05/07/2025
Unstoppable & in to the Finals ! ❤️
Our boys finishes Ranked No. 1 in the League Round of Sri Lanka Schools Debating Championship 2025 and storms into the Finals! 💥
🗣️ League Round Victories :
✅ Museaus College – Colombo ( 3:0)
✅ Kalutara Vidyalaya ( 3:0)
✅ Ladies’ College – Colombo ( 3:0)
✅ Mahinda College – Galle ( 3:0) 🤫
🔥 Knockout Round Triumphs :
✅ In the Top 16 Round – Thurstan College – Colombo ( 3:0)
✅ In the Quarter Final – Nalanda College – Colombo ( 3:0)
✅ In the Semi Final – Anula College – Nugegoda ( 4:1)
🎯 Finals – Here We Come!
24/06/2025
Heartfelt congratulations to Nethun Insanda on his selection to represent Sri Lanka at the Under-15 Asian Baseball Championship, scheduled to be held in Taiwan from August 17th to 23rd. We extend our best wishes for his success and commend his dedication and hard work.
16/06/2025
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතුකුරුස කවය මගින් ජගත් පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කළ ශ්‍රමදානය සහ ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහන 2025.06.13 වන දින විද්‍යාල භූමියේදී සාර්ථක අයුරින් පැවැත්විණි.
ඖෂධීය වටිනාකමක් ඇති පැළ විශාල ප්‍රමාණයක් මෙහිදී රෝපණය කරන ලදි. විදුහල්පතිතුමාගේ අනුශාසකත්වයෙන් හා කවයභාර ආචාරිණියගේ, උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සභාපති ඇතුලු නිළධාරී මණ්ඩලයේ සහ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් මෙම කටයුත්ත සිදුවිය.
16/06/2025
පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ "මිහිඳු සිතුවිලි"පොසොන් කලාපය සඳහා ඉදිරිපත් කළ නිර්මාණ ඇගයීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ,ගරුතර මහා සංඝරත්නයේ සහ විදුහල්පති ජේ.ඩී.සරත් බන්දු ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
16/06/2025
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතුකුරුස කවය මගින් ජගත් පරිසර දිනය හරවත්ව සැමරීම උදෙසා, පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව පාසල් ප්‍රජාව බිත්ති පුවත්පත් මගින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් 2025.06.13 වන දින සාර්ථක අයුරින් පැවැත්විය.
මෙමගින් රතුකුරුස කවයේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණාත්මක හැකියා වර්ධනය කරගැනීමටද අවස්ථාවක් හිමිවිය. එමෙන්ම රතුකුරුස කවයෙහි සිසුන්ගේ නායකත්ව, සංවිධාන කුසලතා මෙන්ම සිසුන් අතර සහයෝගීතාව වර්ධනය වීමද සිදුවිය. විදුහල්පතිතුමාගේ අනුශාසකත්වයෙන් හා කවය භාර ආචාරිනියගේ උපදෙස් හා මගපෙන්වීම් යටතේ, සභාපති ඇතුලු නිළධාරී මණ්ඩලයේ හා සියලුම සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් මෙම කටයුත්ත සිදුවිය.
මේ සඳහා නන් අයුරින් දායකත්වය දැක්වූ සියලුම දෙනාට බෙහෙවින් ස්තූතියි!
10/06/2025
පිටපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය සංවිධානය කළ මිහිඳු සිතුවිලි පොසොන් කලාපයේ සැදැහැ ගී ප්‍රසංගය, විද්‍යාලයේ නිර්මාතෘවර හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් පාලගම මැතිතුමා, විද්‍යාලයේ විදුහල්පති ජී.ඩී.සරත් බන්ධු ගුණසේකර විදුහල්පතිතුමා ප්‍රධාන සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.
10/06/2025
MAY POSON LIGHT YOUR PATH WITH PEACE AND TRUTH — BY MRC✨
09/06/2025
පොසොන් පෝදා ධර්ම දේශනා මාලාව
ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2568ක් වූ පොසොන් මස පුර තුදුස්වක නම් තිථිය ලත් සඳු දින හෙවත් ව්‍යවහාර වර්ෂ 2025 ක් වූ ජුනි මස 09 වන සඳුදා දින පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වනු ලැබූ ධර්ම දේශනා මාලාව.
