25/12/2025
2025/12/24
ගංවතුරෙන් පීඩා විදි අපගේ පෙරපාසල නැවත ගොඩ නගා ගැනීම සදහා සෙල්ලම් උපකරණ, කබඩ් පාට කර ලස්සන චිත්‍රයක් ඇද පෙර පාසල හැඩකර දුන් නොමසුරු ශ්‍රම දායකත්වය හා කාලය වෙනුවෙන් ගාල්ල සිට නුවර මිතුරන් සොයා පැමිණි ඔබ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි. ඔබලාට අනේක වාරයක් පිං !!!!!
ඒ සදහා මග පෙන්වූ සහ මූලික වූ මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමිය ආදරණීය චිත්‍රා සෝමරත්න ගුරු මෑණියන්ටද මාගේ ගෞරවනීය සුතූතිය පුදකර සිටිමි.
එසේම ගාල්ලෙන් වඩින්නට යෙදුනු ගරු ස්වාමිනවහන්සේ, ගාල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමිය ඇතුළු ලොකු කුඩා ආදරණීය පිරිසටද මහනුවර විපතටපත් මා ඇතුළු මාගේ සහෝදර පෙරපාසල් සදහා කල මෙම උතුම් කටයුත්ත වෙනුවෙන් මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙමි.
ඔබ සිටිනා තුරු අප තනිවී නැත. අප සිත් තුලට දැනුනු සතුට, ජයග්‍රහනය වෙනුවෙන් ඔබලාට ගොඩක් පිං !!!
එසේම මෙම කටයුත්ත මුල සිට අවසන්වන තුරු අප සමගම රැදී සිටි යටිනුවර ප්‍රාදේශීය සභාවේ සියළුම මන්ත්‍රි තුමන්ලාද මා සිහිපත් කරමි.
මේ සසර ගමන කෙලවර වන්නට මේ පිං හේතු වාසනා වේවා !!!!
පිලිමතලාව - විෂන් පෙර පාසලේ
ප්‍රධාන ගුරුතුමිය (පී ඵ් සී නිශාන්තා)
කාර්ය මණ්ඩලය ඇතුළු දූ දරැවන්