lasitha_ranasinghe_official

lasitha_ranasinghe_official

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from lasitha_ranasinghe_official, Education, Kandy.

📚 Japanese language instructor & academy founder
✍️ Author | Cultural event organizer | Educator
🎤 Sharing my journey, ideas, and life between Sri Lanka & Japan
🌏 Inspiring language learners and dreamers worldwide

31/12/2025

あけましておめでとうございます。⛩
昨年は大変お世話になり、ありがとうございました。
本年もどうぞよろしくお願いいたします。

皆様にとって、良い一年になりますように。😊

Happy New Year! ⛩
Thank you very much for all your support and kindness last year.
I look forward to your continued guidance and support this year as well.

Wishing you all a wonderful year ahead. 😊

-Lasitha Ranasinghe

31/12/2025

🎍🌅 ජපානයේ නව වසර – අලුත් ආරම්භයක්🌅🎍

ජපානයේ නව වසරට お正月(Oshōgatsu) කියනවා.
මේ දවස ජපාන ජනතාවට සාමාන්‍ය උත්සවයක් විතරක් නෙවෙයි.
එය හිත, නිවස, ජීවිතය—සියල්ලම නැවත පිරිසිදු කරන දවසක් ලෙස සැලකෙනවා.

නව වසරට පෙර දවස්වල මිනිස්සු ගෙවල් හොඳට පිරිසිදු කරනවා.
මෙයට 大掃除(おおそうじ) කියනවා.
ජපන් ජාතිකයන් හිතන්නෙ, මෙහෙම නොකලොත් 年神様(Toshigami-sama) කියන නව වසරේ දෙවියන් ගෙදරට එන්නේ නෑ කියලා.

ගෙවල් ඉදිරියේ 🎍門松(Kadomatsu) වලින් සරසලා,
දෙවියන්ට “අපේ ගෙදරට එන්න” කියලා ආරාධනා කරනවා.
年神様 එන ගෙදරට
👉 සෞඛ්‍යය
👉 වාසනාව
👉 සාර්ථක වසරක්
ලැබෙනවා කියලා විශ්වාස කරනවා.

නව වසරට පෙර රෑ, ආගමික ස්තාන වල 🔔
除夜の鐘(Joya no Kane) කියලා ඝාණ්ඨාරය 108 වාර නාද කරනවා.
මේ 108 වාරය මිනිස් හිතේ තියෙන
කෝපය, ඊර්ෂ්‍යාව, ලෝභය, දුක වගේ
නරක සිතිවිලි 108ක් අතහැරලා,
අලුත් වසරට පිරිසිදු හිතකින් පිවිසෙන්න කියන සංකේතයක්.

නව වසරේ පළමු රෑ දැක්ක සිහිනයට
初夢(Hatsuyume) කියනවා.

1️⃣ 富士山(ふじさん / Fujisan) 🗻
→ ජපානයේ උසම කන්ද
→ “උසස් සාර්ථකත්වය, මහත් ඉලක්ක” කියන අර්ථය

2️⃣ 鷹(たか / Taka) 🦅
→ Eagle / Hawk
→ “බුද්ධිය, බලය, ඉක්මන් අවස්ථා අල්ලාගැනීම”

3️⃣ 茄子(なす / Nasu) 🍆
→ Eggplant (බාදන්)
→ ජපානයේ “සාර්ථක වීම / දෙයක් ඉටු කිරීම” කියන වචන අර්ථයට සම්බන්ධ

මේවා දැක්කොත්
“ඉතාම වාසනාවන්ත වසරක්”
ලැබෙනවා කියලා කතාවක් තියෙනවා.

අලුත් වසරේ දවසට
පවුලේ අය එකට එකතු වෙලා
🍱 おせち料理 (Osechi Ryori) ආහාරයට ගන්නවා,
ළමයින්ට 💌 お年玉(Otoshidama) දෙනවා.
ඒ හැමදේම කියන්නේ
“මෙම වසර පවුල, ආදරය, එකමුතුව අමතක නොකර ජීවත් වෙමු”
කියන අදහසයි.

🌸 ජපානයේ නව වසර අපට කියන පණිවිඩය සරලයි.
පරණ දේ අතහැරලා,
අලුත් හිතකින්,
අලුත් බලාපොරොත්තුවකින්,
අලුත් වසරට පියඹමු.

