Government Exams with Janith Gamage

Government Exams with Janith Gamage Knowledge on IQ, GK, Comprehension for government exams

ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළටපාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන දත්තවලට අනුව, ජූලි මාසයේ...
22/08/2026

ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට

පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන දත්තවලට අනුව, ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ජූනි මාසයේදී 6.5% ක් ලෙස සටහන් වූ සමස්ත උද්ධමනය, ජූලි මාසයේදී 7.2% දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ පැවති 3.3% සිට ජූලි මාසයේදී 4.9% දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූනි මාසයේ 9.3% සිට ජූලි මාසයේදී 9.2% දක්වා මඳක් පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

නන්දා මාලනි නමින් නම් කළ උඩවැඩියා මලදශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬකින් මුළු මහත් දැයක් අවදි ...
22/08/2026

නන්දා මාලනි නමින් නම් කළ උඩවැඩියා මල

දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬකින් මුළු මහත් දැයක් අවදි කළ ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් 2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී උඩවැඩියා මල් සංගමය ප්‍රධානය කළ, 'නන්දා මාලනී ඇස්කොසන්ඩා' නමින් නම් කරන ලද දෙමුහුන් කළ උඩවැඩියා මල සිහිපත් කරමින් පරිසර අමාත්‍යංශය සමාජ මාධ්‍ය සටහනක් තබා ඇත.

ඇගේ නාමය සොබාදහමේ රමණීයත්වයට ද මුසු වී තිබීම විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය (Orchid Circle) විසින් ඇයට උපහාරයක් ලෙස නම් කරන ලද "Ascocenda Nanda Malani" උඩවැඩියා මල ඇගේ නාමය සොබාදම් මාතාවගේ තුරුලේ අමරණීය කළ සංකේතයකි.

ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවත්, මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

අප්‍රමාණ කලා සේවයක් සිදු කරමින් කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වනු ඇත.

ඇය අපෙන් සමුගත්තද ඇගේ ගී හඬ දැයේ හදවත් තුළ සදා දෝංකාර දෙනු ඇති අතර, ඇගේ නාමය සොබා තුරුලේ සදා මල්වර වනු ඇතැයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.

රුමේෂ් තරංග ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියත් ජය ගනීරුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල ...
22/08/2026

රුමේෂ් තරංග ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියත් ජය ගනී

රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට

ස්ව්ට්සර්ලන්තයේ ලුසෑන් හී පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

එහිදී මෙරට වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේ රුමේෂ් තරංග වාර්තාකල දක්ෂතාවය මීටර් 88.14ක්.

එහි දෙවන ස්ථානය ඉන්දියාවේ නිරාජ් චොප්රාට හිමිවූ අතර, තුන්වන ස්ථානය ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවිය.

Meta සමාගමට චෝදනා කරමින් ඇමරිකාවේදී සන්ධිස්ථානීය නඩු විභාගයක් ඇරඹෙයිෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි ...
21/08/2026

