18/08/2026
_BST ගැන හරියට දැනුවත් වෙමු_
උපාධි පාඨමාලා 02
BBST(Hons) in Agro-Environmental Technology (AET)
AET කියන්නේ හුදෙක් උපාධියක් විතරක් නොවෙයි. නවීන කෘෂිකාර්මික පද්ධති, පාරිසරික ජීව විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණය මුසු කරමින්, අනාගත ලෝකයේ ආහාර සහ පරිසර අර්බුදයන්ට විසඳුම් සොයන නව නිපැයුම්කරුවන්, පර්යේෂකයින් සහ කළමනාකරුවන් බිහිකරන කාලීන ක්ෂේත්‍රයක්!
🔬🌱 රසායනාගාරයක කෙරෙන පර්යේෂණයක සිට මහා පරිමාණ කෘෂි-කාර්මික ක්ෂේත්‍ර (Agro-Industries) සහ පරිසර පද්ධති කළමනාකරණය දක්වා වූ සෑම අංශයක්ම ආවරණය වන පරිදි සකස් කර ඇති AET උපාධි පාඨමාලාව, හදාරන්න ලැබෙන සුවිශේෂී විෂය ධාරාවකි.
මෙම පාඨමාලාවෙන් පහත ක්ෂේත්‍රයන් සඳහා රැකියා හා වෘත්තීය අවස්ථා (Career Paths) නිර්මාණය වී ඇත:
🔶 කෘෂිකාර්මික හා පරිසර තාක්ෂණවේදීන් (Agriculture / Environmental Technologists)
🔶 නිෂ්පාදන සංවර්ධන සහ තත්ත්ව පාලන කළමනාකරුවන් (Managers & Executives in Product Development / Quality Assurance / Marketing)
🔶 කෘෂි නිෂ්පාදන සංවර්ධකයින් (Agro-Product Developers)
🔶 ප්‍රමුඛ පර්යේෂණ ආයතනවල පර්යේෂණ නිලධාරීන් (Research Officers)
🔶 උපදේශකයින් (Consultants)
🔶 විශ්වවිද්‍යාලීය සහ අධ්‍යයන ක්ෂේත්‍රයේ රැකියා (University Academics)
🔶 රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු - ගුරු, විධායක, සහකාර අධ්‍යක්ෂ, පර්යේෂණ නිලධාරී (Government Sector - Teachers, Executives, Assistant Directors, etc.)
🔶 ව්‍යවසායකත්වය - නව කෘෂි සහ පරිසර හිතකාමී ව්‍යාපාර ඇරඹීමේ අවස්ථා (Entrepreneurs)අනාගතයේ විශිෂ්ටතම හරිත තාක්ෂණික පෙරළියේ කොටස්කරුවෙකු වෙන්න! 🌾🚜📊