05/01/2023
ඕනෑම රටක පෝෂණ අවශ්‍යතාවන් සපුරාලන ප්‍රධාන කර්මාන්තයක් ලෙසින් බිත්තර කර්මාන්තය නම් කළ හැකියි
කුඩා දරුවාගේ පටන් වැඩිහිටි, මහලු පුරවැසියා දක්වා තම ප්‍රෝටීන ඌනතාවයන් වළක්වා ගැනීමට ප්‍රධාන මෙවලමක් වන්නේ බිත්තර යැයි කීවොත් නිවැරදිය
සාමාන්‍ය වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය වන ප්‍රෝටීන ප්‍රමාණය 50g- 60g අතර අගයකි.බිත්තරයක 5.2g - 7.5g අතර ප්‍රමාණයක් ප්‍රෝටීන අඩංගු වේ සම්පූර්ණ යොදය සහිත නැවුම් කිරි වීදුරුවකද පවතින්නේ ප්‍රෝටීන 8g කි වත්මන් ශ්‍රී ලාංකීය ආර්ථික අර්බුදය යටතේ දේශීය බිත්තරයක විකිණුම් මිල, සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයෙකුට දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ නගින ලද අතර, එමගින් දේශීය දරුවන්ගේ පෝෂණ මට්ටම සීඝ්‍රයෙන් පහත වැටුණි.
දරාගත නොහැකි ලෙස මිළ ගනන් ඉහළ ගිය දේශීය බිත්තර වෙනුවට, පිටරටින් බිත්තර ආනයනය කරන්නට අපට හැකිද? ඒවා පිළිබඳව විශ්වාසය තබා ගත හැකිද?🤔
✔️මේ එය සඳහා මවිසින් පුළුල්ව කියවා අවබෝධ කරගත් කරුණු කිහිපයකි
බිත්තර වින්‍යාසය ශ්‍රේණිගත කිරීම, මිල, පැටවුන් බිහි කිරීමේ හැකියාව, පැටවුන්ගේ බර සහ පාරිභෝගික මනාපය කෙරෙහි බලපාන බැවින් බිත්තර කර්මාන්තය සඳහා බිත්තර තත්ත්ව පරාමිතීන් ඉතා වැදගත් වේ. මෙහිදී අධ්‍යයනය කර ඇත්තේ ඉන්දියාවේ ගෙවතු ක්‍රමය යටතේ ඇති කරන ලද අසීල් සහ කඩක්නාත් යන වැදගත් ඉන්දියානු අභිජනන දෙකෙහි බිත්තර තත්ත්ව පරාමිතීන්ය
සාමාන්‍ය ඇල්බියුමින් දිග, පළල, උස සහ ඇල්බියුමින් දර්ශකය අසීල් බිත්තර සඳහා 83.73 mm, 65.4 mm, 6.02 mm සහ 9.26% සහ Kadaknath බිත්තර සඳහා 82.27 mm, 64.80 mm, 5.52 mm සහ 8.52% විය. කහ මදය දිග, පළල, උස සහ කහ මදය සඳහා මධ්යන්ය අගයන් අසීල් හි 43.32 mm, 40.10 mm, 15.30 mm සහ 38.30% සහ කඩක්නාත් අභිජනනයේ 42.15 mm, 38.97 mm, 14.26 mm සහ 36.66% වේ. බිත්තර කහ මදය, HDL, LDL සහ triacylglycerol සඳහා මධ්යන්ය අගයන් 9.38, 1.74, 0.17 සහ 1 ලෙස ඇස්තමේන්තු කර ඇත. අසීල් බිත්තරවල 94 mg/g සහ කඩක්නාත් බිත්තරවල පිළිවෙලින් 8.38, 1.84, 0.11, සහ 1.76 mg/g. කදක්නාත් බිත්තරවල බිත්තර කහ මදය අසීල් බිත්තරවලට වඩා සාපේක්ෂව හොඳ බව ජෛව රසායනික විශ්ලේෂණයෙන් හෙළි විය.
