Media with Tharindu Deshan

Media with Tharindu Deshan "මාධ්�යය අධ්�යයනයේ නිවැරදි දිශානතිය"���
Media with Tharindu Deshan

විභාගය හොදින්ම කරන්න...සියලූම වෙර වීර්‍යයන් හෙට දිනයේදී මුදා හරින්න..සුභ පැතුම් ලමයිනේ...ජය..❤️💯🙏Media with Tharindu Des...
28/05/2023

විභාගය හොදින්ම කරන්න...
සියලූම වෙර වීර්‍යයන් හෙට දිනයේදී මුදා හරින්න..

සුභ පැතුම් ලමයිනේ...

ජය..❤️💯🙏

Media with Tharindu Deshan

☝️😊සන්නිවේදනයේ ද්විමාර්ගික බව යනු...පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමඟ අදහස් හුවමාරු කර ගැනීම තුල සන්නිවේදන ක්‍රියාවලිය ආරම්...
11/05/2023

☝️😊සන්නිවේදනයේ ද්විමාර්ගික බව යනු...

පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමඟ අදහස් හුවමාරු කර ගැනීම තුල සන්නිවේදන ක්‍රියාවලිය ආරම්භ වේ.

අප ඉහත කතා කල සන්නිවේදන ආකෘතියන් වල සන්නිවේදනය එක් පර්ශවයක සිට තවත් පාර්ශවයක් කරා පමණක් සිදු වීම පමණි..

එහෙත් පුද්ගල සන්නිවේදනයේදී සන්නිවේදනය සිදු කරන පාර්ශවය දෙකම අදහස් හුවමාරු කරමින් ප්‍රතිචාර හා ප්‍රතිපෝශනය ලබයි.

මෙය සන්නිවේදනයේ ද්වි මාර්ගීක බව ලෙස හදුන්වයි.✔️

Media with Tharindu Deshan

🎙️සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනයඅ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු දරුවන් සඳහා 👉 සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යනය ජනප්‍රිය විෂයයක් ල...
09/05/2023

🎙️සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය
අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු දරුවන් සඳහා

👉 සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යනය ජනප්‍රිය විෂයයක් ලෙස වත්මනේදී බොහෝ සිසු දරුවන් හදාරන ලබන අතර ඉතා ආකර්ශනීය විෂ්‍යයක් ලෙසත් ජනප්‍රියයි.

👉 පාසල් අධ්‍යාපනයේදී වේවා සාමාන්‍ය ජීවිතයේදී වේවා මාධ්‍යය හැසිරීම් සන්නිවේදන ක්‍රියාවලිය පිළිබදව දැන සිටීම මානවයකු සතු විය යුතුම දැනුමකි.

😊සරල ඉගැන්වීම් රටාවන් ඔස්සේ ඔබට සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය ලඟා කරවන්නට සූදානම්.🎖️️

➡️ ජුනි මස 05 2 වන සඳුදා නව පන්තිය ආරම්භය 🎙️

👉 කලමුල්ල විනර්ස් වේ අධ්‍යාපන ආයතනයේ දී සිදුවේ.

💡 එන්න මාධ්‍යය කලාවේ පරතෙර සොයා යන්න..🎙️📻📠🖨🎥📺📸📚

MEDIA with Tharindu Deshan
Dip.in ICT/Dip.in Visual Arts/B.Bmgt in HRM

🎙️ෂැනෝන් වීවර් සන්නිවේදන ආකෘතිය 🎙️1.1.2 (Grade 10)👉 මොවුන් දෙපල විදුලි සංදේශ ඉංජිනේරුවන් ය.👉  මොවුන් ගේ සන්නිවේදන ආකෘතිය...
09/05/2023

🎙️ෂැනෝන් වීවර් සන්නිවේදන ආකෘතිය 🎙️1.1.2 (Grade 10)

👉 මොවුන් දෙපල විදුලි සංදේශ ඉංජිනේරුවන් ය.

