ගඟවට උතුර දහම් පාසල් ගුරු එකමුතුව

  • Home
  • Sri Lanka
  • Kandy
  • ගඟවට උතුර දහම් පාසල් ගුරු එකමුතුව

ගඟවට උතුර දහම් පාසල් ගුරු එකමුතුව කඩවත් සතර සහ ඟවට කෝරළේ උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් ගුරු සංගමය

25/02/2026

ආශීර්වාද බෝධි පූජාමය පින්කම

"සැමට කෙරෙන ගෞරවනීය ආරාධනාවයි!"

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව මියගිය සහෝදර ජනතාවටත්, අපවත්වී වදාළ ගරුතර නායක හිමිපාණන් වහන්සේලා සහ අභාවප්‍රාප්ත දහම්පාසල් ගුරු මහත්ම මහත්මීන්ට පින් අනුමෝදන් කරමින් පවත්වනු ලබන උදාර පුණ්‍යකර්මය.

📍 පින්කම් විස්තර:
* දිනය: 2026 මාර්තු මස 01 වන ඉරිදා
* වේලාව: පස්වරු 05.00 සිට(නියමිත වේලාවටම ආරම්භ කරනු ලැබේ.)

* ස්ථානය: මාවිල්මඩ ධර්මදූත මධ්‍යස්ථාන බෝධිය අභියස (පිංසරු දහම්පාසල)
🎯 පින්කමේ අරමුණ:
> * දිට්වා සුළි කුණාටුවෙන් මියගිය අය වෙනුවෙන් මාස තුනේ පින්කම නිමිති කරගෙන පින් පැමිණවීම.
> * කඩවත් සතර සහ ගඟවට කෝරළයේ උතුරු ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල්හි සේවය කළ අපවත්වී වදාළ නායක හිමිවරුන්ට සහ ගුරු මහත්ම මහත්මීන්ට උපහාර පූර්වකව පින් අනුමෝදන් කිරීම.
> * වර්තමාන ගුරු මණ්ඩලයට සහ දහම් දූ දරුවන්ට ආශීර්වාද කිරීම.
>
👥 සහභාගීත්වය:
ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලා, ගුරු මණ්ඩලය, දහම් දූ දරුවන් ඇතුළු සැදැහැවත් ඔබ සැමට මෙහි වැඩම කරන ලෙස මෙත් සිතින් ආරාධනා කරමු!

සංවිධානය:

දහම්පාසල් ගුරු සංගමය
කඩවත් සතර සහ ගඟවට කෝරළයේ උතුරු ශාසනාරක්ෂක මණ්ඩලය

Following ගඟවට උතුර දහම් පාසල් ගුරු එකමුතුව Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට

25/02/2026
හෙට දවස පරදුවට තබා අපි අද නිහඬව ඉන්නේ ඇයි? 🛑අපේ රටේ සාරධර්ම, සංස්කෘතිය සහ අනාගත දරු පරපුර බිහිසුණු ප්‍රපාතයකට ඇද වැටෙමින...
30/01/2026

හෙට දවස පරදුවට තබා අපි අද නිහඬව ඉන්නේ ඇයි? 🛑
අපේ රටේ සාරධර්ම, සංස්කෘතිය සහ අනාගත දරු පරපුර බිහිසුණු ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතින බව ඔබ දන්නවාද? මේ අපේ අවධානය යොමු විය යුතුම කරුණු කිහිපයකි:
📍 ගුරු ගෞරවය සහ ටියුෂන් මාෆියාව:
එදා දරුවන්ට දෙමාපියන් මෙන් ආදරය කළ, පෞරුෂයකින් හෙබි ගුරු පරපුර වෙනුවට අද "සෝෂල් මීඩියා" තුළ ජනප්‍රිය වීමට අසභ්‍ය වදන් සහ විනය විරෝධී හැසිරීම් ප්‍රදර්ශනය කරන ටියුෂන් සංස්කෘතියක් බිහිවී ඇත. මෙහි ප්‍රතිඵලය දරුවන් තුළ විනය සහ ගෞරවය පිරිහී යාමයි.
📍 මාධ්‍ය සහ ටෙලි නාට්‍ය මගින් සිදුවන විනාශය:
පාසල් ඇඳුමට නිගරු කරමින්, පාසල් ප්‍රේමය සහ ලිංගිකත්වය සාමාන්‍යකරණය කරන ටෙලි නාට්‍ය අද රූපවාහිනිය ආක්‍රමණය කර ඇත. සදාචාරයට පටහැනි දෑ පවුලේ සැමට එකට හිඳ බැලීමට සිදුවීමෙන් ලැජ්ජාව සහ බය සමාජයෙන් තුරන් වෙමින් පවතී.
📍 ස්මාර්ට් දුරකථනය සහ අසීමිත අන්තර්ජාලය:
ලෝකයේ දියුණු රටවල් පවා වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරද්දී, අපේ රටේ දරුවන් කිසිදු පාලනයකින් තොරව අන්තර්ජාලයට මුදා හැර ඇත. මෙහි අවසානය කුමක්ද?
* අකාලයේ ලිංගික චර්යාවන්ට පෙළඹීම.
* මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම.
* ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (AIDS වැනි) සීඝ්‍රයෙන් පැතිරීම.
📍 සදාචාරාත්මක පරිහීනත්වය:
ගුරුවරියන්, මව්වරුන් වැනි ගෞරවනීය සබඳතා පවා අද අන්තර්ජාලය තුළ කෙලෙසෙමින් පවතී. මිනිසා "මනසින් උසස්" සත්වයෙකු බව අමතක කර සතුන් මෙන් හැසිරෙන තත්ත්වයට සමාජය පත්වෙමින් තිබේ.
අපේ වගකීම කුමක්ද?
ආගමික සහ ස්වයං ශික්ෂණයෙන් තොර සමාජයක් අනාගතයට ඉතිරි නොවේ. මේ විනාශයට එරෙහිව හඬ නැගීමටත්, දරුවන් දහම් පාසල් අධ්‍යාපනය සහ සාරධර්ම වෙත යොමු කිරීමටත් අපට ඇති අවසාන අවස්ථාව මෙයයි.
අද ඔබ නිහඬව සිටියොත්, හෙට ඔබේ දරුවාට ජීවත් වීමට සමාජයක් ඉතිරි නොවනු ඇත!

