22/05/2023
මගේ පන්තිය
සමනල්ලු ටික මගේ
ඇවිත් ඇති පන්තියේ
පමාවක් නොවී මා
යා යුතුයි විගසිනේ
හිනා පොඩි පිරුණු මුව
ආදරේ පිරුණු ඇස්
අයාගෙන බලන් ඇති
දැන් ටීචර් එනු ඇතැයි මග බලමිනේ
කලු සුදුයි කියා
නැතේ කිසි වෙනසක් මට මගේ පැටවුනේ
එකිනෙකා හැමෝමම
ලස්සනයි පියකරුයි මට මගේ
පැටවුනේ
දරු පැටවු දගකාර කටකාර සන්සුන් වූවන් පවා එක් කරයි ජීවයක් මට මගේ පන්තියේ
සිප් සතර දී මනා
ගුණ දමින් පුරවලා
ඍජුව නැගිටින්නටත්
නොවැටී සිටින්නටත්
කියා දෙනවා මං
මගේ පැටවුන්ට
එකෙක් හරි නාවොතින්
දුක් ගනියි සිත මගේ
මට ඕනෙ හැමදාම හැමෝගෙම
සිනා හඩ අහන්නයි පන්තියේ
මගෙ ගෙදර වාගේම
මට සතුට සොඳුරු බව
ඇතේ මගෙ දරුවන්ගෙ පන්තියේ
මම මගේ හදවතේ ඉඩකඩයි
වෙන් කලේ දරුවන්ට මගෙ පන්තියේ
ගුරුවරිය මමයි මගෙ දරුවන්ගෙ පන්තියේ
ගුරු සිත _ Guru Sitha
සදාදරණීය ගුරුවරුනි #ගුරු_සිත page එකත් එක්ක එකතුවෙන්න. Page එකට Like කරන්න. අති උතුම් වූ වෘත්තියට එහා ගිය නුඹලාගේ දුක සතුට, ආදරය , විරහව පිරි මතක සිතිවිලි අකුරු කරන්නට එන්න ...
19/05/2023
23/04/2023