Meta සමාගමට චෝදනා කරමින් ඇමරිකාවේදී සන්ධිස්ථානීය නඩු විභාගයක් ඇරඹෙයි

ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි මව් සමාගම වන මෙටා (Meta) සමාගමට එරෙහිව එක්සත් ජනපදයේදී ඓතිහාසික නඩු විභාගයක් ආරම්භ වී තිබෙනවා.
කැලිෆෝනියා, කොලරාඩෝ, කෙන්ටකි සහ නිව් ජර්සි යන ප්‍රාන්ත විසින් සමාජ මාධ්‍ය දැවැන්තයා හිතාමතාම තම වේදිකාවන්ට තරුණ පරපුර ඇබ්බැහි කරවීමට සැලසුම් කර ඇති බවට චෝදනා කරමිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
සති හයක් පුරා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන මෙම නඩු විභාගය කැලිෆෝනියාවේ එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයේදී දිස්ත්‍රික් විනිසුරු ඉවෝන් ගොන්සාලෙස් රොජර්ස් ඉදිරියේ ආරම්භ කෙරුණා.
පරිශීලකයින් ආකර්ෂණය කර ගැනීමට, උපරිම කාලයක් රඳවා තබා ගැනීමට සහ ඔවුන්ගේ දත්ත රැස් කිරීමට මෙටා ආයතනය සැලසුම් සහගතව කටයුතු කළ බවයි නඩු විභාගයේ ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරමින් කැලිෆෝනියාවේ නියෝජ්‍ය නීතිපති මේගන් ඕ’නීල් සඳහන් කළේ.
විශේෂයෙන්ම ෆෙඩරල් නීති උල්ලංඝනය කරමින් වයස අවුරුදු 13 ට අඩු ළමුන්ගේ දත්ත දෙමාපියන්ගේ අවසරයකින් තොරව ලබා ගැනීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති අතර, අදාළ ප්‍රාන්ත සන්ධානය ඩොලර් බිලියන ගණනක වන්දි මුදලක් මෙන්ම සමාගමේ ක්‍රියාකාරිත්වයේ මූලික වෙනස්කම්ද අපේක්ෂා කරනවා.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙටාහි නීතිඥ පෝල් ෂ්මිඩ් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, නව යොවුන් වියේ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ මානසික යහපැවැත්ම අතර සෘජු සම්බන්ධයක් නොමැති බව පර්යේෂණ මගින් පෙනී යන බවයි.
තවද, 2024 වසරේදී හඳුන්වා දුන් ‘ඉන්ස්ටග්‍රෑම් යොවුන් ගිණුම්’ (Instagram Teen Accounts) සහ භාවිත කාල සීමා නියම කිරීමේ පහසුකම් හරහා තරුණ පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමාගම කැපවී සිටින බව මෙටා ප්‍රකාශකයින් අවධාරණය කර තිබෙනවා.
ආරම්භක තර්ක විතර්කවලින් අනතුරුව, පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු මෙටා ආරක්ෂක ඉංජිනේරු ආටුරෝ බෙජාර් සාක්ෂි ලබා දීම ආරම්භ කළා.
ඉදිරියේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ ඉන්ස්ටග්‍රෑම් ප්‍රධානී ඇඩම් මොසේරි ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර, විනිසුරුවරිය විසින් සමාගම වරදකරු බවට තීන්දු කළහොත් මෙටා සමාගමට ඩොලර් බිලියන ගණනක දැවැන්ත දඩ මුදලකට මුහුණ දීමට සිදු වනවා.

2026 ලෝක රොබෝ සමුළුව බෙයිජිං හිදී ඇරඹේමානව – රොබෝ සහජීවනය, නිෂ්පාදන හා ඉල්ලුම් සම්බන්ධීකරණය’ මැයෙන් 2026 ලෝක රොබෝ සමුළුව...
21/08/2026

2026 ලෝක රොබෝ සමුළුව බෙයිජිං හිදී ඇරඹේ

මානව – රොබෝ සහජීවනය, නිෂ්පාදන හා ඉල්ලුම් සම්බන්ධීකරණය’ මැයෙන් 2026 ලෝක රොබෝ සමුළුව අගෝස්තු 19වන දින චීනයේ බෙයිජිං හිදී ආරම්භ වුණා.

ගෝලීය රොබෝ ක්ෂේත්‍රයේ ප්‍රධාන ජයග්‍රහණ හා නව නිෂ්පාදන එළිදැක්වීමට, ප්‍රමුඛ පෙළේ තාක්ෂණ හුවමාරුව සඳහා වැදගත් වේදිකාවක් විවෘත කිරීමට මෙන්ම සාමාන්‍ය ජනතාවට අධි තාක්ෂණය පිළිබඳව සෘජු අවබෝධයක් ලබා දීමට මෙන පස් දින සමුළුවෙන් අපේක්ෂා කෙරෙනවා.

මෙවර සමුළුව අතරතුර ජාත්‍යන්තර ආයතන 30ක සහාය ඇතිව, ප්‍රධාන සාකච්ඡා මණ්ඩපය, ප්‍රදර්ශනයන් හා ක්‍රියාකාරකම් 70ක් පැවැත්වීමට නියමිතයි.

රොබෝ නිෂ්පාදන ව්‍යවසායන් 300ක් පමණ ප්‍රදර්ශනයට සහභාගි වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 69ක වැඩිවීමක්.