ලාංකීය බිත්තර කර්මාන්තය මෙන් විදේශීය බිත්තර කර්මාන්තය කෙරෙහිද යම්තාක් දුරකට හෝ විශ්වාසය තබා ගත හැකි බව මෙකී කරුණු කාරනා පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කළ විට පැහැදිලි වනු ඇත
මෙරට ගරු ජනාධිපති තුමන් Ranil Wickremesinghe ගේ අදහස අනුව තුන් වේලම කුසගින්න නිවා ගත හැකි, ශක්තිමත් ජාතියක් යලි නැගීසිටීමට ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවක් වන ප්‍රෝටීන සපුරාගැනීමට,
මාගේ මතය අනුව පිටරටින් හෝ ආනයනය කරන ලද බිත්තර ප්‍රයෝජනවත් වනු ඇත. අවම මුදලකට දරුවන්ට බිත්තර ලබාදිය හැකි වුවහොත් රටේ ඇතිව තිබේනා පෝෂණ ගැටලු බොහොමයක් නිරාකරණය වනු ඇත
ඒ පුංචි මල් කැකුළු වලට යළි හිනාවක් ගෙනෙන්නට සැවොම එක්වී කටයුතු කරමු
සුවපත් දන , දෙපයින් නැගිටින පිංබර ලක්භූමි ලංකා මගේ ❤
ගයාත්‍රි වික්‍රමසිංහ
#එක්වෙමු
13/12/2022
Base Editing තාක්ෂණය මගින් පුංචි Alyssa පිළිකාව පරාජය කරයි 😍
2021 දී, ඇලිසාට T-සෛල උග්‍ර ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියාව (T-ALL) ඇති බව හඳුනා ගන්නා ලද අතර ඇගේ පිළිකා සඳහා රසායනික චිකිත්සාව සහ ඇටමිදුළු බද්ධ කිරීම ඇතුළුව දැනට පවතින සියලුම සාම්ප්‍රදායික ප්‍රතිකාර ලබා ගන්නා ලදී. අවාසනාවන්ත ලෙස ඇයගේ රෝගය නැවත පැමිණි අතර සාමාන්‍ය සත්කාරයේ කොටසක් ලෙස වැඩිදුර ප්‍රතිකාර විකල්ප නොමැත.
අවසානයේදී මම අභාවප්‍රාප්ත වනු ඇත," ඇලිසා පැවසීය. ඇගේ මව, කියෝනා, පසුගිය වසරේ මෙවර නත්තලට බියෙන් සිටි බව කියා සිටියේ, "මෙය ඇය සමඟ අප සිටින අවසාන අවස්ථාව යැයි සිතමින්" බවයි.
ග්‍රේට් ඔර්මන්ඩ් වීදියේ කණ්ඩායම මීට වසර හයකට පෙර සොයා ගන්නා ලද මූලික සංස්කරණය නම් තාක්‍ෂණය ඇය වෙනුවෙන් භාවිතා කරන ලදී .
පදනම් යනු ජීවිතයේ භාෂාවයි. පාදයේ වර්ග හතර - ඇඩිනීන් (A), සයිටොසීන් (C), ගුවානීන් (G) සහ තයිමින් (T) - අපගේ ජාන කේතයේ ගොඩනැඟිලි කොටස් වේ. හෝඩියේ අකුරු අරුත් ගෙන දෙන වචන උච්චාරණය කරනවා සේම, අපගේ DNA වල ඇති බිලියන ගණනක භෂ්ම අපගේ ශරීරය සඳහා උපදෙස් අත්පොත සඳහන් කරයි.
පාදක සංස්කරණය මගින් විද්‍යාඥයින්ට ජාන කේතයේ නිශ්චිත කොටසකට විශාලනය කිරීමටත් පසුව එක් පාදයක අණුක ව්‍යුහය වෙනස් කිරීමටත්, එය තවත් පදනමක් බවට පරිවර්තනය කිරීමටත්, ජානමය උපදෙස් වෙනස් කිරීමටත් ඉඩ සලසයි.
වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් විශාල කණ්ඩායමක් මෙම මෙවලම භාවිතා කළේ ඇලිසාගේ පිළිකා කාරක T-සෛල දඩයම් කර මරාදැමීමට සමත් නව T-සෛලයක් නිර්මාණය කිරීමටයි.
