Sri Viddyadeepa Meheni Pirivena

Sri Viddyadeepa Meheni Pirivena

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Viddyadeepa Meheni Pirivena, School, Sri Viddyadeepa Meheni Pirivena, Gangoda, Pilimathalawa, Kandy.

04/09/2022

අප ආයතනයේ අධ්‍යාපන ලබන කොලඹගේආරේ සුධම්මිකා මෙහෙනින්වහන්සේට උනුසුම් සුභ පැතුම් 🌼🙏

18/01/2022

👩‍🏫 මේ දවස් වල පෙර පාසල් ළමයින්ගේ ඉඳලා විශ්වවිද්‍යාල සිසුන් දක්වා වැඩියෙන්ම ඉගෙන ගන්නේ online නේ. දැන් මේ online තාක්ෂණයෙන් උගන්නන ක්‍රමයත් එක්ක smart phone එකක් අතේ නැති ළමයෙක් හොයාගන්න අමාරුයි..

👩‍🏫 ඉතින් මේ online ඉගෙන ගන්න දේ තව තවත් වැඩි දියුණු කරගන්න, ලේසියෙන්ම අපේ smart phone එකට download කරගන්න පුළුවන් apps කීපයක් ගැන කතා කරන්නයි Assignment Writers අපි අද ලෑස්ති වෙන්නේ..

කියවගෙන යමුකෝ එහෙනම් ඉස්සරහට..

1️⃣ 𝗭𝗼𝗼𝗺 𝗦𝗰𝗿𝗲𝗲𝗻 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗲𝗿

👩‍💻දැන් ගොඩක් අය zoom online classes වලට සහභාගී වෙනවා. සමහර දවස් වලට ඔයාට මේ class වලට සහභාගී වෙන්න බැරි වුණොත් ඔයාට පුළුවන් ගුරුවරයෙක්ට හෝ යාළුවෙක්ට කියලා මේ app එක පාවිච්චි කරලා මග ඇරුණු පාඩම් recording එකක් විදිහට ලබා ගන්න. නැත්තම් ආපහු වතාවක් zoom පාඩම් ටික අහන්න ඕන කියලා හිතෙනවා නම්, ඒකටත් මේ app එක පාවිච්චි කරලා, පාඩම් record කරගෙන save කරලා පස්සෙ අහන්නත් පුළුවන්.

👩‍💻සමහර වෙලාවට වෙනත් screen recorder වලින් zoom meeting එකේ sound එක record කරන්න බැහැ. ඒත් මේ app එකෙන් ඔයාට ලේසියෙන්ම sound එකත් එක්කම record කරගන්න පුළුවන්.

📌️𝗭𝗼𝗼𝗺 𝗦𝗰𝗿𝗲𝗲𝗻 𝗥𝗲𝗰𝗼𝗿𝗱𝗲𝗿 App එකට මෙතනින් 👇 https://play.google.com/store/apps/details?id=com.jayazone.record.zoom&hl=en&gl=US

2️⃣𝗖𝗮𝗺 𝗦𝗰𝗮𝗻𝗻𝗲𝗿

👩‍💻මේකත් ගොඩාක් වැදගත් වෙන්නේ කලින් කතා කරපු app එක වගේ පාඩම මගහැරුණු වෙලාවල් වලට. සාමාන්‍යයෙන් පාඩම් මගඇරුනම අපි කරන්නේ යාළුවෙක්ගෙන් ඒ සටහන් ඉල්ලගන්න එකනේ. එහෙම වෙද්දි යාළුවා photo ගහලා එවන සමහර සටහන් අපැහැදිළි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ app එක තියෙනවානම් මේකෙන් නෝට් එක scan කරල හරිම පැහැදිළිව මුළු නෝට් එකම ඔයාට ගන්න පුළුවන්.

👩‍💻ඒ වගේම පිළිතුරු පත් අතින් ලියලා photos අරගෙන upload කරන්න තියෙන Online විභාග වලටත් මේ app එක ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්.

📌️𝗖𝗮𝗺 𝗦𝗰𝗮𝗻𝗻𝗲𝗿 App එකට මෙතනින් 👇 https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&hl=en&gl=USc

3️⃣𝗞𝗵𝗮𝗻 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆

👩‍💻️ගොඩක් අයට අමාරු ඔය ගණිතය, විද්‍යාව සහ ඉංජිනේරු විෂයයන් නොමිලේම පහසුවෙන් තේරුම් කරලා දෙන්න දියත් වුණු Eductional Platform එකක් විදියට Khan Academy එක, ඔය Online පාඨමාලා හදාරන උදවිය අතර සෑහෙන්න ජනප්‍රියයි.

