ජිනාදරී කලායතනය Jinadari Dancing Academy

ජිනාදරී කලායතනය Jinadari Dancing Academy

Share

🌟Dancing class🌟Dancing Costumes 🌟Dance Choreography 🌟Makeup

01/01/2026

🙏සුභ නව වසරක් වේවා 🙏
🌟2026 නව වර්ෂය ඔබ සියලුම දෙනාට සුභ වේවා🌟
ආයුබෝ වේවා
කළ සෙත් මුදුන් වේවා
දෝෂ දුරුවේවා!
සක්‍ර මහ බඹු ආයු බෝවා....!🙏

31/12/2025

⚜️ ජිනාදරී කලායතනය ⚜️කඩවත | Jinadari Dance Foundation ⚜️Kadawatha➡️0716977792(whatsaap only) | 0741276536 | 0742372506

🔴2026 නව වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනේ...
🔴නිවැරදිව නර්තනය විෂය හැදෑරීමට ,එකතු වන්න අප කලායතනයත් සමඟ....
🔴රජයේ ලියාපදිංචි සක්‍රීය කලායතනයකි..


https://jinadaridanceacademy.mystrikingly.com/
https://youtube.com/channel/UC5faHDry1X8AE4vnDQMBb9w
https://www.facebook.com/Jinadaridanceacademy/
https://instagram.com/jinadaridancingtroupe_?igshid=YmMyMTA2M2Y=

19/10/2025

උඩරට පහතරට සම්ප්‍රදායන් දෙකම ආසාවෙන් ඉගෙන ගන්න මගේ දරුවන්....🥰🥰

12/10/2025
Photos from ජිනාදරී කලායතනය Jinadari Dancing Academy's post 04/10/2025

ජීවිතයේම කොටසක් වූ නර්තන කලාව සමග ඉදිරියට පියමං කරන මගේ ආදරණීය දක්ෂ දරුවන්. 🥰

" අපේ කමට සංස්කෘතියට සැබෑ ලෙස ගරු කරන්න ..ඒ තාක් එය හොඳින් රැකෙනු ඇත... "
..........වසර 14 ක් මහන්සි වූයේ මෙවැනි සිත් ඇති දරුවන් බිහිකිරීමටය....🙏🙏

19/09/2025

@⚜️JINADARI DANCING COSTUMES ⚜️
➡️Kadawatha
➡️0716977792
➡️At an affordable price...
(අවුරුදු 4-8ත් අතර පුංචි දරුවන්ට උඩරට රංග වස්ත්‍රාභරණ පහසු මිලට ,කුලී පදනම මත ලබාගත හැකියි..)👍

07/09/2025

🙏වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් හැඟීම් සමුදායක් හිතට ගලාගෙන ආපු මොහොතක්..සතුටෙන් ආඩම්බරයෙන් මගේ ආදරණීය ගෝලයින්ගේ දෑස් දෙස බලාගෙන හිටියාට ඒ ගෙවුණු කෙටි විනාඩි කිහිපය මට දිගු කාලයක් වගේ..
මා ඉදිරියේ මේ ඉන්න ගෝලයින් බොහොමයක්ම 2012 සිට විවිධ කාලවකවානු තුළ ශිල්ප ලත් ගෝලයින්.... ඉතින් අපේ මතකයන් සහ බැඳීම් ගොඩක් ශක්තිමත්...

මගේ ඉදිරියේ බුලත් අතකුත් තියාගෙන ඇස් දෙක කඳුළුවලින් පුරෝගෙන මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න සමහර ගෝලයින් මාත් එක්කම මේ මොහොත වෙනතුරු දවස් පහක් අඛණ්ඩව නිදි නැතිව මාත් එක්ක වෙහෙසුන හැටි හිතට දැනෙනකොට මගේ ඇස් දෙකෙන් වැටෙන්න එන කඳුළු සඟවගෙන මෙතන හිටගෙන හිටියේම හරිම අමාරුවෙන්..

ගුරු වන්දනයේ විනාඩි කිහිපය තුළ හිටගෙන ඉන්න මොහොතේ හිතට දැනුනේම ..

මෙයින් පසු රංග ගතවීමට නියමිත උඩරට ,පහතරට ශාස්ත්‍රීය නර්තන අංග 20 කෙසේ දිගහැරේ ද..?.....
ශාස්ත්‍රී නර්තන අංග පමණක්ම නිසා දැවැන්ත ප්‍රේක්ෂාගාරය එය වැළඳ ගනීවිද..?......
අවුරුදු 4,5,6 මගේ පුංචි පැටව් ටික උඩරට පහතරට ශාස්ත්‍රීය නර්තනාංග, මා විශ්ව විද්‍යාලයේ වාදක ගුරුපියවරුන්ගේ වාදනයට කෙසේ මේ රංග භූමියේ නර්තනයේ යෙදේවිද..?...............
වෙස් මුහුණු බැදලා මහන්සි පිටම නටන මගේ දරුවෝ ටික...?.......