✨🎉 ඔබටත් සුභ නව වසරක් වේවා! 🎉✨

-Lasitha Ranasinghe

#සිංහල 🎍🌅

31/12/2025

ජපන් භාෂාව ඉගෙනගන්න සිසුන්‍ට අවශ්‍යය නෝට් වගේම නොදන්න දේවල් සාකච්ඡා කරන්න මේ whatsapp group එකට සම්බන්ධ වෙන්න.

chat.whatsapp.com

21/12/2025

JLPT N2 CLASS

CONTACT :+818038302578

20/12/2025

17/12/2025

🇯🇵 N2 ජපන් පාඩම්: "අන්තිමේදී..." ඒත් නරක විදිහට! (~あげく) 😓

අද අපි කතා කරන්නේ JLPT N2 මට්ටමේදී හමුවෙන වැදගත්, ඒ වගේම ජීවිතේදි අනන්තවත් පාවිච්චි වෙන grammar point එකක් ගැන. ඒ තමයි「〜あげく」(ageku).
අපි යම්කිසි දෙයක් දිගු කාලයක් තිස්සේ කරලා හෝ ලොකු මහන්සියක් වෙලා, අන්තිමේදී බලාපොරොත්තු නොවූ නරක ප්‍රතිඵලයක් ලැබුණාම මේ grammar එක පාවිච්චි කරනවා.

✅ තේරුම:

"〜あげく" කියන එකෙන් අදහස් වෙන්නේ "යම් දෙයක් ගොඩක් වෙලා කරලා / යම් දෙයක ප්‍රතිඵලයක් ලෙස අන්තිමට (අවාසනාවන්ත ලෙස) නරක දෙයක් සිද්ධ වුණා" කියන එකයි. (After much... a bad result followed).

🔸 භාවිතා කරන අයුරු:
• නාමපදය (Noun) + のあげく
• ක්‍රියාපදයේ た ආකාරය (Verb Ta-form) + あげく

ලස්සන උදාහරණ දෙකක් බලමු: 👇

1️⃣ බීල බීල ලෙඩ වෙච්ච කෙනා 🍺🏥
දවස ගාණෙ දිගටම බීල බීල අන්තිමට වයස 40 වෙනකොට හොඳටම ලෙඩ වුණා.

「毎日お酒を飲み続けたあげく、病気になってしまった。」
(මයිනිචි ඔසකෙ ඔ නොමිත්සුධුකෙත අගෙකු, බ්‍යෝකි නි නත්තෙ ශිමත්තා.)
"හැමදාම මත්පැන් බීපු එකේ ප්‍රතිඵලයක් විදිහට (බීලා බීලා අන්තිමේදී), ලෙඩ වුණා."

2️⃣ පණ දීපු ආදරේ 💔😭
කොල්ලෙක් කෙල්ලෙක්ට පණ දෙන්න වගේ ආදරේ කළා. කියන කියන හැම දේම අරන් දුන්නා. ඒත් අන්තිමට "උඹ හරි කැතයි යකෝ" කියලා boot එක තිබ්බා.

「心底(しんそこ)から愛していたあげく、彼女に断られてしまった。」
(ශින්සොකො කර අයිරිතෙයිත අගෙකු, කනොජො නි කොතොවරරෙතෙ ශිමත්තා.)
"හදවතින්ම ආදරේ කළා (ඒකේ අන්තිම නරක ප්‍රතිඵලය විදිහට), ඇය මාව ප්‍රතික්ෂේප කළා."

පැහැදිලියි නේද? මහන්සි වෙලා හෝ කල් ගත වෙලා අන්තිමට වැඩේ අවුල් ගියාම තමයි මේ「あげく」භාවිතා වෙන්නේ.
ඔයාලටත් මේ වගේ "කරලා කරලා අන්තිමට කෙළවුණු" අත්දැකීම් තියෙනවද? comment එකක් දාගෙන යමු! 👇😅

Original Lesson by: Lasitha Ranasinghe

#あげく #ජපන්_පාඩම්

16/12/2025

🇯🇵 N3 ජපන් පාඩම්: "あまり" (Amari) කියන්නේ "එතරම් නෑ" විතරක් නෙවෙයි! 😲

අපි මූලික මට්ටමේදි "あまり" ඉගෙන ගන්නේ නිශේධනාත්මක ( Negative )වාක්‍ය එක්කනේ. (උදා: あまりおいしくない - එච්චර රස නෑ).

