Future Skills Lab

Future Skills Lab

Share

Future Skills Lab is a modern learning space designed to prepare children for the challenges of tomorrow.

We help kids develop essential future skills such as critical thinking, creativity, problem-solving, communication, and emotional intelligence. College of Media Studies is a dedicated institution for practical media studies of aspirants dreaming to become eminent media personalities ...We are not yet another text book trainer..our proven practical training methodologies will make you confident media professional in every sphere

05/03/2026

“Let’s Give Children Something Meaningful Every Single Day.”

23/02/2026

🦋 The Life Cycle of a Butterfly - 🦋 සමනලුන්ගේ ජීවන චක්‍රය

ලෝකය දකින්න වෙර දරණ දරුවන්ට ඉතා වැදගත්....

23/02/2026

🦋 සමනලුන්ගේ ජීවන චක්‍රය - ලොව දකින්න වෙර දරණ දරුවන්ට ඉතා වැදගත්....

The life cycle of a butterfly begins with a tiny egg laid on a green leaf. After a few days, the egg hatches into a caterpillar, also called a larva. The caterpillar eats leaves and grows bigger every day. When it is fully grown, it forms a pupa, known as a chrysalis. Inside the chrysalis, the caterpillar slowly changes into a butterfly. Finally, a beautiful adult butterfly comes out and flies away. The butterfly then lays eggs, and the life cycle begins again.

19/02/2026

🌱 Value Children’s Thoughts

කුඩා දරුවන්ගේ සිතිවිලි
සරලයි… නමුත් ගැඹුරුයි.
නිහතමානියි… නමුත් අනාගතය දකිනවා.

ඔවුන් ඇඳින චිත්‍රයක, කියන වචනයක, හිතේ ඇතුළත් අදහසක
ඇත්තටම තියෙන්නේ —
හෙට ලෝකය වෙනස් කරන සිතුවිලි.

ඒවා අසන්න,
ඒවා අගය කරන්න,
ඒවා නොහෙලා නොදමන්න.

දරුවෙකුගේ සිතිවිලි අගය කරන විට
අපි ගොඩනගන්නේ
විශ්වාසය,
නිර්මාණශීලීත්වය,
ශක්තිමත් හෙට දවසක්.

🌱 Value Children’s Thoughts

Children’s thoughts may seem small,
but they carry deep meaning.

In a simple drawing,
in a few honest words,
in a quiet idea —
there lives the power to shape tomorrow.

When we listen to children,
when we value their thoughts,
we nurture confidence, creativity,
and a stronger future.

Let us not dismiss their ideas.
Let us encourage them to think, to express, and to dream.

24/01/2026

දරුවන්ට ආදරය... මේ විදියට උගන්වමු...
Let's teach children love... this way...

15/01/2026

දරුවන් තුළ ආදරය උපදවන්න...

මිනිස්සුන්ට කරන්න බැරි බොහෝ දේ, සතුන්ට කරන්න පුලුවන් විදියේ ආභාෂයක් ලැබිල තියෙනවා... පුංචි දරුවට පුලුවන් මිදුලෙ රෝස පදුරෙ ලස්සන රෝස මල් දැකල සතුටු වෙන්න විතරයි... ඒක කඩන්න යන්න දරුව හරිම බයයි... ඇයි කටු ඇනෙන නිසා...

ඉතිං මේ දරුව නිරන්තරයෙන් රෝස මල් දැකල සතුටු වෙනවා... ඔය අතරෙ බඹරෙක් ඇවිත් රෝස මලක වහනවා... ඉතිං දරුවා හිතන්නේ රෝස කටු ඇනිල බඹරට තුවාල වෙයි කියලා... බලන්න ඒ අනුකම්පාව කොච්චරද කියල... ළමා සිත්වල ඇති වන මේ අනුකම්පාව සෑම කාලයකම තියෙනවනම් කොච්චර දෙයක්ද ?

ඔහොම ඉන්න අතරෙ මේ දරුවා ඉතා ආදරෙන් කියනවා... බඹරෝ බඹරෝ රෝස ගසේ කටු තියෙනවා... ඒව ඇනිල ඔයාට තුවාල වෙයි කියලා...