👩‍💻️Khan ඇකඩමියේ මූලිකම අවධානය දෙන ගණිත පාඨමාලා ගත්තොත් මූලික ගණිතය පාඨමාලා, වීජ ගණිතය, ජ්‍යාමිතිය, සංඛ්‍යානය සහ සම්භාවිතාවය, කලනය, අංක ගණිතය, ත්‍රිකෝණමිතිය, විවිධ සමීකරණ විසඳීම වගේ ගණීතයේ එන විවිධ කොටස් වල ගැඹුරට ගිය පාඨමාලා වගේම විවිධ මට්ටම් වලට වෙන් කෙරුණු පොදු ගණිත පාඨමාලාත් දකින්න පුළුවන්.

👩‍💻එතකොට විද්‍යා විෂයයන් ගත්තොත් එහෙම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කාබනික රසායනය, ජීව විද්‍යාව, සෞඛ්‍ය සහ ඖෂධවේදය, විදුලි කාර්මික ඉංජිනේරුකරණය, අජටාකාශ සහ තාරකා විද්‍යාව වගේ සෑහෙන පරාසයක පාඨමාලා Khan ඇකඩමියේ ඉගැන්වෙනවා. මේ වෙනකොටත් Khan ඇකඩමියේ කලාව සහ මානව විද්‍යාවන්, ආර්ථීක විද්‍යාව වගේ විෂයයන් එහෙමත් උගන්නන්න පටන් අරගෙන තියෙනවා.

📌️𝗞𝗵𝗮𝗻 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆 App එකට මෙතනින් 👇
https://play.google.com/store/apps/details?id=org.khanacademy.android

4️⃣𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗦𝗵𝗲𝗲𝘁𝘀 සහ 𝗗𝗼𝗰𝘀

👩‍💻මේකත් ඔයාගේ පාඩම් වැඩ වලට ගොඩාක් ගැළපෙන app ටිකක්. ඔයාට පුළුවන් ගූගල් හරහා නොමිලේ හිමිවන මේ apps පාවිච්චි කරලා ගොඩක් වැඩ කරගන්න. අද දවසේ කරන්න තියෙන වැඩ To do list එකක් විදියට හදාගන්න, සතියක මාසෙක වැඩ ඔක්කොම කාල සටහනකට ගන්න, නෝට්ස් හදාගන්න වගේ දේවල් මේ හරහා ඔයාට කරගන්න පුළුවන්.

👩‍💻යාළුවොත් එක්ක එකම document එක නැත්තම් ppt එක share කරගෙන දුරස්ථව ඉදන් වැඩ කිරිමේ හැකියාවත් මේ apps හරහා ඔයාට ලැබෙනවා. ඔයාගේ Online Group Work වගේ වැඩ වලට මේකත් ගොඩාක් වැදගත් වගේම පහසුවක් වෙයි ඔන්න.

📌️𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗗𝗼𝗰𝘀 App එකට මෙතනින්
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.docs.editors.docs

📌️𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗦𝗵𝗲𝗲𝘁𝘀 App එකට මෙතනින් 👇
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.docs.editors.sheets

5️⃣𝗠𝗮𝘁𝗵𝘀 𝗦𝗰𝗮𝗻𝗻𝗲𝗿

👩‍💻ඔය සමහර ගණන් හදද්දී අපි හිරවෙන අවස්ථාවල් තියෙනවානේ. අන්න ඒ වගේ වෙලාවල් වලට ඔයාට පුළුවන් මේ app එක පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් cal එකකට වඩා මේක වෙනස්. මේකේ තියෙන්නේ ඔයාට උත්තරේ ගන්න ඕනේ ගාණ scan කරන එක. ඊට පස්සෙ ඔයාට මේ ගැටළුවට උත්තරේ පහසුවෙන්ම ගන්න පුළුවන්.

👩‍💻 හැබැයි මේකේ සමහර ගණන් වලට උත්තරේ ගන්න නම් පුංචි මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි හැම ගාණටම නෙමෙයි, සමහර සුවිශේෂී ගණන් වලට.

📌️𝗠𝗮𝘁𝗵𝘀 𝗦𝗰𝗮𝗻𝗻𝗲𝗿 App එකට මෙතනින් 👇 https://play.google.com/store/apps/details?id=com.math.photo.scanner.equation.formula.calculator

6️⃣𝗤𝘂𝗶𝘇𝗹𝗲𝘁

👩‍💻මේකත් ගොඩක්ම ලේසි app එකක් පාඩම් කරන ඈයොන්ට. මේකේ තියෙනවා සමහර පාඩම් වලට අදාළව විවිධ games. නිවැරදිව match කරන්න, mcq වගේ දේවල්.. මේ දේවල් නිසාම ඉගෙන ගන්න එක ආසාවෙන් කරන්න පුළුවන්.