ඔවුන් පරිත්‍යාගශීලියෙකුගෙන් පැමිණි නිරෝගී T-සෛල වලින් ආරම්භ කර ඒවා වෙනස් කිරීමට පටන් ගත්හ.
පළමු මූලික සංස්කරණය මගින් ටී-සෛල ඉලක්ක කිරීමේ යාන්ත්‍රණය අක්‍රීය කරන ලද අතර එමඟින් ඔවුන් ඇලිසාගේ ශරීරයට පහර නොදෙන ලදී.
දෙවැන්න සියලුම T-සෛලවල ඇති CD7 නම් රසායනික සලකුණක් ඉවත් කළේය
තුන්වන සංස්කරණය රසායනික චිකිත්සක ඖෂධයක් මගින් සෛල විනාශ වීම වළක්වන අදෘශ්‍යමාන සළුවකි
ප්‍රවේණි වෙනස් කිරීමේ අවසාන අදියරේදී ටී-සෛල වලට උපදෙස් දුන්නේ සීඩී 7 ලකුණු කර ඇති ඕනෑම දෙයක් සඳහා දඩයම් කරන ලෙසයි, එවිට එය ඇගේ සිරුරේ ඇති සෑම ටී-සෛලයක්ම - පිළිකා සහිත ඒවා ඇතුළුව විනාශ කරයි. මෙම සලකුණ චිකිත්සාවෙන් ඉවත් කළ යුත්තේ එබැවිනි - එසේ නොවුවහොත් එය විනාශ වනු ඇත.
චිකිත්සාව ක්‍රියාත්මක වන්නේ නම්, දෙවන ඇටමිදුළු බද්ධ කිරීමත් සමඟ ඇලිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය - T-සෛල ඇතුළුව - නැවත ගොඩනඟනු ලැබේ.
වෛද්‍ය ලියු පැවසුවේ "පාදක සංස්කරණයේ චිකිත්සක යෙදුම් දැන් ආරම්භ වී ඇති" බවත්, විද්‍යාව දැන් "අපගේ ජෙනෝම පාලනය කිරීමට ප්‍රධාන පියවර ගනිමින් සිටින බැවින්, චිකිත්සක මානව ජාන සංස්කරණයේ මෙම යුගයේ කොටසක් වීම නිහතමානී" බවත් ය. .
17/11/2022
මාධ්‍යවේදිනිය - විප්ලවවාදියෙකුට තිබිය යුතු හොඳම ගුණාංගය ඔබට අනුව කුමක් විය යුතුද?
චේ- ආදරය
මාධ්‍යවේදිනිය - ආදරය ?
චේ- අනිවාර්යයෙන්ම
සත්‍ය විප්ලවවාදියෙකුට මඟ පෙන්වන්නේ ආදරයේ උසස් හැඟීම්,
මනුශ්‍යත්වයේ - යුක්තියේ හා සත්‍යයේ ආදර හැඟීම්
මේ ගුණාංග නැතිව සැබෑ විප්ලවවාදියෙක් බිහිවන්නේ නැහැ
(1964 දී චේ ගුවේරා හා නාලිකා මාධ්‍යවේදිනියක අතර ඇතිවූ සම්මුඛ සාකච්ඡාවක කොටසකින් උපුටා ගත්තකි.)
ඔව් ආදරයට සියල්ල කළ හැකියි
මේ ඔබේ විප්ලවවාදී හැඟීම් වලට හොඳම කාලයයි❤
වර්ෂ 1445දී ජොහැන්නස් ගුටෙන්බර්ග් කාර්මික විප්ලවයේ පළමු වෙඩිමුරය වූ මුද්‍රණ යන්ත්‍රය නිපදවීමත් සමඟ, 1773 දී ජෝන් කේ දුවන නඩාව නිපදවීමත් සමඟින් ඇරඹි ගමන ලොව විප්ලවවාදීන් බොහොමයකට පෙර මං තැනීය.
