Sri pada college-hatton

Sri pada college-hatton Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri pada college-hatton, High School, Hatton.

විදේශිය ජාතින් තුනක ආධිපත්‍යයට හසු වූ ශ්‍රී ලංකාවේ දේශපාලනික ඉරණම ශත වර්ෂ කීපයක් ම ඔවුනොවුන් අත හුවමාරු විය. දේශපාලන බලය මෙන් ම ආර්ථික , සංස්කෘතික ,අධ්‍යාපනික බලය ද අනුක්‍රමයෙන් මොවුන්තට පත් විය . කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල හයවැනි පරාක්‍රමබාහු වැනි ගිහි පැවිදි උගතුන්ගේ නොමද වෑයමෙන් ප්‍රභාවිත වූ සිංහල භාෂා සාහිත්‍ය ප්‍රදීපා ලෝකයේ පෘතුගීසි ආගමනයත් සමග අනුක්‍රමයෙන් නිවී යන ලක්ෂණ පහල කළේය. පිරිවෙන් රැස අක්‍රිය විය. නිවී යන පහනක් එක්වරම මහත් ආලෝකයක් පතුරා නිවී යන්නාක් මෙන් සීතාවක යුගයේ අලගියවන්න මුකවෙට් තුමා වැනි උගතුන්ගෙන් පසු හෙළ සාහිත කේත පුරන් ව වල් බිහි විය.
වැලිවිට සරණංකර සංඝරාජ සමයේ ලියැවුණු කෘති මේ පරිහානිය මැනැවින් දක්වයි.සරණංකර මාහිමියන්ගෙන් භාෂා සාහිත්‍යයට ලැබුණු සහායත් විදුදය ,විදුලකර පිරිවෙන් ඉස්මතුවීමත් ඊලග යුගයේ දිස්වන සුභ පෙර නිමිතිය. අනගාරික ධර්මපාල තුමාගේ සත් ව්‍යාපාරයත් සර් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයත් නිසා බෞද්ධ පාසල් රාශියක් 19 වැනි සියවසේ අග භාගයේදී ලක්දිව ආරම්භ විය. හැටන් ශ්‍රී පාද විදුහලද එම පාසල් පර්ෂදයේ එක් පාසලකි. පරම විඥානාර්ථ බෞද්ධ සංගම් වාර්තා අනුව 1890 න් පසු සංගමය ඇරඹු බෞද්ධ ඉංග්‍රීසි පිරිමි පාසල් අතරින් එකකි හැටන් බෞද්ධ පාසල. පිටකොටුව, මහනුවර, ගම්පොළ, මාතලේ, හොරණ, රත්නපුර ආදී තැන්වල තවත් මෙබදුම පාසල් පිහිටුවිය.

