06/08/2025
නොනිමෙන සෙනෙහස
(රාබීන්ද්‍රනාත් තාගෝර්)
ගෙවී ගිය හැම යුගයකම, හැම ජීවිතයකම,
අසංකීය හැඩවලින් මම ඔබට ආදරය කළෙමි.
සදාසරණව, සදාකාලිකව,
කාලය ගෙවී යද්දී මගේ ආදරය ඉගැඹුරුවෙයි.
ඔබේ ඇසෙහි දිදුලන ආලෝකය,
දුටුවෙමි මම බොහෝ ජන්මයන් තුළ.
ඔබගේ ස්වරය මට සන්සුන් සංධ්වනියක් ම විය,
මගේ ආත්මය තුළට නදියක් සේ ගලා ගිය.
ලෝකයෙහි හැම පූජනීය තැනෙක ම රැඳී සිටියේ ඔබය.
දහස්වර මට ඔබ හිමි විය..
එපමණ ම වර ඔබ අහිමි වූ ගින්නෙන් දැවුනෙමි..
නමුත් හැම විටම, ඔබ මවෙත ආවෙහිය
සඳැසින් පිරුණු ආදරය ම රැගෙන...
රාබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවි, නවකතා, ගීත සහ නාට්‍ය මඟින් විශ්ව මනුෂ්‍යත්වය, දාර්ශනිකත්වය හා ආදරය ගැඹුරු ලෙස විවරණය වේ.
තාගෝර්ගේ ප්‍රේමය සාමාන්‍ය ආදර සංකල්පයකට වඩා ඉහළ ය. එය කියවිය යුත්තේ හෘදයාංගම සන්ධානයක් ලෙසය — සන්සුන්ව හැඟෙන, නිතර ආත්මය දිගහැරෙන සන්සුන් ආදරය නිවන කි.
ඔහුගේ කවිවලින් පෙනී යන්නේ, ආදරය යනු අයෙකුට පමණක් සීමා වන්නක් නොවන බවය. ජීවිතයම ආදරයට පාත්‍ර කරගන්නා ආකාරයකි. ආදරය යනු ඔහුට ගීතයක, පූජාවක, නිවෙන්නැති සන්සුන් සෙරෙන් ගලා යන්නක් බවය. ජන්ම ජන්මන්තර සබඳතාවක් බවය. එය සරලව, නිරායාසව දේවත්වය හා පරිත්‍යාගය සමඟ ත් මනුෂ්‍යයා සහ සොබා දහම අතරත් ඇති නොනිවෙන පුළිඟුවක් ලෙසය.
ඔහු ලියූ Unending Love යන පද පෙළ ඔහුගේ ආදර සංකල්පයේ මේ ධර්මතාවය පෙන්වයි.
තාගෝර්ගේ ප්‍රේමය කියවීම යනු, ආදරය තුළ සදා නොනිවෙන ආලෝකය සෙවීමකි.
----------------
සුධර්මා සුභාෂිණි.