🧲බිම වැටෙනා ඕනෑම බීජයක් පැළවෙනා මේ පුණ්‍ය භූමිය, අතීතයේ මුළු ලොවටම වූවද ආහාර සැපයිය හැකි ධාන්‍යාගාරයක් වූ බව නොරහසක් 😪
නව තාක්ෂණික ශිල්පීය ක්‍රමවේදයන් යොදාගනිමින් , කාබනික පොහොර මගින් වගා කටයුතු සරු කරගත හැකි ආකාරය ගැන සිහින දකිනා ඔබේ,
හරිත විප්ලවය ඇරඹිමට මේ හොඳම කාලයයි❤
🧲දේශීය කර්මාන්තයන් දිරිමත් කරමින්, අපේ අවශ්‍යතාවයන් රට තුළදීම නිපදවා ගත හැකි අයුරින් සැලසුම් සකස් කරමින්, ආනයන ආර්ථිකයෙන් මිදී අපනයන ආර්ථිකයක් රට තුළ ප්‍රතිනිර්මණයට හැකි බව විශ්වාස කරනා ඔබේ,
ආර්ථික විප්ලවය ඇරඹීමට මේ හොඳම කාලයයි❤
🧲ලෝකයා උදම් රළ මගින්ද බලශක්තිය උත්පාදනය කරනා මෙකල්හි, පුනර්ජනනීය බලශක්තීන්ගෙන් සපිරුනු ලක්මෑණි තුරුලේ හිඳමින් , බලශක්ති විප්ලවය ඇරඹිමට බොහෝ ප්‍රායෝගික සිහින දකිනා ඔබට, මේ හොඳම කාලයයි❤
🧲දේශයේ දනන් පාලනය නොව, එකුන්ට සේවය කළ හැකි, නියෝජනය කළ හැකි, තේරුම් ගත හැකි, සැබෑ ජාතික දේශපාලන නායකයෙකු වෙමින් දේශපාලනික විප්ලවයක් ගොඩනැංවීමට ඔබට, මේ හොඳම කාලයයි❤
මනුශ්‍යත්වය, යුක්තිය, සත්‍ය අගයමින් ඔබේ ක්ශේත්‍රයට ආදරය කරන්න විප්ලවය තුළ සැඟව ඇත්තේ ආදරයයි
ඒ ආදරයේ උසස් හැඟීම් ඔබව ඔබේ ක්ශේත්‍රය තුළ සැබෑම විප්ලවය බවට පත් කරනු නොඅනුමානය
- ගයාත්‍රි වික්‍රමසිංහ -
Gayathri Wickramasinghe
07/11/2022
⚠️️"අ" යන්න "ආ" යන්න කියන්න දන්නා දවසේ ඉඳලාම බිත්තිවල, පොත්වල, හැම තැනම අපි බලිකුරුටු ඇන්දේ පැන්සලෙන්.අපි අකුරු ලිව්වේ මුලින්ම පැන්සලෙන්🙄
❓ඇයි අද අපි පැන්සල් ගැන කතා කරන්නේ ?
❌නෑ මට කතා කරන්න ඕනේ ලංකාවේ මිනිරන් කර්මාන්තය ගැන
ඔබ දන්නවාද ?🙄👇
ලෝකයේ වඩාත්ම පැසසුමට ලක්වනා මිනිරන් වල පිරිසිඳුම ආකාරය vein මිනිරන්( ලම්ප් ග්‍රැෆයිට්) (කාබන් ප්‍රතිශතය 97%-99%) නිශ්පාදනය කරනා ලෝකයේ එකම රට මගේ මව්රට'යි කීමම ආඩම්බරයක්❤
නමුත් , කාගේ හෝ අවධානයට ලක් නොවනා කාරණය නම්, මෙරට නිශ්පාදිත මිනිරන් වලින් 97% ප්‍රමාණයක් අපනයනය කරමින් මෙරට ප්‍රයෝජනය සඳහා 3% ක ප්‍රමාණයක් පමණක් තබා ගැනීම අප ලැජ්ජාවට පත් විය යුතු කරුණකි.