විද්‍යාලයේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව ගරු විද්‍යාලයාධිපති ජී.ඩී.සරත් බන්දු ගුණසේකර මැතිතුමාගේ පූර්ණ මග පෙන්වීම යටතේ සියලු පාසල් ප්‍රජාව එක්ව මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දී පවත්වනු ලැබූ ධර්ම දේශනා මාලාව
දේශකයන් වහන්සේලාවන,
01. සහකාර විදුහල්පති,ශාස්ත්‍රපති, පූජ්‍ය කොළඹගේආරේ යසස්සි ස්වාමින් වහන්සේ
2. මීගොඩ ධර්මරාජ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති, මීගොඩ අතුල සිරි ස්වාමින් වහන්සේ,
3. පානදුර වාද්දුව මොල්ලිගොඩ ශ්‍රී ප්‍රවචනෝදය පිරිවෙනෙහි පරිවෙණාචාර්ය ශාස්ත්‍රපති, තණමල්විල අමිතසිරි ස්වාමින් වහන්සේ,
4. ශාස්ත්‍රපති පූජ්‍ය සමනලගම සුගතසාර ස්වාමින් වහන්සේ,
5. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්) මාරඹ චන්දවිමල ස්වාමින් වහන්සේ, යන ස්වාමින් වහන්සේලා වෙත ද පුණ්‍යානුමෝදනා කරමු.
මීට අමතර ව උසස් පෙළ අංශයේ දරුවන් පිටිපන කනිෂ්ඨ විද්‍යාලයට ගොස් දරුවන් සමග සුහද කතා බහක යෙදෙමින් ඔවුන්ට සංග්‍රහයක් පැවැත්වූයේ සුහදතාවයේ ගුණධර්ම සංවර්ධනය කරගැනීමේ අටියෙනි. එම වැඩසටහන් සඳහා විදුහල්පතිග සරත් බන්දු ගුණසේකර මැතිතුමන් සහ ගුරු භවතුන්, දරැවන් සහභාගි වී සිදු කළ අයුරු....
එළඹෙන උතුම් පොසොන් පොහො දින සියලු දනන්ගේ සිත් ධර්මාලෝකයෙන් පිරී යේවා...
08/06/2025
" සුරකිමු මහී සොබා " ආදර්ශ පාඨය පෙරටු කරගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය පරිසර සංගමය ජගත් පරිසර දිනය විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් පසුගිය දා සමරන ලදී.☘️
*" හුස්ම දෙන ස්වභාදම් මෑණියන් සුරකිමු. 🌎🤍"*
06/06/2025
පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩා අංශය සංවිධානය කළ පිහිනුම් තරගාවලිය,
හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - හේමන්ත ගමගේ මැතිතුමන්,
මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මැතිතුමන් ,
අතිරේක පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) නයනි පෙරේරා මැතිණිය,
පාදුක්ක සිරි පියරතන විද්‍යාලයේ විදුහල්පති උදාන ගීගනගේ මැතිතුමා ඇතුළු සම්භාවනීයයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
රන්ජන් අබේරත්න මැතිතුමන්ගේ අනුග්‍රහය ස්තුති පූර්වකව සිහි කළ යුතුය.
02/06/2025
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ගුවන් විදුලි , පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලය සංවිධානය කළ "ගුවන් විදුලිය අධ්‍යාපන මෙවලමක් ලෙස භාවිත කිරීම" පාසල් වැඩමුළුව ඉකුත් 29 වෙනිදා පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී විදුහල්පති සරත් බන්දු ගුණසේකර මැතිතුමා ප්‍රධාන සම්භාවනීයයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය . එහි දී චන්දන තිලකරත්න , සුනන්දා හෙට්ටිආරච්චි ඉන්ද්‍රසිරි සුරවීර යන මාධ්‍ය ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් දරුවන්ට ලැබිණි . සියලු දරුවන්ට සුභ අනාගතයක් වේවා.