26/06/2026
නිවැරදි මඟපෙන්වීමේ සැබෑ ප්‍රතිඵල. 🏆
95% සමත්වීමේ ප්‍රතිශතයක් සමඟ තවත් සාර්ථක වසරක්🏅
මේ ප්‍රතිඵලය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව, මා සමඟ අවසානය දක්වා කැපවීමෙන් වැඩ කළ සියලුම දරුවන්ගේ ජයග්‍රහණයයි. ❤️
Theory පන්තියේ ආරම්භයේ සිටම විෂය නිර්දේශය නියමිත වේලාවට සම්පූර්ණ කර, ගුණාත්මක ප්‍රශ්න පත්‍ර, සාකච්ඡා සහ නිවැරදි මඟපෙන්වීමක් ලබාදීමට අපට හැකි වුණා. ඒ නිසා Theory පන්තියට සහභාගී වූ සියලුම සිසුන් ගණිතය සමත් වීම අපට විශාල සතුටක්.
Revision පන්තියේ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්, Tute Sets සකස් කර, මුල සිට විෂය ආවරණය කිරීම සහ අඛණ්ඩ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා හරහා ඔවුන්ගේ ප්‍රතිඵලත් ඉහළ නංවා ගැනීමට හැකි වුණා. ඒ අනුව Revision පන්තියේ දරුවන්ගෙන් එක් අයෙකු හැර සියලුම දෙනාම ගණිතය සමත් වී තිබෙනවා. 💪
මේ ප්‍රතිඵලය වෙනුවෙන් මා විශ්වාස කරමින් අවසානය දක්වා මා සමඟ ගමන් කළ සියලුම සිසුන්ටත්, දෙමාපියන්ටත් හෘදයාංගම ස්තුතිය පුද කරනවා. 🙏
📢 2026, 2027 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පන්ති මේ වන විට ආරම්භ වී ඇත.
ඔබගේ ඉලක්කය A සාමාර්ථයක් නම්, අදම නිවැරදි වැඩපිළිවෙළක් සමඟ එකතු වෙන්න. ❤️
⚡ ගණිතය අසමත් වූ සිසුන් සඳහා විශේෂ වැඩසටහනක් ද අගෝස්තු මාසයේදී ආරම්භ වන අතර ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී මෙම පිටුව ඔස්සේ දැනුම් දෙනු ඇත.
Daskon Sir | O/L Mathematics