මෙරට නිශ්පාදිත මිනිරන් අපනයනය කරමින්, මෙමගින් සැකසිය හැකි පැන්සල් ,තීන්ත වර්ග, ලිහිසි ද්‍රව්‍ය , වියලි කෝශ අමුද්‍රව්‍ය , විද්‍යුත් පරිවාරක, බොයිලේරු ආවරණ , රබර් නිශ්පාදනයන් තවමත් අප ආනයනය කිරීම රටක් ලෙසින් අප අසමත් බවට හොඳම නිදසුනකි
මෙකී සියලුම දේ නැතත්, අඩුම තරමේ දරුවන්ගේ අධ්‍යාපනයට අවැසි සියලුම පැන්සල් කූරු ටික මෙරටදී නිශ්පාදනය කළ හැකි වූවොත් එයද මෙරට ඩොලර් සංචිතය ආරක්ෂා කළ හැකි පියවරක් වනු ඇත🇱🇰
ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු මිනිරන් ව්‍යාප්තියක් ඇතත්, වර්තමානය වන විට කැණීම් කටයුතු අඩාල වීමත්, මෙම සම්පත දේශීය කාර්මික අමුද්‍රව්‍ය ලෙස භාවිතය අවම වීමත්, රාජ්‍ය අංශය යටතේ පැවති මිනිරන් කර්මාන්තය පෞද්ගලික අංශය අතේ තිබීමත්, කැණීම් කටයුතු සඳහා නව තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිත කිරීම අවම වීමත්,
යනාදී ගැටලු අවම කරගනිමින් වත්මන් රජය මේ සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ක්‍රියාත්මක වන්නේ නම් යහපති
- ගයාත්‍රි වික්‍රමසිංහ -
04/10/2022
මිනිස්සුන්ට තවදුරටත් ජීවත් වෙන්න හේතු වෙන්නේ දවස ගානේ ඔවුන් දකිනා හීන
හැබැයි,
දවසේ ගානේ මැරි මැරි ඉපදෙනා හීන ජීවත් කල හැකි වන්නේ නොසැලෙන අරමුණු වලටම පමණි.💪
-ගයාත්‍රි වික්‍රමසිංහ-
Pramesh Wickramasinghe
Gayathri Wickramasinghe
30/09/2022
කසාද ජීවිතයට ඇතුළු වූ සැනින් ඔවුන් දරුවෙකු සෑදිය යුතුමද?🤔
විවාහයට පත් වුනු දෙදෙනෙකු, වසරක් දෙකක් පමණ ගෙවීයන විටදී දෙමාපියන් නොවුනහොත් ඔවුනට සමාජය නැමැති රකුසා හංවඩු ගසන්නේ දරු පල නොමැති, නිසරු අය ලෙසිනි.
ඒත් ඒ පිටුපස නොකියවූ කතා පෙලක් තිබිය හැකියි,
යුරෝපය සේ දියුණු රටවල බුද්ධිමත් මිනිසුන් බොහෝමයක් අනවබෝධයෙන් දරුවන්ට උපත ලබා දෙන්නේ නැත.
ශ්‍රී ලංකාව තුල දරුවෙකුට යහපත් අයුරෙන් ,නිසි පෝෂණයක් , නිසි අධ්‍යාපනයක් හා නිසි ජීවන රටාවක් ගොඩ නගා එකී පරිසරය තුළ දරුවා වැඩෙන්නට හරිනවා වෙනුවට දරුවෙකුට අඩුම තරමේ කිරිපිටි පැකැට්ටුවක් වත් ලබා දීමට නොහැකි ආර්ථික මට්ටමක ඉඳිමින්, සමාජයේ අනෙක් විවාහක යුගල් වලට අර්ථකථන සැපයීම අසාධාරණය.
දෙදෙනෙකු ඉක්මනින් විවාහ වුවහොත් "මුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ " කියද්දී, විවාහය ප්‍රමාද වුවහොත් සම්පූර්ණවම වෙනස් ප්‍රතිරූපයක් මවනු ඇත.