හැබැයි JLPT N3 level එකේදි මේක අපිට හම්බවෙනවා හාත්පසින්ම වෙනස් තේරුමකින්.

✅ Grammar Point: N3 あまり (Amari)
මේකෙන් අදහස් වෙන්නේ යම් හැඟීමක් හෝ තත්වයක් "ඕනවට වඩා වැඩි වෙලා" / "උපරිමයටම ගිහින්" ඒ නිසා යම් ප්‍රතිඵලයක් ඇති වුණා කියන එකයි. (Because of excessive... / So much that...)

🔸 හදන විදිහ:
• නාමපදයක් නම්: Noun + の あまり

(උදා: 嬉しさのあまり - සතුට වැඩි කමට)

• ක්‍රියාපදයක් නම්: Verb (Dict. Form) + あまり

(උදා: 心配するあまり - වද වෙනවා වැඩි කමට)

පාඩමේ තිබුණු ලස්සන උදාහරණ ටික බලමු. 👇

1️⃣ සතුට වැඩි වූ විට (The Surprise): 🎉

කෙල්ලගෙ උපන්දිනය අමතක වුනා වගේ ඉදලා කොල්ලෙක් ලොකු surprise එකක් දෙනවා.🎂♥️🫶

「嬉しさ(うれしさ)のあまり、涙(なみだ)を流(なが)しました。」♥️
"සතුට වැඩි කමට, කඳුළු ආවා." 🥹

2️⃣ තරහ වැඩි වූ විට (The Fight): 😡

ඔෆිස් එකේ බොස් එක්ක ලොකු වලියක්. තරහ ගියාම වචන එන්නෙ නැති අය ඉන්නවනේ.🤬

「怒(いか)りのあまり口(くち)がきけなかった。」
"තරහ වැඩි කමට, වචනත් නැති වුනා (කට උත්තර නැති වුනා)." 🤐

(🔴口がきけない කියන්න speechless උනා කියන එක.)

3️⃣ දුක/බිය වැඩි වූ විට (The Worry): 😔

තමන්ගේ දරුවා වැරදි පාරක යනකොට දෙමව්පියන්ට දැනෙන බිය.

「父(ちち)は娘(むすめ)を心配(しんぱい)するあまり、意識(いしき)を失(うしな)って倒(たお)れてしまった。」
"තාත්තා දුව ගැන වද වෙලා වැඩි කමට, සිහි නැතිවී වැටුනා." 🚑

පැහැදිලියි නේද? හැඟීමක් පාලනය කරගන්න බැරි තරම් වැඩි වුනාම මේ grammar point එක පාවිච්චි කරන්න පුළුවන්.🤝

ඔයාලටත් මොකක් හරි දෙයක් "වැඩි වෙලා" (~あまり) වෙච්ච අමතක නොවන සිදුවීමක් තියනවද? පහළින් comment කරන්න! 👇👇

Original Lesson by: Lasitha Ranasinghe

#ජපන්_පාඩම්

16/12/2025

🇯🇵 JLPT N1 Grammar: "පටන් ගන්නවා" විතරක් මදි! යමක් ඇරඹුම කරගෙන දිගටම යන හැටි. 🚀

අද අපි කතා කරන්නෙ JLPT N1 මට්ටමේදි හම්බෙන ඉතා වැදගත් සහ ලස්සන grammar point එකක් ගැන. ඒ තමයි「〜を皮切りに」(wo kawakiri ni).

අපි සාමාන්‍යයෙන් යමක් "පටන් ගන්නවා" කියන්න "~から" (kara) පාවිච්චි කරනවනේ. හැබැයි N1 මට්ටමේදී හමුවෙන මේ grammar point එක ඊට වඩා ටිකක් වෙනස්.