⏰⏰ ළමුන් නැවත දහම් පාසලට එක් කරගන්නට අත්වැල් බැඳගත යුතු කාලයයි. 👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👥දායාබදර දෙමාපියනි වැඩිහිටියනි අපේ සංස්කෘත...
29/01/2026

⏰⏰ ළමුන් නැවත දහම් පාසලට එක් කරගන්නට අත්වැල් බැඳගත යුතු කාලයයි.

👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👥දායාබදර දෙමාපියනි වැඩිහිටියනි අපේ සංස්කෘතිය සුරකින යහපත් පරපුරක් ගොඩනගන්නට අප හා එක් වන්න.

ඉරිදා දින 1-4 ශ්‍රේණි සහ 6-11 ශ්‍රේණි සඳහා උදෑසන 08.00 සිට පස්වරු 03.00 දක්වා කාලයේ අමතර පංති පවත්වන අය⁣ගේ පහත විස්තර 071- 3019123 ගුරු සංගමයේ ලේකම් හිමිගේ whatsapp අංකයට යොමු කරන්න.

01 පංති පවත් වන ගුරුවරයාගේ /ආයතනයේ නම
02 පවත්වන කාලසීමාව උදැසන 7.00 සිට පස්වරු 03.00 දක්වාද යන්න

03 පංති පත්වන ශ්‍රේණි

04 පංතිය පවත්වන ස්ථානයේ ලිපිනය හෝ ගමන් කිරීමේ මාර්ගය.

පවත් වන්නේනම් දඩය රුපියල් 10,000කි.

Dinesh Muthugala Asgiriya - Pirivena අස්ගිරි පිරිවෙන Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට Following

25/01/2026

දහම් පාසලට හිතැති සැමට කරන ආරාධනයයි.

මේවන විට ඉතා සීග්‍රයෙන් බෞද්ධ දරුවන් දහම් පාසලෙන් ඈත් කර උපකාරක පංති වලට ඒමට උනන්දු කරවීමක් හා පෙළඹ වීමක් දක්නට ඇත.

🫵 ඔබ
කඩවත් සතර සහ ගඟවට කෝරළයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුල ජීවත් වන්නෙකුද?

එසේනම් නීතියෙන් ඉරිදා දින උපකාරක පංති තහනම් කර ඇති පසුබිමක බුදු දහම අදහන අහිංසක දරුවන් නැවත දහම් පාසලට ගෙන ඒමට අප හා එක්වන්න.

ඔබ ප්‍රදේශයේ දරුවන් ඉරිදා යම් ගුරු වරයෙකු, ආයතනයක් හෝ පාසලක් දරුවන් දහම් පාසල් පැමිනීමට බාධා වනසේ කටයුතු කරයිනම් පහත ලිපිනයට ලිඛිතව
01. ගුරුවරායාගේ නම
2. පංති වත්වන ස්ථානය
3. පංති පවත්වන වේලාව
4. සහභාගීවන ළමුන් ප්‍රමාණය අපහට දන්වන්න.

ලේකම්
දහම් පාසල් ගුරු සංගමය
කඩවත් සතර සහ ගඟවට කෝරළය උතුර.
පුරාණ ගල්ලෙන් විහාරය, වට්ටාරන්තැන්න, මාපනාවතුර,
මහනුවර.

නැතිනම් පහත වට්ස්ඇප් සමූහට එකතු වන්න.

අගනා වැඩක් අවශ්‍ය දහම්පාසල් ප්‍රධානාචාර් ස්වාමින් වහන්සේලා සහ මහත්ම මහත්මීන් දුරකථන අංකය අමතා  ප්‍රශ්න පත්‍ර  ලබාගන්න...
11/01/2026

අගනා වැඩක් අවශ්‍ය දහම්පාසල් ප්‍රධානාචාර් ස්වාමින් වහන්සේලා සහ මහත්ම මහත්මීන් දුරකථන අංකය අමතා ප්‍රශ්න පත්‍ර ලබාගන්න...

සුබ දවසක් Following
09/01/2026

සුබ දවසක් Following

Address

Purana Gallen Viharaya Wattaranthanna Mapanawathura
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when ගඟවට උතුර දහම් පාසල් ගුරු එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share