👩‍💻හැබැයි මේකේ සිංහලෙන් ඉගෙන ගන්න අයට නම් තියෙන games ගොඩාක්ම අඩුයි. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න අයට නම් ගොඩාක් ප්‍රයෝජනවත් app එකක්.

📌️𝗤𝘂𝗶𝘇𝗹𝗲𝘁 App එකට මෙතනින් 👇 https://play.google.com/store/apps/details?id=com.quizlet.quizletandroid&hl=en&gl=US

7️⃣𝗦𝘁𝘂𝗱𝘆 𝗠𝘂𝘀𝗶𝗰

👩‍💻පාඩම් කරද්දි සිංදු අහගෙන පාඩම් කරන්න පුරුදු වුණු සමහර අය ඉන්නවනේ. ඔයාත් එහෙම සිංදු අහගෙන පාඩම් කරන කෙනෙක්නම් මේ app එක දාගන්න ඔයාට පුළුවන්.

👩‍💻මේකේ තියෙනවා පාඩම් වෙලාවට අහන්න ගැළපෙන music. පාඩම් කරන වෙලාවට වගේම, පාඩම් කරලා ලැබෙන break එකකදිත් ඔයාට මේ music අහන්​න පුළුවන්.

📌️𝗦𝘁𝘂𝗱𝘆 𝗠𝘂𝘀𝗶𝗰 App එකට මෙතනින් 👇 https://play.google.com/store/apps/details?id=com.UtkuGogen.CalismaMuzikleri&hl=en&gl=US

8️⃣𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗞𝗲𝗲𝗽

👩‍💻Google හරහා නොමිලේ හිමිවන මේ සේවාව ඔයාගෙත් phone ඒකේ තිබ්බට සමහර විට ඔයා මේකෙන් වෙන්නෙ මොකද්ද කියලා නොදැන හිටියා වෙන්න පුළුවන්..මේක පාඩම් වැඩවලටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන app එකක්.

👩‍💻කරන්න තියන පාඩම් සහ වැඩ වල ලිස්ට් හදන්න, කෙටි සටහන් හදන්න, රූපසටහන් අඳින්න, අවශ්‍ය පින්තූර හෝ සටහන් save කරගන්න වගේම ඔයාට කරන්න තියන වැඩවලට reminders තියාගන්නත් මේ ඇප් එක උදවු වෙනවා.

📌️𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗞𝗲𝗲𝗽 App එකට මෙතනින් 👇
https://play.google.com/store/apps/details?id=com.google.android.keep

9️⃣𝗦𝗼𝗰𝗿𝗮𝘁𝗶𝗰 𝗕𝘆 𝗚𝗼𝗼𝗴𝗹𝗲

👩‍💻මේ app එකෙන්, අපිට පුළුවන් මොකක් හරි අපිට තේරෙන්නෙ නැති වචනයක් හෝ වාක්‍යයක් හෝ ගණිත සමීකරණයක් හෝ තේරුම් කර ගන්න. කරන්න තියෙන්නේ එක්කෝ photo එකක් ගන්න එක. එතකොට අවශ්‍ය text එක ඒ photo එකෙන් හොයාගෙන google අපිට කියනවා මොකද්ද ඒකේ තේරුම සහ ඒ ගැන තව තොරතුරු මොනවද කියන එක.

👩‍💻එතකොට ඕන නම් voice command එකකින් අපිට දැනගන්න ඕන දේවල් අහන්නත් පුළුවන්. තමන් නොදන්න දේවල් තේරුම් කරලා දෙන වීඩියෝ, පියවරෙන් පියවර තේරුම් කරන ප්‍රකාශන වගේ ඕනම දෙයක් app එක හරහා හොයාගන්න පුළුවන්.

𝗦𝗼𝗰𝗿𝗮𝘁𝗶𝗰 𝗕𝘆 𝗚𝗼𝗼𝗴𝗹𝗲 App එකට මෙතනින් 👇
https://play.google.com/store/apps/details?id=com.google.socratic

🔟️𝗚𝗿𝗮𝗺𝗺𝗲𝗿𝗹𝘆

👩‍💻Grammarly ගැන මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් දන්නවා වෙන්න ඕන. ඒකට හේතුව, මේ ඈයෝ මෑතකදී සෑහෙන්න පුළුල් marketing campaign එකක් දියත් කළා. යන යන තැන අපිට Grammarly දකින්න ලැබුණා.

👩‍💻ඇත්තටම ඔය email වලට, browser වලට එහෙම Grammarly දාගෙන try කරලා බලපු අය දන්නවා ඇති මේකේ තියෙන වටිනාකම. අපේ අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කරන්න විතරක් නෙවෙයි, ව්‍යාකරණ දෝෂ නිවැරදි කරන්න විතරකුත් නෙවෙයි, අපි ලියන දේක තියෙන්නේ අධ්‍යාපනික ගතියක් ද, වෘත්තිය ගතියක්ද, විනෝදාත්මක ගතියක්ද වගේ අපි ලියන දේවල් වල tone එක විස්තර කරන්න පවා Grammarly එකට පුළුවන්.