අදාළ ප්‍රදර්ශන භාණ්ඩ සංඛ්‍යාව 3000කට අධික වන අතර ඒ තුළ ප්‍රථම වරට එළි දැක්වෙන නිෂ්පාදන 300කට වැඩි බවයි වාර්තා වන්නේ.

රොබෝ ප්ලස් භාවිතයන්’ සඳහා එහි විශේෂ ප්‍රදර්ශන කලාප හතරක් වෙන් කර තිබෙනවා.

රොබෝ නිෂ්පාදනය, ආහාර හා සිල්ලර අලෙවිය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා, හදිසි අපදා සේවා යන අවස්ථාවලදී රොබෝ භාවිත කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය එහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයිපියු පර්යේෂණ මධ...
21/08/2026

දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි

පියු පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් දකුණු ආසියාතික රටවල් සම්බන්ධයෙන් මෑතකදී සිදු කරන ලද නවතම ජනමත සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, කලාපයේ සෙසු අසල්වැසි රටවල් තුන (ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය) විසින් එකිනෙකා කෙරෙහි විවිධ විරෝධතා හා මතභේද පවතිද්දී, එම රටවල් තුනම එකසේ ධනාත්මක මතයක් දරන එකම රට ශ්‍රී ලංකාව බවයි.

මෙම සමීක්ෂණයට අනුව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් අඩක් පමණ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක් දරන අතර, කිසිදු රටක තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට එරෙහිව අමනාපයක් හෝ සෘණාත්මක මතයක් ප්‍රකාශ කර නැහැ.

විශේෂයෙන්ම පාකිස්තානුවන් 57%ක් සහ බංග්ලාදේශ ජාතිකයන් 54%ක් ශ්‍රී ලංකාව කෙරෙහි උණුසුම් සහ හිතවත් ආකල්පයක් දක්වා ඇති අතර, 2024 වසරට පසු ඉන්දියානුවන් අතර ද ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රසාදය 6%කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම ප්‍රසාදය දැක්වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 79%ක් ඉන්දියාව කෙරෙහි ඉතා හිතකර ආකල්පයක් ප්‍රකාශ කර ඇති අතර, 63%ක් ඉන්දියාව තම රටේ වැදගත්ම මිතුරා ලෙස හඳුනාගෙන තිබෙනවා.

2022 ආර්ථික අර්බුදයෙන් පසු දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම මෙම ධනාත්මක වර්ධනයට ප්‍රධාන හේතුවක් වී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.

කලාපීය ප්‍රතිවිරෝධතා මැද ශ්‍රී ලංකාව මෙලෙස කලාපයේ සියලු දෙනාගේම ගෞරවය හා ප්‍රසාදය දිනාගත් මධ්‍යස්ථ සහ මිත්‍රශීලී රටක් ලෙස කැපී පෙනීම විශේෂ සන්ධිස්ථානයක්.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධකජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනි ජපාන ජාතික ටොමෝකෝ අකානේ සහ සෙ...
20/08/2026

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනියට අමෙරිකාවෙන් සම්බාධක

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපතිනි ජපාන ජාතික ටොමෝකෝ අකානේ සහ සෙනගාල් ජාතික ජ්‍යෙෂ්ඨ නීතිඥ අබ්දුලායේ සේයි යන අයට එරෙහිව අමෙරිකාව සම්බාධක පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කළේය.

හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ගෙන යන දැඩි ක්‍රියාමාර්ගවල අඛණ්ඩ දිගුවක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර, අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය නීතියේ ආධිපත්‍යය දුර්වල කරන ක්‍රියාවක් බවත්, නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ නිලධාරීන්ට තර්ජනය එල්ල වන විට ජාත්‍යන්තර නීති පද්ධතියම අවදානමට ලක්වන බවත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රකාශ කර ඇත.

ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයිජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (World Athlet...
20/08/2026

ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයි

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (World Athletics) නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අභිබවා ලොව අංක 01 ස්ථානය හිමිකර ගැනීමට ජර්මනියේ ජූලියන් වීබර් සමත්ව ඇත.

ඉකුත් දිනවලදී ජාත්‍යන්තර තරග බිමේ දක්වන ලද විශිෂ්ට දක්ෂතා පදනම් කරගනිමින් ජූලියන් වීබර් මෙසේ පළමු ස්ථානයට පැමිණ සිටියි.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට මෙම නවතම වර්ගීකරණය අනුව එක් ස්ථානයක් පසුපසට යාමට සිදුව විය.

