Seek the Success

  • Home
  • Seek the Success

Seek the Success This page helps to improve your lives by keeping motivated and English Language

අපිව හිනස්සපු පිංතු අද නිහඬයි... 😔සමන් අල්මේදා කියන නම සමහරවිට ඔයාලට මතක නැතුව ඇති.ඒත් "Yes Boss" එකේ ඉන්න "පිංතු" ආරක්ෂ...
19/04/2026

අපිව හිනස්සපු පිංතු අද නිහඬයි... 😔
සමන් අල්මේදා කියන නම සමහරවිට ඔයාලට මතක නැතුව ඇති.

ඒත් "Yes Boss" එකේ ඉන්න "පිංතු" ආරක්ෂක නිලධාරියා මතකද?

අපි වැඩ ඇරිලා මහන්සියෙන් ගෙදර එනකොට, TV එක ඉස්සරහා ඉඳගෙන බඩ අල්ලන් හිනාවෙවී බැලුවේ එයාගේ රඟපෑම.

"සබඳ පබිලිස්", "සකිසඳ එලියස්" වගේ ටෙලිනාට්‍ය වලින් අපේ ජීවිතේ පීඩනේ ටිකක් හරි අඩු කරපු මිනිහා.

චිත්‍රපට 35ක, ටෙලිනාට්‍ය 150ක රඟපාලා අපේ රිදී තිරයයි, පුංචි තිරයයි පාට කරපු ප්‍රවීණ කලාකරුවා.
ඒ සමන් අල්මේදා මහත්තයා අද කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඇඳක ඉන්නවා...
දැඩි ලෙස රෝගාතුර වෙලා.

1991 ජෝ අබේවික්‍රම ශූරීන්ගේ චිත්‍රපටයකින් පටන් ගත්ත ගමන.

"එකම එක චිත්‍රපටයක හරි රඟපාන්න" කියන හීනෙන් ආපු මිනිහා, අවුරුදු 25කට වැඩිය අපිට හිනා ගෙනාවා.

අද එයා නිහඬයි.
අපිට හිනා ගෙනාපු මිනිහා අද අපේ හිනාවක්, සත්කාරයක් බලාපොරොත්තුවෙන් ඇති.

පුංචි ඉල්ලීමක්:
මේ පෝස්ට් එක දකින ඔයා, තත්පරයක් වෙන් කරලා Like එකක් දාලා යන්න. එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා Comment එකක් දාන්න.
Share කරලා එයාට ආදරේ කරපු තව කෙනෙක්ට මේක පේන්න සලස්වන්න. 🙏
අපිට දුන්න ඒ හැම හිනාවකටම, අපිත් අද එයාට ශක්තියක් වෙමු.
ඉක්මනට සුව වෙලා, ආයෙත් තිරයට එන්න ලැබේවා!

#සමන්අල්මේදා #පිංතු #ඉක්මන්සුව

ලස්සනට වයසට යන්න 💜💜අපි හැමෝටම වයස යනවා ,අපි හැමෝම වයසට යනවා ,හැබැයි පිරිමින්ට සාපේක්ෂව ගැහැනු වයසට යන්න බයයි !ඒත් ,📍ජීවි...
18/04/2026

ලස්සනට වයසට යන්න 💜💜

අපි හැමෝටම වයස යනවා ,
අපි හැමෝම වයසට යනවා ,

හැබැයි පිරිමින්ට සාපේක්ෂව ගැහැනු වයසට යන්න බයයි !

ඒත් ,

📍ජීවිතේ හැම දවසක්ම ලස්සනට ප්‍රයෝජනයට ගත්ත ,
📍ලැබුණු හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත්ත ,
📍ජීවිතේට ආපු හැම අභියෝගයකටම එඩිතර ව මුහුන දුන්නු ගැහැනුන්ට , ජීවිතෙත් එක්ක ඇරියස් එකක් නැහැ ,

එහෙම ගැහැනු වයසට යන්නෙ සතුටෙන් ,
ඒ වගේම ආඩම්බරෙන් !!
ආයෙ ඒකෙ හංගන්න දෙයක් නැහැ ...

අපි තේරුම් ගන්න ඕනෙ සදාකාලික ඇත්ත තමයි ,

අපි කාටවත් වයසට යන එක නවත්ත ගන්න බෑ ,
හැබැයි ,අපි වයසට යනකොට අපිට දැනෙන තෘප්තිය වෙනස් කරගන්න පුළුවන්..

