Pahala Karannagoda Primary College

Pahala Karannagoda Primary College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pahala Karannagoda Primary College, Elementary School, Karannagoda, Horana.

03/09/2026
අද අපි අපේ ඉස්කෝලෙ දරුවන් ගේ දෑතින් සෑදූ බෙහෙත් කවර හොරණ රෝහලට  පරිත්‍යාග කළා
03/06/2026

අද අපි අපේ ඉස්කෝලෙ දරුවන් ගේ දෑතින් සෑදූ බෙහෙත් කවර හොරණ රෝහලට පරිත්‍යාග කළා

🌟පහළ කරන්නාගොඩ අපේ වෙසක්🌟
30/05/2026

🌟පහළ කරන්නාගොඩ අපේ වෙසක්🌟

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2025 ශිෂ්‍යයත්ව විභාගයේ දස්කම් දැක්වූ අපේ ආදරණීය දරුවන් ඇගයීමේ උළෙල. (විශේෂ ස්ත...
20/12/2025

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2025 ශිෂ්‍යයත්ව විභාගයේ දස්කම් දැක්වූ අපේ ආදරණීය දරුවන් ඇගයීමේ උළෙල. (විශේෂ ස්තූතිය - මහජන බැංකුව නෑබොඩ ශාඛාවේ කළමණාකාරතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය)

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2025/11/03 වන දින පැවැත්වූ මාපිය වන්දනා වැඩසටහන.
04/11/2025

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 2025/11/03 වන දින පැවැත්වූ මාපිය වන්දනා වැඩසටහන.

පුතේ ඔයාල මේ ආපු  දුර අපිට මහ මෙරක්.... කොට්ඨාස ප්‍රාථමික ක්‍රීඩා තරඟ පුහුණු කරන්න අපිට පුහුණු කරුවො හිටියෙ නෑ... තරඟ පු...
25/10/2025

පුතේ ඔයාල මේ ආපු දුර අපිට මහ මෙරක්.... කොට්ඨාස ප්‍රාථමික ක්‍රීඩා තරඟ පුහුණු කරන්න අපිට පුහුණු කරුවො හිටියෙ නෑ... තරඟ පුරුදු කරන්න ක්‍රීඩා පිට්ටනියක් අපිට තිබුණෙ නැහැ.. විසදුම දුන්නෙ පහළ කරන්නාගොඩ පන්සලේ හාමුදුරුවෝ... ඉස්සර කාලේ ඉදන්ම පන්සල් තිබුණෙ ගමේ මිනිසුන්ට, දරුවන්ට තමා මේව තියෙන්නෙ කියලා තරඟ පුරුදු වෙන්න අපිට පන්සල් භූමිය දුන්නේ අපේ හාමුදුරුවෝ..... ඉස්කෝලෙ ට කලාප අධීක්ෂණය ආව දවසේ කිව්වෙත් අපි දරුවන් ව එහෙම පාරෙන් පන්සලට අරන් යන එක අවදානම් කියලා...ඒත් අපි ඒ අවදානම ගත්තා දරුවො වෙනුවෙන් මොකද අපිට වෙන් විකල්පයක් තිබුණේ නෑ.. ඉතින් ඒ පන්සල් භූමියේ බොරලු පොළොවට හැමදාමත් ට්‍රුක් එක ගහලා හදලා දුන්නේ අපේ දරුවන්ගේ දෙමව්පියෝ, අන්න එහෙම තමයි අපි මුලින්ම ක්‍රීඩා තරඟවලට ගියෙ..අපිට වැඩිය පහසුකම් තිබුණු කොට්ඨාසෙ අනික් පාසල් එක්ක තරග කරපු අපේ පැටව් කොට්ඨාස අනූ ශූරතාව.....ඒ දැනුණ සතුට වචන වලින් කියා ගන්නා බෑ... කලාප තරග ඊළඟට..... හොඳ තරගයක් දෙන්න ඕන..ඒ අපේ මුළු ඉස්කෝලෙ ම අපේක්ෂාව.... ඒත් අපිට ආපහු කලින් ප්‍රශ්නවලටම මුහුණ දෙන්න වුණා.. ඉතින් මතක් වුණේ අපේ අසල්වැසි පාසල... වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලය....අපේ විදුහල්පතිතුමියගේ මැදිහත් වීමෙන් ඒ විදුහල්පතිතුමියගේ කාරුණික ප්‍රතිචාරයෙන් අපිට පුළුවන් වුණා වරකාගොඩ මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ජීවන් සර්ව ගෙන්න ගන්න.. එතුමා ඇවිල්ලා අපෙ දරුවන්ව හොඳින් පුහුණු කළා..ඒක රාජකාරියකට වඩා මානුෂීය සත්කාරයක්.... ඒ වගේම වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයෙ ක්‍රීඩා පිට්ටනියටත් අරන් ගිහිල්ලා අපේ පැටව් පුහුණු කළා..
ඉතින් අපේ පැටව් ටික ලස්සනට ගෙනියන්න ඉස්කෝලෙ පාටින් ඇඳුමකුත් මහගත්තේ අපේ දෙමව්පියන්ගෙ ශක්තියෙන්.. කලාප තරග දවසට අපේ පැටව් ටික ගෙනියන්න නොමිලෙ ප්‍රවාහන පහසුකම් දුන්නේ දුන්නෙත් අපේ දෙමව්පියෝ...මහ වැස්සේ තෙමි තෙමි හැම දරුවෙක්ම තමන්ගේ වගේ බලා ගත්තෙත් අපේ දෙමව්පියෝ..(ඔයාලා තමා අපේ ශක්තිය) මේ වගේ ගොඩක් දුෂ්කරතා මැද්දේ තරඟ කරපු අපේ පැටවුන්ට කලාප ක්‍රීඩා උළෙලෙත් ජයග්‍රහණයක් තියේවි කියලා පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇතුළෙ තිබුණා...1,2,3 ස්ථාන නොතිබුණාට හොරණ නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් එක්ක ඔයාලා දුන්න තරගෙ හැටියට 4 කියන්නෙත් ලොකු ස්ථානයක් තමයි... ආදරෙයි පුතේ ඔයාල හැමෝටම.... ..
ඉතින් කියන්න ඕන මේ හැමදේකටම යෝධ ශක්තියක් වුණේ අපේ විදුහල්පතිතුමිය.. එතුමියගෙන් අපිට ලැබුණ සහය අතිවිශිෂ්ටයි........

