Wijemanna Learners

Wijemanna Learners

Share

පානදුර පාර ,හොරණ. (බෝධිය අසල)

29/07/2026
24/03/2026

වාහන පැද්දට කවද හරි හිතල තියනවද? අපි ඇයි පාරේ වම් පැත්තෙන්ම යන්නේ? 🚗

ලංකාවේ අපි වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙන්. හැබැයි ඇමරිකාව, ප්‍රංශය වගේ රටවල යන්නේ දකුණු පැත්තෙන්. ඇයි මේ ලෝකය දෙකට බෙදිලා තියෙන්නේ? 🤔 මේකට හේතුව විද්‍යාවට වඩා ඉතිහාසය කිව්වොත් හරි! 📜✨

⚔️ කඩුවෙන් පටන් ගත්තු "වම් පැත්තේ" කතාව:
අතීතයේ මිනිස්සු පාරේ ගියේ අශ්වයන් පිටින්. ඒ කාලේ පාරේ යද්දී හතුරෙක් මුණගැහුණොත් සටන් කරන්න වෙන්නේ දකුණු අතින් කඩුව අරගෙන. 🛡️ ඉතින් තමන්ගේ දකුණු අත පැත්තේ හතුරා ඉන්න විදියට, ඒ කියන්නේ පාරේ වම් පැත්තෙන් යන එක තමයි ආරක්ෂිතම ක්‍රමය වුණේ. ලංකාවට මේ පුරුද්ද ආවේ අපේ රට පාලනය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන්. 🇬🇧🇱🇰

🐎 කරත්තෙන් ආපු "දකුණු පැත්තේ" කතාව:
ඇමරිකාව වගේ රටවල අශ්වයෝ හතර පස් දෙනෙක් බැඳපු ලොකු කරත්ත තිබුණා. කරත්තකරු වාඩි වුණේ වම් පැත්තේ අන්තිම අශ්වයා පිට. එතකොට එයාට දකුණු අතින් හැම අශ්වයෙක්ටම කසයෙන් තලන්න ලෙසියි. 🚜 ඉදිරියෙන් එන කරත්ත එක්ක රෝද හැප්පෙන්නේ නැතුව යන්න නම් පාරේ දකුණු පැත්තෙන් යන එක තමයි එයාට පහසු වුණේ. 🇺🇸🇫🇷

🌍 අද තත්ත්වය:
දැන් ලෝකයේ රටවල් වලින්:
🔹 35% ක් විතර (ලංකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාව) පාරේ වම් පැත්තෙන් යනවා. ⬅️
🔹 65% ක් විතර (ඇමරිකාව, යුරෝපයේ වැඩිම රටවල්) පාරේ දකුණු පැත්තෙන් යනවා. ➡️

මේක නිකම්ම නීතියක් නෙවෙයි, අවුරුදු සිය ගණනක මිනිස් පරිණාමය සහ සංස්කෘතිය පෙන්වන කැඩපතක්! 🪞✨

ඔයාලා දැනගෙන හිටියද ජපානය කවදාවත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නොවීත් පාරේ වම් පැත්තෙන් යන්නේ ඇයි කියලා? ඒකට හේතුවත් එයාලගේ පැරණි "සමුරායි" වරුන්ගේ කඩු සටන් කලාවයි! ⚔️🇯🇵

23/10/2025

#@@@@@@@@@

05/09/2025

වාහනේක හදිසියේ බ්‍රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)

මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා.
..............
පහුගිය කාලෙ වගේම ඊයෙත් කඳුකර ප්‍රදේශ‍යයක් වෙච්ච ඇල්ල වැල්ලවාය පාරෙ අනතුරක් සිද්ද වුනා. ඇල්ලෙ ඉඳලා වැල්ලවාය නගරය පේන දුරක් දක්වා එකදිගටම තද බෑවුම. ඉතිං එහෙම පාරක බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්‍රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම. ඒ වගේම මේ වගේ තිරිංග ක්‍රියා විරහිත වීම බොහොමයක් වෙලාවට වෙන්නෙ කඳුකර මාර්ග නුපුරුදු තරුණ රියදුරන් අතින්. මොකද එයාලා වාහනේ තිරිංග හෙවත් බ්‍රේක් පද්ධතිය ගැන අධික විදියට විශ්වාසය තියනවා. ඒත් මේ පහල තියෙන හේතු වලින් එකක් නිසා හදිසියේ සම්පූර්ණයෙන්ම බ්‍රේක් නැතිවෙලා යන්න පුලුවන්.

මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන.

ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්‍රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටි කීයද, නිශ්පාදනය කල රට මොකක්ද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ..

1. බ්‍රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය

කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්‍රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා

ඒ යෙදෙන අධික තාපය නිසා බ්‍රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි.

ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා.

2. Engine braking භාවිත නොකිරීම

Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය.
මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

3. Continuous braking

Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට
"pumping" or "intermittent braking" හෙවත් බ්‍රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න.

ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ.

ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ
2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි කරන්න.

සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්‍රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න.

නැතිනම් ඔයාගෙ වාහනේ බ්‍රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා.

මට මතකයි ගිය වතාවෙ මේ පෝස්ට් එක share වෙද්දි ලේලන්ඩ් වල මෙහෙම වෙන්නෙ නෑ කියල එක පණ්ඩිතයෙක් දාලා තිබ්බා. ලේලන්ඩ් නෙමේ මොකේ උනත් මේක වෙනවා. වෙලාත් තියෙනවා. අත්දැකීම් නුත් තියෙනවා.

වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ....

උපුටාගැනීමකි. 💪

03/09/2025

විජේමාන්න රියදුරු පාසල - Wijemanna driving school - horana

Want your school to be the top-listed School/college in Horana?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

පානදුර පාර , හොරණ. (බෝධිය අසල)
Horana
12000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00