Please , Aged with Gracefully

Copied

මලක් පිපෙන්නත් ඒකට අදාළ කාලය එන්න ඕනේ. ඔයාට ඔයා ගැනම ආයෙමත් ආදරේ හිතෙන්න නම්, මේ පුංචි පියවරවල් ටික අද ඉදන්ම ජීවිතේට එකත...
18/04/2026

මලක් පිපෙන්නත් ඒකට අදාළ කාලය එන්න ඕනේ. ඔයාට ඔයා ගැනම ආයෙමත් ආදරේ හිතෙන්න නම්, මේ පුංචි පියවරවල් ටික අද ඉදන්ම ජීවිතේට එකතු කරගමු.

💛 Self-Trust

අපි අනිත් අයට දෙන පොරොන්දු රකින්න ගොඩක් මහන්සි වෙනවා. හැබැයි අපි අපිටම දෙන පොරොන්දු? "හෙට ඉදන් මම ව්‍යායාම කරනවා", "අද මම මේ වැඩේ ඉවර කරනවා"... මේ වගේ පොඩි පොරොන්දු අපි ලෙහෙසියෙන්ම කඩනවා. ඔයා ඔයාටම දෙන පොරොන්දු කඩන හැම වතාවකම ඔයාගේ ආත්ම විශ්වාසය.හීන වෙනවා. අද එකම එක පොඩි පොරොන්දුවක් වෙන්න, ඒක කොහොම හරි ඉටු කරන්න. එතනින් තමයි ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්නේ.

💛 Be You, Not Your Role

අපි හැමෝම ජීවිතේ මොනවා හරි භූමිකාවක හිරවෙලා. ඔයා දරුවෙක්, මවක්, පියෙක්, සහකරුවෙක් නැත්නම් රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. දවසේ එක පැයක්වත් මේ හැම භූමිකාවකින්ම අයින් වෙන්න. ෆෝන් එක පැත්තකින් තියලා, තනියම ඇවිදින්න යන්න නැත්නම් කැමතිම පානයක් රසවිඳින්න. ඒ වෙලාවට ඔයා කාගෙවත් කෙනෙක් නෙවෙයි. ඔයා "ඔයා" විතරයි.

💛 Stop the Comparison

Social Media වල ඔයා දකින්නේ අනිත් අයගේ ජීවිතේ තියෙන ලස්සනම තත්පර කිහිපය විතරයි. ඒ අයගේ Highlight Reel එක එක්ක ඔයාගේ ජීවිතේ තියෙන සාමාන්‍ය දවස් සසඳන්න යන්න එපා. ඔයාගේ තරගය තියෙන්නේ ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. අනිත් අය යන වේගය ඔයාට අදාළ නැහැ.

💛 Set Your Boundaries

අනිත් අයව සතුටු කරන්න ගිහින් "ඔව්" කියන්න බැරි තැන්වල "බැහැ" කියන්න ඉගෙන ගන්න. ඔයාගේ හිතට එකඟ නැති දේවල් වලට අකමැත්ත ප්‍රකාශ කිරීම වැරැද්දක් නෙවෙයි. තමන්ට තමන් අවංක වෙන එක, තමන්ට ආදරේ කරනවා කියන එකේ ලොකුම සලකුණක්.

💛 Respect Your Body

ඔයාගේ මේ ලස්සන ගමන යන්න තියෙන එකම වාහනය ඔයාගේ ශරීරයයි. ඒකට පෝෂ්‍යදායී කෑමක් දෙන්න, ප්‍රමාණවත් නින්දක් දෙන්න, පොඩ්ඩක් ඇවිදින්න. ශරීරය සුවපහසුව තියාගන්න එක දඬුවමක් නෙවෙයි, ඒක ඔයා ඔයාටම දෙන ලොකුම ගෞරවයයි.

💛 Forgive Your Past

පරණ වැරදි ගැන හිත හිත අද දවස අපායක් කරගන්න එපා. එදා ඔයා කරපු දේවල් කරේ ඒ වෙලාවේ ඔයාට තිබ්බ දැනුම සහ පරිණතභාවය අනුවයි. දැන් ඔයා ඊට වඩා ගොඩක් දේවල් දන්නවා. ඒ පරණ වෙළුම වහලා දාන්න. අලුත් පරිච්ඡේදයක් ලියන්න දැන් ඔයා සූදානම්.

ආදරය කියන්නේ හැඟීමක් විතරක් නෙවෙයි, ඒක ඔයා ගන්න තීරණයක්. අද දවසේ මේ ලැයිස්තුවෙන් එකම එක දෙයක් තෝරාගෙන කරන්න පටන් ගන්න. හෙට වෙද්දී ඔයාට දැනේවි ඔයාගේ ලෝකය වෙනස් වෙන්න පටන් අරන් කියලා. ✨❤️

ඔයාට ඔයා ඉන්නවා... ඒකයි වැදගත්ම දේ!