✅ තේරුම:

"〜を皮切りに" කියන එකෙන් අදහස් වෙන්නේ "යම්කිසි දෙයකින් ආරම්භ වෙලා, ඒ හා සමාන තවත් දේවල් වැලක්/දාමයක් දිගටම සිද්ධ වුණා" කියන එකයි. නිකන්ම පටන් ගැන්මක් නෙවෙයි, එය ආරම්භයක් කරගෙන තවත් දේවල් සිදුවීම මෙහි විශේෂත්වයයි.
🔸 භාවිතා කරන අයුරු:

නාම පදය (Noun) + を皮切りに / を皮切りにして / を皮切りとして

උදාහරණ බලමු: 👇

1️⃣ චාරිකාවේ ආරම්භය ✈️🇯🇵

ටෝකියෝ වලින් පටන් අරන්, ඒ වගේම තවත් නගර ගණනාවක සංචාරය කරනවා.

「私は、東京を皮切りに、横浜・名古屋・大阪・京都を巡り、最後に神戸を旅行する予定です。」
(වතාෂි වා තෝක්‍යෝ ඔ කවකිරි නි, යොකොහමා, නගොයා, ඕසකා, ක්‍යෝතො ඔ මෙගුරි, සයිගො නි කෝබෙ ඔ ර්යොකෝ සුරු යොතෙයි දෙසු.)

"මගේ ජපන් චාරිකාව ටෝකියෝ වලින් ආරම්භ කර, (එය ආරම්භයක් කරගෙන) යොකොහමා, නගොයා, ඕසකා, ක්‍යෝතො යන නගරවල සංචාරය කර අවසානයට කෝබෙ වලට යන්න සැලසුමක් තියෙනවා."

2️⃣ සම්බන්ධතාවයක ආරම්භය 💑

එක පාරක් හම්බුනා. ඒක ආරම්භයක් වෙලා දැන් දිගටම හම්බෙනවා.

「1回のデートを皮切りに、会う回数が増えました。」
(ඉක්කයි නො දේතො ඔ කවකිරි නි, අඋ කයිසූ ග ෆුඑමෂිතා.)
"පළමු date එකෙන් ආරම්භ වෙලා, (ඒක මුල පිරීමක් වෙලා) හමුවෙන වාර ගණන වැඩි වුනා."

3️⃣ දවසේ ප්‍රබෝධය 🥰🫶

පොඩි වචනයකින් පටන් අරන් දවසම සතුටු වෙනවා.

「彼女の『おはよう』を皮切りに、僕の一日が100%ハッピーになる。」

(කනොජො නො 'ඔහයෝ' ඔ කවකිරි නි, බොකු නො ඉචිනිචි ග හ්‍යකුපාසෙන්තො හප්පී නි නරු.)

"ඇයගේ 'Good Morning!' එකෙන් පටන් ගත්තම, (ඒක ආරම්භයක් වෙලා) මගේ මුළු දවසම 100% සතුටු වෙනවා." 😬

පැහැදිලියි නේද? යමක් start එකක් විදියට අරගෙන ඒ වගේ දේවල් දිගටම සිද්ධ වෙනකොට මේක පාවිච්චි කරන්න.
ඔයාලගෙ ජීවිතෙත් මොකක් හරි පොඩි දෙයකින් පටන් අරන් දිගටම වෙච්ච හොඳ දේවල් තියනවද? comment එකක් දාගෙන යමු! 👇
Original Lesson by: Lasitha Ranasinghe

#を皮切りに #ජපන්_පාඩම්

15/12/2025

🇯🇵 N3 ජපන් පාඩම්: "あげる" (Ageru) කියන්නේ "දෙනවා" විතරක් නෙවෙයි! 😲

අපි හැමෝම මූලික මට්ටමේදි ඉගෙන ගන්නේ "あげる" කියන්නේ "දෙනවා" කියන එකනේ. (උදා: プレゼントをあげる - තෑග්ගක් දෙනවා).

හැබැයි JLPT N3 level එකේදි මේක ඊට හාත්පසින්ම වෙනස් grammar point එකක් විදිහට අපිට හම්බවෙනවා.
✅ Grammar Point: Verb (ます stem) + あげる
මේකෙන් අදහස් වෙන්නේ යම්කිසි ක්‍රියාවක් සිඳුකර අවසන් කරනවා / සම්පූර්ණ කරනවා කියන එකයි. නිකන්ම කරනවා කියනවට වඩා, යම් මහන්සියක් දරලා හෝ යම් කාලයක් අරගෙන වැඩේ "ඉවරයක් කරා" කියන අදහස මේකෙන් එනවා.

