෙන්නෙ කොහොමද
තමන්ට තියන skills මොනවද නැති skills මොනවද
ඒවා develop කර ගන්නෙ කොහොමද
වගේ එකී නොකී මෙකී ප්‍රශ්න ගාණකට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා.

ඔන්න ඔය ක්‍රියාවලිය තමයි තමන් පටන් ගන්න හිතා ගෙන ඉන්න Digital Marketing Agency එකේ මූලික ම අඩිතාලම!
ඉතිං මේ සඳහා සති 3ක් 4ක් වියදම් කරන්න. ඒ වියදම් කරන කාලයෙන් ගන්න පුළුවන් දේවල් අසීමිතයි අප්‍රමාණයි.

ඒ කරලා තියෙන්නෙ තමන්ට පටන් ගන්න පුළුවන් point එක අඳුර ගන්න එක. ඊට පස්සේ එතැනින් පටන් ගන්න. මේකට මුලින් ම Phone/ Laptop එකයි internet connection එකකුයි තිබුණා නම් හොඳට ම ඇති.

ඔය වෙලාවෙ දි ඔයාගේ පටන් ගන්න step එක තව කෙනෙක් ගෙ අවුරුදු ගාණක් ඉස්සරහින් තියන steps එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඒ අවුරුදු ගාණ ඇතුළේ තියන process එක මොන වගේ ද කියලා ඉගෙන ගන්න.

දැන් ඉතිං මම දන්නවා මේක කියෙව්වට මේ දේ ඇත්තටම ක්‍රියාත්මක කරන්න හදන්නේ බොහොම සුළු පිරිසක්. ඒ ගාන මේ මම ලියපු දේ කියවන ප්‍රමාණයෙන් 1% කටත් වඩා අඩුයි.

ඒ හින්දා මම හිතුවා ඔය කියපු කරුණු ටික එකතු කරලා ඒකට තවත් දේවල් එකතු කරලා mind map එකක් දෙන්න. මේ Mind maps අපිට ඕනෑම දෙයක් පටන් ගන්න කලින් හදා ගන්න පුළුවන් නම් ඒ කාර්යය සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා ඉහල අගයකට අරන් යන්න පුළුවන්.

මේ attach කරලා තියන image එකෙන් ඒ mind map එක බලා ගන්න පුළුවන් කර ගන්න පුළුවන්.
මේ තියෙන්නෙ Digital Marketing Agency එකක් පටන් ගන්න කලින් හදා ගන්න ඕන mind map එකක්.
ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

අපි තවත් උදාහරණයක් විදියට ගමු blogging කරලා business එකක් කරන එක ගැන.
මුලින් ම Niche එකක් තෝර ගෙන blog එකක් කරන්න පටන් ගන්න කලින්
මොන වගේ categories වලට ද යන්නේ
මොන වගේ articles ද ලියන්නෙ
ඒ Artiles link කරන්නේ කොහොමද
Blog එකේ topical authority එක වැඩි කර ගන්නෙ කොහොමද
වගේ සෑහෙන දේවල් මේ mind map වලින් මුලින් ම තීරණය කරලා ඉස්සරහට කර ගෙන යන්න පුළුවන්.

ඔන්න ඕක තමයි විස්තරය. මේ mind map එකේ තියන දේවල් නො තේරෙන්න විදියක් නෑ. බොහොම සරලව හැම දෙයක් ම සඳහන් වෙලා තියනවා.

ඇත්තටම වුවමනාව තියන, Blog කරන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් අදාළ niche එකට mind map එකක් ඕන නම් comment එකක් දාන්න. පුළුවන් හැම එකකට ම Mind map එක දීලා පොඩි guide එකක් දෙන්නම්. Please මේකට වුවමනාවක් තියන,blogging වැඩේ ගොඩ දාගන්න ඕන මිනිස්සු විතරක් ඉල්ලන්න.

Business එකක් පටන් ගන්න හිත හිත ඉන්නවා නම් ඒක පටන් ගන්නෙ කොහොමද කොතැනින් ද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා නම් අනිවාර්යයෙන් comment එකක් දාන්න. වැඩේ ගොඩ දා ගන්න පොඩි හරි support එකක් දෙන්න පුළුවන්.

ඕන නම් මේ Mind map එකේ SVG එක දෙන්නම්. ඒක Zoom කරලා ඕන විදියකට බලා ගන්න පුළුවන්. ඒක මම telegram group එකේ දාලා තියන්නම්. ඕන කෙනෙකුට පුළුවන් අපේ page එකට ඇවිත් Page එකේ info බලලා group එකට join වෙලා ඒක download කර ගන්න. ඒත් නැත්තම් WhatsApp message එකක් දාන්න button එක click කරලා.
(Group එකේ මීට අමතරව තව business වලට අදාළ mind maps දානවා)

එහෙනම් හැමෝට ම ජය!

Photos from SEO BY DK's post 13/02/2024

SEO Coaching Program - March Intake 2024
Registrations are now open!

Digital Marketing ලෝකයේ නව මානයන් සොයා යන්න Skills Upgrade කර ගන්න.
බහුතරය අතරින් සැබෑ හැකියාවෙන් යුත් අයෙක් ලෙස විශ්වාසයෙන් ඉදිරියට යන්න. 🏆

සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගැනේ.

Master your SEO strategies to stay ahead of the game, Join your ultimate partner for growth and learning. Limited slots available!

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 071 5100 799 අංකයට WhatsApp කරන්න.

Get a discount of Rs. 10,000 for early bird registration.

01/02/2024

අළුත් මාසේ අළුත් දෙයක් එක්ක
හැමෝම දකින විදියට නැතුව
අපි වෙනස් විදියට බලන්න පුරුදු වෙමු.

ඔය රූපේ තියන දේ බහුතරය දකින්නේ Motivation වෙනම Discipline වෙනම...

හැබැයි අපි මේ දිහා බලන්නෙ ඔය දෙකම එකතු කරලා Motivation + Discipline විදියට.

කොලයක් අරන් ඇඳලා බලන්න ඔය දෙක එකතු කරලා.

ඕනම දේකින් ඉස්සරහට යන්න ඕන නම් පටන් ගන්න ඕන, දිගටම කරන් යන්න ඕන එහෙමයි. ගමන පිළිවෙලයි, ජය නියතයි.

එහෙනම් ඒකත් ඔළුවේ තියාගෙනම අපි යමු Blogging Series එකට...

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address

Kandy
20000