1897 දී පමණ දැනට හැටන් මෙතෝදිස්ත දේවස්ථාන භුමියෙහි ඇන්ග්ලෝවෙන්කියුලර් බුඩිස්ට් ස්කූල් නමින් ගුරුවරු තිදෙනකුගෙන් හා ශිෂ්‍යයන් 16 දෙනෙකුගෙන් බිහිවූ ශ්‍රීපාද විදුහල 1925.5.04 දින වන විට ඉංග්‍රීසි බෞද්ධ පාසල නමින් ද හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ පවත්වා ගෙන යනු ලැබිණ. දෙවෙනි ලෝක යුධ සමයේ සුදු ජාතික වැවිලිකාර මහත්මයකු තමාට අයත් හැටන්හි පිහිටි ඇඩම්ස්පික් හෝටලය විකිණීම සදහා මිළ ගණන් කැඳවනු ලැබූ අතර ගොඩනැගිල්ල, ඉඩම හා භාණ්ඩ සහිතව එය රුපියල් 45000 කට ගැනීමට එෆ්.බි. චාල්ස් සිල්වා නැමැති මහතා කැමති වුවත් පාසලක් වැනි පොදු ආයතනයක් සදහා පමණක් මෙය විකුණන බව සුදු මහතාගේ අදහස විය.
මේ වන විට උඩරට වතු අයිතිකරුවෙකු වූ ද දානපති බෞද්ධයෙකු වූ ද එච්.ඩබ්. අමරසුරිය මහතා මේ ආරංචිය දැන පාසලක් සදහා මෙම ගොඩනැගිල්ල ලබා ගෙන එය පාසලක් සදහා මෙම ගොඩනැගිල්ල ලබා ගෙන එය පාසලක් පැවැත්වීමට සුදුසු සේ සකසා දෙන මෙන් බ්‍රවුන් සහ සමාගමට බාරදෙනු ලැබින. දැනට ඇති මුල්ම ශ්‍රීපාද ගොඩනැගිල්ල සකස් වුයේ එසේය. මෙතෙක් හැටන් නිග්‍රෝධාරාමස්ථ ධර්මශලාවේ පවත්වාගෙන ගිය බෞද්ධ ඉංග්‍රීසි පාසල 1945 දී වත්මන් පාසල් භුමීයට ගෙනඑනු ලැබූ අතර එය ශ්‍රීපාද විද්‍යාලය නමින් හැදින්විණ. 1960 පාසල් රජයට පවරා ගන්නා විට ශ්‍රීපාද විදුහලද රජයේ පාසලක් බවට පත්විය. 1930 ගණන් වන විටත් ගුරුවරුන් 09 දෙනෙකුට හා ශිෂ්‍යයින් 130 කට පමණක් සීමා වූ ශ්‍රීපාද විදුහල මුලදී ඉංග්‍රීසිය අධ්‍යාපන මාධ්‍ය වශයෙන් යොදාගත් අතර සිංහල කතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වූ බව අද ද ආදී ශිෂ්‍යයෝ ප්‍රකාශ කරති. එහෙත් පසුව සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපනය ලබා දුන් බවට සාධකයකි. 1978 වර්ෂය වන විටත් දෙමළ මාධ්‍ය අංශයක් විදුහලේ පැවතීම.
සම්ප්‍රදායික පාසල් පරිපාලන රටාව තුල හික්මවනු ලැබූ ශ්‍රීපාද විදුහල පසුගිය සියවස තුළ ලක්බිම වෙනුවෙන් මහත් මෙහෙයක් ඉටු කර ඇත. මහාචාර්ය එල්.පි. හේවගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ස්ථිර ලේකම්වරයෙකු වූ කේ.එච්.සුමතිපාල, ජි.එම්. පෙරේරා, මහාචාර්ය බෙනට් ගුණසේකර, ආර්.බි. රඹුක්වැල්ල වැනි කීර්තිමත් ගිහි විදුහල්පතිවරුන්ද, බැල්ලපිටියේ සුමංගල හිමි වැනි වියත් පැවිදි විදුහල්පතිවරුන්ටද නායකත්වය දුන් ශ්‍රීපාද විදුහලෙන් එස්.ආර්. වීරසුරිය, මහාචාර්ය කළුපහන වැනි වියත්හුද, ගාමිණි ආරියතිලක, දයා ටි පැස්කුවල්, ආනන්ද ප්‍රේමසිංහ වැනි දේශපාලඥයින්ද ෂෙල්ටන් පයාගල, නාලන් මෙන්ඩිස් වැනි කීර්තිමත් කලාකරුවන්ද රටට දායාද කර ඇත.
ශ්‍රීපාදයෙන් බිහිවූ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥයින් හා පරිපාලන නිලධාරින්ද ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ක්‍රීඩකයින්ද මෙතෙකැයි කිව නොහැක. විවිධ ක්‍ෂේත්‍ර ආදී ශ්‍රිපාදීහු විසිර සිටිති. ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි කුසලතා වරින් වර ප්‍රදර්ශනය කළ ශ්‍රීපාදය පාසල් ශිෂ්‍යකු වූ ආර්.එම්. විමලදාස ප්‍රථම වරට අන්තර් ජාතික පාපන්දු තරගයකට සහභාගී කරවීමෙන් ලක්දිවට කීර්තියක් අත්කර දුනි. සෙසු ක්‍රීඩාවන්ට වඩා ශ්‍රීපාදය වඩාත් නම රදවා ගත්තේ පාපන්දු ක්‍රීඩාවේනි. 1992.93,94 වර්ෂවල ආසියාතික පාපන්දු තරගය සදහා වැඩිම ක්‍රීඩක පිරිසක් ඉදිරිපත් කිරීමෙන් පාසල් තලයෙහි ගෞරවයට පාත්‍ර විය. සම්පත් බෝපගේ, සිරිමෙවන් නානායක්කාර, චින්තක පෙරේරා, ක්‍රිෂාන්ත සෙනෙවිරත්න යන සිසුහු එම කිර්තිය අත්කර දුන්හ.
පාසල ආරම්හ කර වසර 60 ක් පමණ වනවිටත් ශිෂ්‍ය සංඛ්‍යාවේ හෝ ගුරුමණ්ඩලයේ සැලකිය යුතු සංවර්ධනයක් වි නැත. ආරම්භයේදී පිරිමි පාසලක් පමණක් වූ මෙය මේ වන විට මිශ්‍ර පාසලක් බවට පත්වී තිබුණි. 60 දශකයේදී විදුහලේ තවත් ප්‍රගතියක් ලක්ෂණයක් වුයේ අ.පො.ස. උ .පෙළ පන්තිද ආරම්භ කිරීමයි. එහෙත් වැඩි වැඩියෙන් වසරකට කීප දෙනෙකු බැගින් හෝ සරසවි අධ්‍යාපනයට පිවිසියේ 70 දශකයෙන් පසු බව පෙනේ. ප්‍රථම වරට ශ්‍රීපාදයෙන් සරසවි වරම් ලත් ශිෂ්‍යා වුයේ ආර්.එම්. කරුණාතිලක මහතාය.
පිටපත් කිරීම-http://www.sripadacollege.org/history.html

08/12/2020
  ❤️
19/01/2018

❤️

29/04/2017

I am delighted to see the 15th Big match successfully organized this year too. As a player of the First Hard Ball team formed in 1992, I would like to express my views and thanks to the persons who initiated and introduced Hard Ball cricket to Sri Pada and Highlands Colleges.. The former Thurstan player and police player ,then Head Quarter Inspector In Hatton Police Mr Jayantha Wickramasinghe,
was responsible for the introduction of Leather ball cricket to these two schools in Hatton. Mr Jayantha wickramasinghe was assisted by former police cricketer Mr Nandana Ruparatna.Their support and way of coaching was exemplary to others and their dedication to the game was so great. Also I would like to thank Mr D.M Gunaratna , (Principal 1988-1994) for supporting throughout these training sessions financially and physically. As Mr D.M Gunaratna was an all-rounder cricketer ,he had a passion to develop cricket in Sri pada college. I am proud to be a player in the team in 1992 and 1993.

Battle of the hills 2k17
26/04/2017

Battle of the hills 2k17

10/12/2016

Address

Hatton

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94512222586

Website

Alerts

Be the first to know and let us send you an email when Sri pada college-hatton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category