Kelaniya Zonal Education Office

Kelaniya Zonal Education Office

Share

Kelaniya Zonal Education Office is a government organization that serves the education of Sri Lanka.

Photos from Kelaniya Zonal Education Office's post 27/10/2023

The girl's Nutrition Team of Elpitiwala Chandrawansha School organized a food festival on October 26 under the leadership of the Divisional Director of Education, Wattala.

Photos from Kelaniya Zonal Education Office's post 18/10/2023

හිටපු කැලණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය හා හිටපු වත්තල කොට්ඨාස අධ්‍යක්ෂතුමිය වෙනුවෙන් වත්තල කොට්ඨාස විදුහල්පතිවරුන් විසින් සංවිධානය කරනු ලැබූ උපහාර උළෙල 2023.10.18 දින වත්තල රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේදි පැවැත්විණ.ඒ සදහා වත්මන් කැලණි කලාප අධ්‍යක්ෂතුමිය හා වත්මන් වත්තල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාද එක්විය.

Photos from Kelaniya Zonal Education Office's post 12/10/2023

2023 ඔක්තෝම්බර් 10 දින බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ මූලිකත්වය යටතේ කලාප අධීක්ෂණ කටයුතු සිදු විය.

Photos from Kelaniya Zonal Education Office's post 08/10/2023

දික්ඕවිට ශාස්ත්‍රාලෝක විද්‍යාර්ථයින් විසින් සංවිධානය කරනු ලැබූ ශාස්ත්‍රාභිමානි -2023 අධ්‍යාපන ප්‍රදර්ශනය වත්තල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.10.06 දින පැවැත්වින.

Photos from Kelaniya Zonal Education Office's post 08/10/2023

කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ගිණුම් සහ වැටුප් අංශ වල නිලධාරීන් වෙනුවෙන් ඔක්තෝම්බර් 04,05 සහ 06 දින වලදී GPS (Government Payroll System) පිළිබඳව පුහුණු වැඩසටහනක් පැවැත්වුණි.

Photos from Kelaniya Zonal Education Office's post 30/08/2023

බප/කැල/ ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයේ 2023 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා පැවති "පෞරුෂ සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුව" 2023 අගෝස්තු 27 දින විද්‍යාල පරිශ්‍රයේ දී අතිසාර්ථකව පැවැත්විණ.

දරුවන්ගේ නායකත්ව ගුණාංග, කණ්ඩායම් හැඟීම් වර්ධනය, අවස්ථානෝචිත නිවැරදි තීරණ ගැනීම ආදි මෘදු කුසලතා වර්ධනය මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු විය.

ජාතික ශිෂ්‍ය බලකායේ දෙවෙනි බලඇණියේ මේජර් ජගත් කුමාරසිංහ මහතා, 28 වෙනි බලඇණියේ ලුතිනන් ඩබ්.ජී.පී දිසානායක මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා හා උපදේශන අංශයේ කථිකාචාරිනි මිනෝන් පෙරේරා යන මහත්ම මහත්මීන් සිය සම්පත් දායකත්වය මේ සඳහා නොමසුරුව ලබාදෙන ලදී.

Photos from Kelaniya Zonal Education Office's post 25/08/2023

2023.08.24 දින ගරු සිසිර ජයකොඩි සහ සහන් ප්‍රදීප් මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කැලණිය අධ්‍යාපන කලාපය සම්බන්ධයෙන් ව්‍යුහ කමිටු රැස්වීම පවත්වන ලදී.

Photos from Kelaniya Zonal Education Office's post 17/08/2023

බප/කැල/ ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ සියලුම දූ දරුවන් හා විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සඳහා කඩුවෙල බෝමිරියේ සතිපාසල පදනමේදි 2023.08.09 දින සතිපාසල වැඩසටහනක් පැවැත්වුණි.

"සතිපාසල" වැඩසටහන බප/කැල/ ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳව ඉතාමත් සුබවාදි ප්‍රතිචාර ලැබෙමින් පවතී. ඒ අතරතුරදී, GEMP ව්‍යාපෘතිය යටතේ මනෝ සමාජීය කුසලතා වර්ධනය අරමුණින් ලැබුණු ප්‍රතිපාදන භාවිතා කරමින් "සතිපාසල පදනම" වෙත දරුවන් රැගෙන ගොස් දිනය පුරාම එහි සතිය පිහිටුවීම සම්භන්ධයෙන් ක්‍රියාකාරකම් රැසක් සිදුකරන ලදී.

දරුවන් දිනය පුරාම ඉතාමත් සතුටින් හා උද්‍යෝගයෙන් වැඩසටහන සඳහා සහභාගි වූහ. එම වැඩසටහන මෙහෙයවූ හා ආහාරපානවලින් සංග්‍රහ කළ එම පදනමේ පින්වත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර පූර්වක ස්තූතිය පිරිනමන්නෙමු.

Photos from Kelaniya Zonal Education Office's post 14/08/2023

බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එල්. නිල්මිණි පෙරේරා මහත්මියගේ රාජකාරි ආරම්භක රැස්වීම 💐💐💐

Photos from Kelaniya Zonal Education Office's post 14/08/2023

💐💐💐 නව කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එල්. නිල්මිණි පෙරේරා මහත්මියට බස්නාහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර මහතා ඇතුළුව පැමිණි සිටි නිලධාරී මහත්ම මහත්මීන් සුභ පැතුම් එක් කරමින් ... 💐💐💐

Photos from Kelaniya Zonal Education Office's post 14/08/2023

💐💐💐කැලණිය අධ්‍යාපන කලාපයේ නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එල්. නිල්මිණි පෙරේරා මහත්මිය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සුභ මොහොතෙන් රාජකාරි ආරම්භ කිරීම.💐💐💐

Want your school to be the top-listed School/college in Kadawata?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

1st Floor, Administration And Commercial Complex, Mahara
Kadawata
11850

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 04:15
Wednesday 08:30 - 04:15
Thursday 08:30 - 04:15
Friday 08:30 - 04:15