🔸 හදන විදිහ:
ක්‍රියාපදයේ ます ආකාරය අරගෙන, 'ます' ඉවත් කරලා එයට 'あげる' එකතු කරන්න.

* 食べます (කනවා) ➡️ 食べ + あげる ➡️ 食べあげる (කාලා ඉවර කරනවා/සම්පූර්ණ කරනවා)
* 書きます (ලියනවා) ➡️ 書き + あげる ➡️ 書きあげる (ලියා අවසන් කරනවා)

මේ උදාහරණ දෙක බලන්නකෝ. මේ grammar එක පාවිච්චි වෙන හැටි හොඳටම තේරෙයි. 👇

1️⃣ Love Letter එකේ කතාව 🫣💌
හිතේ ඉන්න කෙනාට love letter එකක් ලියන්න හදනවා. කොච්චර try කරත් අදහසක් එන්නෙ නෑ. අන්තිමට නිදිමරාගෙන කොහොම හරි ලියලා ඉවර කරා!

> 「彼は彼女のために、徹夜(てつや)でラブレターを書き上げた。」
> (කරේ වා කනොජො නො තමෙ නි, තෙත්සුයා දෙ රබුරෙතා ඔ කකිඅගෙතා.)
> "ඔහු ඇය වෙනුවෙන් රාත්‍රිය පුරාවට love letter එක ලියා අවසන් කරා." 🥹

2️⃣ Boot එක කාපු යාලුවාගේ කතාව 💔🥱

යාලුවෙක් ඉන්නවා ලොකු boot එකක් කාලා. දවස් ගාණක් තිස්සේ එකම දේ කියවනවා. ඔන්න යාලුවො සෙට් එක හම්බුන වෙලාවෙත් අයෙත් පටන් ගත්තා. අන්තිමේදි පැය 3කට පස්සෙ මිනිහා කතාව ඉවර කරා.

> 「彼は別れ話を、3時間かけて話し上げた。」
> (කරේ වා වකරෙබනෂි ඔ, සන්ජිකන් කකෙතෙ හනෂිඅගෙතා.)
> "ඔහු වෙන් වුන කතාව, පැය 3කට පසුව කතා කරල ඉවර කරා." 😁

පැහැදිලියි නේද? මේ වගේ පුංචි වෙනස්කම් වලින් තමයි භාෂාව ලස්සන වෙන්නේ.

ඔයාලත් මේ වගේ අමාරුවෙන් "කරලා ඉවර කරපු" (~あげる) වැඩක් ගැන comment එකක් දාගෙන යන්න! 👇👇

Original Lesson by: Lasitha Ranasinghe

#ජපන්_පාඩම්

07/12/2025

今日JLPT試験を受ける皆さんへ
これまでの努力は必ず力になります。落ち着いて、最後まで自分を信じて頑張ってください。心から応援しています。合格を祈っています!♥️💯🫶

To everyone taking the JLPT today,
Believe in your hard work, stay calm, and do your best. Good luck! 🍀🙏

16/11/2025

🎌✨ නවතම N5 ජපන් පංති ✨🎌

ආරම්භය නොවැම්බර් 17 සඳුදා

🌟 ශේෂ්ත්‍රයේ පළපුරුදු ගුරුවරයෙකු සමඟ ඔබගේ සිහිනය ජයගන්න! 🌟
💻 සියල්ලම Zoom මඟින් – නිවසේ සිටම ඉගෙනගන්න

📚 පාඩම් අන්තර්ගතය:
• Hiragana & Katakana
• මූලික Kanji
• සරල වාක්‍ය ව්‍යාකරණ
• දෛනික කතාබස් (Conversation)
• JLPT N5 mock practice

⏳ දැන්ම ලියාපදිංචි වන්න!

🌸 ඔබේ ජපන් භාෂා ගමන අදම ආරම්භ කරන්න! 🌸

අමතන්න 080-3830-2578

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kandy
20000

Opening Hours

Monday 21:00 - 09:00
Tuesday 21:00 - 09:00
Wednesday 21:00 - 09:00
Thursday 21:00 - 09:00
Friday 21:00 - 09:00
Saturday 21:00 - 09:00
Sunday 21:00 - 09:00