👉 මොවුන් ගේ සන්නිවේදන ආකෘතිය ගොඩ නඟා ඇත්තේ රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය පාදකකොට ගෙනය

👉 වාචික පණිවිඩය සම්ප්‍රේශකය මගින් තරංඟ බවට පත් කරයි මෙය සංඥා ලෙස හදුන්වයි . වාචික පනිවිඩය තරංග බවට පත් කරන සම්ප්‍රේශකය අකේතකරය ලෙසද හදුන්වනු ලබයි.

👉 මෙම සංඥා ගමන් කරන්නේ දුරකථන රැහැන් ඔස්සේය එය මාධ්‍යය ලෙස නම් කල කොටුවේ පෙන්වා ඇත.

👉 මාධ්‍යය තුලින් (මෙහිදි දුරකතන රැහැන් ) තොරතුරු ගලා යාමේදී විවිධ වූ බාදකයන්ට ලක්වේ.රැහැන් කැඩී යාම,නිසි ලෙස සම්භන්ද නොවීම මත පණිවිඩය නිසිපරිදි සම්ප්‍රේශනය නොවීමට පුලුවන් මෙය අප මාධ්‍ය බාදක ලෙස නම් කරමු.

👉 මාධ්‍ය තුලින් සම්ප්‍රේශනය වූ සංඥාව ග්‍රාහකය හෙවත් විකේතකරය ලබා ගෙන පණිවිඩය ලබා ගන්නා පුද්ගලයා හෙවත් ග්‍රාහකයා වෙත යොමු කරයි.මෙම ආකෘතිය තුළ ග්‍රාහකයා අග්‍රස්තානය ලෙස හදුන්වයි.

👉 ෂැනෝන් වීවර් ආකෘතිය තුළ සන්නිවේදනය වඩා සියුම් ලෙස හැදෑරීමට තවත් මූලිකාංග කිහිපයක් පෙන්වා දිය හැකිය.

ඒවා නම්,

➡️ සම්ප්‍රේශකය හෙවත් අකේතකරය
➡️ ග්‍රාහකය හෙවත් විකේතකරය
➡️ මාධ්‍යය බාධකද විශේශ වේ.

Media with Tharindu Deshan
Dip.in ICT/Dip.in Visual Arts/ B.Bmgt in HRM

මාධ්‍යය සදාචාරය පිලිබදව ගැටලුවක් ශ්‍රී ලාංකීය ජන මාධ්‍යය වල දැකිය හැකී..උස් තැන් දැක හැකිලෙන්නේ..මිටි තැන් දැක පුප්පන්නේ...
08/05/2023

මාධ්‍යය සදාචාරය පිලිබදව ගැටලුවක් ශ්‍රී ලාංකීය ජන මාධ්‍යය වල දැකිය හැකී..

උස් තැන් දැක හැකිලෙන්නේ..
මිටි තැන් දැක පුප්පන්නේ...වගේ තමා පේන්න තිබෙන්නේ.

මාධ්‍යය නාලිකා යනු රටක සමාජීය මෙහෙවරක් කරනා ක්ශ්‍රේත්‍රයක් වන අතර සැමට එක සේ සලකා කටයුතු කිරීම ඔවුන්ගේ ජනමාධ්‍යය වගකීමක් වේ.

🤕

සන්නිවේදනය පිලිබදව නිර්වචනයන් ඉදිරිපත් කල විද්වතුන් කිහිපයක් අතරින් සන්නිවේදනයේ ක්‍රියාවලිය පිලිබදව යම් අවබෝධයක් ලබා ගත ...
08/05/2023

සන්නිවේදනය පිලිබදව නිර්වචනයන් ඉදිරිපත් කල විද්වතුන් කිහිපයක් අතරින් සන්නිවේදනයේ ක්‍රියාවලිය පිලිබදව යම් අවබෝධයක් ලබා ගත හැකි පරිදි නිර්වචනයක් ඉදිරිපත් කලේ හැරල්ඩ්.ඩි ලැස්වේල්