මේ සිතුවිලි අතරේ ආයෙත් හිත ,මගේ ඉස්සරහ ඉන්න දරුවන්ගේ දෑස් මතට වැටුනහම හිතෙන්නේම ,,,, අනේ මගේ දරුවන්ට හීරීමක්වත් වෙන්නේ නැතුව අද දවසේ නටන්න පුළුවන් වෙන්න ඕනේ කියලා..
...............................
ගුරු වන්දනය කොටස කෙටි කාලයක් වුවත් හිතට දැනුණු දේවල් නම් අප්‍රමාණයි.. එදින උදෑසන කලඑළි මංගල්‍යයත් නිම කරලා කෙතරම් වෙහෙසකාරී වුණත් හවස ගතික මිණි ප්‍රතිභා , මේ සාම්ප්‍රදායික ප්‍රසංගය සාර්ථක කරගන්න නැවත නැවතත් හිතට ශක්තිය දුන්නේම මේ මොහොතේ මගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න මගේ මේ ගෝලයින්ගේම ශක්තියයි...

මගේ හිතට නැගුනේම මමත් පින්වන්තයි ඒ වගේම මා වෙත එකතු වෙන මගේ දරුවොත් ගොඩක් පින්වන්තයි. මුදල් පසුපස පමණක් හඹා ගියා නම් අද මා මේ ආදරය ගෞරවය සමග මෙතන නැත.

වසර 13 ක් මාගේ කැපවීමේ වෙහෙස මහන්සියේ,ශාස්ත්‍රීය නර්තන කලාවට තිබෙන ආදරය ගෞරවයේ, මගේ දරුවන්ට තිබෙන ආදරයේ ප්‍රතිඵලයි එදින මා මාගේ දෑස් ඉදිරියේ අත්වින්දේ.....🥰🥰🥰

30/07/2025

⚜️ ජිනාදරී කලායතනය- කඩවත -0716977792 ⚜️

💃 උසස් පෙළ නර්තනය විෂය නව පන්ති ආරම්භය ➡. අගෝස්තු 02 සෙනසුරාදා..

➡️කඩවත විශ්ව උසස් අධ්‍යාපන ආයතනය , සවස 2.00 ට...

➡🥰ප්‍රායෝගික සහ සිද්ධාන්ත නිවැරදිව හොඳින් ඉගෙන ගනිමු..🥰

Photos from ජිනාදරී කලායතනය Jinadari Dancing Academy's post 08/07/2025

🙏ජිනාදරී කලායතනය🙏හිසවෙස් සහ ශීර්ෂාභරණ පැළදවීමේ මංගල්‍යය 2025 🙏

අසීමිත කැපකිරීම් සහ අභියෝගතා මැදින් අති සාර්ථක නිමාවක් සනිටුහන් කල දිනයක්.. නර්තන කලාවට දක්ෂ දරු දැරියන් බොහොමයක් දායාද කල දිනයක්..

🌹ඇත්තෙන්ම ගුරුවරියක ලෙස මා හරිම වාසනාවන්ත යැයි මට හැඟුණා ,,යහපත් දරුවන් ,ගුරු භවතුන් ,ආදි සිසුන් සහ දෙමාපියන් නිබඳවම ආදරයෙන් ගෞරවයෙන් කැපවීමෙන් මා වටා එක්රොක් වී සිටිනවා සෑම මොහොතකදීම... .
මේ සියලුම සාර්ථකත්වයන් පිටුපස සිටින්නේ මොවුන්ය...
🙏ඒවගේම මේ සියලු කටයුතු සඳහා සහභාගි වෙමින් නිබඳවම මා දිරිගන්වන, මා ද අධ්‍යාපනය ලැබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ,කථිකාචාර්ය ,දේශක, බෙර වාදක මහත්ම, මහත්මින්ට මාගේ ගෞරවය සහ ස්තූතිය 🙏🙏
මාගේ ආදරණීය දරුවනේ කලාව වෙනුවෙන් මේ තරම් මහන්සි වෙනවා වගේම ඉදිරියටත් අපේ මේ වටිනා වූ කලාව රැගෙන යන්නට සියලුම දරුවන් හැකි උපරිමයකින් කැපකිරීම් කරන්න .🥰සාම්ප්‍රදායික නර්තන කලාව රැකගත යුතු බව අමතකක නොකරන්න..🥰

Photos from ජිනාදරී කලායතනය Jinadari Dancing Academy's post 19/05/2025

⚜️ජිනාදරී කලායතනය⚜️
කඩවත..0716977792
🥰මෙවර සාමාන්‍ය පෙළ දරුවන්ගේ ප්‍රායෝගික විභාගය සඳහා පැවැත්වූ වැඩමුළුව සාර්ථකව නිමකර ගැනීමට හැකිවුණා ... සියලුම දරුවන්ට කොහොඹා දෙවි පිහිටයි🙏🙏 විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🌹🌹🌹

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Kadawata

Opening Hours

Monday 16:00 - 18:00
Tuesday 14:30 - 16:30
Friday 16:00 - 18:00
Saturday 08:30 - 12:30