අද කාලේ සෝෂල් මීඩියා පැත්තේ පොඩ්ඩක් රවුමක් ගැහුවොත්, නැත්නම් යාළුවෙක් එක්ක සෙට් වුණොත් අනිවාර්යයෙන්ම ඇහෙන දෙයක් තමයි මේක...
17/04/2026

අද කාලේ සෝෂල් මීඩියා පැත්තේ පොඩ්ඩක් රවුමක් ගැහුවොත්, නැත්නම් යාළුවෙක් එක්ක සෙට් වුණොත් අනිවාර්යයෙන්ම ඇහෙන දෙයක් තමයි මේක.

"අරයට කෙනෙක් ඉද්දිත් තව කෙනෙක් එක්කත් ඉන්නවලු", "අරූ බැඳලා ළමයිනුත් ඉඳගෙන අර කෙල්ලත් එක්ක වටරවුම් ගහනවාලු." වටේ යනව ලු...
ලව් කරද්දි නම් මේක ගොඩක් අයට වෙනවා...

හොඳටම ආදරේ කරන, ලස්සන පවුල් ජීවිත ගත කරන මිනිස්සු පවා එකපාරටම "හොර ගෑනු" හරි "හොර මිනිස්සු" හරි පස්සේ යන්න පටන් ගන්නේ ඇයි? මේක නිකම්ම නිකං ආශාවකට කරන දෙයක්ද, නැත්නම් මේක පිටිපස්සේ අපි නොදකින දෙයක් තියෙනවද? අපි ඇත්තම කතා කරමු.

ආදරේ කියන්නේ හරි ලස්සන හැඟීමක් වුණාට, ඒක පිටිපස්සේ දුවන්නේ අපේ මොළේ තියෙන රසායනික ක්‍රියාවලියක්.

අලුත් කෙනෙක්ව අඳුරගන්නකොට, මුලින්ම මැසේජ් කරනකොට, හොරෙන් හම්බවෙනකොට අපේ මොළේට දැනෙන "කික්" එකට ප්‍රධානම හේතුව තමයි ඩොපමයින්. මේක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. තමන්ගේ සහකරු එක්ක කාලයක් යද්දී මේ ඩොපමයින් වෙනුවට "ඔක්සිටොසින්" කියන බැඳීම සහ නිස්කලංක බව ඇතිකරන හෝමෝනය තමයි වැඩිවෙන්නේ. හැබැයි සමහරුන්ට ඒ සාමකාමී බව එපා වෙනවා. එයාලට ආයේ අර "ඩොපමයින් කික්" එක ඕන වෙනවා. අන්න ඒ ත්‍රාසය හොයාගෙන තමයි අලුත් කෙනෙක් පස්සේ යන්නේ. සරලවම මේ යන්නේ ලව් කිරීමකට වඩා මේ ෆීල් එක ගන්න...

මේක පරිණාමීය ජීව විද්‍යාවේ (Evolutionary Biology වල එන තියරියක්. සරලවම කිව්වොත්, එකම සහකරු එක්ක කාලයක් ඉද්දී ලිංගික ආකර්ෂණය අඩුවෙලා ගිහින්, "අලුත්" කෙනෙක් දැක්කම ආයෙමත් ඒ ආකර්ෂණය සහ උත්තේජනය ඇතිවෙන එකට තමයි මේක කියන්නේ. හැබැයි මේක සත්තුන්ට අදාළ වුණාට, මොළේ දියුණු මනුස්සයින්ට මේක "නිදහසට කරුණක්" කරගන්න බැහැ. එහෙම උනොත් එහෙම සත්තුයි අපි අතර වෙනසක් නැති වෙනව...

ගොඩක් වෙලාවට පිට යන්නේ ඇඳේ ප්‍රශ්න නිසාම නෙවෙයි, ඔලුවේ ප්‍රශ්න නිසයි.

තමන්ට කොච්චර හොඳ කෙනෙක් හිටියත් සමහරුන්ට තියෙනවා හීනමානයක්. "මට තාමත් වෙන කෙල්ලෙක්ව/කොල්ලෙක්ව ටෝක් කරගන්න පුළුවන්ද?", "මගේ පෙනුමට තාමත් කට්ටිය අකර්ෂණය වෙනවද?" කියලා බලන්න එයාලට ඕනි. ඒ ලැබෙන අවධානය එයාලගේ ඊගෝ එක බූස්ට් කරනවා. අලුත් කෙනෙක්ගෙන් ලැබෙන ඒ "වැලිඩේෂන්" එකට මේ අය මාරම කෑදරයි.

තහනම් ගහේ ගෙඩි කෑම කිව්වත් හරි, හැංගිලා, හොරෙන් කරන දේවල් වලට මිනිස්සුන්ගේ පුදුම ආසාවක් තියෙනවා. සමාජෙන් තහනම් කරපු දෙයක් කරනකොට දැනෙන ත්‍රාසය, අර නිකම් සාහිත්‍යට බේස්ඩ් උන ලව් ටයිප් එකේ රොමැන්ස් එකක් විදිහට එයාලා හිතින් මවාගන්නවා. ඇත්තටම එයාලා ආදරේ කරන්නේ අර අලුත් මනුස්සයාට නෙවෙයි, ඒ "හොරෙන් කරන එකේ" තියෙන ෆීලින් එකටයි.

