04/09/2026
Radiant® – Spinetoram 25% (w/w) WG
* දළඹුවන් – කොළ කන විවිධ දළඹු වර්ග
* සේනා දළඹුවා – විශේෂයෙන් බඩඉරිඟුවල
* ගෝවා දළඹුවා
* දියමන්ති පිට සලබයාගේ දළඹුවා – ගෝවා, මල්ගෝවා වැනි බෝගවල
* කොළ කන දළඹුවන්
* කොළ විදින මැස්සා – කොළ ඇතුළට ගොස් උමං ආකාරයට හානි කරන මැස්සා
* මිරිස්/එළවළු ත්‍රිප්ස් – ඉතා කුඩා කෘමීන්, කොළ සහ මල්වලට හානි කරයි
* කොළ රෝල් කරන දළඹුවන්
* කරල්/ගෙඩි විදින දළඹුවන්
* ගෙඩි විදින පණුවන්
* බඩඉරිඟු කරල්/කඳ විදින දළඹුවන් වැනි කෘමීන්
වැනි කෘමීන්ට භාවිතා කරනවා. Spinetoram යනු IRAC Group 5 කෘමිනාශකයක්.
එය කෘමියාගේ nervous system එකට බලපාන අතර contact + ingestion ක්‍රියාවෙන් සහ කොළ තුළ translaminar ක්‍රියාවෙන් පාලනය කරයි.
⚠️ ඉතා වැදගත්
25% WG කියලා තිබුණත් සියලුම භෝගවලට එකම 4 g/16 L හෝ 5 g/16 L දාන්න එපා. භෝගය සහ target pest එක අනුව නිර්දේශිත dose එක වෙනස් වෙනවා. ශ්‍රී ලංකා DOA මාර්ගෝපදේශයත් dose එක crop/pest combination අනුව දක්වනවා.
තවද මේක IRAC Group 5 නිසා එක දිගට Group 5 කෘමිනාශක නැවත නැවත යොදන එකෙන් resistance ඇතිවීමේ අවදානම තියෙනවා. වෙනත් mode-of-action group එකක කෘමිනාශකයක් සමඟ rotation කිරීම වඩා හොඳයි.