ඉතින් මේ දුෂ්කරතා මධ්‍යයේ වුවත් අපේ පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලීය නාමය ඔසවා තබන්නට දායක වු පහළ කරන්නාගොඩ පන්සලේ අපේ හාමුදුරුවන්ට, අපේ පාසලේ විදුහල්පතිතුමියට ආචාර්ය මණ්ඩලය ට, වරකාගොඩ දීපාලෝක මහා විද්‍යාලයෙ විදුහල්පතිතුමියට හා ක්‍රීඩා පුහුණුකරු ජීවන් පැතුම් සහෝදරයාට, ඒ වගේම අපේ දරුවන්ගේ දෙමව්පියන් ට ගොඩක් ස්තුතියි අපිට හයියක් වුණාට...

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලය.🥰ගුරු උපහාර🥰"සකසා නෙක දැනුම්,පොවනා උතුම් සෙනෙහින්,මව්නි ගුරු උතුම්,පුදන්නෙද ඔබ ම...
10/10/2025

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලය.
🥰ගුරු උපහාර🥰
"සකසා නෙක දැනුම්,
පොවනා උතුම් සෙනෙහින්,
මව්නි ගුරු උතුම්,
පුදන්නෙද ඔබ මෙසේ කෙලෙසින්"

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ වප් පුන් පොහොය නිමිති කරගෙන පැවැත්වූ පෙර පෝදා ධර්මදේශනය. 2025/10/03
03/10/2025

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ වප් පුන් පොහොය නිමිති කරගෙන පැවැත්වූ පෙර පෝදා ධර්මදේශනය. 2025/10/03

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලය2025 ලෝක ළමා දින සැමරුම් උත්සවය."ආදරයෙන් සුරකින්න, අපට ලොව දිනන්නට"
01/10/2025

බප/හො/පහළ කරන්නාගොඩ ප්‍රාථමික විද්‍යාලය
2025 ලෝක ළමා දින සැමරුම් උත්සවය.
"ආදරයෙන් සුරකින්න, අපට ලොව දිනන්නට"

ප්‍රාථමික සිසු නිපුනතා තරගාවලිය 2025 කලාප මට්ටම (3,4,5 ශ්‍රේණි) දැලිස එකතු කිරීම, දැලිස අඩු කිරීම, දැලිස ගුණ කිරීම, නිර්...
18/09/2025

ප්‍රාථමික සිසු නිපුනතා තරගාවලිය 2025 කලාප මට්ටම (3,4,5 ශ්‍රේණි) දැලිස එකතු කිරීම, දැලිස අඩු කිරීම, දැලිස ගුණ කිරීම, නිර්මාණාත්මක වැකි ලිවීම,අසා ලිවීම යන තරඟ අංශයන්ගෙන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන අත්කර ගනිමින් විදුමවුගේ කිතු ගොස නැංවූ දූ දරුවනේ ඔබට අපගේ සුබාසිංශන.

Address

Karannagoda
Horana
12400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Pahala Karannagoda Primary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share