පොඩි කාලේ ඉඳන් හැදුණු වැඩුණු විදිහ අනුව සමහරුන්ට ස්ථාවර ආදරයක් දරාගන්න අමාරුයි. ආදරේ වැඩි වෙනකොට, බැඳීම වැඩි වෙනකොට එයාලා බය වෙනවා. ඒ බයට එයාලා කරන්නේ තමන්ගේම සම්බන්ධය කඩාකප්පල් කරගන්න එක. ඒකට ලේසිම ක්‍රමේ තමයි පිට යනව කියන එක.

මේවා නිදහසට කරුණු නෙවෙයි: යථාර්ථය!

අපි බයොලොජි ගැන කතා කළා, සයිකොලොජි ගැන කතා කළා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි: මනුස්සයෙක්ට මොළයේ පූර්ව කණ්ඩිකාවක් (Prefrontal Cortex) තියෙනවා. ඒකෙන් තමයි තීරණ ගන්නේ, හරි වැරැද්ද තේරුම් ගන්නේ, ආවේග පාලනය කරන්නේ.

ඒ නිසා "මගේ හෝමෝන වැඩ කළා", "මට කම්මැලි හිතුණා" කියන ඒවා බොරු කතා. වටරවුම් ගහනවා කියන්නේ 100% ක්ම දැනුවත්ව ගන්න තීරණයක්. ඒකෙන් පෙන්නන්නේ ඒ මනුස්සයාගේ තියෙන චරිතයේ දුර්වලකම මිසක් වෙන මුකුත් නෙවෙයි.

තමන්ගේ සහකරු එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම්, කම්මැලි කමක් දැනෙනවා නම් ඒක කතා කරලා විසඳගන්න ඕනි. එහෙමත් බැරිනම්, කෙළින් කතා කරලා වෙන් වෙන්න ඕනි. ඒක තමයි කොන්දක් තියෙන, මානසිකව මුහුකුරා ගියපු මිනිස්සුන්ගේ විදිහ. එහෙම නැතුව එක්කෙනෙක්ව ගෙදර තියාගෙන, තව කෙනෙක් එක්ක හොරෙන් රූම් ගානේ යන එක, මැසේජ් කරන එක "මොඩර්න් රිලේෂන්ශිප්" නෙවෙයි, ඒක පට්ටම නිවටකමක්.

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි: ආදරේ කියන්නේ හැඟීමක් වුණාට, ලෝයල්ටි කියන්නේ තීරණයක්. ඒ තීරණේ ගන්න බැරි අය ආදරේ කරන්න එන එක, තමන්ටත් අනුන්ටත් කරන ලොකුම අපරාධයක්!

Rusiru Galagoda
Lecturer in psychology | IMBS Green Campus
MPhil (Reading)
BA (Hons) Psychology
University of Sri Jayewardenepura



නීතිය නොදැන සිටීම වරදට නිදහසට කරුණක් නොවේ.වෙළඳසැලකදී භාණ්ඩ සොරකම් කළ බවට සැක කෙරුණු කාන්තාවක් වෙත එම ස්ථානයේ සිටි පිරිසක...
17/04/2026

නීතිය නොදැන සිටීම වරදට නිදහසට කරුණක් නොවේ.

වෙළඳසැලකදී භාණ්ඩ සොරකම් කළ බවට සැක කෙරුණු කාන්තාවක් වෙත එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ශාරීරිකව පහර දීම, කොණ්ඩය කපා දැමීම සහ එම ක්‍රියාවන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැරීම නීතිමය වශයෙන් බහු-අපරාධ (multiple offences) ගණනාවක් යටතේ සලකා බැලිය හැකි සිදුවීමකි.

මෙම ක්‍රියාවන් Sri Lanka Penal Code යටතේ Section 310 සහ Section 314 යටතේ hurt සහ voluntarily causing hurt ලෙස සලකනු ලබන ශාරීරික හානි සිදුකිරීමක් ලෙස වර්ගීකරණය කළ හැක.

ඊට අමතරව, කාන්තාව බලයෙන් අල්ලා ගැනීම, තල්ලු කිරීම හෝ ඇගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කිරීම Section 321 යටතේ criminal force ලෙස සලකන අතර, ඇයට යාමට ඉඩ නොදී තබාගෙන සිටියේ නම් Section 333 යටතේ wrongful restraint සහ Section 334 යටතේ wrongful confinement යන වගන්තිද අදාළ විය හැක.

