Sri Devasumana Dhamma School, Kalutara South

Sri Devasumana Dhamma School, Kalutara South Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Devasumana Dhamma School, Kalutara South, School, Dharmaviyaya Pirivena, Dharmavijaya Road, Kalutara South.

පසුගියදා අප දහම්පාසලේ දී පැවැත්වුණු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකලුතර නගරසභාව මගින් දහම් පාසල් සම්බන්ධ කරගනිමින් කරනු ලබන ...
23/02/2026

පසුගියදා අප දහම්පාසලේ දී පැවැත්වුණු මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

කලුතර නගරසභාව මගින් දහම් පාසල් සම්බන්ධ කරගනිමින් කරනු ලබන පලමු වැඩසටහන ලෙස ආගමික කටයුතු හා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් අප දහම් පාසලේ පවත්වන ලද මත් ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන.

14/05/2025

කලුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද කලුතර වෙසක් මංගල්‍යය 2025 වැඩසටහනේ දී ශ්‍රී දේවසුමන දහම් පාසලේ දරු දැරියන් ඉදිරිපත් කළ "අමා දහර දිය ගලා ගලා" භක්ති ගීතය..

14/05/2025

කලුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද කලුතර වෙසක් මංගල්‍යය 2025 වැඩසටහනේ දී ශ්‍රී දේවසුමන දහම් පාසලේ දරු දැරියන් ඉදිරිපත් කළ පූජා නර්තනය..

කලුතර වෙසක් මංගල්‍යය 2025 වෙනුවෙන් ඉදිරිපත් වූ ශ්‍රී දේවසුමන දහම් පාසලේ නර්තන කණ්ඩායම.
14/05/2025

කලුතර වෙසක් මංගල්‍යය 2025 වෙනුවෙන් ඉදිරිපත් වූ ශ්‍රී දේවසුමන දහම් පාසලේ නර්තන කණ්ඩායම.

අප දහම් පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන ගීත්මා පීරිස් ශිෂ්‍ය...
16/03/2025

අප දහම් පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන ගීත්මා පීරිස් ශිෂ්‍යාව, අද දින අප දහම් පාසලේ දුවා දරුවන් වෙනුවෙන් ආකල්ප වර්ධන වැඩසටහනක් පැවැත්වීය.

දකුණු කලුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ ශ්‍රී දේවසුමන දහම් පාසලේ පෙර පාසල් ශ්‍රේණියට හා පළමු ශ්‍රේණියට න...
27/01/2025

දකුණු කලුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථ ශ්‍රී දේවසුමන දහම් පාසලේ පෙර පාසල් ශ්‍රේණියට හා පළමු ශ්‍රේණියට නව සිසුන් බඳවා ගැනීම!

2025 වර්ෂයේ දී අලුතින් ආරම්භ වන පෙර පාසල් ශ්‍රේණියට (අවුරුදු 04-06 දක්වා දරුවන්) සහ පළමු ශ්‍රේණියට දරුවන් ලියාපදිංචි කරගනු ලැබීම දැන් ආරම්භ වී ඇත. නව වර්ෂය සඳහා දහම් පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 09 වන දිනයේ දීය. එදිනට ඔබේ දරුවාව උප්පැන්න සහතිකයේ පිටපතක් සමග රැගෙන එන්න!

නව වසරේ අප දහම් පාසලේ වැඩසටහන් මාලාව -
* ⁠සියලුම දරුවන්ට උදෑසන ආහාර වේල ලබා දීම
* දහම් පාසල් උත්සවය
* ⁠ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමෙ උත්සවය
* ⁠සිල් සමාදන් වැඩසටහන් සහ බෞද්ධ පින්කම්
* ⁠විශේෂ දේශන සහ ශ්‍රමදාන
* ⁠නායකත්ව පුහුණු වැඩමුළු
* ⁠ප්‍රායෝගික ක්‍රියාකාරකම්
* ⁠වෙසක් සහ පොසොන් භක්තිගීත සහ නර්තන වැඩසටහන්

වැඩි විස්තර සඳහා - 070 75 29 799
(දහම් ආචාර්‍ය සහන් හේවාගම)

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරාධිපති සහ ශ්‍රී දේවසුමන දහම් ප...
19/10/2024

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරාධිපති සහ ශ්‍රී දේවසුමන දහම් පාසලේ ගරු අනුශාසක අතිගෞරවාර්හ නෙලුවේ සුමනවංශ අපේ නා හිමිපාණන් වහන්සේගේ මැණියන් වන සිරියාවති විජයනායක මව්තුමිය අභාවප්‍රාප්ත වන්නට යෙදුනු බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමි. මැණියන්ගේ අවසාන ආගමික වතාවත් හෙට දිනයේදී (ඔක්තොම්බර් 20) මැණියන් වාසය කල නිවසේදී ප.ව 3.00 ට පැවත්වේ. 🙏

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ ශ්‍රී දේවසුමන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍...
12/08/2024

ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථ ශ්‍රී දේවසුමන දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීම ඊයේ දින ප.ව.1.30ට විහාරස්ථානයේ ප්‍රධාන ධර්ම ශාලාවේදී, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍යය ධර්මවිජය පිරිවෙන් විහාරාධිපති මහාචාර්‍ය නෙලුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානාචර්‍ය බලංගොඩ සිරි දේවානන්ද හිමි ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. උත්සව සභාවේ මූලාසනය කලුතර උතුර පුෂ්පාරාම විහාරාධිපති කථිකාචාර්‍ය ගරු විලේගොඩ සිරි විමල මාහිමිපාණන් වහන්සේ හෙබවූ අතර කලුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මිය, කලුතර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී තිනියාවල ඤාණින්ද හිමිපාණන්වහන්සේ, කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සහ ප්‍රාදේශී ලේකම් කාර්‍යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක මහත්ම මහත්මීන් සහ විහාරස්ථ දායක සභාවේ සහ කාන්තා සමිතියේ මහත්ම මහත්මීන්, දරුවන් සහ දෙමව්පියන් උත්සවයට සහභාගි විය. උත්සවයේ ප්‍රධාන දේශනය කලුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මිය විසින් සිදු කරන ලදී.

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
23/05/2024

පින්බර වෙසක් මංගල්‍යක් වේවා!

13/05/2024
තෙරුවන් අනන්ත ගුණ බලයෙන් අප ගුරුදේවෝත්තම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගිමත් සුභ ජන්ම දිනයක් වේවා!
20/01/2024

තෙරුවන් අනන්ත ගුණ බලයෙන් අප ගුරුදේවෝත්තම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගිමත් සුභ ජන්ම දිනයක් වේවා!

Address

Dharmaviyaya Pirivena, Dharmavijaya Road
Kalutara South

Telephone

+94342222693

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Devasumana Dhamma School, Kalutara South posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category