ශ්‍රී ලංකාව වැනි තවමත් ගැති ස්වරූපයෙන්, කාන්තාව නිවසටම වී දරු මල්ලන් නැලවිය යුතුය නිවසේ වැඩ පල කරමින් ස්වාමියගේ අවශ්‍යතා පරිපූර්ණ කල යුතුය යන සංකල්පය පිරිමි සිත් තුලින් සේම බොහෝ ගැහැනුන්ගේද සිත් තුලින් ඉවත් කිරීමට නොහැකි වී තිබේ
කාන්තා පිරිමි සම අයිතිය යැයි හඬ නගනා බොහෝ ස්ථානවලදීම එකී අයිතීන් කඩවන අවස්ථාවන් දකින්නට ලැබීම කනගාටුවට කරුණකි.
🎗️මාගේ පෞද්ගලික මතයට අනුව,
දෙදෙනෙකු දරුවන් සෑදිය යුත්තේ ඒ දරුවාට හොඳින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය.
හොඳම දේ නම්, අනුන්ගේ ජීවිත දෙස තමන්ගේ කෝණයෙන් බලමින් උපදෙස් නොදී සිටීමත්, තවකෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරෙන් විහිලු තහලු නොකිරීමත් ය.
-ගයාත්‍රි වික්‍රමසිංහ-
Should they make a child as soon as they get married?🤔
If two married people do not become parents after a year or two, the monster called society brands them as childless and barren.
But there may be an untold story behind it,
Most intelligent people in developed countries like Europe do not give birth to children without understanding.
In Sri Lanka, it is unfair to provide interpretations to other married couples in the society who are not able to provide at least a packet of milk powder to a child instead of building a child in a good manner, proper nutrition, proper education and a proper lifestyle in that environment.
If two people get married soon and say "they have a lot of trouble", if the marriage is delayed it will create a completely different image.
In a still pro-state like Sri Lanka, the idea that a woman should stay at home and take care of the children and fulfill her husband's needs by doing housework has not been able to be removed from the minds of men as well as many women.
It is sad to see cases of violation of the same rights in many places where women and men are called for equal rights.
🎗️According to my personal opinion,
Two children should be created after creating an environment where that child can live well.
It is best not to look at other people's lives from your own point of view and not give advice, and not to make jokes that hurt someone else's privacy.
-Gayathri Wickramasinghe-
15/09/2022
දෛවය කියන්නේ හරිම පුදුම දෙයක් මචං
කාලයත්, උබේ හැකියාවනුත් විශ්වාස කරපන් ❤
🎗️වෛද්‍යවරයකු වෙන්නට ඔබට සිහින ඇති👩⚕
ඒත්, තවමත් ඔබ නිදි මරමින් පාඩම් කරනවා
🎗️මිල අධික සුඛෝපභෝගී වාහනයක් තිබුණානම්
කියලා හිතුනත්, ඔබ තවම පාගමනින්🚗
🎗️තට්ටු නිවාසයක සුව පහසු නිදන කාමරයක් 🏘️
වෙනුවෙන් සිහින දකිනා, ඔබ
හිල් වුනු වහලෙන් වැහි බිඳු බේරෙද්දී හිසට
සෙවණක් බලාපොරොත්තු වෙයි
🎗️ ලෝකයේ දක්ශතම ක්‍රීඩකයා වන්නට සුදුසු නුඹ,
තවමත් ප්‍රේක්ෂකාගාරය තුළ නරඹන්නෙකු
වන්නට පුලුවනි🏃
අරමුණු අත් නොහරින්න
ඔබ දිනන කල්හි මෙකී අඳුරු මතකයන්, රනින් ආලේප වනු ඇත 😍❤️
- ගයාත්‍රි වික්‍රමසිංහ -
Hasintha Hewawasam
Dasun Shanaka
Cristiano Ronaldo
Sri Lanka Cricket
03/09/2022
දෑතින්-දෑතට'22
අ.පො.ස. උ/පෙළ ජීවවිද්‍යා/භෞතීයවිද්‍යා විශය ධාරා වලින් අධ්‍යාපනය ලබනා දරුවන්ගේ උසස් අධ්‍යාපන අරමුණු සාක්ශාත් කිරීමෙහිලා සවියක් වෙමින් සබුද්ධික පරපුරක් නිර්මාණය කරන්නට වෙහෙසෙනා F**G අපි සංවිධානය කරනා දෑතින්-දෑතට'22 වැඩසටහනේ ප්‍රථම අදියර නුදුරු අනාගතයේදී පැවැත්වීමට සූදානම්
Hand-to-hand'22
We are organizing the first phase of this program organized by F**G, which strives to create an intelligent generation by achieving the higher education goals of the children who are studying in the streams of Biology/Maths
கை-கை'22
ஜி.இ.சி. உயிரியல்/இயற்பியல் பாடப்பிரிவுகளில் படிக்கும் குழந்தைகளின் உயர்கல்வி இலக்குகளை அடைவதன் மூலம் அறிவார்ந்த தலைமுறையை உருவாக்க பாடுபடும் F**G ஆல் ஏற்பாடு செய்யப்பட்ட இந்த நிகழ்ச்சியின் முதல் கட்டத்தை நாங்கள் ஏற்பாடு செய்கிறோம்.
