09/06/2026
"පරිසරය අප රකී - රකිමු අපි පරිසරය" තේමාව පාදක කරගෙන ඇල්ලකන්ද පරිසර කලාපයේ කුඹුක් පැළ රෝපනය හා පවිත්‍රතා කටයුතු සිදු කිරීම.
ලෝක පරිසර දිනය නිමිති කොටගෙන හොරණ කලාප අධ්‍යාපන අධ්‍යකෂතුමාගේ සහ පරිසර නියමු කලාප සම්බන්ධීකරණ නිලධාරීනි, සහකාර අධ්‍යාපන අධ්‍යකෂිකා එම්.එස්.එල්. කුලතුංග මහත්මියගේ උපදේශකත්වයෙන් හොරණ ව්ද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ පරිවේණාධිපති ආචාර්ය ලබුගම නාරද නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හොරණ පරිසර නියමු කලාප කොමසාරිස් කේ.එස්. ලලිත් ප්‍රියදර්ශන මහත්මාගේ මූලිකත්වයෙන් හා සංවිධානයෙන් හා හොරණ කලාප අධ්‍යාපන කාර්යාලීය පරිසර සංසදය හා විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ පරිසර අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.
මේ සඳහා සම්බන්ධ වූ හා සහයෝගිතාවය ලාබාදුන් ආයතන,
විද්‍යාරත්න පරිසර අංශය
කලාපීය පරිසර සංසදය - හොරණ
කොටගල වැවිලි සමාගම - සොරණවත්ත
කලාප අධ්‍යාපන කාර්යාලය-හොරණ
අඩවි වන නිලධාරී කාර්යාලය - ඉංගිරිය
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
හොරණ නගර සභාව
දිස්ත්‍රික් මහ රෝහල - හොරණ
යන ආයතනයන්හි සහයෝගීත්වයෙන් 2026.06.05 වන දින පැවැත්වුණි. මෙම උත්සව අවස්ථාව සඳහා හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ ගරු පරිවේණාධිපති අශෝක විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යකෂ ආචාර්ය ලබුගම නාරද නාහිමි, හොරණ නගර සභාවේ ගරු නගරාධිපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මැතිතුමා, නගර සභාවේ ගරු ලේකම් බී.කේ.ඩී. ගයන්ති මැතිණිය, හොරණ පරිසර නියමු කලාප කොමසාරිස් කේ.එස්. ලලිත් ප්‍රියදර්ශන මහතා, ඉංගිරිය හදිසි මරණ පරීකෂක ඉන්දිම කනත්තවත්ත මහතා, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ සැලසුම් අංශයේ ප්‍රධානීන් වන ඉන්දික ධර්මරත්න මහතා හා
වෛද්‍ය ලලන්තිකා ගුණසේකර මහත්මිය,කොටගල වැවිලි සමාගමේ ක්ෂෙත්‍ර නිළධාරී වෙනුර කාවින්ද මහතා, අඩවි වන නිලදාරී කාර්‍යාලයේ මහේශ් මහතා ඇතුලු රාජ්‍ය නිලදාරින් සම්බන්ධ විය.මෙහිදී පැළය වසර 3 බලාගැනීම සදහා සිසුන් හට ක්ෂේත්‍ර පොත ලබා දිම ද මෙහිදී සිදුවිය. මෙම අවස්ථා වේදී පරිසර කලාපයේ කුඹුක් පැල රෝපනය, කලාපයේ පවිත්‍රා කටයුතු සිදු කිරීම හා වනහාමිගේ ගල්ලෙන ආශ්‍රිත ක්ෂෙත්‍ර අධ්‍යයනය සිදු විය. (පරිසර නියමු කලාප කොමසාරිස් ලලිත් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.)
(මාධ්‍ය ආවරණය-විද්‍යාරතන මාධ්‍ය ඒකකය)