මෙහිදී කොණ්ඩය කපා දැමීම සහ public humiliation සිදු කිරීම Section 345 යටතේ insulting modesty of a woman ලෙස සෘජුවම සලකිය හැකි බරපතළ නීතිමය උල්ලංඝනයකි. එය කාන්තාවකගේ ගරුත්වයට සහ මානව ගෞරවයට සෘජු හානියක් ලෙස නීතියෙන් පිළිගැනේ.

තවද, සිදුවීම වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැරීම Section 479 සහ Section 480 යටතේ defamation ලෙස සලකා බලන හැකියාව පවතී, විශේෂයෙන් පුද්ගලයකුගේ නාමය සහ ගෞරවය හානි වන ආකාරයෙන් ප්‍රචාරය කර ඇත්නම්. ඒ සමඟම digital platform භාවිතය හේතුවෙන් Computer Crimes Act No. 24 of 2007 යටතේ අනවසරයෙන් දත්ත/වීඩියෝ ප්‍රචාරය කිරීම, privacy උල්ලංඝනය කිරීම සහ online misuse යන කරුණුද අදාළ විය හැක.

මෙවැනි සිදුවීම් වලදී වැදගත්ම නීතිමය මූලධර්මය වන්නේ නීතිය අතට ගැනීම කිසිම සිවිල් පුද්ගලයකුට හිමි අයිතියක් නොව, රාජ්‍යයේ අධිකරණ පද්ධතියට පමණක් හිමි බලයක් යන්නයි. එබැවින් සැකකරුවෙකු සිටියද, දඬුවම් කිරීම හෝ public punishment ලබාදීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකනු ලබයි.

අවසානයේ, මෙම සිදුවීම එක් අපරාධයක් පමණක් නොව, ශාරීරික හානිය, මානව ගෞරව උල්ලංඝනය, defamation සහ cyber misuse යන බහු නීතිමය වගකීම් ගණනාවක් ඇති කරන සංකීර්ණ නීතිමය තත්ත්වයකි. එබැවින් නීතියේ පිළිගත් ක්‍රියාමාර්ගයෙන් බැහැරව කටයුතු කිරීම සමාජීයව සාධාරණ ලෙස පෙනුනද, නීතිමය වශයෙන් බරපතළ ප්‍රතිවිපාක ඇති කරයි.

වරදට දඬුවම් වශයෙන් වසර 10 හෝ ඊට වැඩි කාලයක සිර දඬුවමක් ගරු අධිකරනයට ලබා දිය හැක.

🖋️ Lakshan Ranasinghe

නියම පිරිමිකම තියෙන්නේ පාලනය කිරීම ඇතුළේ නෙවෙයි, රැකවරණය දීම ඇතුළෙයි. ශක්තිමත් පිරිමියෙක් කියන්නේ තමන්ගේ ගැහැණියව මානසික...
15/04/2026

නියම පිරිමිකම තියෙන්නේ පාලනය කිරීම ඇතුළේ නෙවෙයි, රැකවරණය දීම ඇතුළෙයි. ශක්තිමත් පිරිමියෙක් කියන්නේ තමන්ගේ ගැහැණියව මානසිකව වට්ටන කෙනෙක් නෙවෙයි, ඇයව ඔසවා තබන කෙනෙක්.
හුඟක් පිරිමි හිතාගෙන ඉන්නේ සද්ද දාන එක, පාලනය කරන එක පිරිමිකම කියලා. හැබැයි සැබෑ පිරිමියෙක් කියන්නේ මීට වඩා වෙනස් කෙනෙක්.

1. වචනයේ ගෞරවය රැකීම

පිරිමියෙක් තමන් දෙන පොරොන්දුවක් ඉටු කරනවා නම්, ඒක තමයි ඔහුගේ ලොකුම පෞරුෂය. තමන්ගේ සහකාරියට දෙන වචනය කඩ නොකර, ඇයගේ විශ්වාසය රකින පිරිමියාට ඇය මුළු හදවතින්ම ගරු කරනවා. බොරු කීම සහ රැවටීම කියන්නේ පෞරුෂය බිංදුවට ඇද දමන වැඩක්.

2. ආවේග පාලනය (Self-Control)

තරහ ගිය වෙලාවට තමන්ගේ ගැහැණියට රිදවන වචන කියන්නේ නැති, ඇයගේ ඇඟට අත උස්සන්නේ නැති පිරිමියා තමයි ඇත්තටම වීරයෙක්. තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි කෙනෙක්ට ලෝකය පාලනය කරන්න බැහැ. ඉවසීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි, ඒක මහා ශක්තියක්.