26/08/2022
2021 වර්ශයේදී ලාංකීය සමස්ත ජනගහනය 52.09% කාන්තාවන් ද, 47.91% පිරිමින්ද ප්‍රතිශතයක් ලෙසින් වේ
දිවයින තුල බොහොමයක් පවුල් සංස්ථාවන් වල පැන නැගෙනා ගැටලු නිරාකරණය කරමින්, අනාගතය වෙනුවෙන් සිතමින් කටයුතු කරන්නටත්, පවුලේ සෑමදෙනාගේම කටයුතු කළමනාකරණය කරමින් සියලු අභියෝගයන්හීදී නායකත්වය ලබා දෙන්නටද ක්‍රියාකරන්නේ බොහෝ අවස්තාවන් වලදී කාන්තාවයි
ජීව විද්‍යාත්මකව කාන්තාව හා පුරුශයා අතර අයිතීන් හිමි වීමේ වෙනස්කමක් නොමැති වූවත්, සමාජය, සංස්කෘතිය හා ආගම් විසින් කාන්තාවගේ හිමිකම් සීමා කරනු ලැබූ නිසාවෙන් ඇයට හිමි විය යුතු තැන පිළිබඳව විවිධ සංවාද ගොඩ නැගී තිබෙනවා
කාන්තාවට හිමිවිය යුතු තැන යන වචනය පසෙකලා සම තැන ලබාගැනීමේ කර්තව්‍ය සාක්ශාත් කරගත හැකිවන්නේද, කාන්තාවටම පමණි.
සෑම වර්ශයක් පාසාම කාන්තා සමානාත්මතා දිනයන් සමරනවාට එහාගොසින් එකී සම ස්ථානය ලබා ගැනීමට කටයුතු කරමු💪❤️
2021 ஆம் ஆண்டில், இலங்கையின் மொத்த சனத்தொகை 52.09% பெண்களாகவும் 47.91% ஆண்களாகவும் இருக்கும்.
பல சந்தர்ப்பங்களில், தீவில் உள்ள குடும்ப நிறுவனங்களில் எழும் பிரச்சினைகளைத் தீர்ப்பதும், எதிர்காலத்தைப் பற்றி சிந்திப்பதும், குடும்பத்தில் உள்ள அனைவரின் விவகாரங்களையும் நிர்வகிப்பதும், அனைத்து சவால்களுக்கும் தலைமை தாங்குவதும் பெண்தான்.
உயிரியல் ரீதியாக பெண்களுக்கும் ஆண்களுக்கும் உள்ள உரிமைகளில் வேறுபாடு இல்லை என்றாலும், பெண்களின் உரிமைகள் சமூகம், கலாச்சாரம் மற்றும் மதம் ஆகியவற்றால் வரையறுக்கப்பட்டதால், அவளுக்கு எங்கு உரிமை இருக்க வேண்டும் என்பது குறித்து பல்வேறு உரையாடல்கள் உள்ளன.
பெண்ணுக்கு இடம் வேண்டும் என்ற சொல்லை விட்டுவிட்டு, பெண்ணால் மட்டுமே சம இடம் பெறும் பணியை சாதிக்க முடியும்.