ඉතිං මේ පුංචි දරුවගේ මේ අනුකම්පාසහගත උපදේශය ඇහිල බඹරටත් ටිකක් දුක හිතෙනවා... එහෙම හිතන බඹරා ආදරයෙන් දරුවාට උත්තර දෙනවා... ඒ උත්තරය තමයි... නටුව නොවේ... මල සිඹිමි...

කොච්චර ආදර්ශයක් දෙන කවි පෙළක්ද ? මේවා අද ඉන්න සමහර දරුවො දන්නේ නෑ... අපි කියල දීල නෑ... සමහර අම්මලා දන්නෙත් නෑ... ඉතිං අපි මේවා දරුවන්ට කියා දෙන්න ඕන... ආදරය, අනුකම්පාව, අනෙකා ගැන හැඟීමක් දරුවන් තුළ ඇති කරන්නට මේ දේවල් ගොඩක් වැදගත්...

12/01/2026

අතිෂයින් දෙමාපියන්ට පමණයි...

එහෙම කළොත් මෙහෙම වෙනවා... ඒක නැවත හදන්නත් අමාරුයි.. ඒ නිසා මේ දේ හොදට අවබෝධ කරගන්න...

08/01/2026

දරුවන්ට ජීවත්වෙන්න කියාදෙමු 🌱

ජීවිතය හඳුනා ගන්න,
තමන්ව තේරුම් ගන්න,
ලෝකය සමඟ සම්බන්ධ වෙන්න,
හරි දේ හඳුනාගන්න, හොඳ දේ හිතන්න
අපි අපේ දරුවාට හුරු පුරුදු කරමු...

🌍 ලෝකය හා සමාජය
🧠 සිතීම, හැඟීම් හා මානසික සුවය
🗣 සන්නිවේදනය හා කථනය
🤝 වටිනාකම්, නායකත්වය හා සහජීවනය
🌱 පරිසරය හා වගකීම
🎯 ජීවන කුසලතා හා අනාගතය...

👉 දරුවන්ගේ
✔ විවේචනාත්මක චින්තනය,
✔ ආත්ම විශ්වාසය,
✔ තීරණ ගැනීමේ හැකියාව,
✔ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය,
ගොඩනගන්නට දරුවන්ට උත්තේජනයක් ලබාදෙමු....

✨ දරුවාගේ නමට ලියා ඇති උරුමය සුරකිමු...

දරුවන් තනි නොකිරීමට - ඔවුන්ට ශක්තිමත්ව නැගී සිටීමට අත දෙන්න - ඔබ සූදානම්ද රෑ එසේ නම් දැන්ම ලියාපදිංචිය ලබාගන්න...

01/01/2026

අද කියන්න යන්නේ අම්මලාට තාත්තලාට ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි ආදරණීය දුවගෙ පුතාගේ මානසික තත්ත්වය ගැන.... ඉතිං අපි මේ ගැන හිතල බලල වැඩකරල තියෙනවද කියල ඔයාලම හිතල බලන්න...

Today, I’m going to talk about something very important for mothers and fathers — the mental well-being of our beloved daughters and sons. So, let’s take a moment to reflect and ask ourselves whether we have truly thought about this and taken action.”

22/12/2025

ඔබේ දරුවාත් මේ වගේද ? දරුවාගේ හැසිරීම ගැන ප්‍රශ්නයක් ද ?

දරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කරන්නට සිදුව තිබෙනවා. මේ තත්ත්වය තවමත් අපැහැදිලි ස්වරූපයක් සහිත කරුණක්. කොහොමත් ලෝක පරිණාමය සමග වෙනස්කම් සිදුවෙනවා. ඒත් මේ තරම් වෙනසක් ඇයි ?

ඇත්තටම අපි මේ ගැන අවධානය යොමු කරල තියෙනවාද ? විශේෂයෙන් දෙමාපියන්... සැර වැර කරල දඩුවම් දීල හරියන්නේ නෑ... ඉතිං ඒ ගැන අවබෝධයක් සහිතව වැඩකරන එක තමයි වැදගත්...

