29/04/2026
Diploma in Pre-school Education
The goal of early childhood education should be to activate the child's own natural desire to learn.
This course will help to develop the beginning teachers into mature confident and competent professionals in Preschool Education Sector.
29/04/2026
21/03/2026
Special notice 👇👇👇👇
18/12/2025
පෙරපාසල් පොඩිත්තන් වෙනුවෙන් විශේෂයෙන්ම සම්පාදිත අපගේ ප්රකාශනවල සුවිශේෂීතා ..... 👇👇👇
බොහෝ දෙනෙක් පොතක් කිවූ පමණින්ම අකුරු ලියවීමක් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් සහිතව විස්තර විමසීම් නිසාම මෙම සටහන තබන්නට සිත් විය.
අකුරු හෝ ඉලක්කම් වලට යාමට පෙර මුල් ළමා වියේ සිටින දරුවන් සඳහා සිදු කෙරෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් ඇති අතර ඒ
පිළිබඳ මෙහිදී කතා කිරීමට අදහස් නොකරමු.
ඊට අමතරව පොත් හරහා කළ හැකි ක්‍රියාකාරකම්ද බොහෝය.
පින්තූර වර්ණ ගැන්වීම
කැපීම
ඇලවීම
සීල් මුද්‍රණය / අච්චු මුද්‍රණය
හැඩතල හඳුනා ගැනීම
වර්ණ හඳුනා ගැනීම
පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම්
අත් හා ඇස් අතර සමායෝජනය
මූලික ගණිත සංකල්ප
ගැටලු විසඳීම
තර්කානුකූල හැකියා වර්ධනය
පැන්සල හැසිරවීම
පෙර ලිවීමේ ක්‍රියාකාරකම්
ඉලක්කම් හා අකුරු හඳුනා ගැනීම
ආදී නොයෙකුත් කුසලතා නැංවීම සඳහා මීට වසර ගණනාවක් තිස්සේ සිට අද දක්වා විවිධ පෙරපාසල් විවිධ ක්‍රම පාවිච්චියට ගනී. මෙහිදී දරුවන්ට ලබා දෙන වැඩපත් (worksheets) එකල බොහෝවිට අතින්ම ඇඳීමට සිදුවිය. පසුව ඡායාපිටපත් ලෙස මුද්‍රණය කර ලබා දීමද සිදු විය.
මේවා ක්‍රමවත්ව, දරුවන්ට කැමැත්තක් ඇතිවන ආකාරයෙන් අලංකාර මෙන්ම වර්ණවත් පින්තූර ද සහිතව පොතක් ලෙස විධිමත්ව ලබා දීමෙන්, දරුවන් තෘප්තිමත්ව ඉගෙනුම ලබන අතරම ගුරුතුමියන්ට කාලය ඉතිරි කර ගැනීම, පිළිවෙලකට පොත්පත් පවත්වා ගැනීම ආදී පහසුවද සැලසේ.
මේ සඳහා අපගේ ප්‍රකාශන මගින් මනා පිටිවහලක් ලැබෙන බව වසර ගණනාවක් තිස්සේ අප ලත් අත්දැකීම් තුලිනුත්, ගුරුතුමියන්ගේ අදහස් තුලිනුත්, දෙමාපියන්ගේ පැසසුම් තුලිනුත් අපි දනිමු.
නිරතුරුවම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යාවත්කාලීන වීම් අනුව යමින්, ගුරුතුමියන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කරමින්, සුදුසුකම්ලත් අධ්යක්ෂ මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය යටතේ, විධිමත්ව වගකීම් සහිතව එළිදක්වා ඇති අපගේ ප්‍රකාශන පෙළ පෙරපාසල් ගුරුතුමියන්වන ඔබ තවමත් පරිහරණය කර නොමැතිනම්, 2026 වර්ෂය සඳහා අප හා සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරමු.
ස්තුතියි.
අමා සිරිවර්ධන,
ප්‍රධාන අධ්‍යක්ෂිකා
පුස්තකය ප්‍රකාශන ආයතනය, මහනුවර.
076 266 9787
19/11/2025
ඉදිරි දින කිහිපයේදී මුද්‍රණ කටයුතු ඉතා කාර්යබහුල වන බැවින්, 2026 වර්ෂය සඳහා ඔබේ පෙරපාසලේ පොඩිත්තන්ට අවශ්‍ය පොත් ඇණවුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ගුරුතුමියන් හැකි ඉක්මනින් අප ආයතනය හා සම්බන්ධ වී ඒ සඳහා දින වෙන් කරවා ගන්න.📚📚📚❤️
❤️📚📚 ඇතුල්පිටු බැලීම, විස්තර විමසීම් සහ
පොත් ඇණවුම් කිරීම සඳහා 076 266 9787 whatsapp හරහා සම්බන්ධ වන්න.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
244, Lotus Building, D. S. Senanayake Street
Kandy
20000
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |
| Saturday | 08:30 - 16:30 |
| Sunday | 08:30 - 16:30 |