St.John Bosco's College,Hatton-Sinhala Medium

St.John Bosco's College,Hatton-Sinhala Medium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.John Bosco's College,Hatton-Sinhala Medium, School, St. John Bosco's College, Hatton.

18/07/2026
අප විද්‍යාලයීය සිංහල අංශය මගින් සංවිධානය කරන ලද "අරුණලු සිත්තම් 2026" පෙර පාසල් ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය 20...
10/07/2026

අප විද්‍යාලයීය සිංහල අංශය මගින් සංවිධානය කරන ලද "අරුණලු සිත්තම් 2026" පෙර පාසල් ළමා චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය 2025.07.09 වෙනි දින අති උත්කර්ෂවත් අන්දමින් පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මේ සදහා පෙර පාසල් 07ක ගුරුවරුන් ,දරු දැරියන් 200ක් පමණ හා දෙමාපියන් සහභාගි විය.

මේ සදහා Nilcarbon Lanka cookstove Project හි SDG කළමනාකරු සාහිලා සියාඩ් මිය, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය,ආදි ශිෂ්‍ය නදුන් මහතා හා කෙනත් මහතා අනුග්‍රහය දැක්වීය.

පෙර පාසල් දරු දැරියන්ගේ ඉදිරිපත් කිරීම් රැසක් සමග මෙම උත්සවය වර්ණවත් වූ අතර සිංහල අංශ භාර විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, පාසල් සිසුන් හා දෙමාපියන්ගේ කැපවීම හා දායකත්වය මත මෙම ත්‍යාග ප්‍රධානෝත්සවය සාර්ථකව නිම කිරීමට හැකිවිය..

මප/හැ/ශාන්ත ජෝන් බොස්කො විද්‍යාලයේ 2027 වසරට 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීමට අයදුම්පත් දැන් නිකුත් කෙරේ..
03/07/2026

මප/හැ/ශාන්ත ජෝන් බොස්කො විද්‍යාලයේ 2027 වසරට 1 ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවාගැනීමට අයදුම්පත් දැන් නිකුත් කෙරේ..

අපගේ පුස්තකාලයට තවත් වටිනා පරිත්‍යාගක්... 📚අපගේ පාසලේ 1999 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) කණ්ඩායමේ ආදි ශිෂ්‍යයෙකු විසින් පාසල් ප...
02/07/2026

අපගේ පුස්තකාලයට තවත් වටිනා පරිත්‍යාගක්... 📚

අපගේ පාසලේ 1999 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) කණ්ඩායමේ ආදි ශිෂ්‍යයෙකු විසින් පාසල් පුස්තකාලය සඳහා වටිනා පොත් එකතුවක් පරිත්‍යාග කර ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදීම පාසල් පුස්තකාලයේ අවශ්‍යතා සපුරාලීමට දායක වී ඇති එතුමා, මෙවරද පාසලට අවශ්‍ය පොත් ලැයිස්තුව විමසා, ඉතා කෙටි කාලයක් තුළ එම පොත් ලබාදීමට කටයුතු කළේය.

මෙම පොත් එකතුව අපගේ සිසු දරුවන්ගේ කියවීමේ පුරුද්ද වර්ධනය කිරීමටත්, දැනුම පුළුල් කරගැනීමටත්, ඉගෙනුම් කටයුතු තවදුරටත් සාර්ථක කරගැනීමටත් මහඟු අත්වැලක් වනු ඇත.

අපගේ පාසලේ දියුණුව වෙනුවෙන් ආදි ශිෂ්‍යයන්ගෙන් ලැබෙන මෙවැනි අඛණ්ඩ දායකත්වයන් පාසලට මහත් ශක්තියක් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන වටිනා ආයෝජනයක් ද වේ.

මෙම පොත් තුළින් තවත් දරුවන් රැසකට දැනුමේ නව ලෝකයක් විවර වේවා! 📖✨

2026 ජුනි මස 26 වන දා පොසොන් පොහොය නිමිති කොට ගෙන ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ දී ⁣ශීල ව්‍යාපාරයක් පවත්වන ලද...
26/06/2026

2026 ජුනි මස 26 වන දා පොසොන් පොහොය නිමිති කොට ගෙන ශාන්ත ජොන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ දී ⁣ශීල ව්‍යාපාරයක් පවත්වන ලදී.

මධ්‍යම පළාත් පාසල් නැටුම් තරගාවලියේදී සම්ප්‍රදායික ගැමි නැටුම් අංශයේ "කඩු නැටුම" ඉදිරිපත් කරමින්, පළාත් මට්ටමින් තෙවන ස්...
20/06/2026

මධ්‍යම පළාත් පාසල් නැටුම් තරගාවලියේදී සම්ප්‍රදායික ගැමි නැටුම් අංශයේ "කඩු නැටුම" ඉදිරිපත් කරමින්, පළාත් මට්ටමින් තෙවන ස්ථානය දිනා ගැනීමට මප/හැ/ශාන්ත ජෝන් බොස්කො විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමත් විය.මෙම ජයග්‍රහණය පිටුපස හිඳිමින් දරුවන්ව දිරිමත් කරමින්, ඔවුන්ට මග පෙන්වූ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.