3. ඇහුම්කන් දීමේ හැකියාව

බිරිඳ හෝ පෙම්වතිය කියන දේවල් අවධානයෙන් අහගෙන ඉන්න එක පිරිමියෙකුට කරන්න පුළුවන් ලොකුම කැප කිරීමක්. ඇයට ඕන කරන්නේ උඹේ උපදෙස් වලට වඩා උඹේ කාලය සහ අවධානයයි. ඇයව තේරුම් ගන්න උත්සාහ කරන පිරිමියා ඇයගේ ලෝකය දිනනවා.

4. ඇයගේ නිදහසට සහ හීන වලට පියාපත් දීම

පිරිමියෙක් තමන්ගේ සහකාරියව මුළුතැන්ගෙට විතරක් සීමා කරන්නේ නෑ. ඇයගේ දක්ෂතා වලට, ඇයගේ වෘත්තීය ගමනට සහ ඇයගේ හීන වලට උරදෙන එක නියම පිරිමිකමයි. ඇය දියුණු වෙනවා දැකලා සතුටු වෙන්න තරම් පිරිමියෙක් මානසිකව පොහොසත් විය යුතුයි.

ආදරණීය මතක් කිරීමක්❤️🥀

ගැහැණියක් කියන්නේ පිරිමියෙකුගේ සෙවනැල්ලක් නෙවෙයි, ඇය ඔහුගේ පණ වගේ රැකගත යුතු වටිනාම වස්තුවයි. උඹ ඇයට ගරු කරනවා නම්, ඇය උඹව ලෝකය ඉදිරියේ රජෙක් කරයි.
පිරිමිකම පෙන්වන්න ඕනේ ශරීරයේ හයියෙන් නෙවෙයි, හදවතේ තියෙන මනුස්සකමෙන්.

ඔයා හිතන විදිහට නියම පිරිමියෙක් සතු විය යුතු වැදගත්ම ගුණාංගය මොකක්ද?
පල්ලෙහායින් Comment කරපන්. 👇💭

ආදරෙන් ජීවත් වෙන්න! ✨🌺

💎 යම් කෙනෙක් හෝ කිහිප දෙනෙක් දුන්න පීඩාවක් නිසා, සමහර විට කාලයක්ම ඔයාට දුකින් ඉන්න වෙනවා💎 නිවැරදිව හිටියත්, කාලයක් ගතවීම...
12/03/2026

💎 යම් කෙනෙක් හෝ කිහිප දෙනෙක් දුන්න පීඩාවක් නිසා, සමහර විට කාලයක්ම ඔයාට දුකින් ඉන්න වෙනවා

💎 නිවැරදිව හිටියත්, කාලයක් ගතවීමත් සමග , ඒ කෙනා හෝ ඒ අය ...විසින් ඔයාට දුන්න ගින්දරට වඩා ගින්නක් ඒ අයගෙ හදවත් විදින දුක් ඔයා දැකලා තියෙනවද ?

💎 ඉතිං සතුටුයි ද ?

💎 සමහරු දන්නැහැ යම් කෙනෙකුට ගින්දරක් දුන්නොත් ඊට වඩා දස දහස් වාරයක් විදවන්න වෙනවා කියලා.

💎 ඉතිං ඔයාට හතුරුකම් කරලා, ඔයාගෙ මානසිකත්වය විනාශ කරන්න උත්සාහ කරපු අය යම් දෙයක් නිසා දුක් විදිනවා දැක්කම ඇත්තටම අනුකම්පා වක් ඇතිවෙනවා නේද ?

💎 යහපත් චර්‍යාවක් ගත කරන කෙනෙකුට කවමදාකවත් වරදින් නැහැ. සමහර විට ඔයාට පීඩා දුන්න අය අද සතුටින් ඉන්නවා ඇති.

💎 ඒක තාවකාලික යි !

💎 සමහර අය කරන්න පුළුවන් තරම් කෙනෙහිලිකම් කරලා, හරියට හැසිරෙන්නෙ බබාලා වගේ.

💎 දවසක් එනවා ඒ අයගෙ, කිරි සූප්පු අයින් කරලා යථාර්තයට මුහුණ දෙන්න වෙන.

💎 ඒ නිසා හොඳම දේ තමයි, ඉවසාන බලාන ඉන්න එක.

💎 කාටවත් ගින්දරක් දෙන අදහසකින් කිසිම දෙයක් කාටවත් දෙයක් කරලා කියලා නැත්නම්, කිසිම වෙලාවක පසුතැවි තැවී ඉන්න එපා.

💎 මොකද ස්වභාදහම ගැලපෙන අවස්ථාවලට ගැළපෙන විදිහටම පිළිතුරු සපයනවා.

💎 ඒ නිසා හැම මොහොතකම සතුටින් ඉන්න !