කෙසේ වෙතත්, ලෝකයේ ප්‍රබලතම මලල ක්‍රීඩකයින් අතර ඉදිරිපෙළ රැඳී සිටිමින් රුමේෂ් තරංග දැක්වූ දක්ෂතාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙ.

ඒ අනුව ඉදිරි ජාත්‍යන්තර තරගාවලි හරහා නැවතත් ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංගට අවස්ථාව පවතියි.

පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම මෙම වසර අගදීමෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ මෙම සැප්තැම්බර් ම...
20/08/2026

පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම මෙම වසර අගදී

මෙම වසර අගදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම govPay මගින් පමණක් සිදු කිරීමට සැලැසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් අගෝස්තු 19වන දින ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.
එහිදී ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යාංශ නිලධාරීන් මේ බව පවසූ බව එම නිවේදනයේ සඳහන් වේ.
රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
තවද වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය, දත්ත ආරක්ෂණ අධිකාරිය, GovTec ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් ආයතනය, කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ සමාගම ඇතුළු ආයතන යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සහ රූපවාහිනි වැඩසටහන් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් මෙහිදී විමසා බලා ඇත.
ජනතාව රජය සමග සිදු කරන සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වාදී ඇති govPay වැඩසටහනේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථ වාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බව සඳහන් කෙරිණි.
රජය විසින් ජනතාවගේ පහසුව වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාතික ඩිජිටල් සුපර් ඇප් (National Super App) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතය අවම කර ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා හඳුන්වාදී ඇති "National QR Drive ව්‍යාපෘතිය, රජයේ ආයතන අතර ආරක්ෂිතව හා විනිවිදභාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සේවා සැපයුම් ක්‍රියාවලි විධිමත් කිරීමේ ජාතික දත්ත හුවමාරුව (National Data Exchange - NDX), රට තුළ දුරකථන අංක වෙනස් නොකර වෙනත් ජාලයකට මාරුවීමට ඉඩ සලසන Number Portability ව්‍යාපෘතිය, රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන සහ සේවා වේදිකාව ඇතුළු වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
එමෙන්ම රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම යටතේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර මහජන සේවා සැපයීම් කාර්යක්ෂම කිරීමට හඳුන්වා දී තිබෙන PIC-Net (Public Impact Champions Network) වැඩසටහනේ ප්‍රගතිය සහ Data Transmission Unit (DTU) හෙවත් දත්ත සම්ප්‍රේෂණ ඒකකය, AI දත්ත මධ්‍යස්ථානය, රජයේ සහ මහජන සේවා අංශය සඳහා ඩිජිටල් තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් GovTech Academy පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කර ඇත.
Govtec ආයතනය ආරම්භ කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සහ කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද අවධානය යොමුව ඇත.

පේරාදෙණිය සරසවිය ශ්‍රී ලංකාවේ පළමු තැනටCWUR කියයිලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ මධ්‍යස්ථානය (Center for World Univer...
20/08/2026

පේරාදෙණිය සරසවිය ශ්‍රී ලංකාවේ පළමු තැනට
CWUR කියයි

ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ මධ්‍යස්ථානය (Center for World University Rankings – CWUR) නිකුත් කළ 2026 නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල අතර පළමු තැනට පත්ව තිබේ.
විභාග ප්‍රතිඵල, උපාධිධාරීන්ගේ රැකියා හැකියාව, ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මකභාවය සහ පර්යේෂණ මෙන්ම කාර්යසාධනය වැනි දර්ශක මෙහිදී සලකා බලා ඇත. ලොව විශ්වවිද්‍යාල 21,291ක් අතරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 1,695 වැනි ස්ථානය හිමිව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික හා පර්යේෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යසාධනය පිළිබඳ වැදගත් ඇගයීමක් ලෙස මෙය පෙන්වාදිය හැකි බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි. හාවර්ඩ් විශ්වවිද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්ව ඇත.

Address

Kadawatha
Kadawatha

Website

Alerts

Be the first to know and let us send you an email when Government Exams with Janith Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share