18/12/2025

ඉතිං අපිට කරන්න තියෙන්නේ කුමක්ද ?
අපි කළ යුත්තේ දරුවන්ට මේ ලෝකය ගැන කියා දෙන එක.
ඒ දේ කළොත් දරුවන්ට යහපත් ලෙස ජීවත් වෙන්න පුලුවන් හිතක් හදා ගන්න හැකියාව ලැබෙනවා.
අපේ දරුවො ගෙවල් ඇතුළටම කොටුවෙලා. තවත් පැත්තකින් අධ්‍යාපනයේ පීඩනය දවසින් දවස වැඩි වෙනවා. ඒ දේ මඟ හැර ගන්නත් බෑ. ඒකත් පිළිගන්න ඕන.
අධ්‍යාපනයත් නිසි ලෙස ලබමින්, පාසල් අධ්‍යාපන කටයුතුවලටත් දිරියක් සවියක් ලබාදෙමින් දරුවන්ට ලෝකය ගැන කියාදෙන්න, එක තැන කොටුවෙලා ඉන්න දරුවන්ට මිහිරක් ලබාදෙන්න, ගිනියම් වෙලා පීඩිතව ඇති පුංචි සිත්වලට සිසිලසක් මානසික සුවයක් ලබාදෙන්න හැකි නම් කොච්චර දෙයක්ද ? ඔබට එහෙම හිතෙන්නේ නැද්ද ?
ලෝකයේ ඇති බොහෝ දේ අවබෝධ කරගන්න පුලුවන් මනසක් සහිත දරුවෙක්, මේ දේ කළොත් මේ දේ වෙනවා කියන හැඟීම තමන් තුළම උපදින සිතක් සහිත දරුවෙක්, දෙමාපියන්ටත් සැනසීමක් ලබාදෙන දරුවෙන්, පොහොසත් අදහස් සහිත සොබාදහමට ආදරය කරන දරුවෙක් බවට ඔබේ දරුවා පත්වෙනවා දකින්නට ඔබත් කැමැති ඇති.
එහෙනම් අපි ඒ දේ කරමු. අපි සෑම සතියකටම එක දවසක් පැයක කාලයකට හමුවෙමු. ඒ හමුවීම තුළ ඔබේ දරුවා කොතරම් දුරට වෙනස් වෙනවාද කියන එක ඔබම තේරුම් ගන්න.
මේ ආරාධනය ලෝකය දකින, ලෝකය අවබෝධ කරගන්නා සහ ලෝකයට ආදරය කරන දරුවෙක් බිහිකිරීම වෙනුවෙන්මයි.

රැදෙන්න අප සමඟම... ඉදිරියේදී වටිනා බොහෝ දේ ලබාදෙන්න අප සූදානම්...

17/12/2025

අපි ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස් වෙන ලෝකයක.
ඒ ලෝකයත් එක්ක අපේ දරුවන්ට
ළමා කාලය අත්විඳින්න ලැබෙන අවකාශය
දිනෙන් දින අඩු වෙමින් යනවා.

දරුවෙක්ට දරුවෙක් වෙලා ජීවත් වෙන්න
ඉඩ දෙන්න අපි තවමත් ප්‍රමාද වෙන්නේ ඇයි ?
නැත්නම් ඒ අවස්ථාව
අපිම ඔවුට අහිමි කරලාද?

අද… සිට
දරුවන්ට ළමා ලෝකය අත්විදීමට
අවස්ථාව උදාකරමු.

We live in a world that is changing faster than ever.
And in this fast-moving world,
children are slowly losing the space
to truly experience childhood.

Are we giving them the freedom to grow as children?
Or are we taking that opportunity away without realizing it?

Today, let us choose differently.
Let children experience their world — and create the opportunity.

Want your school to be the top-listed School/college in Homagama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

135/7, Arachchigoda, Pitipana South
Homagama
10200