සහභාගි වූ සියලු දරුවන්ට අපගේ හෘදයාංගම සුභ පැතුම්!

අනුග, ලක්දෙව්, විහඟ ඇතුළු සියලු දරුවන්ට සුභපැතුම්! 👏
09/06/2026

අනුග, ලක්දෙව්, විහඟ ඇතුළු සියලු දරුවන්ට සුභපැතුම්! 👏

Our college students participated and achieved great results in the inter-school chess tournament held on 6.6.2026 & 7.6.2026. Among them, 25 students have been selected for the provincial level competition.
Congratulations Boys and teacher incharge Mr. Param.

*විශේෂ දැනුවත් කිරීමයි*  සමස්ත ලංකා නර්තන තරගවලට සමගාමීව පවත්වනු ලබන කලාප මට්ටමේ නර්තන තරගාවලිය හැටන් කලාපයට අදාළව ශ්‍රී...
04/06/2026

*විශේෂ දැනුවත් කිරීමයි*

සමස්ත ලංකා නර්තන තරගවලට සමගාමීව පවත්වනු ලබන කලාප මට්ටමේ නර්තන තරගාවලිය හැටන් කලාපයට අදාළව ශ්‍රී පාද විද්‍යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත් වුණි. ඒ සඳහා ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ 6 - 11 ශ්‍රේණි නර්තන කණ්ඩායම ගැමි නැටුම් අංශයෙන්, කඩු නැටුම් සඳහා සහභාගී වී ඉන් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර මධ්‍යම පළාත් තරග සඳහා සුදුසුකම් ලැබූහ.තරගය සඳහා දරුවන් සුදානම් කළ ගුරුවරුන්ට හා නිසි මඟ පෙන්වීම් ලබා දුන් ගුරුවරුන්ටත් සහය දුන් දෙමව්පියන්ටත් අපගේ ස්තූතිය!

සහභාගී වු සියලු දරුවන්ට අපගේ හෘදයාංග ම සුබ පැතුම්!

වෙසක් සතියේ තවත් ආදරණීය පියවරක්...ශාන්ත ජෝන් බොස්කො විද්‍යාලයේ සිංහල අංශ භාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දරුවන් විස...
02/06/2026

වෙසක් සතියේ තවත් ආදරණීය පියවරක්...

ශාන්ත ජෝන් බොස්කො විද්‍යාලයේ සිංහල අංශ භාර ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දරුවන් විසින් මෙවරත් තරුණ බෞද්ධ සංගමය විසින් මෙහෙයවන වීර වැඩිහිටි නිවාසයේ වෙසෙන ආදරණීය මෑණිවරුන් වෙනුවෙන් දානමය පින්කමක් 2026 ජූනි මස 02 වන දින පැවැත්විණි.
දානමය පින්කමට අමතරව ඔවුන් සමග කතාබස් කරමින්, ඔවුන්ගේ හිත් වලට සතුටක් ළඟා කරදීමට දරුවන්ට අවස්ථාවක් ලැබුණි.
වැඩිහිටියන් හමුවට පැමිණි දරුවන්ට සිසිල් පැන් හා බිස්කට් ද ලබා දීමට වැඩිහිටි නිවාසයේ පාලක මණ්ඩලය අමතක කළේ නැත.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින්, වැඩිහිටි මව්වරුන්ගේ මුහුණුවල සිනහවක් රැඳවීමට දායක වූ සැමට පින්!

ශාක්‍ය මුනි වන්දනා - 2026 උතුම් වෛශාක්‍ය තෙමඟුල සිහි කරමින් වර්ෂ 2026 මැයි මස 27 වන අද දින ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ ...
27/05/2026

ශාක්‍ය මුනි වන්දනා - 2026

උතුම් වෛශාක්‍ය තෙමඟුල සිහි කරමින් වර්ෂ 2026 මැයි මස 27 වන අද දින ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ දී බැති ගී සරණියක් සිංහල අංශ භාර හෂිනි පෙරේරා ගුරුතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙහෙයවීමෙන් සංවිධානය කොට තිබුණි. 1 ⁣ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලු සිසුන් හා පාසල් ආචාර්ය මණ්ඩලය බැති ගී ගයනු ලැබීය.

පාසලේ විදුහල්පතිතුමා ද ශ්‍රී පාද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ද විශ්‍රාමික ගුරු කුසුම් මැතිණිය ද පාසලේ දරුවන්ගේ දෙමව්පියන්ද ආරාධිතයෝ වුහ.

අනතුරුව පාසල් ආදි ශිෂ්‍යයන් කිරි කෝපි දන්සලක් ද සංවිධානය කර තිබුණි.

පහන් සිතෙන් සිත් නිවේවා!

තෙරුවන් සරණයි!

Address

St. John Bosco's College
Hatton

Website

Alerts

Be the first to know and let us send you an email when St.John Bosco's College,Hatton-Sinhala Medium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category