07/09/2025
🙏වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් හැඟීම් සමුදායක් හිතට ගලාගෙන ආපු මොහොතක්..සතුටෙන් ආඩම්බරයෙන් මගේ ආදරණීය ගෝලයින්ගේ දෑස් දෙස බලාගෙන හිටියාට ඒ ගෙවුණු කෙටි විනාඩි කිහිපය මට දිගු කාලයක් වගේ..
මා ඉදිරියේ මේ ඉන්න ගෝලයින් බොහොමයක්ම 2012 සිට විවිධ කාලවකවානු තුළ ශිල්ප ලත් ගෝලයින්.... ඉතින් අපේ මතකයන් සහ බැඳීම් ගොඩක් ශක්තිමත්...
මගේ ඉදිරියේ බුලත් අතකුත් තියාගෙන ඇස් දෙක කඳුළුවලින් පුරෝගෙන මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න සමහර ගෝලයින් මාත් එක්කම මේ මොහොත වෙනතුරු දවස් පහක් අඛණ්ඩව නිදි නැතිව මාත් එක්ක වෙහෙසුන හැටි හිතට දැනෙනකොට මගේ ඇස් දෙකෙන් වැටෙන්න එන කඳුළු සඟවගෙන මෙතන හිටගෙන හිටියේම හරිම අමාරුවෙන්..
ගුරු වන්දනයේ විනාඩි කිහිපය තුළ හිටගෙන ඉන්න මොහොතේ හිතට දැනුනේම ..
මෙයින් පසු රංග ගතවීමට නියමිත උඩරට ,පහතරට ශාස්ත්‍රීය නර්තන අංග 20 කෙසේ දිගහැරේ ද..?.....
ශාස්ත්‍රී නර්තන අංග පමණක්ම නිසා දැවැන්ත ප්‍රේක්ෂාගාරය එය වැළඳ ගනීවිද..?......
අවුරුදු 4,5,6 මගේ පුංචි පැටව් ටික උඩරට පහතරට ශාස්ත්‍රීය නර්තනාංග, මා විශ්ව විද්‍යාලයේ වාදක ගුරුපියවරුන්ගේ වාදනයට කෙසේ මේ රංග භූමියේ නර්තනයේ යෙදේවිද..?...............
වෙස් මුහුණු බැදලා මහන්සි පිටම නටන මගේ දරුවෝ ටික...?.......
මේ සිතුවිලි අතරේ ආයෙත් හිත ,මගේ ඉස්සරහ ඉන්න දරුවන්ගේ දෑස් මතට වැටුනහම හිතෙන්නේම ,,,, අනේ මගේ දරුවන්ට හීරීමක්වත් වෙන්නේ නැතුව අද දවසේ නටන්න පුළුවන් වෙන්න ඕනේ කියලා.................................
ගුරු වන්දනය කොටස කෙටි කාලයක් වුවත් හිතට දැනුණු දේවල් නම් අප්‍රමාණයි.. එදින උදෑසන කලඑළි මංගල්‍යයත් නිම කරලා කෙතරම් වෙහෙසකාරී වුණත් හවස ගතික මිණි ප්‍රතිභා , මේ සාම්ප්‍රදායික ප්‍රසංගය සාර්ථක කරගන්න නැවත නැවතත් හිතට ශක්තිය දුන්නේම මේ මොහොතේ මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න මගේ මේ ගෝලයින්ගේම ශක්තියයි...
මගේ හිතට නැගුනේම මමත් පින්වන්තයි ඒ වගේම මා වෙත එකතු වෙන මගේ දරුවොත් ගොඩක් පින්වන්තයි. මුදල් පසුපස පමණක් හඹා ගියා නම් අද මා මේ ආදරය ගෞරවය සමග මෙතන නැත.
වසර 13 ක් මාගේ කැපවීමේ වෙහෙස මහන්සියේ,ශාස්ත්‍රීය නර්තන කලාවට තිබෙන ආදරය ගෞරවයේ, මගේ දරුවන්ට තිබෙන ආදරයේ ප්‍රතිඵලයි එදින මා මාගේ දෑස් ඉදිරියේ අත්වින්දේ.....🥰🥰🥰