11/08/2023
# # # # # # # # # # #ස්තූතිය ප්‍රකාශ කිරීමයි.....
අපගේ මෙම ඉල්ලීමට දෙසවන් යොමු කරමින් සිය ලබැදි දයා සිත අප වෙත ලබා දුන් අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය (1991-5වසර ශිෂ්‍යත්වය සමත් වූ ) රුවිනා සාගරී මහත්මියත් අප ආදි ශිෂ්‍යාවක් වූ ඇයගේ නැගණියන් වන ඔශදිනී රුවන්තිකා මහත්මියත් ඔවුන්ගේ දයාබර මැණියන් සමඟින් අප වෙත රු.15000ක මුදලක් ලබා දීම සිදු කරන ලදි. ඔබ තිදෙනාටත් ඔබලාට ශක්තියක් වූ ඔබ පවුලේ අන් සියල්ලටත් අපගේ හද පිරි ස්තූතිය මින් ප්‍රකාශ කරමි.
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #
කාරුණික ඔබේ අත හිත අවශ්‍යම මොහොතකි....
පළාත් තරඟ නර්තන 2023....
අප නර්තන කණ්ඩායම කලාප මට්ටමින් (ළමුන් 301-1000 අතර ) තරඟ වැදී උකුසා වන්නම ඉදිරිපත් කර ප්‍රථම ස්තානය ලබ පළාත් තරඟ සඳහා සුදුසුකම් ලබා සිටින බව සතුටින් දන්වා සිටිමු.පළාත් තරඟ 2023.08.16 දින මාතර දික්වැල්ල විජිත විද්‍යාලයීදී පැවැත්වෙන අතර ඒ සඳහා දරුවන් ආරක්ෂිතව රැගෙන යාමට ප්‍රවාහන වියදම ලෙස රුපියල් 20,000බව වාහන හිමියන් දන්වා ඇත.
පළාත් තරඟ වොලිබෝල් 2023.... .
අප පාසලේ 16,18 සහ 20පහළ කණ්ඩායම් තුනම කලාප මට්ටමින් ජයග්‍රහණය කර පළාත් තරඟ සඳහා සුදුසුකම් ලැබූ බවට අප මෙම පාසල් පිටුවේම ඔබට ඉතා සතුටින් පෙර දින දැනුම් දුන්නා. ඒ තරඟ සඳහා 2023.08.15,16,17 සහ 18 දින වල මාතර වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ අප තරඟ කණ්ඩායම් රැදී සිටිමින් තරඟ කල යුතු බවත් එහි ප්‍රවාහන වියදම් ලෙස රුපියල් 40,000කට වැඩි මුදලක් අවශ්‍ය බව ඔබට දන්වා සිටිමි.
ගා/මහමායා විද්‍යාලීය ජයග්‍රහණයන්හිදී අප සමගින් සතුටු වූ ඔබට මහමායා ප්‍රජාව වෙත මේ අවස්ථාවේදී ඔබේ දැතේ ශක්තිය ලබා දිය හැකි නම් අපට මහත් සහනයක් බව මින් ප්‍රකාශ කරමි.කෑම බීම ඉදුම් වියදම් පවා දරුවන්ට දැරීමට සිදුවන බැවින් ප්‍රවාහන වියදමක් දරා දරුවන් තවත් අපහසුතාවයට ලක් කිරීමට නොහැකි නිසා මෙලෙස ඔබ ඇමතීමට තීරණය කලෙමි. ඒ සඳහා වාහන කුළිය හෝ ප්‍රවාහන පහසුකම් සලසා දිය හැකි අයෙක් අපව අමතන්න. ස්තූතියි.