පිරිමි හිතන්නේ ගෑණුන්ට ආදරේ පෙන්නන්න හොඳ නෑ කියලා.. ඔව් එහෙම වෙන්නත් පුලුවන්  නමුත් ඒක හැම ගැහැණියකටම වලංගු නෑ.. දන්නවද ...
08/03/2026

පිරිමි හිතන්නේ ගෑණුන්ට ආදරේ පෙන්නන්න හොඳ නෑ කියලා.. ඔව් එහෙම වෙන්නත් පුලුවන් නමුත් ඒක හැම ගැහැණියකටම වලංගු නෑ.. දන්නවද හිතේ බැඳීම හැර වෙන කිසිම බැඳීමක් නැතිව ආදරේ කරන්න හැමෝටම බෑ විශේෂයෙන්ම ගැහැණුන්ට.. ඒක ලොකු කැපකිරීමක්. එහෙම ගැහැණු ඉන්නවා.. කිසිම බලාපොරොත්තුවක් නැතිව ලග ඉන්න ඒ වගේ ගැහැණියකට තියෙන එකම සැනසීමත් ආදරේ විතරයි ඒත් අවාසනාවකට එයාලට ලැබෙන්නෙත් හිත් රිදීම් විතරමයි.. පිරිමි ඒ වගේ වෙනස් කම් කරේම තමන්ට පණ ඇරන් ආදරේ කරපු එහෙම ගැහැණුන්ට.. ❤️❤️

අසනීපෙන්ද-- නෑ+ එහෙනම් ඇයි නිතරම හොස්පිටල් නවත්තන්නේ.-- දන්නේ නැ+ දන්නේ නැ කියන්නේ-- රෑ එක පාරම නින්ද ගිහිම් ඇහැරෙද්දී h...
08/03/2026

අසනීපෙන්ද
-- නෑ
+ එහෙනම් ඇයි නිතරම හොස්පිටල් නවත්තන්නේ.
-- දන්නේ නැ
+ දන්නේ නැ කියන්නේ
-- රෑ එක පාරම නින්ද ගිහිම් ඇහැරෙද්දී hospital එකේ අතේ කටු ගොඩක් එක්ක .
+ මොකක්ද ලෙඩේ ?
-- දන්නේ නෑ.
+ එහෙම වෙන්නේ කොහොමද ?
-- මේ වෙලා තියෙන්නේ.
+ ප්‍රශ්නද
-- ඒවා නම් නැත්තේ කාටද?
+ මේ පොඩි වයසට ලෙඩ වෙන්න තරම් මොනාද ප්‍රශ්න?
-- දන්නේ කවුද?
+ ඇයි ඉස්සර වගේ නැත්තේ?
-- කවුද
+ ඔයා
-- එහෙම එකක් නැ
+ physiatrist කෙනෙක් හම්බ වෙන්න ගියොත් හොද නැද්ද ?
-- යනවා!
+ කවදා ඉදම්ද කිව්වෙත් නැ
-- ඒවා කියන්න දේවල්ද ?
+ ඕනවට වැඩිය ප්‍රශ්න ඔලුවේ දා ගන්න එපා ,තාම පොඩියිනේ !
-- හ්ම්ම්ම්
+ ඉක්මනට හොද වෙයි ආයේ ලෙඩ වෙන්න එපා.!
-- හිතලම තමා !
-- යන්නම් ..
+ පොඩි වයසට දාර ගන්න පුලුවන් විදිහේ ප්‍රශ්න තියෙනවා ,බැරි විදිහේ ප්‍රශ්න තියෙනවා ,දැන් ඉදම් මෙහෙම ලෙඩ උනොත් අනාගතයක් නැති වෙයි ,ඉස්සර වගේ ශක්තිමත් විදිහට ඉන්න බොලද වෙන්න එපා ඒකයි මේ හැම ප්‍රශ්නෙම.....!

මේක ආදරයක් ද? නැත්නම් "Obsession" (උමතුවක්) ද? 🧠💔උඹ දවසම එයාගේ "Last Seen" බල බල ඉන්නවද? එයා මැසේජ් එකක් දාපු ගමන් උඹට ද...
08/03/2026

මේක ආදරයක් ද? නැත්නම් "Obsession" (උමතුවක්) ද? 🧠💔

උඹ දවසම එයාගේ "Last Seen" බල බල ඉන්නවද? එයා මැසේජ් එකක් දාපු ගමන් උඹට දිව්‍යලෝකේ ගියා වගේද? එයා රිප්ලයි නොකර ඉද්දි උඹට පිස්සු වගේද?

උඹ හිතන් ඉන්නේ මේක "Pissu hadena Adarayak" (Crazy Love) කියලා නේද? නෑ මචං. මනෝවිද්‍යාවේ මේකට කියන්නේ "Limerence" කියලා.