ஒவ்வொரு ஆண்டும் பெண்களுக்கான சமத்துவ தினங்களைக் கொண்டாடி, அந்த சம நிலையை அடைய பாடுபடுவோம்.
In 2021, the total population of Sri Lanka will be 52.09% female and 47.91% male.
In many cases, it is the woman who solves the problems that arise in the family corporations in the island, thinks for the future, manages the affairs of everyone in the family and provides leadership in all challenges.
Although there is no difference in the rights between women and men biologically, because the rights of women have been limited by society, culture and religion, there have been various conversations about where she should be entitled.
Leaving aside the word that the woman should have a place, can only the woman achieve the task of getting an equal place.
Let's celebrate Women's Equality Days every year and work towards achieving that equal position.
25/08/2022
ඔබට සැමවිටම මතක ඇති බවට මට පොරොන්දු වන්න:
ඔබ විශ්වාස කරනවාට වඩා නිර්භීත, ඔබ පෙනෙනවාට වඩා ශක්තිමත්, ඔබ සිතනවාට වඩා දක්ෂයි." - විනී ද පූ හි ක්‍රිස්ටෝපර් රොබින්
අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර වූ කඩාවැටීම් සිදු වෙනවා නොසිතූ වෙලාවන් වලදී නොපැතූ ආකාර වලට
ඒ හැම අවස්තාවකම කායිකවත්, මානසිකවත් ශක්තිමත්ව සිටින්නට අපි පුරුදු පුහුණු වෙමු
🏷️2022/08/13 දින වෙනසකට මගක් සොයා කාන්තාවන් සමගින් මනුශ්‍යත්වය සොයා වාලච්චේන මූලික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයට ගිය අවස්ථාවේදී
විශේෂ ස්තූතිය
🎗️පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මැතිදුන් ඇතුළු කාර්‍ය මණ්ඩලයට
🎗️වාලච්චේන මූලික රෝහලේ කාර්‍ය මණ්ඩලයට
Pathway to Change - වෙනසකට මගක් - மாற்றத்திற்கான பாதை
PAFFREL
நீங்கள் எப்போதும் நினைவில் இருப்பீர்கள் என்று எனக்கு உறுதியளிக்கவும்: நீங்கள் நம்புவதை விட நீங்கள் தைரியமானவர், நீங்கள் தோன்றுவதை விட வலிமையானவர், நீங்கள் நினைப்பதை விட புத்திசாலி." - வின்னி தி பூவிலிருந்து கிறிஸ்டோபர் ராபின்
நம் அனைவரின் வாழ்க்கையிலும், பல்வேறு முறிவுகள் எதிர்பாராத நேரங்களிலும், எதிர்பாராத வழிகளிலும் நிகழ்கின்றன
அந்தச் சூழ்நிலைகள் அனைத்திலும் உடல் ரீதியாகவும் மன ரீதியாகவும் வலுவாக இருக்கப் பழகுகிறோம்
🏷️ 13/08/2022 அன்று வாழைச்சேனை ஆதார வைத்தியசாலையின் மனநலப் பிரிவுக்கு சென்ற போது பெண்களுடன் மனிதாபிமானம் தேடி மாற வழி தேடினேன்.
சிறப்பு நன்றி
🎗️ PAFRAL அமைப்பின் நிறைவேற்றுப் பணிப்பாளர் ரோஹண ஹெட்டியாராச்சி மதிதுன் மற்றும் ஏனைய ஊழியர்களுக்கு
🎗️ வாழைச்சேனை ஆதார வைத்தியசாலை ஊழியர்களுக்கு
Promise me you’ll always remember: You’re braver than you believe, and stronger than you seem, and smarter than you think." — Christopher Robin from Winnie the Pooh
In all of our lives, various breakdowns happen at unexpected times and in unexpected ways
We practice to stay physically and mentally strong in all those situations
🏷️ On 13/08/2022, when I went to the mental health unit of Valachchena Base Hospital in search of humanity with women looking for a way to change.
Special thanks
🎗️ Executive Director of PAFRAL Organization Rohana Hettiarachchi to Mathidun and other staff
🎗️To the staff of Valachchena Base Hospital