👩‍💻හැබැයි ව්‍යාකරණ හෝ අක්ෂර වින්‍යාස දැනුම දියුණු කරගන්නවා වෙනුවට Grammarly වගේ ඇප් එකක් මත දීර්ඝකාලීනව යැපෙන එක නම් හොද දෙයක් නෙමෙයි. හැබැයි බැලන්ස් එකේ වැඩේ කරන කෙනෙක්ට ඔන්න Grammarly කියන්නේ හොඳ සම්පතක්.

📌️𝗚𝗿𝗮𝗺𝗺𝗲𝗿𝗹𝘆 App එකට මෙතනින් 👇
https://play.google.com/store/apps/details?id=com.grammarly.android.keyboard

1️⃣1️⃣𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗖𝗮𝗹𝗲𝗻𝗱𝗲𝗿

👩‍💻සාමාන්‍යයෙන් android smart phone වලට කොහොමත් එන කැලැන්ඩර් app එක තමයි Google Calender කියන්නේ. හැබැයි නිකං දෙන මේ app එකේ සම්පූර්ණ features ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැති තරම්.

👩‍💻 Events, reminders වගේ දේවල් වගේම goals පවා මේ app එකේ add කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත්, දිනපතාම පාඩම් කරලා විභාගයට වැඩි ලකුණු ගන්නවයි කියලා goal එකක් add කළොත්, දවසේ එකම වෙලාවකට ඒ වැඩේට කාලය වෙන් කරන්න කියලා මේ app එකෙන් අපිට මතක් කරනවා.

👩‍💻අනික් කාරණාව, gmail, google docs වගේ google products පාවිච්චි කරනවා නම්, ඒවා එක්කත් Google Calender එක සහයෝගයෙන් වැඩ කරනවා.

📌️𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗖𝗮𝗹𝗲𝗻𝗱𝗲𝗿 App එකට මෙතනින් 👇
https://play.google.com/store/apps/details?id=com.google.android.calendar

1️⃣2️⃣ 𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗙𝗮𝗺𝗶𝗹𝘆 𝗟𝗶𝗻𝗸

👩‍💻දැන් ඔය දරුවන්ගේ phone පාවිච්චිය සීමාවක් ඇතුව සිද්ධවෙන බවට වගබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. Google Family Link app එකෙන් ආන්න ඒ වගකීම ඉටු කරන්න දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් හොඳ සහායක් ලබාදෙනවා.

👩‍💻Google Family Link app එක ඔස්සේ අම්මලා තාත්තලාට බලන්න පුළුවන් ළමයි phone එකේ සිද්ධ කරලා තියෙන activities වල සම්පූර්ණ ඉතිහාසයම. ඒ වගේම Google Family Link එකෙන් phone එකේ තියෙන යම් යම් apps block කරන්නත් පුළුවන්. ඒ වගේම යම් යම් app download කරනකොට දෙමාපියන්ට notification යන විදියට හදන්නත් පුළුවන්. ආයෙ කිසිම හොර වැඩක් කරන්න බෑ ඔන්න..

📌️𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗙𝗮𝗺𝗶𝗹𝘆 𝗟𝗶𝗻𝗸 App එකට මෙතනින්
https://play.google.com/store/apps/details?id=com.google.android.apps.kids.familylink

👩‍🏫එහෙනම් මේ apps ටික පාවිච්චි කරලම බලන්නකෝ online ඉගෙනුම් වැඩ කොච්චරක් දුරට ලේසි පහසු කරගන්න පුළුවන්ද කියලා. මීට අමතරව ඔයා දන්න, ඉගෙන ගන්න ඈයොන්ට ප්‍රයෝජනවත් වෙන app ගැනත් අපිට comment එකකින් කියන්න. ​ඒ වගේම මේ දේවල් ඔයාගේ යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා..

👩‍🏫 මේ වගේ articles බලන්න දිගටම Assignment Writers අපේ පිටුවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලත් ඔන්න අපි ආරාධනා කරනවා.

✍️තොරතුරු අන්තර්ජාලයෙනි

👩‍💻කතෘ අයිතිය ©️ Assignment Writers Facebook පිටුව 2022.01.15

🔴කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ උපුටා වෙනත් පොදු පිටුවල නැවත පළ කිරීම් සපුරා තහනම්.

16/12/2020
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Sri Viddyadeepa Meheni Pirivena, Gangoda, Pilimathalawa
Kandy
20450