මේක ආදරයක් නෙමෙයි. මේක මොළයේ සිද්ධ වෙන "Chemical Hijack" එකක් (රසායනික පැහැර ගැනීමක්). අද අපි මේ දෙකේ වෙනස හරියටම හොයාගමු. 👇

⚔️ The Reality Check: උඹ ඉන්නේ කොතනද?
1. හැඟීම මොන වගේද? (The Feeling)

🛑 Limerence (රැවටීම): "මට එයා නැතුව මැරෙයි." (Desperation). එයා පොඩ්ඩක් ඈත් වුනොත් උඹට පපුව ගැහෙනවා, බය හිතෙනවා, දාඩිය දානවා. මේක Anxiety (කලබලය) මිසක් ආදරය නෙමෙයි.

✅ True Love (ඇත්ත): "මම එයාට කැමතියි, ඒත් මට තනියම ඉන්නත් පුළුවන්." (Preference). මෙතන තියෙන්නේ හිතේ සාමය (Calmness). ගින්දරක් නෑ, සැනසීමක් විතරයි තියෙන්නේ.

2. උඹ දකින්නේ මොකක්ද? (The Focus)

🛑 Limerence (රැවටීම): උඹට පේන්නේ එයාගේ "Fantasy" එක විතරයි. එයාගේ වැරදි උඹට පේන්නේ නෑ. උඹ එයාව දකින්නේ දෙවියෙක් වගේ (Idealization).

✅ True Love (ඇත්ත): උඹ දකින්නේ එයාගේ "Reality" එක. එයාගේ අඩුපාඩු, කැත වැඩ ඔක්කොම දැකලත්, "කමක් නෑ මම මෙයා එක්ක ඉන්නවා" කියලා උඹ තීරණය කරනවා (Conscious Choice).

3. එයා ඈත් වුනොත් මොකද වෙන්නේ? (The Reaction)

🛑 Limerence (රැවටීම): උඹට පිස්සු හැදෙනවා. උඹ නිකන්ම වැටෙනවා. එයාගේ අවධානය ගන්න උඹ ඕන දෙයක් කරනවා (Drama).

✅ True Love (ඇත්ත): උඹට දුකයි, ඒත් උඹ ඒක දරාගන්නවා. එයාට පොඩි ස්පේස් (Space) එකක් ඕන නම්, උඹ ඒකට ගරු කරනවා (Respect).

4. කල් පැවැත්ම? (Duration)

🛑 Limerence (රැවටීම): උපරිම මාස 18 සිට අවුරුදු 3 යි. (Dopamine බැස්ස ගමන් උඹට එයා එපා වෙනවා).

✅ True Love (ඇත්ත): ජීවිත කාලෙම වුනත් තියෙනවා. (මොකද ඒක රඳා පවතින්නේ හෝමෝන උඩ නෙමෙයි, පුරුද්ද සහ බැඳීම උඩ).

🧬 ඇයි අපිට "Limerence" හැදෙන්නේ? (The Root Cause)
මේක Biology වල උගුලක්. සොබාදහමට ඕනේ උඹව ඉක්මනට කාටහරි සෙට් කරලා "වර්ගයා බෝ කරන්න" (Reproduction). ඒ නිසා තමයි මුල් කාලේ අර වගේ "High" එකක් දෙන්නේ. ඒක හරියට බිලී කොක්කට දාපු පණුවා වගේ. උඹ ඒකට අහු වෙනවා.

⚠️ අනතුරු ඇඟවීමයි: උඹ ඉන්නේ Limerence එකක නම්, කිසිම තීරණයක් ගන්න එපා (කසාද බඳින්න/ගෙවල් දොරවල් ලියලා දෙන්න එපා). මොකද තව මාස 6-18 කින් ඔය හෝමෝන බැස්සම, ඉස්සරහා ඉන්නේ වෙනම මනුස්සයෙක් කියලා උඹට තේරෙයි. එදාට පරක්කු වැඩියි.

Bottom Line: ගින්දර (Spark) පස්සේ දුවන්න එපා. ගින්දරෙන් පුළුවන් පිච්චෙන්න විතරයි. උණුසුම (Warmth) හොයාගන්න. ජීවිතේ දිගටම යන්න පුළුවන් එතකොට විතරයි. 🧠⚓

මේක තේරුම් ගන්නෙ 1% ක් විතරයි. ඔයා ඒ 1% කේ නම් 👍🏻 එකක් දාලා Share කරගෙන යන්න.

- Copied
[👁️ See Beyond the Illusion]

Address

Seek The Success

11850

Opening Hours

Monday 18:30 - 21:00
Tuesday 18:30 - 21:00
Wednesday 18:30 - 21:00
Thursday 18:30 - 21:00
Friday 18:30 - 21:00
Sunday 09:00 - 17:00

Telephone

+94771002155

Website

Alerts

Be the first to know and let us send you an email when Seek the Success posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seek the Success:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share