"කවුරුන් විසින්,කුමන හෝ පණිවිඩයක්,කෙබදු වූ මාධ්‍යයකින්,කවුරුන් වෙත,කුමන බලපෑමක් ඇති කිරීම පිණිස සිදුවන්නා වූ ක්‍රියාවලිය සන්නිවේදනයයි"

Who - පණිවිඩය යවන්නා නැතහොත් සන්නිවේදකයා
(කවුරුන් විසින්)

Say what - ප්‍රකාශ කරනු ලබන පණිවුඩය නැතහොත් සන්දේශය
( කුමන හෝ පණිවිඩයක්)

In which channel- පණිවිඩය අනිත් පාර්ශවයට සම්ප්‍රේශනය කරනු ලබන මාධ්‍යය
(කෙබදු වූ මාධ්‍යයකින්)

To whom - කාටද/ පණිවිඩය ලබා ගන්නා තැනැත්තා/ නැතහොත් ග්‍රාහකයා
( කවුරුන් වෙත)

Effect - බලපෑම
(කුමන හෝ බලපෑමක්)

මෙය සන්නිවේදන ක්‍රියාවලිය පිළිබදව සරළම ආකෘතියක් ලෙස පෙන්වා දිය හැකි අතර මෙය "ලැස්වෙල් ආකෘතිය" ලෙස ව්‍යවහර කෙරේ

Media with Tharindu Deshan

අප ජීවත් වන සමාජය තුළ මානවයන් අතර සිදුවන මනා සන්නිවේදනය සමාජයක් ලෙස ,දියුණු මාවතක් ඔස්සේ ගමන් කරන්නට අවශ්‍යය අඩිතාලම ගොඩ...
08/05/2023

අප ජීවත් වන සමාජය තුළ මානවයන් අතර සිදුවන මනා සන්නිවේදනය සමාජයක් ලෙස ,දියුණු මාවතක් ඔස්සේ ගමන් කරන්නට අවශ්‍යය අඩිතාලම ගොඩනැගේ.

සන්නිවේදනය කරන්නට අවශ්‍යය වන්නාවූ මාධ්‍යය අප සන්නිවේදන මාධ්‍යය ලෙස අරුත්ගන්වන අතර මාධ්‍යය හැසිරීම අධ්‍යයනය කිරීමත් මානව සන්නිවේදනයේ විවිධ වූ නයායාත්මක අධ්‍යයනන් පිලිබදව මනා අවබෝදයක් ලබා ගන්නට සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය විෂ්‍යය සිසු දරුවන්ට මහත් රුකුලක් දක්වයි.

සන්නිවේදනය හා මාධ්‍යය හැදැරීමේ වැදගත් කම මෙතෙකැයි කියා පැවසිය නොහැක්කේ ද, මානවයන් වන අප උපන් දා සිට මියයන තුරාවටම සන්නිවේදන කාර්‍ය්යයේ නියැලෙන්නන් වන නිසාත් සහ සන්නිවේදනයෙන් තොරව මානව සත්වයා හට දියුණු මානවයකු ලෙස නැගී සිටිය නොහැකි නිසාය.

අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ අ.පො.ස.උසස් පෙළ යන අධ්‍යයන කාලයන් වල ඔබට හමුවන සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය සුන්දර මෙන්ම ඉතා ඉහල වැදගත් කමක් සහිත විෂයයක් බව මෙහිලා සදහන් කරමි.

Media with Tharindu Deshan

Tharindu Deshan
(0775385803)
Dip.in ICT/Dip.in Visual Arts
B.Bmgt in Human Resource Management

08/05/2023
08/05/2023
08/05/2023
08/05/2023

Address

No. 267C, Galle Road, Kalamulla
Kalutara
12000

Telephone

+94775385803

Website

Alerts

Be the first to know and let us send you an email when Media with Tharindu Deshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Media with Tharindu Deshan:

Shortcuts

Share